විශේෂාංග

වසර විසි දෙකකට පෙර මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුරවිශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත්විඳින ලද සිද්ධි එම දේශනයේදී දක්වන්නට උත්සාහ කළෙමි. වසර තිහකට කලින් සිට තිබුණ මුඩුක්කු හා පැල්පත් නිවාස එලෙසම තිබෙන අයුරුත්, නිරර්ථක යුද්ධයක පැටැලී සිටින අප මෙම ක්‍රමය වෙනස් නොකළහොත් උද්ගත විය හැකි තත්ත්වයත් එදින සඳහන් කළේ අප සියලු දෙනාටම බරපතළ වගකීමක් ඇති බව දක්වමින්ය. කැළි කසළ පිරි මාවත්, වීදුරු කුටිවල අනර්ඝ සේ අසුරා ඇති ආහාර මිල දී ගන්නට වත්කමක් නැති පිරිස්, පාසල කරා යන එහෙත් එම අධ්‍යාපනය අවසානයේදී ඇති කරන ප්‍රතිඵලය ගැන නොදන්නා දරුවන් ගැන සඳහන් කළෙමි.

ක්‍රමය වෙනස් කරන ප්‍රයත්න ගණනාවකින් පසු හොඳ අනාගතයක් ඇති කළ හැකි බවට විශ්වාසයක් ආරම්භයේදී තිබුණි. ආර්ථික දේහය වෙළාගෙන ඇති පිළිකාව සූක්ෂම සැත්කමකින් ඉවත් නොකළහොත් ඇති වන අනතුර ගැන සඳහන් කළේ විශාල කැක්කුමකින් යුතුවය. එය සාක්ෂාත් කරගැනීම බාරධූර කටයුත්තක් බව පාර්ලිමේන්තුවේ ගත කරන ලද කාලය තුළ පෙනී ගියේය. නිසි එකඟතාවක් නැති ඝෝෂාකාරී සභාවකින් පරිවර්තන ක්‍රියාවලියක් උදෙසා, ධෛර්යයක් ඇති කරන වචනඇසුණේ නැත. ඊළඟ ඡන්දයෙන් ජයග්‍රහණය කරන උපාය ගැන පමණක් වෙහෙසෙමින් සිටි අතර යෝජනා කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ එක්තරා ආකාරයක හාස්‍යයට හේතු විය.

පීඩාකාරී චක්‍රයක ආපසු විඳවන්නට සිදුවීම

මෑත අතීතයේ සිදුවීම් නිරීක්ෂණය කිරීම අවශ්‍යය. දශක තුනක පමණ කාලයක් සමාජය හා ආර්ථික ක්‍රමය විනාශ කරන ලද යුද්ධයකින් හෙම්බත් වී සිටි රට අලුත් හුස්මක් ඉල්ලා සිටියේය. එහිදී ආර්ථිකය ඉතාම වැදගත් බව අවධාරණය කෙරිණ. තාවකාලික විසඳුම් පමණක් සපයන තීරණ නිෂ්ප්‍රයෝජන බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. ගෝලීය තරගකාරීත්වයට ඇතුළු විය යුතුව තිබුණ අතර අපනයනය ඉලක්ක කරගෙන උසස් තත්ත්වයේ භාණ්ඩ අඩු පිරිවැයකින් නිපදවිය යුතුව තිබුණි. යල් පැනගිය බලශක්ති අංශයෙහි නවීකරණයක් ද, තාක්ෂණයෙන් බලගැන්වීමද ඉතාම වැදගත් විය. මැදි ආදායම් රටක අවශ්‍යතා වෙනස් අතර ආධාර බෙදන පැරණි ව්‍යුහ තවදුරටත් වලංගු වූයේ නැත. පටු ආස්ථානයක සිට ක්‍රියා කරන ලද දේශපාලනඥයෝ හා ඇතැම් අන්තවාදී අදහස් ඇති පක්ෂ මෙකී වෙනස්කම්වලට බියපත් වූහ. නොයෙක් අදහස් වපුරුවමින් ඔවුන්ගේ ශෛලියකින් කටයුතු කළහ. වෙනස්කම්වලින් ඇතිවන තත්ත්වයන් ස්වකීය දේශපාලන ගමනට අවහිරයක් වනු ඇති බව උපකල්පනය කළහ. එහි ප්‍රතිඵලය අද අප හමුවේ තිබේ.

ක්‍රමය වෙනස් කරන ප්‍රතිසංස්කරණ යෝජනා කිසිසේත් මිහිරි නැත. ව්‍යාධියක් ඇති විට ප්‍රතිකාර ගන්නට සිදු වේ. ආර්ථිකය දුබල වූ පසු ප්‍රතිකර්ම අවශ්‍යය. තිත්ත බෙහෙත් නියම කෙරේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධ අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත. ඒවා තවමත් www.milinda.org වෙබ් අඩවියෙන් හෝ සමාජ මාධ්‍ය පිටුවෙන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියැවිය හැකිය. සහනවලට ජනතාව කැමැතිය. ජනතාවට සහන දෙන බව ප්‍රකාශ කර ඡන්දයෙන් දිනා බලය අල්ලා ගැනීමත් දේශපාලනඥයන්ට පහසුය. ආර්ථිකය ගොඩනගන්නටත්, රට දියුණු කරන්නටත් පියවර ගන්නා අතරවාරයේ වැටුප් වැඩි කරන, බඩු මිල අඩු කරන පමණක් නොව අති විශාල සංවර්ධනයක් කරන්නටත් හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. මැතිවරණයෙන් ජයගත් පසු ආර්ථිකයෙහි තරම දැනේ. ඡන්ද වේදිකාවේදී දෙන ලද පොරොන්දු ඉටු කළ නොහැක. අයවැය පරතරය දරුණු තැනකට ගෙන එන තෙක් දෙස් විදෙස් ණය ගන්නා අතර එහි පීඩනය ද පැටැවෙන්නේ සාමාන්‍ය ජනතාවටය.

මෙම විෂම චක්‍රයෙහි ගැලී, එයින්ම යැපුණ දේශපාලන ක්‍රමය අද වනවිට ආපසු හැරවිය නොහැකි තරමට ප්‍රපාතයකය. පරෙස්සමෙන් තීරණ ගෙන වහා කළ යුතු වෙනස්කම් මුල් කාලයේදී ගත හැකිව තිබුණි නම් අද පත්ව ඇති ඉරණම පාලනය කරගත හැකි එකකි. වේදනාව අඩුය. ඉතිහාසයේ සිට කරන ලද වැරැදි ප්‍රතිපත්තිවල විපාක දැන් අප හමුවේ ඇත. විශාල බලාපොරොත්තු සහිතව බලයට පත් වූ ආණ්ඩුවකට සියලුම වැරැදිවලට වන්දි ගෙවන්නට සිදුවීම අභාග්‍යයකි.

තරගකාරීත්වය හා ආයෝජන වැදගත් වන පසුබිම

ශ්‍රී ලංකාව දක්ෂ මානව සම්පතක් සහිත රටකි. ඕනෑම රටක ඉතාම කැපවීමෙන් සේවය කළ හැකි ශ්‍රම බලකායක් ඇත. දක්ෂතම පිරිස වෙනත් රටවල දියුණුව සඳහා සේවයට යවන අතර රටට අවශ්‍ය කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා සඳහා යොදවා නොගැනීම වරදකි. තාක්ෂණ දියුණුව හා ලෝක ආර්ථිකයේ තරගකාරීත්වය අනුව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කළ හැකිය. අලුත් යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය වෙනුවෙන් ධනය යෙදවිය යුතුව තිබේ. දියුණු වූ රටවල් ඔවුන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ලෝකයේ ප්‍රකට ආයෝජන උපයෝගී කරගෙන ඇත. සැපයුම් චක්‍රයට එකතු වී සිටී. ගෝලීයකරණය තුළ තනි රටකට, තනි නිෂ්පාදනයකට පැවැත්මක් නැත. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ කුඩාය. ලොකු ආයෝජනයකින් කුඩා වෙළෙඳ පොළකට සැපැයීම සඳහා නිෂ්පාදනය කිරීමේදී පිරිවැය ඉහළ මට්ටමකට පත්වේ. එය පාලනය කරන ක්‍රම ඇත. අපනයනය ද අරමුණු කරගෙන නිපදවිය යුතුය. දේශීය ව්‍යවසායකයන් සහ විදේශීය ආයෝජන එකතු කර අපනයන ඉලක්ක ඇති ව්‍යවසායකත්වයට ඉඩ දීම වැදගත්ය. එහිදී අලුත් තාක්ෂණය රටට ලැබේ. මෙරට ශ්‍රමය උපයෝගී කරගත හැකි අතර එහි මෙහෙයුම් අතරතුර රටට බදු ආදායමක් හිමි වේ. තරගකාරීව කරන අපනයනයකින් විදේශ සංචිත උපයාගත හැක.

දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව සම්පාදනය කරන බව අඟවන බරපතළ මිථ්‍යාවක් ඉදිරිපත් කරන ආණ්ඩු මෙරට නිපැයුම් සහ ආනයන භාණ්ඩවල මිල පරතරය සමාන වන තෙක් බදු අය කරන ක්‍රමයක් අනුගමනය කරමින් සිටී. කර්මාන්ත හෝ කෘෂි අංශය ආරක්ෂා වන බව පිළිගත හැක. එහෙත් පාරිභෝගිකයන් අධික මිලක් ගෙවන අතර එය නොපෙනෙන දඩ අය කිරීමකි. සිමෙන්ති, ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු පැනවේ. ධාන්‍ය හා බහුලව අලෙවි කරන අර්තාපල් හා ලොකු ලූනු දක්වා දේශීය නිෂ්පාදන සම්බන්ධ යථාර්ථය ද එයයි. සියලුම ජනී ජනයා පාරිභෝගිකයෝය. පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කර නිෂ්පාදන ව්‍යුහය වෙනස් කළ යුතුය. දැනට අනුගමනය කරන්නේ නිෂ්පාදන මිලට පාරිභෝගිකයාට විකිණීමය. එය අනෙක් පැත්තට හැරවිය හැක. පාරිභෝගිකයාට දරාගත හැකි මිලට භාණ්ඩ නිපදවිය යුතුය. එවිට අතිරේක බදු පැනවීම අවශ්‍ය නොකෙරේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිපදවිය හැකි අතර එසේ නොකරන දේ පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. ඇඟලුම් කර්මාන්තය හොඳම උදාහරණයකි. අඩු වියදමකින් නිෂ්පාදනය කර අපනයනය කළ හැකි වී තිබේ.

ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ

නිදහස ලැබුණ දිනයේ සිට ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ ආදායමේ තරමට ජීවත්වන උපායකි. වියදම වැඩිවන විට ණය ගැනේ. බදු වැඩි කෙරේ. එයින් පිටස්තර ක්‍රමයකට සූදානම් නැත. අභියෝග සහ අවදානමට මුහුණ දී නැත. රටට ඇති සම්පත් හඳුනාගෙන ඒවා දූරදර්ශීව යෙදවිය යුතුව තිබුණි. කුඩා රටක් වන සිංගප්පූරුව ලෝකයේ ප්‍රකට ආයෝජකයන් කැඳවා නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගෙන ඇත. ඩුබායි රාජ්‍යය ආසියාවේ මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඉන්දියාව දැවැන්තම ආහාර නිෂ්පාදකයා බවට පත්ව සිටී. මෙවැනි පියවරකට ගමන් කරන්නේ හුදෙකලා රටවල් වශයෙන් නොවේ. වෙළෙඳ ගිවිසුම්, ආයෝජන දිරිගැන්වීම් සහ ප්‍රතිඅපනයන අංශ සම්බන්ධ කරගෙනය.

තේ, රබර්, පොල් හා සුළු අපනයන බෝග සඳහා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියකට පත්ව තිබුණි. මෙම වැවිලි අපනයනය අධිරාජ්‍යවාදී රාමුව අනුව වසර පන්සියයකට එපිට අවකාශයක් සඳහා නිර්මාණය වූ එකකි. අද වෙළෙඳ පොළ අවශ්‍යතාව වෙනස් වී ඇත. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන සමස්ත විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ. විශාල ඉඩම් ප්‍රමාණයක්, සෑහෙන ශ්‍රමයක් එයට යෙද වේ. මෙම ඉඩම්වල එයට වඩා උත්පාදනයක් සහිත අලුත් වැවිලි බෝග සඳහා හැරවීමක් කළ නොහැකිද? කෘෂි අංශයට එහි වගකීමක් ඇත. අනාගතයේ එන ආහාර හිඟයට සැලසුම් අවශ්‍යය.

රටට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කරන එහි බරින් පීඩාවට පත්ව සිටින අපි මන්නාරම මුහුදු පතුලේ ඇති බොරතෙල් ගැන සිහින දකිමින් සිටිමු. ත්‍රිකුණාමලය හෝ හම්බන්තොට පරිශ්‍ර ආවරණය කෙරෙන බොරතෙල් පිරිපහදු ජාත්‍යන්තර ආයෝජනයකට අවස්ථාව ඇත. නැගෙනහිර හා බටහිර යා කෙරෙන තෙල් සැපයුම ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ නිර්මාණය වී ඇති අතර එවැනි ආයෝජනයකින් උපයාගත හැකි වාසිය රටට මහත් ආස්වාදයක් වනු ඇත. එහෙත් මේවා දැවැන්ත ආයෝජන වන අතර රටවල් හා සංවිධාන එකතු කරගැනීමට දැක්මක් තිබිය යුතුය. අතුරු නිෂ්පාදන වශයෙන් ලබාගත හැකි ලිහිසි තෙල්, ගෑස්, යූරියා සහ තාර මිශ්‍රණ මෙරට ආර්ථිකය අලුත් මාවතකට යොමු කරනු නිසැකය. නිර්භීත තීරණ අවශ්‍යය. අලුත් ආර්ථික සැලැස්මක් ගොඩනගන උපදේශනය මෙහිදී වැදගත්ය. ලෝකයේ ප්‍රකට සමාගම් කැඳවීම සඳහා ගැළපෙන දේශපාලන ස්ථාවරභාවය සහ එය තුළින් ඇති කරන විශ්වාසනීයත්වය අපට අවශ්‍ය කෙරේ.

පෞද්ගලීකරණය රටට ආශිර්වාදයක් වනු ඇත

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ගැන සෑහෙන වතාවක් කරුණු පෙන්වා දී තිබේ. ජාතික සම්පත් වශයෙන් හඳුන්වන ඇතැම් ආයතන බංකොලොත් බෝඩ් ලෑලි පමණක් බව ජනතාව දැන් වටහාගෙන ඇත. මේවා වටිනා දේපළ බව හුවා දක්වන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු හිතවතුන් හා ආධාරකරුවන් නඩත්තු කරන අංශ බවට හරවා ගනිති. ඒවායේ ධනය යෙදවෙන්නේ දේශපාලනඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල ප්‍රතිරූප ගොඩනැගීමටය. ජනතාව වෙත පෙන්වන චිත්‍රයට යටින් වාසි උපයාගන්නා ක්‍රමය ඉතාම නිරර්ථක පැවැත්මක් රටට ඇති කර තිබේ.

ව්‍යාපාර මෙහෙයවන්නට ආණ්ඩුවලට හැකියාවක් නැත. රජයේ නීති අනුව වෙළෙඳාම් කළ නොහැක. දශක ගණනක් තිස්සේ රජයේ ව්‍යාපාර අසාර්ථක වී ඇති අතර ඒවායේ අලාභ ජාතික ආදායම විනාශ කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය මෙහෙයවන්නට සම්බන්ධ කරගන්නා ඉතාම දක්ෂ කළමනාකරුවෝ ඉතාම කෙටි කාලයකින් දේශපාලන අණට අනුව හැසිරෙන අදක්ෂ පුද්ගලයෝ බවට පත් වෙති. අවසානයේදී චෝදනාවලට ද ගැරහීමට ද ලක්වෙති. මෙම ක්‍රම වෙනස් කරනු සඳහා පෞද්ගලිකකරණය දැනට ගැළපෙන උපායකි. ඛනිජ තෙල් අංශයේ කොටසක් සහ වරාය පරිශ්‍රයේ කොටසක් පෞද්ගලික අංශයට පැවැරීමෙන් තරගකාරීත්වයක් හා ඉහළ ආදායම් උත්පාදනය කර දී තිබේ. විදුලි සංදේශ සේවාව පෞද්ගලීකරණය කිරීම ඉතාම විශිෂ්ට ප්‍රතිඵල අත් කර දී ඇත. එම තීරණය නොගෙන සිටියේ නම් ශ්‍රී ලංකාව තාක්ෂණ යුගයට ඇතුළු නොවේ. සන්නිවේදනය සඳහා දැවැන්ත පිරිවැයක් දැරිය යුතු වනු ඇත. එකී අංශයේ තවත් වෙනස්කම් කළ යුතුය. රක්ෂණ, විදුලිය බල, ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍රවල කළ හැකි වෙනස්කම් පාරිභෝගික ජනතාවට වාසි අත්පත් කරදෙනු ඇත. ගුවන් සේවය හා ගුවන් තොටුපොළ තවත් ආයෝජන අවස්ථාවකි. බැංකු හා මුල්‍ය අංශයෙහි ද දැවැන්ත පරිවර්තනයක් කළ හැක. පැරණි යෙදවුම් ක්‍රමවල සිරවී සිටින අංශ නවීන යුගයට හැරවීමෙන් නිසි ජයග්‍රහණ අත්පත් කරගත හැක. එය ආයෝජන අංශවලට ද ප්‍රතිලාභ ඇති කරයි.

ආර්ථික සමානාත්මතාවක් සඳහා

ආර්ථිකයෙහි ඵලදාව රජය සතු කරගැනීම පමණක් නොව ආණ්ඩුවලට හිතවත් පාර්ශ්වවලට පමණක් උරුම කර දීමෙන් උද්ගතව ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තුන්වැනි විවෘතකරණයක් අවශ්‍යය. එය සමාජයට සාධාරණය හා යුක්තිය ඉටු කරනු ඇත. තෝරාගත් පිරිසකට පමණක් අවස්ථා ලැබෙන, එම අවස්ථා දේශපාලනය විසින් තීරණය කරනු ලබන ව්‍යුහය විශාල විනාශයක් කර තිබේ. ගාලුමුවදොර ඇතුළු රට පුරා තැන තැන පැන නැගී ඇති අරගල එහි ප්‍රතිඵලයකි. 1971දී හා 1987 කාලයේ දී දකුණේ තරුණයන් නැගී සිටියේ අවස්ථා සඳහාය. තරුණ නැගිටීම වටහා ගැනීමට උත්සාහ නොකළ මෙරට ගතානුගතික දේශපාලන ක්‍රමය තරුණ මත යටපත් කළේ මර්දනයකින් බව අමතක කළ යුතු නැත. උතුරේ සන්නද්ධ ව්‍යාපාරය අවසානයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් දක්වා පැතිරිණ. ආර්ථික පීඩනයෙන් කුල බේදයෙන් මිරිකී සිටි තරුණ පිරිසක් ක්‍රමය වෙනස් කරන්නට වෑයම් කළහ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඔවුන්ගේ අදහස් වටහා නොගත් අතර දේශපාලනයෙහි ඇති දැඩි රාමුගත ව්‍යුහය ඔවුන්ගේ නියෝජනයකට ඉඩ ආවරණය කර තිබුණි. ත්‍රස්තවාදය පරාජය කරන ලද නමුත් දකුණ හා උතුර අවධාරණය කරන ලද කරුණුවලට විසඳුමක් සපයා නැත.

