පිරිමින්ටත් යන්න අමාරු Rolls Royce ආයතනයේ රැකියාව කරමින්, සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන ශ්‍රී ලාංකික අපේ කෙල්ල
◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️
• ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරිමේ මධ්‍යස්ථානය ඉදි වුණේ මගේ උපදෙස් අනුවයි.
• ඉදිරියේදී කෘතිම බුද්ධිය සහිත ගුවන් යානයක් නිපදවන්න අපි දැනටමත් වැඩ පටන් අරන්
• මුලදී මගේත් එක්ක වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ
• මේ වෙද්දි මගේ යටතේ විදේශීය රටවල ඉංජිනේරුවන් 100 ක් පමණ වැඩ කරනවා.
ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය ලෙසින්ය. එපමණක් නොව ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන් යානා අලූත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ඇය විසින් ලබාදුන් නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය.
2015 වර්ෂයේදී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන ඇය අභිමානවත් rolls-royce ඉතිහාසය තුළ එම තනතුරට පත් ළාබාලතම තැනැත්තිය මෙන්ම අග්නිදිග ආසියානු කලාපය නියෝජනය කරමින් එම තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ලෙස ද වාර්තාවක් තබා ඇත.
නිපුනි කරුණාරත්න නම් ඇය තවමත් විසි අට හැවිරිදිය. රද්දොළුගම ගනේපොල උපත ලබන ඇය මූලික අධ්‍යාපනය කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්ය. ඉන් අනතුරුව විදෙස් අධ්‍යාපනය පිණිස යොමු වන ඇය එංගලන්තයේ පිහිටි brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර එහි දී ද ඇය විසින් ඉහළ දක්ෂතාවයන් දැක්වීමට සමත්ව ඇත. මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය (artificial intelligent) සහිත ගුවන් යානා එන්ජින් ලෝකයට හඳුන්වාදීමේ ඓතිහාසික මෙහෙවරක නිරතව ඇත.
අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හරහා සුවිශේෂී නිපුණතා රැසක් ප‍්‍රකට කර තිබෙන නිපුනි කරුණාරත්න මේ වනවිට කෙටි නිවාඩුවක් පිණිස මව්බිමට පැමිණ ඇත. මෙම කතාබහ සිදුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. උපන් බිමට අපමණ ඇල්මක් දක්වන නිපුනි සිය කතාබහ ආරම්භ කරන ලද්දේ ඇය මෙරටදී ගතකළ පාසල් සමය සිහිපත් කරමිනි.
‘‘මම ලන්ඩන් O/L විභාගයට පෙනී සිටින තෙක් අධ්‍යාපනය ලැබුවෙ කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන්. සාමාන්‍ය පෙළින් පස්සෙ මම විදේශගත වෙනවා. මගේ තාත්තා ඒ වගේම අයියාත් ඉංජිනේරුවන්. ඒ හින්ද අම්මා මට නිතරම කිව්ව දෙයක් තමයි මම වෛද්‍යවරියක් වෙනව දකින එක තමයි අම්මගේ ලොකුම හීනය කියල. ලංකාවේ ගතකළ මගේ පාසල් ජීවිතය ගත්තොත් අධ්‍යාපන කටයුතුවලට වගේම ක‍්‍රීඩා කටයුතු ආදියටත් මම ලොකු ඇල්මක් දැක්වූවා. පිහිනීම සහ ටෙනිස් කී‍්‍රඩාව ඒ අතරින් විශේෂයි. එතනදි ජාතික මට්ටමේ තරගවලට පවා මට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඕනෑම ක‍්‍රීඩාවක නිරත වෙනවා කියන්නේ කෙනකුට තමන් කෙරෙහි ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන් ක‍්‍රියාකාරකමක්. මම එහෙම කියන්නෙ මගේ අත්දැකීම් එක්ක. මොකද එංගලන්තයේ සුදු ජාතිකයන් එක්ක වැඩ කරද්දි ඒ අය මුලින් මුලින් මගේ යටතේ වැඩ කරන්න කැමැත්තක් දැක්වූවේ නෑ. ඒකට හේතුව තමයි ඒ අය මට වඩා වයසින් වැඩිමහල් වීම. ඒ පිරිස අතර ඩබල් PHD ගත්ත අවුරුදු පනහ,පනස් පහ වයස් කාණ්ඩ වලට අයත් ඉංජිනේරුවන් පවා හිටියා, දැනුත් ඉන්නවා. එහෙම පිරිසකට මම නායකත්වය දෙද්දී විවිධ අභියෝග වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. අන්න එතනදි තමයි ලංකාවෙදී ක‍්‍රීඩාව හරහා මම ගොඩන`ගා ගත්ත ආත්ම විශ්වාසය ඒ වගේම පෞරුෂය මට ලොකු ශක්තියක් බවට පත්වුණේ.
නිපුනි කරුණාරත්න මෙරට ගතකළ පාසල් සමය සිහිපත් කළේ ඒ ආකාරයෙන්ය. ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස එංගලන්තය බලා පිටත්ව යන නිපුනි එහිදී Heriot-Watt විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන අතර ඇය එහිදී දක්වන සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නීය. ඇය විසින් එම සුවිශේෂී වරම හිමිකර ගත් ආකාරය පිළිබඳව මතකය මෙනෙහි කරන ලද්දේ මේ ආකාරයෙන්ය.
‘‘මම වයස අවුරුදු 16 දී brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වරම් හිමිකර ගන්නවා. නමුත් ඒ වගේ අඩු වයසකදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න මම වාසනාවන්ත වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දි ඒ අයට මගේ වයස ප‍්‍රශ්නයක් වෙනව. ඒකට විසඳුමක් ලෙස විශේෂ අවසරයක් අරන් තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්නෙ.මගේ විෂයය බවට පත්වුණේ අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව. පළමුවැනි අවුරුද්දෙ මේ පාඨමාලාව හදාරන්න මා ඇතුළු සිසුන් 280ක් තෝරගන්නවා. ඒ පිරිස අතරින් පළමුවැනි අවුරුද්දෙ දක්ෂතම සිසුවිය බවට පත් වෙන්නෙ මම. දෙවැනි අවුරුද්ද වෙනකොට 280 ක් වූ ශිෂ්‍ය පිරිස 60 දක්වා අඩු වෙනවා. ඒ හැට දෙනා අතරට මා ඇතුළු තවත් ගැහැනු ළමයි දෙතුන් දෙනෙක් හිටියා. ඇත්තටම අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව කියන්නෙ ගොඩක් අමාරු විෂය කාණ්ඩයක්. ගැහැනු ළමයෙක් ඒ වගේ විෂයයක් තෝරා ගන්නව කියන්නේ අභියෝගයක්. මටත් ඒ අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම වෙලාවකම මගේ අම්ම ලංකාවෙ ඉඳගෙන බෝධි පූජා පැවැත්වූවා. දෙවියන්ට බුදුන්ට බාරහාර වුණා. ඒ දේවල් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා කියල මම විශ්වාස කරනවා. ඔහොම අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි දෙවැනි අවුරුද්දෙත් අපේ කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් දක්ෂතම සිසුවිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබුණා. තුන්වැනි අවුරුද්දෙ මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනව. ඒ වර්ෂ කීපය ඇතුළේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් එකම සිසුවිය බවට පත්වෙලයි. ඒ වෙද්දි මම රැකියාවක් ගැන හිතල තිබුණෙ. එතැනදී මගේ ලොකු ආශාවක් තිබුණා නාසා ආයතනයට හෝ rolls royce සමාගමට එකතුවෙලා රැකියාවක් කරන්න. මොකද මගේ උපාධියට අනුව ඒ වගේම මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් තෝරගන්නව නම් ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ඉහත සඳහන් ආයතන දෙක ආශ‍්‍රිත රැකියා අවස්ථා සඳහා තමයි වැඩි ඉඩකඩක් පැවතුණේ. එතනදි මට අවස්ථාව ලැබෙනව මෝටර් රථ වලට වගේම ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය පිණිස ලෝක පූජිත නමක් වන rolls-royce සමාගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න’’.
ඒ අනුව 2015 වර්ෂයේ දී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක්වන නිපුනි කරුණාරත්න වසර දෙකක් යනතුරු එහි නිෂ්පාදන ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන්නේය. එම කාලය ඇතුළත ඇය විසින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් rolls royce ඉහළ කළමනාකාරීත්වය විසින් වසර දෙකක් ගතවීමත් සමග ඇය වෙත තවත් වගකීමක් පවරා ඇත. අපගේ කතාබහ අතරතුර ඒ පිළිබඳව ද යමක් පැවසීමට ඇය විසින් අමතක නොකළාය.
