අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශක ඒකක 249 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 95.46 කින් පහළ යන ලදී.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.21% ක හා 4% ක පහළ යාමකි.
රු. බිලියන 3.24 ක කොටස් ගනුදෙනු අද දින කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.
ජෝන් කීල්ස් සමූහ ව්යාපාරය විසින් කොළඹ 12, ජස්ටිස් අක්බාර් වීදියේ ඉදි කරන ලද (Waterfront Integrated Resort) නිවාස සංකීර්ණයේ පැවති පිරිත් දේශනාව සඳහා ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2020.10.15 දින එක්විය.