ගාලුමුවදොර අරගලකරුවන් කෑ ගසා කියන අදහස් පැහැදිලිය. එහෙත් ක්‍රමය විනාශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. තමන් සියලුම දේ දන්නා බව සිතන, අන්‍ය අදහස්වලට එකඟ නොවන පිරිසක් අරගලය තුළ සිටිති. අරමුණක්, දැක්මක් නැති විප්ලවවලින් සංවර්ධනයක් සිදු නොවේ. තරුණ පරපුර බිලිවීම හැර අනෙකක් සිදු නොවේ. විනයක් සහිත, සමාජ එකඟතාවක් සහිත බලවේගයකට ක්‍රමය වෙනස් කළ හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රම සහ දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය නොවීම වරදකි. පක්ෂ විවෘත විය යුතුය. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතවාදී කණ්ඩායම්වලට ගොනුවූ පසු තරුණයන්ට ඇතුළුවෙන අවස්ථාවක් නැත. මෙකී තත්ත්වය දැනගෙන නිර්මාණය වන අලුත් දේශපාලන පක්ෂ පවතින ක්‍රමයට විකල්පයක් වී නැත. අලුත් දර්ශනයක්, ප්‍රතිපත්තියක් රහිත පමණක් නොව ප්‍රධාන ධාරාවේ පක්ෂවලින් ගිලිහෙන ඡන්ද එකතු කරන ව්‍යාපාර බවට පත්ව තිබීම කනගාටුදායකය. අධි තාක්ෂණික යුගයේ, සමාජ ආර්ථික ව්‍යුහය ඔරොත්තු දෙන දේශපාලනයක් ගොඩනගන්නට අපි අසමත්ව සිටිමු. සමාජ මාධ්‍ය තුළ හැසිරෙන, තරුණන්ගේ වේදනාව තේරුම් ගත යුතුය. තරුණ නැගිටීම් පාලනය කර වැඩිහිටියන් අවස්ථා හදාගත් රටක් වශයෙන් අතීතයෙන් උගත් පාඩම් අමතක කළ යුතු නැත. මර්දනය මෑත ඉතිහාසයේ ඛේදවාචක අතර තිබේ. පැන නැගී ඇති විරෝධතාවලට දෙන අන්තිම - පියවර කුමක්ද? උත්තරය ගැන අපට අවබෝධයක් තිබේද?

අවස්ථා නිර්මාණය වන, ජනතාව අතට බලය ලැබෙන නිර්බාධී ආර්ථික ක්‍රමයකට ගමන් කළ යුතුය. දේශපාලන ගැතිකම්, නිලධාරිවාදය, අසංවිධිත සංවර්ධනය ජනතාව හෙළාදකින අතර තරුණ පරපුර එහි වැරදි නිරීක්ෂණය කරමින් සිටිති. උසස් අධ්‍යාපනයෙන් පසු රජයේ සේවයට ඇතුළත්වීම අරමුණ විය යුතු නැත. දක්ෂතා ඇති දරුවන්ට ව්‍යවසායකත්වයට දොරටු විවෘත කළ යුතුය. මුහුණු මාරු කිරීමෙන්, ඇමැති චරිත වෙනස් කිරීමෙන් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ව්‍යවස්ථා වෙනස් කිරීම උත්තරයක් නොවේ. පත්වන අපට මුහුණ දෙන්නට සිදුවී ඇති ආර්ථික අර්බුදය බරපතළ එකකි.

ඉදිරි වසරක දෙකක කාලය තවත් දුෂ්කරය. කැපවීමෙන් සැලසුමක් සකස් කර නොගතහොත් ප්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. විසඳන ක්‍රමය සඳහා මැජික් විසඳුම් නැත. පසුගිය දශක හතහමාරක කාලයක් ණයට ගත් ධනයෙන් ජීවත් වී තිබේ. උත්පාදනයක් සිදුවී නැත. ආදායමෙන් සියයට අසූවකට වඩා ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කරන රටකි.

ජාතික ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ණය පොලිය ගෙවන්නට වැය කෙරේ. මෙම තත්ත්වය පාවෙමින් පැවැති අතර හදිසියේ ඇති වූ අකර්මණ්‍යතා රට බෙලහීන කළේය. මැදි ආදායම් ජන කොටස තමන්ගේ අවහිරතා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ආපසු හැරවීම සඳහා සියලුම දෙනා එකතු විය යුතු අතර පවතින අර්බුදයෙන් තමන්ගේ අවස්ථාව ලබාගන්නට තැත් කිරීම සුදුසු නැත.

පිරිමින්ටත් යන්න අමාරු Rolls Royce ආයතනයේ රැකියාව කරමින්, සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන ශ්‍රී ලාංකික අපේ කෙල්ල
◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️

• ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරිමේ මධ්‍යස්ථානය ඉදි වුණේ මගේ උපදෙස් අනුවයි.

• ඉදිරියේදී කෘතිම බුද්ධිය සහිත ගුවන් යානයක් නිපදවන්න අපි දැනටමත් වැඩ පටන් අරන්

• මුලදී මගේත් එක්ක වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ

• මේ වෙද්දි මගේ යටතේ විදේශීය රටවල ඉංජිනේරුවන් 100 ක් පමණ වැඩ කරනවා.

ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය ලෙසින්ය. එපමණක් නොව ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන් යානා අලූත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ඇය විසින් ලබාදුන් නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය.

2015 වර්ෂයේදී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන ඇය අභිමානවත් rolls-royce ඉතිහාසය තුළ එම තනතුරට පත් ළාබාලතම තැනැත්තිය මෙන්ම අග්නිදිග ආසියානු කලාපය නියෝජනය කරමින් එම තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ලෙස ද වාර්තාවක් තබා ඇත.

නිපුනි කරුණාරත්න නම් ඇය තවමත් විසි අට හැවිරිදිය. රද්දොළුගම ගනේපොල උපත ලබන ඇය මූලික අධ්‍යාපනය කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්ය. ඉන් අනතුරුව විදෙස් අධ්‍යාපනය පිණිස යොමු වන ඇය එංගලන්තයේ පිහිටි brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර එහි දී ද ඇය විසින් ඉහළ දක්ෂතාවයන් දැක්වීමට සමත්ව ඇත. මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය (artificial intelligent) සහිත ගුවන් යානා එන්ජින් ලෝකයට හඳුන්වාදීමේ ඓතිහාසික මෙහෙවරක නිරතව ඇත.

අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හරහා සුවිශේෂී නිපුණතා රැසක් ප‍්‍රකට කර තිබෙන නිපුනි කරුණාරත්න මේ වනවිට කෙටි නිවාඩුවක් පිණිස මව්බිමට පැමිණ ඇත. මෙම කතාබහ සිදුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. උපන් බිමට අපමණ ඇල්මක් දක්වන නිපුනි සිය කතාබහ ආරම්භ කරන ලද්දේ ඇය මෙරටදී ගතකළ පාසල් සමය සිහිපත් කරමිනි.

‘‘මම ලන්ඩන් O/L විභාගයට පෙනී සිටින තෙක් අධ්‍යාපනය ලැබුවෙ කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්. සාමාන්‍ය පෙළින් පස්සෙ මම විදේශගත වෙනවා. මගේ තාත්තා ඒ වගේම අයියාත් ඉංජිනේරුවන්. ඒ හින්ද අම්මා මට නිතරම කිව්ව දෙයක් තමයි මම වෛද්‍යවරියක් වෙනව දකින එක තමයි අම්මගේ ලොකුම හීනය කියල. ලංකාවේ ගතකළ මගේ පාසල් ජීවිතය ගත්තොත් අධ්‍යාපන කටයුතුවලට වගේම ක‍්‍රීඩා කටයුතු ආදියටත් මම ලොකු ඇල්මක් දැක්වූවා. පිහිනීම සහ ටෙනිස් කී‍්‍රඩාව ඒ අතරින් විශේෂයි. එතනදි ජාතික මට්ටමේ තරගවලට පවා මට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඕනෑම ක‍්‍රීඩාවක නිරත වෙනවා කියන්නේ කෙනකුට තමන් කෙරෙහි ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන් ක‍්‍රියාකාරකමක්. මම එහෙම කියන්නෙ මගේ අත්දැකීම් එක්ක. මොකද එංගලන්තයේ සුදු ජාතිකයන් එක්ක වැඩ කරද්දි ඒ අය මුලින් මුලින් මගේ යටතේ වැඩ කරන්න කැමැත්තක් දැක්වූවේ නෑ. ඒකට හේතුව තමයි ඒ අය මට වඩා වයසින් වැඩිමහල් වීම. ඒ පිරිස අතර ඩබල් PHD ගත්ත අවුරුදු පනහ,පනස් පහ වයස් කාණ්ඩ වලට අයත් ඉංජිනේරුවන් පවා හිටියා, දැනුත් ඉන්නවා. එහෙම පිරිසකට මම නායකත්වය දෙද්දී විවිධ අභියෝග වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. අන්න එතනදි තමයි ලංකාවෙදී ක‍්‍රීඩාව හරහා මම ගොඩන`ගා ගත්ත ආත්ම විශ්වාසය ඒ වගේම පෞරුෂය මට ලොකු ශක්තියක් බවට පත්වුණේ.

නිපුනි කරුණාරත්න මෙරට ගතකළ පාසල් සමය සිහිපත් කළේ ඒ ආකාරයෙන්ය. ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස එංගලන්තය බලා පිටත්ව යන නිපුනි එහිදී Heriot-Watt විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර ඇය එහිදී දක්වන සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නීය. ඇය විසින් එම සුවිශේෂී වරම හිමිකර ගත් ආකාරය පිළිබඳව මතකය මෙනෙහි කරන ලද්දේ මේ ආකාරයෙන්ය.