‘මම rolls royce සමාගමට එක්වුන අවුරුද්දෙ ඉංජිනේරු අංශයේ පුරප්පාඩු හැටක් තිබුණා. ඊට අමතරව අනිකුත් අංශ එක්ක ගත්තොත් රැකියා අවස්ථා 120ක විතර පුරප්පාඩු පැවතුනා. සුදුසුකම් වලට අනුව තමයි බඳවා ගත්තේ. ඒ සඳහා ලෝකයේ ඕනෑම රටක කෙනකුට ඉල්ලූම් කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ අවුරුද්දේ රැකියා පුරප්පාඩු 120 සඳහා අයැදුම්පත් ලක්ෂ තුනක් පමණ ලැබිල තියෙනවා. මුළු ලෝකයටම විවෘත හින්ද තමයි ඒ වගේ විශාල අයැදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වෙන්නෙ. මම ඒ සඳහා ඉල්ලූම් කරන්නේ ඉංජිනේරු අංශයෙන්. අපේ සමාගමට අලූත් සාමාජිකයන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් වගේම අයදුම්කරුවන්ගේ පෞරුෂය පිළිබඳවත් ලොකු සැලකිල්ලක් දක්වනවා. ඔය කියන අංශ දෙකෙන්ම ඉදිරියෙන් ඉන්න පුළුවන් නම් විතරයි සමාගමට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒ සඳහා අයැදුම් කරනව කියල එංගලන්තෙ ඉන්න මගෙ යාළුවො දැනගත්ත වෙලාවෙ ඒ අය මට හිනාවුණා. ඉංජිනේරු වෘත්තියේ නිරත වෙලා ඉන්න පිරිමි අයට වත් යන්න අමාරු කොම්පැනියකට ඔයාට යන්න පුළුවන්ද කියල ඒ අය මගෙන් ඇහුව. නමුත් සම්මුඛ පරීක්ෂණ කීපයකට පස්සෙ අභ්‍යවකාශ ඉංජිනේරු වරියක් ලෙස මාව තෝරා ගන්නවා. ජොබ් එක භාර අරගෙන වසර දෙකක් යද්දී මට තවත් වගකීමක් භාර දෙනවා. ඒ තමයි rolls-royce සමාගම විසින් ගෝලීය වශයෙන් ඉදිකරන ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන පිණිස උපදෙස් හා යාන්ත‍්‍රික සැලසුම්කරණ අංශය භාරව නායකත්වය සැපයීම. ඒක ලොකු වගකීමක්.ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වන ඇමරිකාවේ ඇට්ලන්ටා Delta Tech සෙන්ටර් එක හදන්න නායකත්වය දුන්නේ මම. ඒ වගේම තවත් රටවල් බොහොමයක ඒ කටයුත්තේදී මූලික මැදිහත්වීමක් කරන්න මට සිද්ධ වෙනවා. ඔය කටයුතු ඔහොම සිද්ධවෙන අතරෙ තමයි ලෝකයේ ප‍්‍රධාන පෙළේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කරන්නේ කෘතිම බුද්ධිය (atificial intelligence) සහිත ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය කළ යුතුයි කියලා. එතනදී rolls-royce සමාගම විසින් ඒ වගකීමත් මා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමකට පවරනවා. ඉදිරියේදී අපේ අරමුණ බවට පත්වෙන්නේ එවැනි ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීමයි. ඒ ක‍්‍රියාවලිය සරලව පැහැදිලි කළොත් එතැනදි සිද්ධ වෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු යම්කිසි ගුවන්යානයක් ගුවනේ දී යම් කාර්මික දෝෂයකට ලක් වෙනව කියල. අන්න ඒ වගේ වෙලාවකදී ඒ කාර්මික දෝෂය මොකක්ද, එය හටගත්තේ ගුවන් යානයේ කුමන කොටසේද, එම කාර්මික දෝෂය හටගත් ගුවන්යානයට තව කොපමණ වෙලාවක් ගුවනේ රැඳී සිටින්න පුුළුවන්ද, එහෙම නැත්නම් ඊළගට ගතයුතු පියවර මොකක්ද.. ඔය ආදී වශයෙන් තීරණ ගන්න පුළුවන් ගුවන් යානා එන්ජිමක් නිෂ්පාදනය කිරීම තමයි මා ඇතුළු අපේ කණ්ඩායමේ ඊළඟ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. තවම එහෙම දෙයක් ලෝකයේ කිසිම රටක් සිද්ධ කරල නැහැ. මම විශ්වාස කරනව. තව වර්ෂය කීපයක් ඇතුළත අපිට ඒ කටයුත්ත සාර්ථකව නිම කරන්න පුළුවන් කියලා. ඒ සඳහා මගේ නායකත්වය යටතේ ලෝකයේ විවිධ රටවල ඉංජිනේරුවන් 90 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දැනටමත් එංගලන්තෙ සිට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරමින් ඉන්නවා...”
නිපුනි කරුණාරත්න විද්‍යාව හා තාක්ෂණික අංශයෙන් ලොව ඉහළම රටක් වන එංගලන්තයේදී දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙන් විවිධ අංශයන්හි දක්ෂතා දක්වන වෘත්තිකයන් අගයනු වස් පසුගිය දිනක එරට සංවිධානය කරන ඉහළම සම්මාන ප‍්‍රදානයක් පිණිස නිර්දේශිත නාමයන් අතරට එක් වී ඇත. එහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන ලද වෘත්තිකයන් දස දෙනකු උදෙසා සම්මාන පිරිනමන අතර නිපුනි කරුණාරත්න එම නිර්දේශිත නාමයන් අතරට එක්වන්නේ විද්‍යා හා තාක්ෂණික අංශය නියෝජනය කරමින්ය. දැනට දින කිහිපයකට ඉහත එම සම්මාන උළෙල පවත්වා තිබෙන අතර එහිදී ශ‍්‍රී ලාංකික ජාතිය ලොවක් හමුවේ උත්කෘෂ්ටත්වයට නංවමින් විද්‍යා හා තාක්ෂණික අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් වී ඇත. එම අසිරිමත් අවස්ථාව වනවිට කෙටි නිවාඩුවක් පිණිස ඇය මෙරටට පැමිණ සිටි බැවින් ඉදිරි දිනෙක එම සම්මානය ඇයගේ දෝතට පිරි නැමීමට නියමිතය. තමන් සතු දැනුම සිය රාජකාරී ආයතනය වන rolls royce සමාගමේ දියුණුව පිණිස පමණක් නොව සමස්ත ලෝකයේම යහපත පිණිස යෙදවීමේ අපේක්ෂාවෙන් මේ වන විටත් නිපුනි කරුණාරත්න විසින් තමන්ටම අයත් පෞද්ගලික සමාගමක් ද එංගලන්තයේ පිහිටුවා ඇත. නව සොයාගැනීම් සහ පර්යේෂණ පිණිස පිහිටුවා ඇති එම සමාගම මගින් මේ වනවිට සාර්ථක ව්‍යාපෘති හතරක් පමණ ක‍්‍රියාත්මක කොට තිබෙන අතර ඉන් එක් ව්‍යාපෘතියක් එංගලන්ත රජයේ ව්‍යාපෘතියක් වීම එහි ඇති තවත් විශේෂත්වයකි. ඒ සඳහා මූල්‍යාධාර සපයනු ලබන්නේ එංගලන්ත රජය විසින්ය.
නිපුනිගේ ඉදිරි අපේක්ෂාවක් බවට පත්ව ඇත්තේ උපන් රට පිණිස තමන් සතු දැනුම ප‍්‍රදානය කිරීමය. එහි ආරම්භක පියවරක් ලෙස ඉදිරියේ දී තම සමාගමට අයත් ශාඛාවක් මෙරට ස්ථාපිත කොට ඉංජිනේරු උපාධිය ලත් මෙරට තරුණ තරුණියන් හට ගෝලීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීම ඇගේ අපේක්ෂාව බවට පත්ව ඇත. ඒ හරහා මෙරට තුළ ජාත්‍යන්තර ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම ද ඇය අපේක්ෂාවෙන් පසුවන්නීය.
අපගේ කතාබහ නිමා කිරීමට මත්තෙන් ඇය නැවත වතාවක් සඳහන් කර සිටියේ ශ‍්‍රී ලාංකික තරුණියක් ලෙස ඇය පැමිණි ගමන්ම`ග පිළිබඳව තමාට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවත් ලොව කොතැනක ගිය ද එහිදී ලාංකික නාමය ඉහළට ඔසවා තැබීම තම අපේක්ෂාව වන බවත්ය. මෙරට තරුණ ප‍්‍රජාවට, විශේෂයෙන්ම තරුණියන්ට පරමාදර්ශයක් බවට පත්කර ගතහැකි නිපුනි කරුණාරත්න ඉදිරි කාල වකවානුව තුළ අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ තව තවත් ඉදිරියට යනු දැකීම මේ වනවිට ශී‍්‍ර ලාංකික බොහෝ දෙනකුගේ අපේක්ෂාව බවට පත්ව ඇත.
උපුටාගැනීම
- දිවයින රුවන් ජයවර්ධන -
ප්රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.
1997 ශ්රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.
ටයිකොන්ඩෝ ක්රීඩිකාවක් ලෙද ජාතික ජාත්යන්තර ජයග්රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.
: "අත්‍යවශ්‍යම නම් පමණක් පර්යේෂණවලට සතුන් යොදා ගනන.-
එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.
"වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය.
"පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි."
ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි.
"ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.
පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය
සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි "සැබෑ වීරවරියන්" පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය.
"එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය," යනුවෙන් ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
Dr Thoradeniya conducting a workshop
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ.
ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ.
"මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා."
'සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ'
වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ දී හැකි උපරිම ලෙසින් එම සතුන් රැක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය.
"මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.
"මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ."
ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම් වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරයි.
Dr Thoradeniya at Colombo university
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
2px presentational grey line
වන සතුන්ට ආශීර්වාදයක් විය හැකි කොරෝනාවෛරසය
පුදබිමක 'ඉකි බිඳින' මියන් කුමාර
යදම් බර වැඩිද පා බැඳි ඇතින්නියේ ?
2px presentational grey line
'ඒක සුභසාධනය' සංකල්පය
පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම වෙනුවට අත්හදා බැලූ විකල්ප තිබෙන බව පෙන්වාදෙන ජගත් සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය, විශේෂයෙන්ම මිනිස් සෛල/පටක, පරිගණක ආකෘති (in silico models), පටක කෘත්‍රිමව නිපදවා පර්යේෂණවලට යොදාගැනීම සහ පර්යේෂණවලට ස්වේච්ඡාවෙන් දායක වන මිනිසුන් එවැනි ක්‍රමවේද බව පෙන්වා දෙන්නීය.
