Saturday, 04 May 2024
Editor

Editor

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට  සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකගතාවය පළ කර ඇත.

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 08 පෙ.ව. 10.00 ට ඉවත් කොට ප.ව. 6.00 ට නැවත පැනවෙයි.

ඉදිරි දිනවලදී (හෙට දිනයේ සිට) නැවතත් වැසි සහිත කාලපරිච්චේදයක් අපේක්ෂා කෙරෙන බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජය නිවේදනය කරයි.

මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කර තිබේ.

2018 වසරේ පළමු මාස 02 තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම 2017 වසරේ එම කාලය තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා සියයට 50 ක අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

මහපොළ හෝ ශිෂ්‍යාධාර (Mahapola /Student Bursaries) සඳහා සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හිමි මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව&ඣුඔට්; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා නිවේදනයක් මගින් කියා සිටියි.

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (5) සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.