‘‘මම වයස අවුරුදු 16 දී brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වරම් හිමිකර ගන්නවා. නමුත් ඒ වගේ අඩු වයසකදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න මම වාසනාවන්ත වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දි ඒ අයට මගේ වයස ප‍්‍රශ්නයක් වෙනව. ඒකට විසඳුමක් ලෙස විශේෂ අවසරයක් අරන් තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්නෙ.මගේ විෂයය බවට පත්වුණේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව. පළමුවැනි අවුරුද්දෙ මේ පාඨමාලාව හදාරන්න මා ඇතුළු සිසුන් 280ක් තෝරගන්නවා. ඒ පිරිස අතරින් පළමුවැනි අවුරුද්දෙ දක්ෂතම සිසුවිය බවට පත් වෙන්නෙ මම. දෙවැනි අවුරුද්ද වෙනකොට 280 ක් වූ ශිෂ්‍ය පිරිස 60 දක්වා අඩු වෙනවා. ඒ හැට දෙනා අතරට මා ඇතුළු තවත් ගැහැනු ළමයි දෙතුන් දෙනෙක් හිටියා. ඇත්තටම අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව කියන්නෙ ගොඩක් අමාරු විෂය කාණ්ඩයක්. ගැහැනු ළමයෙක් ඒ වගේ විෂයයක් තෝරා ගන්නව කියන්නේ අභියෝගයක්. මටත් ඒ අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම වෙලාවකම මගේ අම්ම ලංකාවෙ ඉඳගෙන බෝධි පූජා පැවැත්වූවා. දෙවියන්ට බුදුන්ට බාරහාර වුණා. ඒ දේවල් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා කියල මම විශ්වාස කරනවා. ඔහොම අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි දෙවැනි අවුරුද්දෙත් අපේ කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් දක්ෂතම සිසුවිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබුණා. තුන්වැනි අවුරුද්දෙ මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනව. ඒ වර්ෂ කීපය ඇතුළේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් එකම සිසුවිය බවට පත්වෙලයි. ඒ වෙද්දි මම රැකියාවක් ගැන හිතල තිබුණෙ. එතැනදී මගේ ලොකු ආශාවක් තිබුණා නාසා ආයතනයට හෝ rolls royce සමාගමට එකතුවෙලා රැකියාවක් කරන්න. මොකද මගේ උපාධියට අනුව ඒ වගේම මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් තෝරගන්නව නම් ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ඉහත සඳහන් ආයතන දෙක ආශ‍්‍රිත රැකියා අවස්ථා සඳහා තමයි වැඩි ඉඩකඩක් පැවතුණේ. එතනදි මට අවස්ථාව ලැබෙනව මෝටර් රථ වලට වගේම ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය පිණිස ලෝක පූජිත නමක් වන rolls-royce සමාගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න’’.

ඒ අනුව 2015 වර්ෂයේ දී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන නිපුනි කරුණාරත්න වසර දෙකක් යනතුරු එහි නිෂ්පාදන ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන්නේය. එම කාලය ඇතුළත ඇය විසින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් rolls royce ඉහළ කළමනාකාරීත්වය විසින් වසර දෙකක් ගතවීමත් සමග ඇය වෙත තවත් වගකීමක් පවරා ඇත. අපගේ කතාබහ අතරතුර ඒ පිළිබඳව ද යමක් පැවසීමට ඇය විසින් අමතක නොකළාය.

‘මම rolls royce සමාගමට එක්වුන අවුරුද්දෙ ඉංජිනේරු අංශයේ පුරප්පාඩු හැටක් තිබුණා. ඊට අමතරව අනිකුත් අංශ එක්ක ගත්තොත් රැකියා අවස්ථා 120ක විතර පුරප්පාඩු පැවතුනා. සුදුසුකම් වලට අනුව තමයි බඳවා ගත්තේ. ඒ සඳහා ලෝකයේ ඕනෑම රටක කෙනකුට ඉල්ලූම් කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ අවුරුද්දේ රැකියා පුරප්පාඩු 120 සඳහා අයැදුම්පත් ලක්ෂ තුනක් පමණ ලැබිල තියෙනවා. මුළු ලෝකයටම විවෘත හින්ද තමයි ඒ වගේ විශාල අයැදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වෙන්නෙ. මම ඒ සඳහා ඉල්ලූම් කරන්නේ ඉංජිනේරු අංශයෙන්. අපේ සමාගමට අලූත් සාමාජිකයන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් වගේම අයදුම්කරුවන්ගේ පෞරුෂය පිළිබඳවත් ලොකු සැලකිල්ලක් දක්වනවා. ඔය කියන අංශ දෙකෙන්ම ඉදිරියෙන් ඉන්න පුළුවන් නම් විතරයි සමාගමට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒ සඳහා අයැදුම් කරනව කියල එංගලන්තෙ ඉන්න මගෙ යාළුවො දැනගත්ත වෙලාවෙ ඒ අය මට හිනාවුණා. ඉංජිනේරු වෘත්තියේ නිරත වෙලා ඉන්න පිරිමි අයට වත් යන්න අමාරු කොම්පැනියකට ඔයාට යන්න පුළුවන්ද කියල ඒ අය මගෙන් ඇහුව. නමුත් සම්මුඛ පරීක්ෂණ කීපයකට පස්සෙ අභ්‍යවකාශ ඉංජිනේරු වරියක් ලෙස මාව තෝරා ගන්නවා. ජොබ් එක භාර අරගෙන වසර දෙකක් යද්දී මට තවත් වගකීමක් භාර දෙනවා. ඒ තමයි rolls-royce සමාගම විසින් ගෝලීය වශයෙන් ඉදිකරන ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන පිණිස උපදෙස් හා යාන්ත‍්‍රික සැලසුම්කරණ අංශය භාරව නායකත්වය සැපයීම. ඒක ලොකු වගකීමක්.ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වන ඇමරිකාවේ ඇට්ලන්ටා Delta Tech සෙන්ටර් එක හදන්න නායකත්වය දුන්නේ මම. ඒ වගේම තවත් රටවල් බොහොමයක ඒ කටයුත්තේදී මූලික මැදිහත්වීමක් කරන්න මට සිද්ධ වෙනවා. ඔය කටයුතු ඔහොම සිද්ධවෙන අතරෙ තමයි ලෝකයේ ප‍්‍රධාන පෙළේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කරන්නේ කෘතිම බුද්ධිය (atificial intelligence) සහිත ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය කළ යුතුයි කියලා. එතනදී rolls-royce සමාගම විසින් ඒ වගකීමත් මා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමකට පවරනවා. ඉදිරියේදී අපේ අරමුණ බවට පත්වෙන්නේ එවැනි ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීමයි. ඒ ක‍්‍රියාවලිය සරලව පැහැදිලි කළොත් එතැනදි සිද්ධ වෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු යම්කිසි ගුවන්යානයක් ගුවනේ දී යම් කාර්මික දෝෂයකට ලක් වෙනව කියල. අන්න ඒ වගේ වෙලාවකදී ඒ කාර්මික දෝෂය මොකක්ද, එය හටගත්තේ ගුවන් යානයේ කුමන කොටසේද, එම කාර්මික දෝෂය හටගත් ගුවන්යානයට තව කොපමණ වෙලාවක් ගුවනේ රැඳී සිටින්න පුුළුවන්ද, එහෙම නැත්නම් ඊළගට ගතයුතු පියවර මොකක්ද.. ඔය ආදී වශයෙන් තීරණ ගන්න පුළුවන් ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීම තමයි මා ඇතුළු අපේ කණ්ඩායමේ ඊළඟ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. තවම එහෙම දෙයක් ලෝකයේ කිසිම රටක් සිද්ධ කරල නැහැ. මම විශ්වාස කරනව. තව වර්ෂය කීපයක් ඇතුළත අපිට ඒ කටයුත්ත සාර්ථකව නිම කරන්න පුළුවන් කියලා. ඒ සඳහා මගේ නායකත්වය යටතේ ලෝකයේ විවිධ රටවල ඉංජිනේරුවන් 90 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දැනටමත් එංගලන්තෙ සිට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරමින් ඉන්නවා...”

නිපුනි කරුණාරත්න විද්‍යාව හා තාක්ෂණික අංශයෙන් ලොව ඉහළම රටක් වන එංගලන්තයේදී දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙන් විවිධ අංශයන්හි දක්ෂතා දක්වන වෘත්තිකයන් අගයනු වස් පසුගිය දිනක එරට සංවිධානය කරන ඉහළම සම්මාන ප‍්‍රදානයක් පිණිස නිර්දේශිත නාමයන් අතරට එක් වී ඇත. එහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන ලද වෘත්තිකයන් දස දෙනකු උදෙසා සම්මාන පිරිනමන අතර නිපුනි කරුණාරත්න එම නිර්දේශිත නාමයන් අතරට එක්වන්නේ විද්‍යා හා තාක්ෂණික අංශය නියෝජනය කරමින්ය. දැනට දින කිහිපයකට ඉහත එම සම්මාන උළෙල පවත්වා තිබෙන අතර එහිදී ශ‍්‍රී ලාංකික ජාතිය ලොවක් හමුවේ උත්කෘෂ්ටත්වයට නංවමින් විද්‍යා හා තාක්ෂණික අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් වී ඇත. එම අසිරිමත් අවස්ථාව වනවිට කෙටි නිවාඩුවක් පිණිස ඇය මෙරටට පැමිණ සිටි බැවින් ඉදිරි දිනෙක එම සම්මානය ඇයගේ දෝතට පිරි නැමීමට නියමිතය. තමන් සතු දැනුම සිය රාජකාරී ආයතනය වන rolls royce සමාගමේ දියුණුව පිණිස පමණක් නොව සමස්ත ලෝකයේම යහපත පිණිස යෙදවීමේ අපේක්ෂාවෙන් මේ වන විටත් නිපුනි කරුණාරත්න විසින් තමන්ටම අයත් පෞද්ගලික සමාගමක් ද එංගලන්තයේ පිහිටුවා ඇත. නව සොයාගැනීම් සහ පර්යේෂණ පිණිස පිහිටුවා ඇති එම සමාගම මගින් මේ වනවිට සාර්ථක ව්‍යාපෘති හතරක් පමණ ක‍්‍රියාත්මක කොට තිබෙන අතර ඉන් එක් ව්‍යාපෘතියක් එංගලන්ත රජයේ ව්‍යාපෘතියක් වීම එහි ඇති තවත් විශේෂත්වයකි. ඒ සඳහා මූල්‍යාධාර සපයනු ලබන්නේ එංගලන්ත රජය විසින්ය.

නිපුනිගේ ඉදිරි අපේක්ෂාවක් බවට පත්ව ඇත්තේ උපන් රට පිණිස තමන් සතු දැනුම ප‍්‍රදානය කිරීමය. එහි ආරම්භක පියවරක් ලෙස ඉදිරියේ දී තම සමාගමට අයත් ශාඛාවක් මෙරට ස්ථාපිත කොට ඉංජිනේරු උපාධිය ලත් මෙරට තරුණ තරුණියන් හට ගෝලීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීම ඇගේ අපේක්ෂාව බවට පත්ව ඇත. ඒ හරහා මෙරට තුළ ජාත්‍යන්තර ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම ද ඇය අපේක්ෂාවෙන් පසුවන්නීය.