එසේ පුහුණු කිරීම් කරන අතරවාරයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලාවට 'ඒක සුභසාධනය' (one welfare) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නාය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, "සතුන්ගේ සුබ සාධනය පැත්තෙන් හිතලා, ඇය මෙම ප්‍රගතිශීලී සංකල්පය හඳුන්වා දීම ගැන අපි ආඩම්බර වෙනවා," යනුවෙන් සඳහන් කරන්නීය.
Skip YouTube post, 1
වීඩියෝ ශීර්ෂ වැකිය,අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය
End of YouTube post, 1
මේ අතර සම්මානලාභී පශු වෛද්‍යවරිය පවසන්නේ, වෛද්‍ය සිසු, සිසුවියන්ගේ උද්යෝගිමත් දායකත්වය සිය වැඩපිළිවෙල සඳහා මහඟු රුකුලක් බවය.
පියුමි කඳනආරච්චි, ආචාර්ය තෝරදෙණිය යටතේ පුහුණුව ලබන කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි.
"වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි මිනිස්සුන් ගැන මිසක් සත්තු ගැන හිතන්නේ නෑනේ. ඉතින් මැඩම් තමයි අපිට උගන්නන ගමන් පර්යේෂණවලට ගන්න සත්තු පුනරුත්ථාපනය කරන්න ඕන කියන දේත් කියල දුන්නේ," පියුමි කඳනආරච්චි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.
"ඇත්තටම මැඩම්ට ඕන වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනවට වඩා අපේ පර්යේෂණ අතරේම සතුන්ගේ සුභසාධනය ගැනත් හිතන්න අපිට පුරුදු කරන්න."
"මොකද සත්ත්ව හිමිකම් කීවම බොහෝ දෙනා හිතන්නේ නිවාසවල ඉන්න බල්ලෝ, බළල්ලු වගේ සත්තු ගැන නේ, පර්යේෂණවලට ගන්න සත්තු ගැන හිතන්නේ නෑනේ. මීයෝ, හාවෝ වගේ සත්තු ගැන හිතන්නේ නෑනේ. නමුත් පිටරල්වල එහෙම යොදාගන්න සත්තු රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට පවා යොදාගන්න අවස්ථා තියෙනවා. මැඩම් ඒක තමා අපිට කියල දුන්නේ."
පර්යේෂණ පිණිස යොදා ගන්නා සතුන් ඇතැම් රටවල ඉන් අනතුරුව සුරතල් සතුන් ලෙසින් ඇති දැඩි කිරීම පිණිස නිවාසවලට භාරදෙන අවස්ථා ද තිබෙන බවත් පියුමි කඳනආරච්චි සඳහන් කළාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ බලු සුරතලෙක්
ඡායාරූප මූලාශ්‍රය,CEVA/YOUTUBE
ඡායාරූප ශීර්ෂ වැකිය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ සුනඛ සුරතලෙක්
සංස්කෘතික ලක්ෂණ
ඒ අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ආසියානු කලාපීය සමාජවලට ආවේණික වූ ගති ලක්ෂණයක් ගැන ද සම්මානලාභී පශු වෛද්‍යවරිය සිහිපත් කරයි.
විශේෂයෙන්ම සත්ත්ව හිංසාවට එරෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සමාජයන්ට සත්ව සුබ සාධනය පහදාදීම පහසු බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය තරංගා තෝරදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපි ඉගෙනගන්න කාලේ අපිට මේක එතරම් දැනුණේ නෑ මොකද පර්යේෂණය ගැන හා ඉගෙන ගන්න එක ගැන නේ වැඩි අවධානය යන්නේ," යනුවෙනි.
"නමුත් අපි පෙන්වල දෙනවා නම් අපේ සමාජය මේ කරුණු ගැන ඉතා සංවේදීයි. ඉතින් මම දැක්ක දෙයක් තමා ලංකාවේ අය ගොඩක් අපිට ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාල මේ ගැන තවදුරටත් ඉගෙනගන්න උනන්දුයි."
"උදාහරණයක් විදියට කුඩා දරුවන් තුළ සතුන් ගැන ස්වභාවිකවම සහජ ආදරයක් තියෙනවා. අපි කළ යුත්තේ දරුවන්ට සතුන් එක්ක ගැවසෙන්න තියෙන අවස්ථාව වැඩි කරලා ඒ ආදරය, ඒ රැක බලා ගැනීමේ ආසාව තවත් ප්‍රවර්ධනය කරන එක. මෙය සතුන්ගේ සුභසාධනය සඳහා පමණක් නොව මිනිසුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ද ඉතා වැදගත් වෙනවා."
සත්ත්ව සුභසාධනය සහ ආචාර ධර්ම පිළිබඳ සංසදයක් (forum) නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික පර්යේෂකයන් සහ විද්වතුන්ට සම්පත් හා දැනුම බෙදාහදා ගැනීම සඳහා මේ හරහා එකම වේදිකාවක එක්විය හැකි බවත් ඇය පවසන්නීය. මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා තමන් සමග අත්වැල්බැඳගන්නා මෙන් සමාන අදහස් ඇති අයට ආරාධනා කරන බවත් ආචාර්ය තෝරදෙණිය පවසන්නීය.
සත්ත්ව සුභසාධනය පිළිබඳ පිළිගැනීමට ලක්වූ ඉන්දියාවේ ආචාර්ය විජේ පාල් සිං සමඟ එක්ව ආචාර්ය තෝරදෙණිය නිර්මාණය කළ පදනම හරහා පර්යේෂණ සතුන්ගේ සුභසාධනය පිළිබඳ මෙම සංකල්පය තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම් මාර්ගයෙන් ආසියාවේ වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට ඇය අදිටන් කරගෙන සිටින්නීය.
"මම ඇත්තෙන්ම කැමතියි සතුන් යොදා නොගන්නා පර්යේෂණ සංස්කෘතියක් දකින්න," ආචාර්ය තරංගා තෝරදෙණිය මා සමඟ කියා සිටියාය.
"එවැනි කාලයක් වන තෙක් මගේ රටේ හා ආසියානු කලාපයේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාර සතුන්ගේ සුභසාධන හා සම්බන්ධ ගැටලු උද්‍යෝගිමත්ව හා විවෘතව විසඳනව දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය සංවාදය නිමා කළේ එලෙසිනි.
සරෝජ් පතිරණ විසින් BBC සිංහල සේවයට වාර්තාකළ ලිපියක් ඇසුරෙනි.
“මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක මිනිහෙක් කියලා කිව්වා. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා. එහෙත් මට ඕන වුණේ කාටවත් අත දිගඇරලා අල්ලන්න බැරි තරම් දුරක් යන්න. මම හිතනවා අද මම මගේ ගමන ඇවිත් කියලා.” මෙහෙම කියන්නේ ජැක් මා නමැති චීනයේ ලොකුම පොහොසතාය.
2019 වර්ෂයේ මාර්තු මාසය අවසන්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 39.9ක වත්කමකට හිමිකම් කියන ජැක් ලොව සාර්ථකම මිනිසුන් අතර ප්‍රමුඛයෙකි. චීනයේ පොහොසත්ම මිනිසා වන ජැක් මා චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරියකු වීම ද විශේෂත්වයකි.
ජැක් මා යුං යනු චීනයේ අන්තර්ජාලයේ මහා දැවැන්තයාය. එක් දිනක් හෝ අන්තර්ජාලයේ සැරිසරා ඇත්නම්, අන්තර්ජාලයේ මොනයම් හෝ දෙයක් ඔබ සොයා ඇත්නම් ජැක් මා විසින් නිර්මාණය කළ අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යාපාරය වූ අලිබබා සමාගමේ නාමය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇතුවාට සැකයක් නැහැ.
අලිබබා Alibaba යනු අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සකස් කරන ලද සමාගමකි. ලෝකය පුරාම ප්‍රසිද්ධ මේ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන්නේ ජැක් මා යුං ය. ජැක් මා අද ලෝකයේ සිටින විශාලතම ධනවතෙක්. නමුත් ඔහුගේ ජීවිතය ආරම්භයේදී සුන්දර යහනාවක් බවට පත්ව නොතිබීම විශේෂත්වයක්. තමන් ජීවත් වූ සමාජයම තමන් ප්‍රතික්ෂේප කරද්දී ජැක් මා තම උත්සාහයෙන් ලෝකයටම අත්‍යාවශ්‍ය පුද්ගලයකු බවට පත්වූ ආකාරය අපූරුයි. ඔහු මේ වනවිට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව අවසන්.
1964 සැප්තැම්බර් 10 වැනි දින චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ සාමාන්‍ය පවුලක උපත ලබන ඔහුගේ මුල් නම වන්නේ මා යුං ඒ.කේ.ඒ. යන්නයි. කැතී ෂෑං යිං සමඟ විවාහ වී සිටින ඔහුට දරුවන් තිදෙනෙකි. පවුලේ වැඩිමලා වූ මා හට සහෝදරියන් දෙදෙනෙකි. ඔහුගේ මවත් පියාත් සම්ප්‍රදායික සංගීතඥයන්. මේ නිසාම කුඩා කල සිටම ඔහුට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ විශාල ආර්ථික දුෂ්කරතාවකට.
අධ්‍යාපනය සඳහා එතරම් දක්ෂතා නොපෙන්වූ ඔහු පාසලේ පළමු වසරේදීම දෙවරක් අසමත් වීම විශේෂත්වයකි. ද්විතීක විභාගය ද ඔහු තුන්වරක් අසමත්ව ඇත. එහෙත් ඔහුගේ ආශාව බවට පත්ව තිබුණේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම. චීනයේදී මේ සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවුණු නිසා ඔහු භාවිත කළේ තමන්ටම ආවේණික ක්‍රමයක්.
1972 වර්ෂයේදී ඇමෙරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් හොන්ෂු ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණීමෙන් අනතුරුව මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය වීම ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට රුකුලක් වී තිබිණි.
