Tuesday, 29 September 2020
මහපොළවේ හෙට දවස

මහපොළවේ හෙට දවස

සම­තු­ලි­තාව සහ සහ­ජී­ව­නය සොබා දහමේ ඇති අපූරු සංසි­ද්ධි­යකි. ගොවි­තැන යනු මෙම පාරි­ස­රික නිය­තීන් අපූ­රු­වට ගළපා ගනි­මින් සිදු කළ යුතු කර්මා­න්ත­යකි. ගොවි­තැන් කට­යු­තු­ව­ලදී ගොවින් මුහුණ දෙන විවිධ පළි­බෝධ හානි ජය ගැනී­මට සොබා දහ­මෙන්ම ලබා දී තිබෙන අසි­රි­මත් ප්‍රති­කාර සොබා­ද­හමේ තුලි­ත­තා­ව පෙන්වන හොඳම සාධ­කයි. ගොවි­තැන ජය ගැනී­මට රසා­ය­නික තෙල් පොහො­රම වුව­මනා යැයි පව­තින මතය පුස්සක් බවට පත් කරන මේ ප්‍රති­කා­ර­වල ශක්තිය බොහෝ දෙනෙක් නොදනිති. කෘමි­නා­ශක වෙනු­වට සොබා දමේ අපූරු නිපැ­යුම් වන ගහ­කොළ පැළෑ­ටි­වල පස් පංගු­වෙන් සකසා ගන්නා ප්‍රති­කා­ර­ව­ලින් මෙම පළි­බෝධ හානි මැඬී­මට ඇති හැකි­යාව ඔබ­ටත් අත්හදා බැලිය හැකියි.

පළි­බෝධ හානි මැඬ­ලීම සඳහා ශාක සාර­යෙන් සකසා ගත හැකි පළි­බෝධ නාශක පරි­ස­ර­යට හිත­කර මෙන්ම ගොවි­යාට මුදල් ද ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අස්වැන්න ආහා­ර­යට ගැනී­මෙන් නිද­න්ගත රෝගා බාධ ව්‍යාප්තිය අවම කිරි­මට සාර්ථක පිළි­ය­මක් ද වෙයි. සෞභා­ග්‍යයේ දැක්ම රජයේ ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියාත්මක කර ඇති ගොවි ප්‍රජාව කාබ­නික කෘෂි­ක­ර්මා­න්ත­යට නැඹුරු කිරිමේ එක් උත්සා­හ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඇහැ­ටු­වැව විදාතා සම්පත් මධ්‍ය­ස්ථා­නයේ විද්‍යා හා තාක්ෂණ නිල­ධාරි හේමන්ත වන්නි­නා­යක මහ­තාගේ සංවි­ධා­න­යෙන් ආණ­ම­ඩුව කොට­වෙ­හෙර විදාතා සම්පත් නිල­ධාරි එන්.පී.පී සුනෙත් මහ­තාගේ සම්පත් දාය­ක­ත්ව­යෙන් පැවති වැඩ­මු­ළු­ව­කින් ගොවි ප්‍රජ­වට දුන් මේ දැනුම ඔබ­ටත් ඔබේ ගෙව­ත්තට වගා බිමට රැගෙන යන්න පුළු­වන්.

පණු හානි­යට

කොහොඹ කොළ හා කරඳ කොළ අමු ගොම දියර සමඟ මිශ්‍ර කර දින 14ක් පල් කර තබා ඉසින්න.

කෘමි හානි­යට

• සුදු ලූනු ග්රෑම් 100ක් සහ සබන් ග්රෑම් 10ක් සිහින්ව අඹරා ජලය ලීටර් ½ක ට මිශ්‍ර කර පැය 24ක් තබා එම මිශ්‍ර­ණ­යට ජලය ලීටර් ½ක් නැවත එකතු කර වගා­වට ඉසීම යෝග්‍ය­යයි.