අපගේ කතාබහ නිමා කිරීමට මත්තෙන් ඇය නැවත වතාවක් සඳහන් කර සිටියේ ශ‍්‍රී ලාංකික තරුණියක් ලෙස ඇය පැමිණි ගමන්ම`ග පිළිබඳව තමාට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවත් ලොව කොතැනක ගිය ද එහිදී ලාංකික නාමය ඉහළට ඔසවා තැබීම තම අපේක්ෂාව වන බවත්ය. මෙරට තරුණ ප‍්‍රජාවට, විශේෂයෙන්ම තරුණියන්ට පරමාදර්ශයක් බවට පත්කර ගතහැකි නිපුනි කරුණාරත්න ඉදිරි කාල වකවානුව තුළ අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ තව තවත් ඉදිරියට යනු දැකීම මේ වනවිට ශී‍්‍ර ලාංකික බොහෝ දෙනකුගේ අපේක්ෂාව බවට පත්ව ඇත.

උපුටාගැනීම
- දිවයින රුවන් ජයවර්ධන -



ප්රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

1997 ශ්රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

ටයිකොන්ඩෝ ක්රීඩිකාවක් ලෙද ජාතික ජාත්යන්තර ජයග්රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

 
 
Dear moon ව්යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්යාවේ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.
රටවල් 249 අතරෙන් යදුම් පත්ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.
මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.
2019 වර්ෂයේදී සදලී දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳලී හට උදව් උපකාර කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්යාවේ දී හමුවී තිබෙනවා.
අවසන් 8 දෙනාහට තේරී පත්විකෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.
අත්තර් සුවඳට ස්ත්රීන් සේම පුරුෂයන් ද එක සේ ආකර්ශණය වන අමුතු ශාරීරික ගුණයක් ද වේ. මල් මත, දැව මතුපිට සහ ධූම ආදියට පහසුවෙන් තැවරී සුවඳ විහිඳුවයි. සෘතු වෙනසත් සමඟ අත්තර් සුවඳේ ද ප්රභේද දැකගත හැකිය. උණුසුම් කාලගුණයේදී කරාබු නැටි, එනසාල් සහ කුංකුම අත්තාර් සමඟ මුහු වන අතර, සීතල කාලගුණය පැමිණි විට ජැස්මින් සහ දාස්පෙතියා සමඟ මුහු වෙයි. මෙමඟින් වහනය වන්නේ සෘතුමය සුගන්ධයක් යැයි වර ගැන්විය හැකිය.
සූර්ය උදාවට බොහෝ වේලාවකට පෙර තේග් සිං ගංගා ඉවුරේ ඇති තම මල් ගොවිපොළට පැමිණේ. හෙතෙම රෝස දමස්කන පඳුරු පිරික්සමින් පිපී තිබෙන මල් අතරින් රෝස පැහැ පෙති උරහිසේ බැඳි ගෝනියට විසි කරයි. ඒ හරියට තේ දලු නෙළන්නාක් මෙනි. තේග් සිං නෙලන්නේ රෝස පෙතිය. සූර්යාලෝකයේ පළමු කිරණ ගඟ හරහා ගමන් කරන විට හෙතෙම තමන්ගේ රෝස පෙති අස්වැන්න රැගෙන මෝටර් බයිසිකලයෙන් ඉන්දියාවේ සුවඳ විලවුන් නගරය ලෙස ප්රකට නන්නෝජ් කරා හැල්මේ ගමන් කරයි.
සියවස් ගණනාවක් මුළුල්ලේ පටන්ම ඊසාන දිග ඉන්දියාවේ ගංගා තීරයේ සිට අත්තර් නමින් හඳුන්වන තෙල් මූලික කොට සාදන ලද උද්භිද සුවඳ විලවුන් වර්ගයකි. පෞරාණික ඉන්දියාවේ සුවඳින් උමතු සංස්කෘතියේ මෝගල් රාජකීයන් මෙන්ම සාමාන්ය ජනතාව ද සුවඳ විලවුන් වෙත ආශක්ත වූවන්ය. කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම සුවඳින් සංග්රහ කිරීමට මෙකී කන්නෝජ් සුවඳ විලවුන් තනන්නෝ සියලු කටයුතු සම්පාදනය කර තිබුණි. දිය උල්පත්වල සිට වැසියන්ගේ නිවෙස් දක්වාම මේ සුවඳ විහිදමින් තිබුණි. විසිවැනි සියවසට එළැඹෙන විට මෙකී සුවඳ විලවුන් උමතුව ක්ෂයව ගිය අතර, කන්නෝජ් සුවඳ විලවුන් නිපදවන්නෝ නම් තවමත් පැරැණි ක්රමෝපායන් මතම නොනැවතී සුවඳ විලවුන් තැනීමේ නිරතව සිටිති. මේ අතීත ශ්රී විභූතියෙන් පසුව කන්නෝජ් සුවඳ විලවුන් නිෂ්පාදකයන්ගේ වර්තමාන කතාවට කුඩා ආලෝකයක් හෙළීමකි.
අත්තර් යනු පැරැණි ලෝකයේ සුවඳ විලවුන් වර්ගයකි. ලතින් භාෂාවෙන් එය බිඳී ආ බවක් ද සැලකේ. තෙල් හෝ ජලයට මල් පෙති ආදිය දමා සකසා ගත් මුල්කාලීන සුවඳ විලවුන්වල යම් ස්වාභාවික බවක් දැකිය හැකි විය. පසුකාලීනව ආ නවීන සුවඳේ වූයේ මත්පැන් ආදිය වාහකයක් හෝ ප්රධාන ද්රාවකයක් ලෙස යොදාගෙන තැනුණු කෘත්රිම සුවඳකි. මන්දයත් මෙමඟින් ඉබේම මිල අඩු වන අතර පහසුවෙන් උදාසීන බවට පත් කර ගත හැකි නිසාය. අත්තර් නිපදවීමට සාම්ප්රදායිකව සඳුන් දැව තෙල් භාවිත කරයි. අධික අවශෝෂණයක් ඇති හෙයින් විලවුන් බිඳිති සම මත අතිශය ප්රසන්නව තැන්පත් වේ. සමහර විට දින ගණනාවක් යන තෙක් මේ සුවඳ නොවෙනස්ව පවතී.
අත්තර් සුවඳට ස්ත්රීන් සේම පුරුෂයන් ද එක සේ ආකර්ෂණය වන අමුතු ශාරීරික ගුණයක් ද වේ. මල් මත, දැව මතුපිට සහ ධූම ආදියට පහසුවෙන් තැවරී සුවඳ විහිඳුවයි. සෘතු වෙනසත් සමඟ අත්තර් සුවඳේ ද ප්රභේද දැකගත හැකිය. උණුසුම් කාලගුණයේදී කරාබු නැටි, එනසාල් සහ කුංකුම අත්තර් සමඟ මුහු වන අතර, සීතල කාලගුණය පැමිණි විට ජැස්මින් සහ දාස්පෙතියා සමඟ මුහු වෙයි. මෙමඟින් වහනය වන්නේ සෘතුමය සුගන්ධයක් යැයි වර ගැන්විය හැකිය.
ඉතා මිහිරි කුළුබඩු ධූමය
india flower 6 india flower 03

india flower 04

 
 
එපමණක් නොව කන්නෝජ් සුවඳ විලවුන් තනන්නන් විසින් වර්ෂාපතනයෙන් ඉක්බිතිව 'මිටි අත්තර්' නමින් හැඳින්වෙන පොළොවේ සුවඳ අන්තර්ගත විලවුන් වර්ගයක් තනයි. ෂමාමා යනු තවත් එවන් ප්රියජනක සුවඳ ප්රභේදයකි. මල් වර්ග 40ට ආසන්න සංඛ්යාවක් ආසවනය කර තැනෙන ෂමාමා තුළ ඖෂධ පැළෑටි ද අන්තර්ගතය. මේ සුවඳ හරියටම තනා ගැනීමට මාස ගණනාවක් ගත වේ. ෂමාමා සුගන්ධය ඉතා මිහිරිව කුළුබඩු ධූමය සමඟ සමපාතව හැසිරෙන්නට පටන් ගන්නා අතර, අවසානයේ ඉන් විහිදෙන්නේ දිව්යමය සුවඳකි. මෙකී අත්තර් වර්ග හුදෙක් සුවඳකට පමණක් ලඝු කළ නොහැකි අතර එතුළින් යම් හැඟීමක් ද ජනනය වන සඳහන් කළ මනාය. ස්වභාවික ද්රව්ය මත පිහිටා අත්තර් තැනීම ඊට මූලික හේතුව විය හැකිය. මේ නිසාම යුරෝපයේ සුප්රකට සුවඳ විලවුන් ආයතන පවා කන්නෝජ් අත්තර් භාවිතයට ගනී. රෝස, සැවැන්දරා සහ ජැස්මින් ඉන් ප්රධාන තැනක් ගනී. අත්තර් මූලික ස්ථරයක් ලෙස භාවිත කර ඔවුන් තම සමාගමට අවශ්ය සුවඳ විලවුන් වර්ගය තනා ගනී. කන්නෝජ් සුවඳ විලවුන් නිපදවන්නන් යනු හුදෙක් රෝස පෙති නෙළන්නන් හෝ පෞරාණික සුවඳ විලවුන් තනන්නන් පමණක් නොවන්නේ මෙන්න මේ හේතුවෙනි. ඔවුන් ඉටු කරන භූමිකාව ඊට වඩා පැතිරුණු, වඩා වැදගත් එකකි.
කන්නෝජ් වැසියන් විසින් වසර 400කර පෙර පටන් අත්තර් තැනීමේ නිරතව සිට ඇත.ප්රංශයේ ප්රෙවෙන්ස් හි නිපැයූ ප්රකට 'ජගර්නට්' විලවුන් වර්ගය ලෝකය දැනගැනීමට සියවස් දෙකකට පෙර සිට කන්නෝජ් වැසියන් ස්වකීය අත්තර් විලවුන් වර්ගය නිපදවා ඇත. මේ විලවුන් තැනීමේ ක්රියාදාමය හින්දි භාෂාවෙන් 'ඩෙග්-හප්කා' ලෙස ද හැඳින්වෙයි.
කන්නෝජ් යනු අග්රා නගරයේ සිට පැය හතරක ගමනකි. ලක්නව් සිට පැය දෙකක ගමනකි. බොහෝ කුඩා නගර සේම කන්නෝජ් ද අතීතය හා වර්තමානය අතර අමුතු පාලමක් තනන්නකි. කන්නෝජ් නගරයේ කාලය ඉදිරියට ගමන් නොකරයි. එය එක පිට එක ගොඩගැසේ. කාලය නැවතූ නගරයක නොනවතින විලවුන් සුවඳක් පැවතීම සැබෑවටම අපූරු කාරණයකි.
ගරා වැටෙන ගල් බළකොටු, ගෝලාකාර බළකොටු ආශ්රිත කුලුනු, බීක්කු සහිත ආරුක්කු ආදියෙන් සජ්ජිත හය වැනි හර්ෂවර්ධන අධිරාජ්යයේ මුල්කාලීන උත්කෘෂ්ටභාවය සිහිපත් කරවයි. එයටම දෙස් දීමට ලී කරත්ත තල්ලු කරගෙන යන කෙසෙල් ගෙඩි වෙළෙන්දන් සහ පේර වෙළෙන්දන් දැකගත හැකිය. අතීතය පරයමින් නවීනත්වය ද එකතු වූ බව සිහිපත් කිරීමට නවීන මෝටර් බයිසිකල් සහ මර්සිඩීස් බෙන්ස් රථ ද විටින් විට වීදිවල දුහුවිලි නඟමින් ගමනේය. කන්නෝජ් හි ප්රධාන වෙළෙඳපොළ වන බාරා බසාර්හි පටු මංතීරුවලට එබී බැලූ විට නැවතත් සියවස් ගණනාවක් පසුපසට ගමන් කළ හැකිය. මේ බාරා බසාරයේ අට්ටාල තුළ මෙන්ම සාප්පු ඇතුළත දනවන්නේ දැඩි කුසීත බවකි. කදිමට සෑදූ වීදුරු බෝතල්වල ලූ අත්තර්ය. එසේත් නැත්නම් වෙනත් තෙල් වර්ගය. පිරිමින් සිහින්ව සෑදූ කුෂන් මෙට්ට මත එරමිණියා ගොතාගෙන වාඩිගෙනය. ඔවුන් නොයෙක් සුවඳ විලවුන් වර්ග ආඝ්රාණය කරමිනි. සුවඳ විලවුන් කැවූ දිගු පුළුන් කැබලි කන්වල රඳවාගෙනය. ඒ පසුබිම සුවඳ විලවුන් වුවමනා අය මෙන්ම නුවමණා අය පවා පොලඹවන සුළුය. සෑම සියලු තැනම විවිධාකාර සුවඳය. මුළු බාරා බසාරයම එකම සුවඳ ගුලාවකි. ඒ සුවඳ ගුලාවේ නොවැටී ඒ පසුකර යන්නෝ මනුෂ්යයෝ නම් නොවන්නෝමය.
"ලෝකයේ හොඳම සුවඳ විලවුන්කරුවෝ මෙම පටු මංතීරු හරහා ගමන් කර, මඩ සහ ගවයන්ගේ ගොම පවා නොතකමින්, ඉවසිල්ලෙන් ඒ සියල්ල පසු කර කන්නෝජ් අත්තර් තමන් සතු කර ගැනීමට පසුබට නොවෙයි. ඇත්තටම කන්නෝජ් අත්තර් හා සමාන කළ හැකි වෙන කිසිවක් මෙලොව නැත."
කියා පවසන්නේ එම්.එල්. රම්නරයින් සුවඳ විලවුන්කරුවන්ගේ පස් වැනි පරම්පරාවේ අයිතිකරුවකු වන ප්රන්ජල් කපූර් විසිනි. රම්නරයින් සුවඳ විලවුන්කරුවෝ යනු කන්නෝජ් හි තවමත් ක්රියාත්මක සාම්ප්රදායික සුවඳ විලවුන් ස්කාගාරවලින් එකකි.
තේග් සිං පවා තවමත් තමන්ගේ රෝස පෙති අස්වැන්න ගෙන එන්නේ ප්රන්ජල් කපූර්ගේ ස්කාගාරය වෙතය. එහි රෝස පෙති එකලස් කරන එළිමහන් ගලින් සෑදූ මළුවකි. රාම් සිං යනු කපූර්ගේ ප්රධාන අත්තාර් ශිල්පියාය. හෙතෙම රෝස පෙති සියල්ල තඹ බඳුනකට දමා එතුළට ජලය සහ සඳුන් තෙල් එකතු කරයි. විටින් විට විශාල පත්තකින් රෝස පෙති ජලයෙන් ඉහළට එසැවෙයි. තඹ බඳුනේ පියන සවි කර එය වැසීමට පෙර පියන වටා මැටි සහ කපු එකතුවෙන් සෑදූ තලපයක් ආලේපනය කරයි. එය ශක්තිමත් මුද්රා තැබීමකි. මල් පෙති සංයෝගය තුළ ගිලෙන්නට පටන් ගත් විට උණ බටයක් හරහා වාෂ්ප එතුළට ගමන් කරවයි. සඳුන් තෙල් රඳවා ඇති තඹ බඳුන ඒ වාෂ්පය කැමැත්තෙන්ම පිළි ගනී.
තේග් සිං ගෙනා රෝස පෙති අත්තර් බවට පත් වීමට පැය පහක් හෝ හයක් පමණ ගත වේ. මෙම ක්රියාවලිය පුරාම රාම් සිං සිය ඇඟිලි තුඩුවලින් ඉස්සී බඳුණේ උෂ්ණත්වය පිරික්සයි. දෑත බඳුන මත තබමින් නිසි උෂ්ණත්වයේ අඩු-වැඩි වීම ගණනය කරයි. තවත් දර දැමීමට වුවමනා දැයි ඔහු දැනගන්නේ මේ බඳුන මත අත තබා බැලීමෙනි. එය දීර්ඝකාලීන අත්දැකීම් මත පදනම්ව සිදු කෙරෙන දෙයකි. වාෂ්පයට සවන් දීමට ඔහු උගත්තේ සුවඳ විලවුන් ඉස්කාගාරයට පැමිණ කෙටි කලකිනි. 50 වියැති රාම් සිං ඒ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.
රන් හා සමාන දියරය
"මම කොල්ලා කාලෙ ඉදන්ම මේ වැඩේ කරන්න දන්නවා. මට හොඳ අත්තර් ගුරුවරයෙක් උන්නා. ඔහුත් එක්ක ලොකු කාලයක් මම වැඩ කළ නිසා ශිල්පය හොඳින් ඉගෙනගත්තා."
මේ ක්රියාවලියම ඊළඟ දවස පුරාත් ක්රියාත්මකය. ඒ නව රෝස පෙති සමූහයක් සමඟය. අපේක්ෂිත ප්රතිඵල ලැබෙන තෙක් දිගින් දිගටම මේ ක්රියාවලිය සිදු කිරීමට නියමිතය. එය අවසන් වූ පසු ඔටු සමින් තැනූ විශේෂ බෝතල්වල මාස කිහිපයක් බහා තැබේ. එමඟින් අනවශ්ය තෙතමනය නැති කර දමයි. සියලු වැඩ නිම වූ අත්තර් දියර රන් හා සමානය. කිලෝවකට ඩොලර් 3000ක් පහසුවෙන්ම ගත හැකිය. ඒ විශාල මුදලක් බව යළිත් පැවසිය යුතු නැත. එහෙත් ඒ සඳහා දැරිය යුතු වෙහෙස සුළුපටු නොවේ. වර්තමානය වන විට කන්නෝජ් අත්තර්වල ගමනාන්තය වන්නේ මැද පෙරදිග සහ ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් ප්රජාව වෙතය. 17 වැනි සියවසේ මෝගල් අධිරාජ්යයා වූ සාජහාන් විසින් ගොඩනඟන ලද පැරැණි දිල්ලියේ චාන්දනී චෝක් හි පිහිටි ගුලාබ් සිං ජොරිමාල් යනු කන්නෝජ් අත්තර් සහ නවීන සුවඳ විලවුන් වෙළෙඳාම් දිගුකාලීනව නිරත ආයතනයකි. සිකුරාදාවේ පල්ලි යෑමට පෙර බහුතරයක් මුස්ලිම් පුරුෂයන් අත්තර් සුවඳ විලවුන් මිලදී ගනී. ඊද් ආදී උත්සව ළං වන විට වෙළෙඳාම තවත් ඉහළ යන බව ගුලබ් සිං ජොරිමාල්වරු පවසයි.
එහෙත් නවීන සුවඳ විලවුන් වර්ග අසීමිතව වෙළෙඳපොළ ආක්රමණය කර තිබීමත් සුප්රකට විලවුන් වර්ගවල ව්යාජ විලවුන් වෙළෙඳපොළට පැමිණීම වැඩි වීමත් සමඟ ඔවුන් පසුවන්නේ තරමක කනස්සල්ලෙනි. පිරිසුදු විලවුන් කර්මාන්තයට මේ ව්යාජ සුවඳ වර්ග තර්ජනයක් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් සුවඳ අවංක විය යුතු අතර ව්යාජ සුවඳ සමඟ පැවැත්මක් තිබිය නොහැකි බව කිව යුතුය. සුවඳේ අවංක බව ගැන සිතීමට දැන් කාලය පැමිණ ඇති සැටියකි.
කාංචනා අමිලානි
-Dinamina-
 
1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව”ලෙනින්” ගොඩනැගූ ”සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය” ස්වාධීන ජනරජයන් 15 ක එකමුතුවකි. සමාජවාදී පාලන කරමය යටතේ සෝවියට් සංගමය (USSR) දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගත් අතර ලොව සෑම අතින්ම බලවත් රට බවට පත්වීමේ අභිලාෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග බලවත් තරගයකට පිවිසෙන ලදි. ඒ අනුව හමුදා ශක්තිය විශාල ලෙස වර්ධනය කරන ලද අතර ඉතා කෙටි කලකින් ලොව බලවත්ම ඔත්තු සේවා සංවිධානයක් බවට පත්වූ ”රාජ්ය ආරක්ෂාව සඳහා වන කමිටුව” 1954 මාර්තු 13 වන දින ආරම්භ කරන ලදි.
 