මා දිනපතා උදෑසන මගේ පාපැදියෙන් උද්‍යානයට ගොස් විදෙස් සංචාරකයන් නොමිලයේම මගේ පාපැදියෙන් සංචාරය සඳහා රැගෙන යාමට පුරුදුව සිටියා. මේ යන ගමනේදී තමන් දන්නා ලෙස ඔවුන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කිරීම පුරුද්දක් වී තිබුණා. මේ අතර හමුවූ එක් විදෙස් කාන්තාවක් මට ‘ජැක්’ යන නම පටබැන්දාය.
මා යුන් නම් ගැටයා ‘ජැක් මා’ වූයේ ඒ ආකාරයෙනි.
අසීරුවෙන් වරින් වර අසමත් වෙමින් සිය පාසල් අධ්‍යාපනය අවසන් කළ ජැක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කළේය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැත. වරින් වර දසවතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන අවස්ථා ඉල්ලා සිටිය ද ඔහු ගැන කිසිදු තැකීමක් නොකෙරිණි. අවසානයේ ඔහු හොංෂු හි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සමත් වූයේය.
එහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබාගන්නා ජැක් මා රැකියාවක් සඳහා උත්සාහ කරන්නට විය.
ජැක් මා පවසන්නේ තමන් රැකියා 30කට පමණ ඉල්ලු කළ ද ඒ සියලුම ස්ථානවලින් තමන් ප්‍රතික්ෂේප වූ බවයි. වරක් KFC ආයතනයේ රැකියාවකට ඉල්ලු කළ අතර එහිදී ඔහු සමඟ තවත් 24 දෙනකු රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට ගොස් තිබේ. එ් අතරින් 23 දෙනකු තෝරාගෙන ඇති අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා වූයේ ජැක් මා ය.
පසුව පොලිස් සේවයට ඉල්ලුම් කරන ඔහු පස්දෙනකු සමඟ අදාළ පරීක්ෂණයට ගිය විට අනෙක් සිව් දෙනාම පොලිස් සේවයට බඳවා ගත්ත ද ජැක් මා ප්‍රතික්ෂේප වූයේය.
අවසානයේ ඔහුට පිහිටට එන්නේ දැඩි උත්සාහයෙන් හා අසීරුවෙන් ඔහු විසින් ඉගෙන ගත් ඉංග්‍රීසි භාෂා දැනුමයි. ඒ හොංෂු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කිරීමේ අවස්ථාවයි. එයින් මසකට වැටුප් ලෙස ලැබුණේ ඩොලර් 12ක මුදලකි.
1995 වර්ෂයේ දී ඔහුගේ ජීවිතය වෙනස් වීමේ සංචාරයකට මග පෑදිණි. චීන ජාතිකයකු වන ජැක් මා යුං හට ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ භාෂා පරිවර්තකයකු ලෙසිනි. ඒ වනවිට ඔහු කිසිදිනක අසා නොතිබුණු අන්තර්ජාලය ගැන ඒ සංචාරයේ දී දැනගන්නට ලැබිණි.
“මම ඇමෙරිකාවේදී මේ අපූරු තාක්ෂණය දැක්කා. මුලින්ම හෙව්වේ Beer යන වචනය. එයට අදාළව තොරතුරු ලෝකයේ රටවල් ගණනාවකින් ලැබුණා. ඉන් පස්සේ මම China යන වචනය හෙව්වා. මේ වචනයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මට එය ගැටලුවක් වුණා. චීනය අන්තර්ජාලයට ගෙන යා යුතු බව මම තීරණය කළා.” යැයි ජැක් මා යුං පසුකලෙක කියා තිබිණි.
බිලියන ගණනක ජනගහනයක් සිටින චීනයෙන් ඒ වනවිට අන්තර්ජාලය සඳහා දායකත්වයක් නොමැති වීම ජැක්ට ගැටලුවක් වී තිබිණි. ඇමෙරිකාවේ සිටි දින කිහිපයේදී අන්තර්ජාලය පිළිබඳ හැකි තරම් අධ්‍යයනය කළ ජැක් චීනයට පැමිණ වහාම තම මිතුරන් කිහිපදෙනකු සමඟ අන්තර්ජාලය ගැන පවසා චීනයට එයින් වැඩගත හැකි ආකාරය ද කියා දෙන්නට උත්සාහ ගත්තේය.
එහෙත් මිතුරන්ගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය වූයේ ජැක් මේ පිස්සකු බවයි. තම අතීතය ගැන සතුටින් සිහිපත් කරන ජැක් පවසන්නේ “පිස්සකු වෙන එක හොඳයි මෝඩයකු වනවාට වඩා” යනුවෙන් පවසමිනි.
ඇමෙරිකාවට යද්දී පරිගණකයක් භාවිත කිරීමට හෝ හැකියාවක් නොතිබූ ජැක් මේ අන්තර්ජාලයෙන් දැවැන්ත අනාගතයක් දුටුවේය. නමුත් ඔහු පවසන්නේ එයින් ලාබ ලැබීමේ අපේක්ෂාවක් තමන්ට නොතිබූ බවයි. ඇමෙරිකාවේ දී චීනය යන වචනය අන්තර්ජාලයෙන් සොයා ගැනීමට නොහැකි වූ නිසාම චීනයට මේ පහසුකම ලබාදීම පමණක් තම අරමුණ වූ බව ඔහු පවසයි.
“ලාභ ලැබීමේ අරමුණින්ම යම් කිසිදෙයක් ආරම්භ කරනවානම් අසාර්ථක වෙන්න තිබෙන ඉඩ ගොඩක් වැඩිවෙනවා. වඩා වැදගත් වෙන්නේ අප කරන දේ අවංකවම කිරීමයි. අප කරන දේ නිවැරදි අවබෝධයකින් අවංකව සිදුකරනවානම් මුදල් අප පසුපස එනවා.”
ඒ ජැක් මා ජීවිත දර්ශනය ලෙස පවසන දෙයකි.
ජැක් මා හට පිස්සුයැයි කී මිතුරකු ඔහුට මෙම නව සිහිනය සැබෑවක් කරගැනීමට මුදලක් ණයට දීමට එකඟ වී ඇත. මිතුරන්ගේ උදව්වෙන් ඔහු “Chinapage” නමැති වෙබ් අඩවිය ආරම්භ කළේය. එහි ඔහු චීනය ගැනත් චීන නිෂ්පාදන ගැනත් සඳහන් කෙරිණි.
කාලය ක්‍රමයෙන් ගෙවී යමින් තිබිණි. වසර හතරක කාලයක් ගතවනතුරු ජැක් හට මෙයින් කිසිදු ආදායමක් ලැබුණේ නැත. එහෙත් නොපසුබට උත්සාහයෙන් ජැක් තම පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගනිමින් වෙබ් අඩවිය ප්‍රචලිත කරන්නට සමත්ව සිටියේය. මේ අතර Yahoo ආරම්භක සාමාජිකයකු වන Jerry Yang ජැක් හා සම්බන්ධවීම ඔහුගේ ව්‍යාපාරයේ පරිවර්තනයට හේතුවක් විය.
1999 වර්ෂයේදී ජැක් තම බිරිඳ සහ 18 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීමේ කාර්ය ආරම්භ කර තිබේ. අලිබබා Alibaba සමාගම ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
“අපි මේ සමාගම ආරම්භ කළේ මම ජීවත් වූ කුඩා කුලී නිවස තුළ. අපි වැඩ කළේ, ආහාර ගත්තේ, නිදා ගත්තේ කාර්යාලය තුළමයි. එහෙත් අපි හොඳ සේවාවක් ලබාදීම ගැන හැමතිස්සේම හිතුවා.” ජැක් මා තම Alibaba සමාගමේ ආරම්භය සිහිපත් කරන්නේ ඒ ආකාරයෙනි.
ඉතා අපහසුවෙන් සොයාගත් මුදල් යොදා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් ආරම්භ කළ මේ සමාගමට 1999 වර්ෂයේ අගභාගයේ සොෆ්ට් බෑන්ක් සමාගමෙන් ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලැබෙන අතර තවත් ඩොලර් මිලියන පහක ආයෝජනයක් ගෝල්ඩන් සචේ සමාගමෙන් ලැබිණි. එතැන් සිට ජැක් මා පිස්සුවෙන් මෙන් දුටු අනාගත අන්තර්ජාල සාප්පුව සැබෑ යථාර්ථයක් බවට පත්වන්නට වූයේ අතිශය වේගයෙනි.
එහෙත් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කිරීමට චීන ජාතිකයන් බහුතරයක් අකමැති වීම ජැක් මා හට එල්ල වූ අභියෝගයක් විය. තමන්ට නුහුරු නුපුරුදු ක්‍රමයකට මුදල් ගෙවීම ගැන චීන ජාතිකයන්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැත. මේ ගැටලුවට පිළියමක් ලෙස ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දුන්නේය. බැංකුවක අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතුවල දී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අදටත් Paypal සේවාවට වඩා බහුලව භාවිත වන්නකි.
මේ සේවාවන් ද හඳුන්වාදීමත් සමඟම අලිබබා සමාගම හා එහි සේවාවන් තව තවත් ජනප්‍රිය වන්නට විය. 2003 දී ජැක් සහ කණ්ඩායම Taobao.com අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කළ අතර එයට සමගාමීව Tmall සහ AliExpress අතිරේක සේවාවන් ද ආරම්භ කර තිබේ.
ජැක් පවසන්නේ ව්‍යාපාරයකදී තම සේවාදායකයන්ට නිරන්තරවම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි. එමෙන්ම සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ද අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව පවසන හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ අවංකබව හා විනිවිධභාවය ව්‍යාපාරයක දියුණුවට අතිශය වැදගත් බවයි.
ලෝකයේ මහා ධනවතුන් අතර ඉහළින්ම වැජඹෙන ජැක් මේ වරක් ප්‍රසිද්ධ දේශනයක දී මෙසේ කියා තිබිණි.