• සුදු­ ලූනු ග්රෑම් 50ක් සිහින්ව අඹරා වතුර ලීටර් 1කට මිශ්‍ර කර ඉසින්න

කුඩි­ත්තන්ට සහ කොළ හකු­ළන දළ­ඹු­වන්ට

සුදු ­ලූනු ග්රෑම් 100ක් අඹරා භූමි­තෙල් තේ හැදි දෙක­කට කල­වම් කර ජලය ලීටර් 1ක් හා සබන් ග්රෑම් 50කට මිශ්‍ර කර පැය 24ක් තබා පෙරන්න. ඉන් පසු හතර ගුණ­යක් තනුක කර ඕනෑම වගා­ව­කට ඉසිය හැකිය.

කූඹීන්, වේයන් සහ නයි කූඹීන්ට

අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටර් 1කට දිය කර පෙරා ගත් දිය­රය ඉසින්න.

කුඩි­ත්තන්, පැළ කීඩෑ­වන්, සුදු මැස්සන්ට

වතුර ලීටර් 2කට අනෝදා කොළ ග්රෑම් 500ක් එක් කර ළිපක තබා රත් කරන්න. ඉන් පසු ජලය ලිටර් ½ක් දක්වා හිඳෙන්න හරින්න. පසුව පෙරා එයට ජලය ලීටර් 2ක් දමා මිශ්‍ර කර වගා­වට ඉසින්න.

ඉල් මැස්සන්, කොළ කන දළ­ඹු­වන් සහ ගෙඩි විඳින පණු­වන්ට -

තෝර මුල් ග්රෑම් 50ක් ගෙන සබන් ග්රෑම් 10ක් සමඟ කොටා ගෙන එයට ජලය ලීටර් 1ක් දමා හොඳින් දිය කර ගන්න. ඉන් පසු හානි කර ඇති පත්‍ර­වල උඩ සහ යටට හොඳින් ඉසින්න.

ඉල් මැස්සාට තවත් ප්‍රති­කා­ර­යක්

• කල­වැල් යුෂ ඉතා ස්වල්ප ප්‍රමා­ණ­යක් පැණි හෝ සීනි ද්‍රාව­ණ­ය­කට මිශ්‍ර කර එයින් රෙදි කැබලි පොඟවා පන්ද­ලමේ තැනින් තැන එල්ලන්න.

• අමු ඉඟුරු සහ සුදු ­ලූනු කොටා එම යුෂ මේස හැඳි 5කට ජලය ලීටර් 1ක් මිශ්‍ර කර ඉසින්න.

සොල­නේසි කුලයේ කොළ හැකි­ළෙන රෝග­යට

ගඳ­පාන, ගන්සූ­රියා සහ ඇල්බී­සියා කිලෝ­ග්රෑම් 1 බැගින් ගෙන අමු ගොම කිලෝ­ග­රෑම් 1කට මිශ්‍ර කර ගෝණි­ය­කට දමා කට ගැට ගසා එම ගෝණිය ලොකු බැර­ල­ය­කට දමා ඒ මත ලොකු ගලක් තබා ජලය ලීටර් 20ක් දමා දින 21ක ට පසු එම දිය­ර­යෙන් ලීටර් 1කට ජලය ලීටර් 3ක් මිශ්‍ර කර ඉසින්න.

මයි­ටා­වන්ට සහ පැළ මැක්කන්ට

මැටි භාජ­න­ය­කට ජලය ලීටර් 1ක් දමා හොඳි­න් උණු කර ගන්න. එයට පොඩි කර ගත් රතු ලූනු කිලෝ­ග්රූම් 1ක් දමා රෙදි කඩ­කින් කට ගැට ගසා පැය 24ක් තබා පෙරා ගන්න. පෙරා ගත් දිය­ර­යට ජලය ලීටර් 10කට මිශ්‍ර ­කර ඉසින්න.