ඉතාම දිළිදු මට්ටමේ සිට ඉංග්රීසි අධ්යාපනය ලබා, ලොව පුරා වැඩම කරමින්, ඉංග්රීසියෙන් දම් දෙසා ඉන් ලැබෙන දහම් පඬුරු සමඟ රුපියල් මිලියන තිහක් එකතුකොට තම ගම්මානයේ වෙසෙන දුප්පත් අහිංසක දරුවන්ට ඉංග්රීසි හා දමිළ භාෂා, සිංහල බෞද්ධ අධ්යාපනය, නව තාක්ෂණය ඉගැන්වීමට මෙන්ම විවිධ දක්ෂතා ඇති පුද්ගලයන්ට අධ්යාපනය ලබාදීම සඳහා බහු කාර්ය ගොඩනැගිල්ලක් තැනීමේ දිගුකාලීන සිහිනය සැබෑ කරගත් බුද්ධ පුත්රයෙක් අනුරාධපුර දිස්ත්රික්කයේ පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම උල්පතගම ප්රදේශයේ වැඩ සිටිති.
ඒ, පූජ්යපාද අඹන්පොළ විනීත හිමියෝය.
අති දුෂ්කර ගම්මානයක විහාරස්ථානයේ වැඩ සිටියදී ද ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුමෙන් ලොවට දම් දෙසා ලැබුණු දහම් පඬුරුවලින් තම ගමේ විහාර භූමියේ රුපියල් මිලියන 30ක වියදමින් ඉංග්රීසි දමිළ භාෂා, පරිගණක අධ්යාපනය නොමිලේ ලබාදීම සඳහා ඉදිකළ බහු කාර්ය දෙමහල් ගොඩනැගිල්ල ගම්මුන්ට භාරදීම පසුගියදා රටවල් පහක පමණ දූත පිරිසගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්රික්කයේ කෙළවර පිහිටි පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්යසිංහාරාමයේ වැඩසිටින අඹන්පොළ විනීත හිමියෝ මෙම අපූරු කළගුණ සැලකීමේ පිංකම සහ ප්රදේශයේ දරිද්රතාවයෙන් යුතු දරුවන් ලෝකයට හඳුන්වාදීමේ මාහැඟි වැඩසටහනට අත ගසා ඇත්තාහ.
උන්වහන්සේගේ දීර්ඝකාලීන අරමුණ වන ගමේ දරුවන්ට ඉංග්රීසි ඉගැන්වීම හා නව තාක්ෂණය ලබාදීමේ උත්සවය රංගිරි දඹුලු රජමහා විහාරයේ හා ශ්රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම්මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ උප ප්රධාන සංඝනායක අඹගස් වැවේ රාහුල නාහිමියන්ගේ හා විදේශීය භික්ෂූන් වහන්සේලා මෙන්ම රටවල් පහක 80ක පමණ බොදු දූත පිරිසකගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දූත පිරිස ගම්මුන් විසින් ඉතා හරසරින් යුතුව පිළිගැනීම සිදුකළ අතර නාහිමිවරුන් හා දූත පිරිස අතින් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.
උන්වහන්සේගේ කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්යසිංහාරාමයට වැඩම කොට තිබේ.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්යයේ අධිෂ්ඨානශීලීව නිසි ලෙස ඉංග්රීසි භාෂාව ඉගෙන ගත් බවත් භාෂා නිපුණත්වය මත විදේශ රටවල් රැසකට ගොස් ඉංග්රීසි භාෂාවෙන් බුදුදහම පිළිබඳව එම ජනතාවට ධර්මය දේශනාකොට ලැබුණු දහම් පඬුරු ආධාර තම ගම්මානයේ වෙසෙන දරුවන්ට ඉංග්රීසි භාෂාව උගන්වා ඔවුන් පරිගණක දැනුමෙන් වර්ධනය කිරීම තම අරමුණු සිදුකරගෙන තිබුණු බව ද එම අරමුණ සාර්ථක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
රුපියල් මිලියන 30ක මුදලක් වියදමින් ඉදිකෙරුණු මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු අධ්යාපනය ලබන දරු දැරියන් සියයකට, ගැබිනි මව්වරුන් සියයකට, වැඩිහිටියන් පනස් දෙනෙකුට සහ ආබාධිත පුද්ගලයන්ට ආධාර උපකාර කිරීම ද මෙදින සිදුකෙරිණි.
උන්වහන්සේ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක ධර්ම දේශනා කළ අතර එම රටවල දායක දායිකාවෝ එක්ව මෙරට දරුවන්ට උපකාර කරන බව ද ඒ සියල්ල දරුවන්ට නොමිලේ ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ද උන්වහන්සේ පැවසූහ.
මෙම උදාර කටයුත්ත දැක මෙරටට පැමිණි විදේශීය දූත පිරිස ද දැඩි සතුටට පත්වූහ.
ලෝකයේ රටවල්වලට වැඩමකොට ධර්ම දේශනා කරමින් ලැබෙන දහම් පඬුරු එකතු පහදු කරගෙන ලෝකයේ බුදුදහම පිළිබඳව අවබෝධ කරගත් ජනතාවගේ සහයෝගයෙන් වූ ගල්කිරියාගම උල්පත ප්රදේශයේ අහිංසක දරුවන්ට ජාත්යන්තරයට පා තබන්නට සිදු කළ මෙම පුණ්යකර්මය සුවිශාල වූ සේවාවක් බව එහි වැඩම කළ මහ සඟරුවන පැවැසූහ.
රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් මෙසේ අදහස් ප්රකාශ කළහ.
“ගල්කිරියාගම උල්පත ප්රදේශය සහ එම අවට ප්රදේශය අතීතයේ සිටම දැඩි ආර්ථික දුෂ්කරතාවන් මධ්යයේ අලින් ගහණ වූ ප්රදේශයක්. බුදු සසුනට වැඩ ඇති යතිවරයාණන් වහන්සේලා ජනිත වූ ප්රදේශයක් තමයි මේ ප්රදේශය. ඒ වගේම තමයි විනීත ස්වාමීන් වහන්සේ දුෂ්කරතා රැසක් මධ්යයේ ලබාගත් දහම් අධ්යාපනය, පිරිවෙන් අධ්යාපනය සහ ඉංග්රීසි භාෂා දැනුම තුළින් බුදුදහම පිළිබඳව ලොව පුරා විසිරී සිටින ජනතාවට ධර්මය අවබෝධ කර දෙමින් සිදු කරන මෙම මාහැඟි කාර්යය සියලු දෙනාගේම ඇගයීමට පාත්ර විය යුතුයි.
බොහෝදෙනෙක් අධ්යාපනය ලැබීමත් සමඟ මිල මුදල් ලැබීමත් සමග තමන් ජීවත් වූ ගම අතහැර දමන යුගයක්, අදටත් විනීත ස්වාමීන් වහන්සේ රබර් සෙරෙප්පු දෙකක් පාදවල දමාගෙන ඉතා නිරහංකාරව මෙම කටයුතු සිදු කිරීම සුවිශේෂී කරුණක් ලෙස මම දකිනවා. මේ සම්පත්වලින් ප්රයෝජනය ගෙන මේ ප්රදේශවල දුවා දරුවන් ලෝකය ජයගත යුතු වෙනවා.’’
තමන් වහන්සේගේ අරමුණ පිළිබඳව සහ උත්සාහය පිළිබඳව අඹන්පොල විනීත හිමියෝ මෙසේ අප සමග පැවසූහ.
‘‘මම ගොඩක් ආර්ථික දුෂ්කරතා මධ්යයේ තමයි මේ පන්සලේ වැඩ හිටියේ. බණ්ඩාරවෙල පාලිත හාමුදුරුවෝ මාව මෙම පන්සලට බාරදීලා කිව්වෙ ‘ගමේ මිනිස්සුන්ට ධර්මය දේශනා කරලා දරුවන්ගේ අධ්යාපනයට සහයෝගයක් උදව්වක් දෙන්න’ කියලා. ටික දවසක් පන්සලේ ඉන්නකොට තමයි මට තේරුණේ මේ පැත්තෙ මිනිස්සු මොනතරම් දුක් විඳිනවද කියලා. ඒ අයට ඉගෙනගන්න යන්න විදිහක් නෑ. එළිවෙනකන් වල් අලිත් එක්ක පොර බදනවා.
අම්මලා තාත්තලා හේන්වල දුක්විඳිනවා දරුවන්ට ඉගෙනගන්න බැහැ. ගෙදර අනිත් අයත් එක්ක අලින්ට බයේ ගුළි වෙලා ඉන්නවා. අපේ පන්සල්වල අපි ජීවත් වුණෙත් එහෙම.
පසුව තමයි මම කල්පනා කළේ ඉංග්රීසි ඉගෙන ගන්න ඕන, ඉංග්රීසියෙන් බණ කියන්න ඉගෙන ගන්න ඕන කියලා මගේ අධිෂ්ඨානය බවට පත්වුණේ එහෙම ඉංග්රීසි ඉගෙන ගෙන ලෝකේ රටවල්වලට වැඩම කරලා බණ කියලා ඒ අයගේ ජීවිත සුවපත් කරනවා කියලා. ඒ වගේම එයින් ලැබෙන දහම් පඬුරු ටික මම එකතුපහදු කරලා මගේ ගමේ අහිංසක දරුවන්ට මම ආපු තැනට එන්න පාර කපනවා කියලා. මට අද ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.
නා හිමිවරුන් අතින් බහුකාර්ය ගොඩනැගිල්ලේ සමරු පාලකය නිරාවරණය වූ අවස්ථාව
මිනිස්සු හිතාගත්තොත්, අධිෂ්ඨාන කර ගත්තොත්, වීරිය වැඩුවොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උන්වහන්සේ බුදුවෙන්න පෙරුම් පිරුවා වීරියවන්ත වුණා. ඒ වගේම අපටත් ඒ මඟ කියා දුන්නා. ඒ නිසා මමත් කල්පනා කළේ, මම දුක් වින්දා, අලින් එක්ක පොරබැදුවා, බොහොම අමාරුවෙන් මගේ දායකයන් දීපු දන් වළඳලා ලැබුණු මුදලින් ඉගෙනගෙන මාව පෝෂණය කරපු, මට උගන්නන්න උත්සාහ කරපු, මට වතුර ටික නාගන්න පහසුකම් දුන්නු, මට සිවුරු පිරිකර පූජා කරපු මේ අහිංසක ගොවි අම්මලා තාත්තලාට කළගුණ සළකන්න. දරුවන්ට හරියට ඉගෙන ගන්න හැකියාවක් නැති දෙමව්පියන්ට කළගුණ සැලකීමක් වශයෙන් තමයි මම මේ සියලු දේවල් කරන්නේ.
මේ බහු කාර්ය ගොඩනැගිල්ල කොම්පියුටර් අධ්යාපනය, ඉංග්රීසි අධ්යාපනය, සිංහල අධ්යාපනය, දමිළ අධ්යාපනය වගේම ස්වයං රැකියා පුහුණු කිරීම් පොතපත කියවීමට අවස්ථාව සියල්ල මගේ ගමේ දරුවන්ට නොමිලේ ලබාදෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. කිසිදු මිල මුදලක් නැතුව මේ දරුවන් යහමගට ගන්න රටේ හොඳ පුරවැසියන් කරන්න හොඳ උගත් බෞද්ධ දරුවන් පිරිසක් රටට දායාද කරන්න තමයි මම උත්සහ කරන්නේ.
මේ දරුවන් හොඳ අධ්යාපනයෙන් හෙබි දරුවන් බවට පත්වුණොත් ඒ අයත් තමන්ගේ ගමට රටට වැඩදායී යමක් කරාවි. එදාටත් මේ විදිහටම මම සතුටු වෙනවා. අද මගෙන් බණ අහපු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව ලංකාවට ඇවිල්ලා මගේ දුප්පත් ගමට ආපු එක ගැන මම ගොඩක් සතුටුවෙනවා. මොකද ඒ අය ධර්මය පිළිබඳව ඉගෙනගත්තා අවබෝධ කරගත්තා. මම ආරාධනා කළා මගේ මේ උත්සාහය ඒ අයගේත් දෑසින් දැක බලාගන්න එන්න කියලා. උගත් දරු පරපුරට උදව්පදව් කරන්න මෙවැනි දේ සිදු කරන්න කියලා ඒ අය මේවා ඇස්වලින් දැකලා සතුටුවෙනවා. ලෝකයේ ඒ ජනතාව වෙනස් කරන්න ගමේ හිටපු මට පුළුවන් වුණා. ඒක මම නිහතමානීව සතුටුවෙන කරුණක්. මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.”
සටහන : දඹුල්ල -
කාංචන කුමාර ආරියදාස

