Sunday, 19 May 2024
Editor

Editor

2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

සෞඛ්‍ය උපදෙස් කඩ නොකර තෙමඟුල සමරමු

කොවිඩ් 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි

දෙමව්පියන් විසින් මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති බව කියයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි.

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි.

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇත. ඒ අනූව ඉදිරිකාලය තුල ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය  ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇත.

නව කොරෝනා (කොවිඩ් 19) වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ද උපදෙස් වලටඅනුකූලව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

ඉන්දියාවේ බැංගලෝර් හි සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් ශ්‍රී ලංකික සිසුන් 164 දෙනකු අද දින මෙරටට රැගෙන ආ බව COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) කියා සිටියේය.