Thursday, 16 May 2024

ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට උපදෙස්

Posted On Sunday, 26 April 2020 15:48

ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.



ඒ අනුව අන්තර්ජාලය මඟින් නුගේගොඩ ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ගැනීමට ලබා දී ඇති පහසුකම්වලට අමතරව අන්තර්ජාල පහසුකම් නොමැති සේවා ලාභීන්ට ප්‍රධාන කාර්යාලයෙන් හා අනෙකුත් ශාඛාවලින් සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීමට අදාල ශාඛාවල දුරකථන අංක මඟින් පිළිවන.

නැවත සේවාවන් ආරම්භ කළ පසු සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ (පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා) එම දුරකථන අංක ඇමතීම මඟින් පහසු වේලාවන් වෙන්කරවා ගත හැකිය.

යම් හෙයකින් එම දුරකථන අංක සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය ශාඛාව සඳහන් කර 071-4553991 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීම මඟින් අදාල ආයතනය මඟින් සේවාලාභීන් සම්බන්ධ කර දීමට කටයුතු කරනු ලබන බව සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතා පවසයි.

ශාඛාවන්හි දුරකථන අංක පහත පරිදි වේ.

ප්‍රධාන කාර්යාලය- 011-2812796, 011-2812795, 011-2852095, 011-2852868

අම්පාර - 063-2222927

අනුරාධපුර - 025-2236470

බදුල්ල - 055-2225680

මඩකලපුව - 065- 2227803

ගාල්ල - 091-2226868

ගම්පහ - 033-2248861

හම්බන්තොට - 047- 2256255

යාපනය - 021- 2219752

කළුතර - 034-2236282

මහනුවර - 081-2384479

කෑගල්ල - 035-2051957

කිලිනොච්චි - 021-2285969

කුරුණෑගල - 037-2221701

මන්නාරම - 023-2251559

මාතලේ- 066-2226880

මාතර - 041-2234360

මොණරාගල - 055-2277434

මුලතිව් - 021-2290202

නුවරඑළිය - 052- 2235370

පොළොන්නරුව - 027-2227823

පුත්තලම - 032-2266385

රත්නපුර - 045-2226282

ත්‍රිකුණාමලය - 026-2226182

වව්නියාව - 024-2225538

වේරහැර - 011-2517432