Monday, 29 April 2024
නව පුවත්

නව කොරෝනා (කොවිඩ් 19) වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ද උපදෙස් වලටඅනුකූලව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

Posted On Thursday, 30 April 2020 07:04

ඉන්දියාවේ බැංගලෝර් හි සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් ශ්‍රී ලංකික සිසුන් 164 දෙනකු අද දින මෙරටට රැගෙන ආ බව COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) කියා සිටියේය.

Posted On Tuesday, 28 April 2020 16:56

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව -19 අදාළ තොරතුරු මහ ජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk. නමින් දියත් කරන ලදී.

Posted On Monday, 27 April 2020 16:30

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස නිකුත් කර තිබේ.

Posted On Monday, 27 April 2020 16:27

ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.

Posted On Sunday, 26 April 2020 15:48