: "අත්‍යවශ්‍යම නම් පමණක් පර්යේෂණවලට සතුන් යොදා ගනන.- 
එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

"වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය.

"පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි."
ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි.

"ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය
සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි "සැබෑ වීරවරියන්" පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය.

"එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය," යනුවෙන් ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

Dr Thoradeniya conducting a workshop
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ.

ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ.

"මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා."

'සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ'
වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ දී හැකි උපරිම ලෙසින් එම සතුන් රැක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය.

"මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

"මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ."

ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම් වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරයි.

Dr Thoradeniya at Colombo university
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
2px presentational grey line
වන සතුන්ට ආශීර්වාදයක් විය හැකි කොරෝනාවෛරසය
පුදබිමක 'ඉකි බිඳින' මියන් කුමාර
යදම් බර වැඩිද පා බැඳි ඇතින්නියේ ?
2px presentational grey line
'ඒක සුභසාධනය' සංකල්පය
පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම වෙනුවට අත්හදා බැලූ විකල්ප තිබෙන බව පෙන්වාදෙන ජගත් සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය, විශේෂයෙන්ම මිනිස් සෛල/පටක, පරිගණක ආකෘති (in silico models), පටක කෘත්‍රිමව නිපදවා පර්යේෂණවලට යොදාගැනීම සහ පර්යේෂණවලට ස්වේච්ඡාවෙන් දායක වන මිනිසුන් එවැනි ක්‍රමවේද බව පෙන්වා දෙන්නීය.

එසේ පුහුණු කිරීම් කරන අතරවාරයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලාවට 'ඒක සුභසාධනය' (one welfare) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නාය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, "සතුන්ගේ සුබ සාධනය පැත්තෙන් හිතලා, ඇය මෙම ප්‍රගතිශීලී සංකල්පය හඳුන්වා දීම ගැන අපි ආඩම්බර වෙනවා," යනුවෙන් සඳහන් කරන්නීය.

Skip YouTube post, 1

වීඩියෝ ශීර්ෂ වැකිය,අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය
End of YouTube post, 1
මේ අතර සම්මානලාභී පශු වෛද්‍යවරිය පවසන්නේ, වෛද්‍ය සිසු, සිසුවියන්ගේ උද්යෝගිමත් දායකත්වය සිය වැඩපිළිවෙල සඳහා මහඟු රුකුලක් බවය.

පියුමි කඳනආරච්චි, ආචාර්ය තෝරදෙණිය යටතේ පුහුණුව ලබන කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි.

"වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි මිනිස්සුන් ගැන මිසක් සත්තු ගැන හිතන්නේ නෑනේ. ඉතින් මැඩම් තමයි අපිට උගන්නන ගමන් පර්යේෂණවලට ගන්න සත්තු පුනරුත්ථාපනය කරන්න ඕන කියන දේත් කියල දුන්නේ," පියුමි කඳනආරච්චි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"ඇත්තටම මැඩම්ට ඕන වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනවට වඩා අපේ පර්යේෂණ අතරේම සතුන්ගේ සුභසාධනය ගැනත් හිතන්න අපිට පුරුදු කරන්න."

"මොකද සත්ත්ව හිමිකම් කීවම බොහෝ දෙනා හිතන්නේ නිවාසවල ඉන්න බල්ලෝ, බළල්ලු වගේ සත්තු ගැන නේ, පර්යේෂණවලට ගන්න සත්තු ගැන හිතන්නේ නෑනේ. මීයෝ, හාවෝ වගේ සත්තු ගැන හිතන්නේ නෑනේ. නමුත් පිටරල්වල එහෙම යොදාගන්න සත්තු රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට පවා යොදාගන්න අවස්ථා තියෙනවා. මැඩම් ඒක තමා අපිට කියල දුන්නේ."

පර්යේෂණ පිණිස යොදා ගන්නා සතුන් ඇතැම් රටවල ඉන් අනතුරුව සුරතල් සතුන් ලෙසින් ඇති දැඩි කිරීම පිණිස නිවාසවලට භාරදෙන අවස්ථා ද තිබෙන බවත් පියුමි කඳනආරච්චි සඳහන් කළාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ බලු සුරතලෙක්
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
ඡායාරූප ශීර්ෂ වැකිය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ සුනඛ සුරතලෙක්

සංස්කෘතික ලක්ෂණ
ඒ අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ආසියානු කලාපීය සමාජවලට ආවේණික වූ ගති ලක්ෂණයක් ගැන ද සම්මානලාභී පශු වෛද්‍යවරිය සිහිපත් කරයි.

විශේෂයෙන්ම සත්ත්ව හිංසාවට එරෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සමාජයන්ට සත්ව සුබ සාධනය පහදාදීම පහසු බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය තරංගා තෝරදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපි ඉගෙනගන්න කාලේ අපිට මේක එතරම් දැනුණේ නෑ මොකද පර්යේෂණය ගැන හා ඉගෙන ගන්න එක ගැන නේ වැඩි අවධානය යන්නේ," යනුවෙනි.

"නමුත් අපි පෙන්වල දෙනවා නම් අපේ සමාජය මේ කරුණු ගැන ඉතා සංවේදීයි. ඉතින් මම දැක්ක දෙයක් තමා ලංකාවේ අය ගොඩක් අපිට ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාල මේ ගැන තවදුරටත් ඉගෙනගන්න උනන්දුයි."

"උදාහරණයක් විදියට කුඩා දරුවන් තුළ සතුන් ගැන ස්වභාවිකවම සහජ ආදරයක් තියෙනවා. අපි කළ යුත්තේ දරුවන්ට සතුන් එක්ක ගැවසෙන්න තියෙන අවස්ථාව වැඩි කරලා ඒ ආදරය, ඒ රැක බලා ගැනීමේ ආසාව තවත් ප්‍රවර්ධනය කරන එක. මෙය සතුන්ගේ සුභසාධනය සඳහා පමණක් නොව මිනිසුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ද ඉතා වැදගත් වෙනවා."

සත්ත්ව සුභසාධනය සහ ආචාර ධර්ම පිළිබඳ සංසදයක් (forum) නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික පර්යේෂකයන් සහ විද්වතුන්ට සම්පත් හා දැනුම බෙදාහදා ගැනීම සඳහා මේ හරහා එකම වේදිකාවක එක්විය හැකි බවත් ඇය පවසන්නීය. මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා තමන් සමග අත්වැල්බැඳගන්නා මෙන් සමාන අදහස් ඇති අයට ආරාධනා කරන බවත් ආචාර්ය තෝරදෙණිය පවසන්නීය.

සත්ත්ව සුභසාධනය පිළිබඳ පිළිගැනීමට ලක්වූ ඉන්දියාවේ ආචාර්ය විජේ පාල් සිං සමඟ එක්ව ආචාර්ය තෝරදෙණිය නිර්මාණය කළ පදනම හරහා පර්යේෂණ සතුන්ගේ සුභසාධනය පිළිබඳ මෙම සංකල්පය තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම් මාර්ගයෙන් ආසියාවේ වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට ඇය අදිටන් කරගෙන සිටින්නීය.

"මම ඇත්තෙන්ම කැමතියි සතුන් යොදා නොගන්නා පර්යේෂණ සංස්කෘතියක් දකින්න," ආචාර්ය තරංගා තෝරදෙණිය මා සමඟ කියා සිටියාය.

"එවැනි කාලයක් වන තෙක් මගේ රටේ හා ආසියානු කලාපයේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාර සතුන්ගේ සුභසාධන හා සම්බන්ධ ගැටලු උද්‍යෝගිමත්ව හා විවෘතව විසඳනව දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය සංවාදය නිමා කළේ එලෙසිනි.

සරෝජ් පතිරණ විසින් BBC සිංහල සේවයට වාර්තාකළ ලිපියක් ඇසුරෙනි.

 

Page 1 of 2