අඹ­න්පොළ විශේෂ - සකු­න්තලා ජය­සිංහ

Posted On Wednesday, 16 September 2020 09:36

ඇමරිකානු වානිජ පර්යේෂණ ආයතනයකින් නිකුත් කළ නවතම වාර්තාවක් ලෝක අවධානයට ලක් ව තිබේ. වර්තමානයේ ජුගුප්සාජනක බොහෝ කෘමි සතුන් අනාගතයේ දී රසවත් ආහාර වශයෙන් ගැනේ. වගාවට හානිකරන කෘමීන් සේ සලකා විනාශ කරන්නට රසායනික යොදවන නමුත් ඉතාම නුදුරු කාලයේ එම කෘමීන් බත් පිගානට බොවන්නට නැඹුරු වනු ඇත. එය වැලැක්විය නොහැකිය.

Posted On Friday, 15 February 2019 07:23

2017.09.20 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි. ජීවන මටට්ම හොඳ තැනෙකට පත්වන තෙක් රට තුළ වියදම පාලනය කරගැනීම හා තමන්ට ලැබෙන මුදල කළමණාකරණය ගැන උනන්දුවක් දැක්වීම වැදගත්ය.

Posted On Thursday, 21 September 2017 05:21

දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ.

වී වගා ප්‍රදේශ:
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වී වගා කරනු ලැබේ. වැඩිම වගා බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අඩුම බිම් ප්‍රමාණය නුවර එළිය දිස්ත්‍රික්කයේ ද වේ. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කලාපයේ වැඩි වශයෙන් ජල සම්පාදනයෙන් ද වී වගා කරනු ලැබේ.

Posted On Sunday, 01 January 2017 04:18

අප අනුභව කරන බත්පතේ ඇති සියලූ ම දේවල් යම් ප‍්‍රමාණයකට වසවලින් යුතු බව පැහැදිලි ය. දිනපතා ගන්නා පරිමාව කුඩා වූව ද කලක් තිස්සේ අනුභව කරන විට අප සිරුරට ඔරොත්තු නො දෙන තරමට එ්වා තැන්පත්වන අතර ඉන් අනතුරුව සිදු වන්නේ හඳුනාගත නො හැකි, සුව කළ නො හැකි මට්ටමේ රෝග තත්ත්වයන්ට ඔබ ගොදුරු වීම ය.

Posted On Saturday, 31 December 2016 16:17

රටේ ගොවි රජවරුන්ට ධාර්මික ගොවි සමාජයකට එක්‌වී ලැබෙන ගොවි සහනාධාරයෙන් උපරිම ඵල නෙළාගැනීම සඳහා කෙරෙන විවෘත ආරාධනාවක්‌ තමා මේ යල කන්නයේ ජාතික වැඩසටහනේදී කෙරෙන්නේ. මේ 'යල' කන්නය තමයි අප අපේක්‍ෂා කරන වඩාත් ඉලක්‌කගත පළමු කන්නය වන ඊළඟ

Posted On Saturday, 31 December 2016 16:15

වැසි සමය ඇරඹුණ ද වර්ෂාවකට පසුවත් පරිසරයේ ඇති දැඩි උෂ්ණත්වය පහවී නොයන බව මේ දිනවල බොහෝ දෙනෙකු නඟන චෝදනාවකි. මේ සෑම වසරකම වැඩිම පාරිසරික උෂ්ණත්වය පවතින කාලය වුවත් මෙබඳු තත්ත්වයක්‌ මින් පෙර අත්නොවිඳි බව ද සමහරු කියති. වසර 188 කට පසු

Posted On Saturday, 31 December 2016 16:08

නිරිත දිග මෝසම සහ දෙවැනි අන්තර් මෝසම් සමයේ බලාපොරොත්තු වූ පරිදි දිවයිනට වර්ෂාව නොලැබීමත් ඉදිරියේ දී ඊසාන දිග මෝසම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ලබන වසරේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Thursday, 29 December 2016 15:10

සීඝ්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. එමෙන්ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ  කෘෂිකර්මයයි. මේ අනුව  බෝග අස්වනු ඉහල දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.

Posted On Tuesday, 27 December 2016 08:19