Sunday, 28 April 2024
Editor

Editor

ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ.

වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

අප්‍රේල් මස 25 වන දින සිට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, වයඹ,ඌව, සබරගමුව,දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.

උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (19) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා අරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 8වන සභාපති ලෙසය.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයි.