Thursday, 16 May 2024

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Posted On Monday, 27 April 2020 16:27

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස නිකුත් කර තිබේ.



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් වූ අතර විභාගය සඳහා අයදුම්කරුවන් 7, 17,246 පෙනී සිට ඇත.

ඉන් පාසල් අයඳුම්කරුවන් ගණන 433,189ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057කි.

විභාගයේ ප්‍රතිඵල ‍විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයඳුම්කරු‍ගේ නිවැරදි විභාග අංකය ලබා දීමෙන් භාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාව - 0112 78 42 08 / 0112 78 45 37 /

0113 18 83 50 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් ඒකකය           
1911