“මට තිබෙන විශාලතම කනගාටුවක් තමයි වර්තමානයේ තරුණ ළමයින්ට බලාපොරොත්තු නැහැ. ඔවුන්ට නිවැරදි දැක්මක් නැහැ. ඔවුන් නිතරම නැති දේවල් ගැන කියමින් කනගාටුවෙනවා. දුක්වෙනවා. මමත් ඒ වගේ සියලු දේ අහිමිවීමේ මානසිකත්වයකට ඇදවැටුණු අවස්ථා තිබුණා. ඒත් මම මගේ අවස්ථාවන් හරියටම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.
අනිත් අයට දෝෂාරෝපණය කරමින් නැති දේ ගැන වධ වෙනවානම් අපිට කවදාවත් නැගිටීමක් නැහැ. පරාජයන් හා බිඳවැටීම්වල දී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ පරාජය තුළින්ම නැගී සිටීමේ ආත්ම ධෛර්යය ඇතිකරගත යුතුයි. අද දවස අමාරුයි. හෙට ඊටත් වඩා අමාරු වේවි. නමුත් හිරු පායන්නේ හෙට නම්, ඔබ හෙට ජීවිතය අත හැරියොත් කවදාවත් ඔබට ආලෝකය දකින්න බැරි වේවි.”
ජැක් මා පවසන ඒ කතාව ලෝකය පුරාම වර්තමාන තරුණ පරපුරට මහා ආදර්ශයකි.
සජීව විජේවීර
-Lankadeepa
පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා. වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ.
සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද?
මගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා මට ලැබිලා තියෙනව. හැබැයි ඒ සතුටුදායක අවස්ථාවලින් මම වැඩියෙන්ම සතුටු වුණ මොහොත තමයි මේ සම්මානය මගේ දෝතට ලැබුණ දවස.
මේ වසරේ නිර්මාණ වැඩි සංඛ්‍යාවකට දායක වෙමින් ජනප්‍රියම නිළිය වෙන්න හීන මැවුවාද?
ඕනම කෙනෙක් නිළියක් වුණාට පස්සෙ සම්මාන හා ඇගයීම් බලාපොරොත්තු වෙනව. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානයට මගේ නමත් නිර්දේශ වෙයි කියලා මම හිතුවෙ නැහැ. හැබැයි මගේ නම නිර්දේශ වෙලා අන්තිම දහයටත් ආවට පස්සෙ තමයි මට බලාපොරොත්තුවක් ආවේ මට මොකක් හරි අවස්ථාවක් ලැබෙයි කියලා.
සම්මානය හිමිකර ගැනීමෙන් පසු ඔබට දැනෙන්නේ අභියෝගයකට මුහුණ දීමෙන් පසු දැනෙන හැඟුමද?
සම්මානය ලැබෙයිද කියලා අභියෝගයක් තිබුණා. නමුත් මේ අවුරුද්දෙ මම රඟපාන ටෙලි නාට්‍ය හයක්ම විකාශනය වෙනව. මම මේ කාලය තුළ චරිත හයකින් ප්‍රේක්ෂකයන් අතර ඉන්නව. මා සමග නිර්දේශ වූ අනිත් රංගන ශිල්පිනියනුත් මට කලින් රංගනයට ආපු අය. මේ හැම දෙයක්ම ගැන බලද්දි ඒක එහෙම නොවෙයි කියලා කියන්නත් බැහැ.
ජනප්‍රියත්වයේ සම්මානයෙන් ක්ෂේත්‍රයේ ඔබව වෙනස් මානයකට යොමු කළාද?
රංගන ශිල්පිනියක් විදිහට සම්මානයක් ලැබීම ලොකු ශක්තියක්. නමුත් මම ඒ මතම ඉන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට මම කරගෙන ආපු වැඩටික කරගෙන යනවා.
මේ සම්මානය බොහොම කෙටි කලකින් පහසුවෙන් හිමිවූ දෙයක්ද?
නැහැ. නැහැ. ඇත්තම කිව්වොත් මං සම්මානය ගත්ත මොහොතෙත් මේ ගැන මතක් කළා. මම 2013 අවුරුද්දෙ කොළඹට ආපු දා ඉඳන් කළ කැපවීම මහන්සිය මේ තරම් කාලයක් මම ක්ෂේත්‍රයේ කටයුතු කළ ආකාරය මගේ නිහතමානීකම මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහටයි මට මේ සම්මානය ලැබුණෙ.
ඔබ පැමිණි ගමනේ මතක සටහන් සිහිපත් කර තබන්න මේ අනගි මොහොතක් කියා හැඟෙනවා
මම අනුරාධපුරයෙ නෙල්ලිකුලම ගමේ ඉඳන් කොළඹට එන්නෙ ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංගකලා උපාධිය හදාරන්න. උපාධිය හදාරල අවසන් වුණාට පස්සෙ මට අකලංක සපුමල්ගෙ හිනාවෙලා හේතුවක් වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එම රංගනය වෙනුවෙන් 2015 මම යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානය මට ලැබුණා. එතැනින් තමයි මම මගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ. ඊට පස්සෙ 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මගේ නම නිර්දේශ වුණා. ඊට පස්සෙ තමයි මම ටෙළිනාට්‍ය වලට යොමුවුණේ.
නයෝමි පටන් ගන්නෙ ප්‍රධාන නිළියගේ චරිතයෙන්ද?
මට මුලින් ප්‍රධාන චරිත ලැබුණෙ නැහැ. මම ඕන තරම් පොඩි පොඩි චරිත කරල තියෙනව. උදාහරණයක් විදිහට මුළු නාට්‍යයේම එක දර්ශනයක පමණක් රඟපාන චරිත කරලා තියෙනව. පොඩි තැනකින් ආවහම තමයි මේ වගේ දිනුමකදී ලොකු වටිනාකමක් දැනෙන්නෙ.
ඔබ පවසන්නෙ දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙස අද ඔබ ජනප්‍රියත්වයේ සම්මානය හිමිකරගත් බවද?
අනේ ඔව්. අපි අවුරුදු දෙකක් ඉගෙනගන්න කාලෙ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළා. අපි කොළඹ ජීවත්වුණේ. ගෙදරින් දෙන මුදල් ටිකෙන් සල්ලි ඉවර වුණහම මෙහෙ සල්ලි ඉල්ලගන්න කෙනෙක් නැහැ. බස් එකේ යන්න සල්ලි නැතිව පයින් ගිහින් තියෙනව. රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනව. එහෙම කට්ටක් කාල තමයි මෙතැනට ආවෙ. දැන් මට හැමදේම ලැබිලා තිබුණත් ඉස්සර ගතකරපු සරළ ජීවිතයට තමයි මම කැමති. අදටත් මට එදා උන්න ඒ සරළකමේ ඉන්න පුළුවන්.
පාසල් සමය නයෝමිට නිළියක් විමේ මංපෙත හෙළි පෙහෙළි කර දුන්නද?
පුංචි කාලෙනම් මම කියල තියෙනව මම හින්දි නිළියක් වෙන්න කැමතියි කියලා. ඒත් මම ඉගෙනගත්ත අපේ ගමේ නෙල්ලිකුලම පාසලේ නාට්‍ය හා රංගකලාව කියල විෂයක් තිබුණෙ නැහැ. ඒ නිසා පාසලේ සාමන්‍ය පෙළ දක්වා මට කලාව ටිකක් මග හැරුණ. සාමන්‍ය පෙළට නම් නැටුම් ඉගෙන ගත්තා උස්සපෙළ කරන්න. අනුරාධපුර ස්වර්ණපාලි බාලකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සෙ මට නාට්‍ය හා රංගකලාව හදාරන්න ලැබුණා.
එකම වකවානුවක ටෙළි නාට්‍ය හයක රඟපෑම පහසු කාර්යයක්ද ?
මේ දවස්වල මම රඟපාන නාට්‍ය හයක් විකාශනය වෙනව. ඒ සඳහා කාලය වෙන්කරගන්න එක පවා හරිම සූක්ෂම විදිහට කරන්න වෙනව. උදාහරණයක් විදිහට විශේෂයෙන් අද මම යන්නෙ නීල පබළු ටෙළි නාට්‍යයේ රඟපාන්න නම් මම උදේ ඉඳන් ඒ චරිතය ගැන විතරමයි හිතන්නෙ. නැත්නම් මම ඒ තැනට ගිහින් ඔළුව හදාගන්න කැමතියි.
නිළියක් විදිහට චරිතයක් වෙනුවෙන් ඕනෑම ආකරයක කැපවීමක් කරන්න ඔබ සූදානම්ද?
ඒක මම තීරණය කරන්නෙ නිර්මාණයේ පිටපතත් එක්ක.
නයෝමිගේ මීළඟ ඉලක්කය කුමක්ද ?
මගේ හීනය වුණේ කවද හරි හොඳම නිළිය වෙන්න ඕන කියන එකයි. හැබැයි ඊට කලින් මට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා. මට හොඳම නිළියගේ සම්මානය ලැබෙන දවසත් එයි කියලා හිතනව.
ගමේ ඉඳන් කොළඹ ආපු නයෝමි මේ හැම දෙයටකටම මුහුණ දෙන්නෙ තනියමද?
මම තනියම තීරණ ගන්න අවස්ථා තියෙනව. නමුත් මගේ දෙමවුපියන්ගෙ අනුදැනුම ඇතිව තමයි මම වැඩ කරන්නෙ. මම නතර වෙලා තියෙන්නෙ කොළඹ මගේ පුංචි අම්මගෙ ගෙදර. මගේ අම්මත් නිතරම කොළඹ ඇවිත් මාත් එකක් ඉන්නව.
මේ අවස්ථාවේ ඔබ හැරුණම ඔබත් සමග සතුටුවෙන අය අතර ඉන්නෙ?
