Sunday, 28 April 2024
Editor

Editor

Tuesday, 22 May 2018 04:56

ජනතාවට කලන්තේ

ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීමට  ඕනෑම ආණ්ඩුවකට සිදුවීම වැලැක්විය නොහැකි අතර උපක‍්‍රමශීලී වීම හැර අන් මගක් නැත.

මැයි මස 25,26,සහ 27 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ දිවයිනේ බලප ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජූනි 29,30 සහ ජූලි 01 දිනට කල්දමා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 3287ක් ආපදාවට ලක්ව ඇත.
 

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (18) පෙ.ව. 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2017 දෙසැම්බර් 26,27,28,29,30,31 සහ ජනවාරී 6,7 දිනයන්හි පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගය - 2017 හි ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරි දිනවලදී දිවයිනේ දකුණු අර්ධයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.

පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.