වැඩියෙන්ම සතුටු වුණේ අම්මයි තාත්තයි.
ඇයි ඔබගේ පෙම්වතා
නැහැ. එහෙම නැහැ. මගේ අම්මයි තාත්තයි තමයි මේ මොහොතේ මාත් එක්ක සතුටු වෙන්නෙ. මම බැඳී සිටින්නෙ මගේ දෙමව්පියන් සමගයි.
උපුටා ගැනීම - අරුණ පුවත්පත
ප්‍රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්‍යාඥ දෙපල ගැන ඩෙලි මේල් වෙබ් අඩවිය අද පුවතක් රැගෙන එනවා. කෝවිඩ් 19 සඳහා Pfizer සහ BioNTech සමාගම් විසින් අත්හදා බලමින් තිබෙන මේ එන්නත ගැන මුල්ම උණුසුම් පුවත රැගෙන ආවේද ඩේලි මේල් ඔන්ලයින් පුවත් පතයි ( ඒ ගැන මම මගේ පිටුවේ මීට කලින් සටහනක් තබා තිබෙනවා). ඇමෙරිකානු ජනාධිපති වරණය අවසන් වූ අල්ල පනල්ලේම මේ එන්නත පිළිබද පුවත එළියට පැමිණීම ගැන කුමන්ත්‍රණ න්‍යාය කරුවන් ද සැක පළකරනවා.
කෙසේ වුවත් Pfizer සහ BioNTech සමාගම් විසින් හඳුන්වා දී ඇති මෙම තීරණාත්මක සහ දෛවෝපගත එන්නතේ සමාරම්භකයින් ලෙස සැලකෙන්නේ උගුර් ෂහින් (Ugur Sahin) සහ ඔයිස්ලම් ටියුරේසි (Oezlem Tuereci) නම් දෙපළක්. උගූර් තුර්කි ජාතිකයෙක් වන අතර පසුව ඔහු ජර්මනියට සංක්‍රමණ වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වන ටියුරේසි ද එසේම තුර්කි පසුබිමක් සහිත වෛද්‍යවරයෙක් ගේ දියණියක් වන අතර ඇය ද පසුව ජර්මනියට සංක්‍රමණය වී තිබෙනවා. ටියුරේසි BioNTech සමාගමේ අධ්‍යක්ෂිකාවක් වන අතර තම වෛද්‍ය වෘත්තීය තුළ මිනිස් ප්‍රතිශක්තිය (human immunity) පිලිබඳ විශේෂඥ බවක් අත් කරගෙන තිබෙනවා. කෝවිඩ් වෛරසය පැමිණීමට පෙර ඔවුන් විශාල වශයෙන් වෙහෙස වී ඇත්තේ පිලිකා රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීම සඳහා වෙහෙස වීමටයි.
මෙම ගෝලීය වසංගතය වෙනුවෙන් එන්නත නිපදවීමේ සහ එය සාර්ථකව අත්හදා බැලීමේ තරඟයෙන් මේ අනුව Pfizer සහ BioNTech සමාගම් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට එන්නත් කර ඇති විශාල පිරිසකට අතුරු අබාධ රහිතව මෙම එන්නත සාර්ථක ප්‍රථිපල අත්පත් කර දී ඇති අතර එම ශුභ ආරංචිය සමග යුරෝපයේ කොටස් වෙළඳ පළ මිළ ගණන් මේ අනුව ඉහල නගිමින් පවතිනවා.
උගූර් සහ ඔහුගේ බිරිඳ සතු මෙම වෛද්‍ය රසායනාගාර සමාගම් හේතුවෙන් ඔවුන් ජර්මනියේ පොහොසත්ම සිය දෙනා අතරට එකතු වෙනවා. කොතරම් මුදල් තිබුණද උගූර් අදටත් තම රැකියාව සඳහා පැමිණෙන්නේ තම මවුන්ටන් බයිසිකලයෙන් බව සඳහන් කරන්නත් ඩේලි මේල් වෙබ් අඩවිය අමතක කරන්නේ නැහැ.
කෙසේ වුවත් ගෝලීය වශයෙන් තවත් එන්නත් ගණනාවක් සඳහා මේ මොහොත වන විටත් මිනිස් බුද්ධිය වැය වෙමින් පවතිනවා. එහෙත් කුමන එන්නත පැමිණියත් තව යම් කාලයක් සඳහා දැන් අනුගමනය කරන නව සාමාන්‍ය පුරුදු දිගටම අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
මුල් පුවත සඳහා https://www.dailymail.co.uk/news/article-8930359/The-husband-wife-covid-vaccine-change-worl.html
ලොව සාමකාමී රටවල් අතර මුල්තැනක් හිමිකර ගන්නා ඩෙන්මාර්කය ඉදිරියෙන්ම සිටින්නේය. උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන මෙහි වත්මන් රාජ්ය පාලකයා වන්නේ මනමත් කරවන සිනාවක හිමිකාරිනියකි. ඒ සිනහාව කෙතරම්ද කිවහොත් එක්තරා දවසක ඇය නිසා එරට පාර්ලිමේන්තුවද සිනහ සාගරයක ගිලී ගියේය. මේ අපූරු සිනහව හිමි ඩෙන්මාර්කයේ තරුණ අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් වෙනුවෙන් මෙවර දියත රාජ්ය නායක පිටුව වෙන්වන්නේය.
ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු දෙසින් නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වන අතර රාජ්ය පාලනය පාර්ලිමේන්තු ක්‍රමයට සිදුවේ. ඩෙන්මාර්කයෙහි ක්‍රමයට රාජ්ය ආණ්ඩුවක් හා නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපා සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙකි.
මෙවැනි රාජ්ය පාලන තන්ත්රයක් හිමි ඩෙන්මාර්කයේ වත්මන් අග්‍රාමත්‍ය ධූරය හොබවන මෙට් ෆ්‍රෙඞ්රික්සන් තවමත් හතළිස් දෙහැවිරිදි වියේ පසුවන තරුණ කාන්තාවකි. 1977 වසරේ නොවැම්බර් 19 වැනිදා උපන් ඇය එරට අගමැති ධූරයට පත්වන්නේ ඉකුත් ජූනි මාසයේ සිටය. එම ධූරයට පත් වීමත් සමඟ ඇය ඉතිහාසගත වන්නේ එදා මෙදා තුර එරට ඉතිහාසයේ බිහිවූ ළාබාලතම අගමැතිවරයා ලෙසිනි. වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක ලෙස දේශපාලනය ආරම්භ කළ ඇය එරට අගමැති ධූරයට පත්වීම කටුකොහොල් පිරි ගමනක උච්චතම අවස්ථාවකි. ඒ ගමනේ අගමැති සිහිනය සැබෑ වීමේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ඇය 2015 වසරේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමඟිනි.
ඩෙන්මාර්කයේ මුද්‍රණ ශීල්පියෙකුට හා ගුරුවරියකට දාව උපන් අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් පළමුවරට එරට ක්‍රියාකාරී දේශපාලනයට එළැඹෙන්නේ 2001 වසරේදීය. ඒ එම වසරේ පැවති මහමැතිවරණයේදී කෝපන්හේගන් ප්‍රාන්තය නියෝජනය කරමිනි. ඇය එරට දේශපාලන වේදිකාවට ගොඩවැදෙන්නේ සංස්කෘතිය, මාධ්‍ය සහ ස්ත්‍රී ‐ පුරුෂ සමානාත්මතාව ගැන වැඩිපුර කතා කරමිනි.
එතැන් පටන් සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දක්ෂ තරුණ නායකාවක ලෙස ඇය කැපී පෙනෙන්නට පටන් ගන්නේ ඇයගේ පක්ෂය 2011 වසරේ එරට පැවති මහමැතිවරණයෙන් පාලන බලය හිමි කර ගැනීමත් සමඟිනි. එම රජයේ අගමැති ධූරය ඇයගේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වන හෙලේ තොර්නින්ග් ෂ්මිට් හිමිවූ අතර එම රජයේ රැකියා නියුක්තිය බාර අමාත්‍ය ධූරයත්, අධිකරණ අමාත්‍ය ධූරයත් හිමිවන්නේ මෙට් ෆ්‍රෙඞ්රික්සන් හටය. ඇයගේ මෙම බහුවිධ කුසලතාවන් නිසාම ඇයගේ පක්ෂ නායකත්වය ඇයට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයද පිරිනමන ලදී.
ඇයගේ මෙම දේශපාලන ජනප්‍රියත්වය නිසාම ඩෙනමාර්කයේ ඉදිරියෙන්ම සිටිනා දේශපාලනඥයින් දසදෙනා අතර හත්වැනි ස්ථානයේ සිටින්නීය.
2011වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍ය ධූරයේ කටයුතු කරද්දී නම්‍යශීලි රැකියා සහ රැකියා පද්ධති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වූවාය. 2014 පක්ෂ නායක ධූරයට ඇය තේරීපත්වනුයේ පෙර දැක්මක් සහිතවය. ගෝලීයකරණය, නව ලිබරල්වාදය හා සංක්‍රමණික නව නීති හඳුන්වා දෙන බවට පසුගිය සිව් වසර පුරා විවිධ දේශපාලන මතවාද ඩෙන්මාර්ක් සමාජය වෙත කිදා බස්සවමින් ඇය ඉකුත් ජුනී මාසයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ඇයගේ ප්‍රතිවාදියා වූ ලාර්ස් ලූකේ රස්මුන් වැඩි ඡන්දයෙන් පරදවමිනි.
ඩෙන්මාර්ක තරුණ අගමැතිනිය ගණිකා වෘත්තීයට සම්පූර්ණයෙන් විරුද්ධ මතවාද දරන්නියක වේ. අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය ආදී සිය කලාපයේ රටවල ලිංගික වෙළෙදාම නැවැත්වීම සම්බන්ධයෙන් ඇය පෙරමුණ ගනිමින් කටයුතු කළාය. එසේම එරට පවතින නීතිවිරෝධී සංක්‍රමණිකයන් හා ඔවුන් අදහන ආගම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ දේශපාලනඥවරියකි. ඩෙන්මාර්කය තුළ ජීවත් වන මුස්ලිම්වරුන් එරට නීති පද්ධතියට ගරු නොකාරීම සම්බන්ධයෙන් ඇය දැඩි ස්ථාවරයක හිඳිමින් එරට තුළ බුර්කාව පැලඳීම තහනම් කළාය. ඩෙන්මාර්ක අගමැතිනියගේ පාර්ලිමේන්තු දේශනයක් අතරතුර පාර්ලිමේන්තුව සිනහ සාගරයක ගිලී යාමේ පුවතක් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබුණි.
මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ ඩෙන්මාර්ක අගමැතිනී මේටි ෆ්‍රෙඞ්රික්සන් මෑතකදී රජය වෙත පවරාගත් සර්කස් අලි පැටවුන් සිව්දෙනෙක් සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් සිටි අතුරතුරදීයි.
එහිදී එම සත්වයන් වෙත සුවදායී විශ්‍රාම දිවියක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. ඇඟේ මුහුණට මේ අපූරු සිනහව එක්වුණේ ඒ අතරතුරයි.සභාවක් ඉදිරිපිට සිදුවූ වචන පැටලැවිල්ල හේතුවෙන් හටගත් සිනහව නවත්වාගැනීමට අගමැතිනියට පහසුවූයේ නැහැ. එහිදී දැඩි අපහසුතාවට පත් අගමැතිනිය දැකීමෙන් අනෙක් මන්ත්‍රිවරුන්ද නොනවත්වා සිනාසීමට පටන්ගත්තේ මුළු පාර්ලිමේන්තුවම සිනහ සාගරයක ගිල්වමිනි.
රම්බොලීන්, ලාරා, ජුන්ගා හා ජෙනී නම් සර්කස් අලීන් සිවුදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩෙන්මාර්ක රජයට පවරාගැනුණේ එරට සිටි අවසන් සර්කස් අලීන් ලෙසයි.මේ වනවිට ඔවුන් සදහා අවැසි ආහාර රජය යටතේ ලබාදෙයි. මේ අතර වන සත්වයින් සර්කස් සදහා යොදාගැනීම වැලැක්වීමේ නව පනතක් හදුන්වාදීමටත් ඩෙන්මාර්ක අගමැතිනිය සූදානමින් පසුවන්නේ සත්ව අයිතීන්ද එරට තුළ තහවුරු කරමිනි.
තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලය
ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට .
මෙවර උසස්පෙළ විභාගය අවසන් කරමින් වසර 13 ක පාසල් කාලය නිමා කර පාසල හැරයන මොහොතේ පාසල් මාතාවට ගෞරව කරන දරුවො ටිකක් පිලිබද පුවතක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් වාර්තා වුනා.
බොහෝ ළමුන්ගේ මානසිකත්වය අන්තිම දවසේ "ඇරියස් කවර් කරලා,නිල් නාලා.ගහගෙන..කෑ ගහලා.."
නොකලයුතු දේවල් කරලා පාසලට අපකීර්තියයක් උරුමකර දෙන ළමයින් අතර තම පාසල් මාතාවට දෙපා බිම තබා වන්දනා කරන මේ සත්පුරුෂ, ගුනගරුක දරුවන් අනාගත ළමයිට හොද ආදර්ශයක් සපයන බව කිව යුතුමය.
මෙහි ජායාරූප මුහුණු පොතෙන්
1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.
ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.
එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.
මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.
"මගේ තාත්තා සැමවිටම කිව්වේ, "ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා," බයිඩන් පැවසීය.
ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.
ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.
නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.
ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.
ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් - බියෝ සහ රොබර්ට් - සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.
බයිඩන් ප්රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.
එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.
2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය.
බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.
කෙසේ වෙතත් ජෝ බයිඩන් නම් ඔහු ඇමරිකාවේ ජනපති ලෙස පත්වීමට ඉතා ආසන්නය.
ගෙවල් ප්ලෑන් කරන අලූත් විදිහ ආසියාවට කියාදුන් සිංහල කෙල්ල මිනට් ද සිල්වා; ‘ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ පුරෝගාමියා’
විවිධ විෂයන්හි විශේෂඥ දැනුමක් ඇති මිනිසුන් ලෝකයේ බොහෝ ඇතද විෂයන් කීපයක් සම්බන්ධ කොට නව නිර්මාණ බිහිකරන අය දුර්ලභය. විශේෂයෙන් පුරුෂ ප්‍රමුඛතාවක් ඇති ලෝකයක කාන්තාවක් එවැනි හැකියාවක් පෙන්වයි නම් ඇගේ වටිනාකම ගැන කියනු කවරේද. කාන්තාවන් අතලොස්සක් විසින් තෝරාගන්නා ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්රයකට නව මානයන් සොයා ගිය මිනට්ද සිල්වා එවැනි විශ්වකර්ම ගැහැණියකි. ගෘහ නිර්මාණ ශිල්පීය ක්ෂේත්රය තුළ අද පවා ඇය හැඳින්වෙන්නේ ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ ආරම්භකයා (PIONEER OF TROPICAL MODERNIST ARCHITECT) වශයෙනි. එහෙත් ලක්මවගේ අතිජාත දියණියක වන ඇය ගැන අප රටේ දන්නේ කීයෙන් කී දෙනකුද වසරකට වරක්වත් ස්මරණය කළ යුතු ඇය වැනි කාන්තාවක් ඉතිහාසයට තල්ලූ කොට නිහඬව සිටීම කෙතරම් සාධාරණද?
මිනට් ද සිල්වා උපත ලබන්නේ මහනුවර මිශ්‍ර මාපිය යුවළකට දාව ඔවුන්ගේ බාල දරුවා වශයෙන් 1918 පෙබරවාරි 01 වැනිදාය. ඇගේ පියා සිංහල බෞද්ධ නායකයකු වන ජෝර්ජ් ඊ. ද සිල්වාය. ඔහු එකල ලංකා ජාතික සංගමයේ සභාපති හා පසුකලෙක රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද දැරීය. මව බර්ගර් ජාතිික කතෝලික කාන්තාවක් වූ ඇග්නස් ද සිල්වාය. මිනට්ගේ වැඩිමල් සොහොයුරිය අනිල් ද සිල්වා කලාකාරියක හා ඉතිහාසඥවරියක වූ අතර වැඩිමල් සහෝදරයා වූ ෆෙඩි්රක් ද සිල්වා නීතිඥයකු මෙන්ම කලක් මහනුවර පුරපති වශයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද ක්‍රියා කළේය.
කුඩා කලම ඇය එංගලන්තයේ බ්‍රයිටන්හි සාන්ත මේරි විiාලයේ මූලික අධ්යාපනය ලැබුවාය. 1929 දී ඇය මෙහි පැමිණෙන්නේ එකල වර්තමානයේ පවා ස්ත්රීන් කලාතුරකින් තෝරාගන්නා ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් ඇගේ පියාගේ අදහස වූයේ එය නොවේ. ඒ අනුව මාමා වූ වෛi ඇන්ඩෲ ෆේල් විසින් මිනට්ව බොම්බායේ ශ්‍රීමත් ජම්සෙත්ජි ජීජිබෝයි සෞන්දර්ය විiාලයට ඇතුළත් කරනු ලැබීය.
මුල්ක් රාජ් ආනන්දි හා රවි ශංකර් ඇයට මුණගැසෙන්නේ එහිදීය. ඔවුන් විසින් පවත්වාගෙන ගිය ‘මාර්ග්’ (MAGE) නම් සගරාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ කර්තෘ ධුරය ඇයට පිරිනැමෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එහි ඊළග ප්රකාශනයට ඇය නූතන (එකල) ගෘහ නිර්මාණ ශිල්පයට කලාව හා සංස්කෘතිය යොදා ගැනීම පිළිබඳව ලිපි සැපයූවාය. මේ අතර ජර්මන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඔටෝ කොඑහිග්ස් බර්ග්ගේ (OTTO KOENIGSBERG) කාර්යාලයේ සේවයට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකානු රටවල නගර සැලසුම් සකස් කිරීමේ ප්‍රවීණයකු වූ කොඑහිග්ස්බර්ග් සමග ඇය බිහාරයේ ‘ටාටා ස්ටීල් පිටි’ (TATA STEEL CITY) සඳහා සැලසුම සකස් කිරීමටද දායක වූවාය.
පියා කෙතරම් විරෝධය පෑවද ඇගේ අභිප්‍රාය වූයේ ගෘහ නිර්මාණ ශිල්පිනියක වීමටය. ඒ අභිලාශයෙන් දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලන්ඩන්හි ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ ශිෂ්‍යාවක වූවාය. ඒ වන විට එහි අධ්‍යනය ලැබූ එකම කාන්තාව වූයේ ඇයයි. ඇගේ ක්ෂේත්රය තුළදී එකල ගෘහ නිර්මාණ ශිල්පයේ පතාක යෝධයකු වූ ලේ කෝබර්සියර් (LE CORBUSIER) පමණක් නොව පැබ්ලො පිකාසෝ, හෙන්රි කාටියර්, ලෝරන්ස් ඔලිවියර් ආදීන් සමීපව ආශ්‍රය කිරීමට අවස්ථාව ලැබිණි.
1948 දී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වූ පසු ඇගේ පියා ඇයට ආරාධනා කළේ මෙහි පැමිණ එය සංවර්ධය කිරීමට උරදෙන ලෙසය. ඒ අනුව මවුරටට පැමිණි මිනට් ද සිල්වා සෙන්ටි ජෝර්ජ් (ඇගේ මහ ගෙදර) හි නිරත වූවාය. ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ තමාගේම යැයි කිවහැකි කිසිදු මුදලක් නොමැතිවය.
එකල ලොව ප්‍රසිද්ධම ගෘහ නිර්මාණ ශිල්පිනියන්ගෙන් කෙනකු මෙන්ම බි්රතාන්යයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය හිමිකරගත් එකම කාන්තාව වූයේද ඇයයි. සිය වෘත්තීය ක්ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් කෙරෙහි යොමු වූ ඇය තම සැලසුම් සඳහා සම්ප්‍රදායික දේශීය කලාව බහුලව යොදා ගත්තාය. ප්රකට විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමිගේ බලපෑම ඇයට බෙහෙවින් බලපා ඇත. දේශීය කලාවන් හා සංස්කෘතිය පිළිබඳව නිතරම ඔහු ඇයට උපදෙස් ලබාදුන් බව සඳහන් වේ. ඇය විසින් ගොඩනගන ලද හැම නිර්මාණයකම මේ විශේෂත්වය දක්නට ලැබේ. එහෙයින්ම ‘ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ පුරෝගාමියා’ ලෙස මිනට් ද සිල්වා හඳුන්වා දීම වරදක් නොවේ.
සිය ගෘහ නිර්මාණ ජීවිතයේ ඇය ආරම්භ කරනු ලැබුවේ පවුලේ හිතවතකු වූ ඇල්ගි කරුණාරත්න, ලෙටී කරුණාරත්න යුවළගේ නව නිවස සැලසුම් කිරීමෙනි. ඒ 1947 වසරේදීය. අද මහනුවර ප්රදේශයේ සුලභව දැකගත හැකි වුවද එකල කලාතුරකින් සිදුවූ කඳුගැට අද්දර නිවාස තැනීමේ ශිල්පයට ආරම්භයක් දෙමින් ඇය සැලසුම් කළ නිවසේ ඇස්තමේන්තුගත වියදම එකල රුපියල් 40,000 ක් විය. එමෙන්ම එය මුළු ආසියාවේම කාන්තාවක විසින් සැලසුම් කළ පළමු නිවසද වූයේය. 1951 දී එය සාදා නිමකරන ලදී.
මිනට් ද සිල්වා ගෘහ නිර්මාණ ශිල්පය සිිය වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ අභියෝග රැසක් මධ්‍යයේය. එකක් නම් ඇගේ ජාතිය හා ලිංගිකත්වයයි. ඊටත් වඩා සිය පියාගේ දැඩි විරෝධයද ඇයට එල්ල වූයේය. ඇය බොම්බායේ ඉගෙනුම ලබද්දී ඇගේ පන්ති ගාස්තු ගෙවීම සිදුකරනු ලැබුවේද මවගේ මාමා විසිනි. ඇගේ මරණය සිදුවූ 1998 වසරේදී රචනා කරන ලද (THE LIFE & WORK OF AN ASIAN ARCHITECT) නම් චරිතාපදානයේ මේ කරුණු සඳහන් වේ.
ලන්ඩනයේදී ඇය සමග ඉගෙනුම ලද ගෘහ නිර්මාණ ශිල්පී ගිලියන් හෝවෙල් (GILLIAN HOWELL) මෙසේ කියයි.
‘‘... අතිශයින්ම පියකරු, යුවතියක වූ ඇය සාරියකින් සැරසී කෙස් කළඹේ මල් ගවසා ගෙන අධ්‍යනයන් සඳහා ගමන් කරද්දී නිතරම ඈ පිටිපස තරුණ ශිෂ්‍යයන් රැළක් වූයේය. ඉන් සමහරකු අත ඇගේ සිතුවම් ඵලකයද තවත් අයකු අත අත් බෑගයද, සූට්කේසයද, ස්කාෆයද, ෂෝලයද වූයේය. එතරම් ආකර්ෂණයක් ඇයට එහිදී ලැබුණි...’’
සිය ස්වයං චරිතාපදානය මෙන්ම ආසියාතික ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය (THE HISTORY OF ASIAN ACHITECTURE) නමින් පාඨ ග්රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමට ඇගේ අදහසක් තිබිණි. නමුත් අවාසනාවකට මෙන් මේ අරමුණු දෙකම ඉටුකර ගන්නට ඇයට හැකි වූයේ නැත. අවසානයේ සිදුවූ එකම දෙය ඇයත් සමග ඇය පිළිබඳ ඉතිහාසයද සැගවී යෑමය.
1962 වසරේදී ඇගේ මව ඇග්නස් ද සිල්වා මියගියාය. එයින් මහත් චිත්ත පීඩාවට පත් ඇය ලංකාවෙන් පිටව දීර්ඝ ලෝක සංචාරයක නිරත වූවාය. ග්‍රීසිය, ඉරානය, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අධ්‍යනයටද එමගින් ඇයට අවස්ථාව ලැබුණි.
මිනට් ද සිල්වා විසින් සැලසුම් කරන ලද පෞද්ගලික නිවාස හැරුණු විට ඇගේ ශෛලිය ඉතාමත් පැහැදිළිව විකාශනය කෙරුණු ස්ථානයක් වන්නේ මහනුවර කලා සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානයයි. එය සැලසුම් කිරීමේදී ලංකාවේ සාම්ප්රදායික ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වන උඩරට පැතලි උළු, වහලය, මිදුල, මණ්ඩපය, තොරණ, රගහල, අවන්හල ආදී දේ උපයෝගී කරගනු ලැබුවාය. එහි උiානයේ පිටුපස කොටස ස්වභාවික එලිමහන් රගමඩලක් ලෙස සැලසුම් කරනු ලැබීය.
පෞද්ගලික නිවාසවලට අමතරව සංචාරක හෝටල් කිහිපයක් ද ගම්පොල ජිනරාජ විiාලයද මහනුවර රතුකුරුස සංගම් ශාලාවද ඇගේ සැලසුම් අතර වේ. නමුත් රතුකුරුස ශාලාව සැලසුමට පමණක් සීමා විය.
1979 වසරේදී නැවත සිය පවුලේ මහ ගෙදර වූ සෙන්ට් ජෝර්ජ් හි තමාගේම ආයතනයක් ආරම්භ කිරීමට ඇගේ අභිප්‍රාය වූයේය. ඇය තම ආයතනය නම් කරන ලද්දේ මිනට් ද සිල්වා ඇසෝසියේට්ස් නමිනි. එහෙත් සුදුසු කාර්ය මණ්ඩලයක් සපයා ගැනීමට නොහැකි වීම නිසා එය එතරම් සාර්ථක වූයේ නැත.
මිනට් ද සිල්වාගේ වෘත්තීය ජීවිතය හැරුණු කොට පෞද්ගලික ජීවිතය තුළද යම් විශේෂතා දැකගත හැකිය. හැම විටම ඇය තමාව හඳුන්වා දුන්නේ සිංහලයකු හෝ ලාංකිකයකු වශයෙන් නොවේ. ආසියාතිකයකු වශයෙනි. සමහරකගේ අදහස නම් ඇගේ වෘත්තීය ජීවිතයට පදනම සැලසුනේ ඉන්දියාවේ ගත කළ කාලය නිසා ඇය එසේ සිතීමට පෙළඹෙන්නට ඇති බවයි.
එමෙන්ම විවාහ ජීවිතයක් ගැන කිසිදු අපේක්ෂාවක් ඇයට නොවීය. ලන්ඩනය වැනි නගරයක පිරිමි ශිෂ්‍යයන් විශාල පිරිසක් අතර එකම ශිෂ්‍යයාව ලෙස ඉගෙනුම ලැබූ ඇගේ මේ හැසිරීම විශ්මයට කාරණයකි.
අවසාන කාලයේදී මිතුරකු වශයෙන් ආශ්‍රය කිරීම හැරෙන්නට ස්වාමි පුරුෂයකු සුදුසු වන්නේ කාන්තාවකගේ බඩු බාහිරාදිය රැගෙන යන උදව්කරුවකු වශයෙන් පමණයි...’’
ඇය වරෙක ප්රකාශ කළාය.
බි්රතාන්ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලබාගත් පළමු ආසියාතික කාන්තාව වූද නූතන හා සාම්ප්රදායික ගෘහ නිර්මාණ ශිල්පය සම්මිශ්රිත ගෘහ නිර්මාණ ශෛලියක් ලෝකයට හඳුන්වා දුන්නා වූද මේ අසහාය කාන්තාව 1998 වසරේදී මහනුවර පිහිටි සෙන්ට් ජෝර්ජ් නිවසේදී අභාවප්‍රාප්ත වූවාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු අසූවකි. ඇගේ ඉදිකිරීම් සමහරක් නොසලකා හැරීම නිසා අද වන විට නටබුන් වී ගොසිනි. ඒ සම්බන්ධයෙන් ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුය.
අඩු තරමේ පාසල් පෙළ පොතකට හෝ ඇගේ පරමාදර්ශී චරිතය ඇතුළත් කොට එය ආදර්ශයට ගන්නට ශිෂ්‍යයන් දිරිමත් කළ හැකිය. පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීමේදී නරඹන ස්ථාන අතරට ඇගේ සැලසුම් අනුව ඉදිකළ ගොඩනැගිලි අධ්‍යයනය කරන්නට ඔවුන්ට අවස්ථාව ලබාදිය හැකිය. අතීත ප්‍රෞඩත්වය ගැන කතා කරමින් සිටිනවා වෙනුවට වර්තමානයට ගැලපෙන පරිදි හසුරුවා ගන්නට අනාගත පරපුර හුරුවනු ඇත්තේ එවිටය. එමෙන්ම එය මිනට් ද සිල්වා වැනි කාන්තාවකට අප විසින් සිදුකළ කෘතගුණ සැලකීමක් වනු ඇත. සංස්කෘතික හා අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවනු දැකීම අපගේ අපේක්ෂාවයි.
වසන්ත විජේරත්න
-Divaina-