Editor
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්
තායිවානයේ දුම්රිය අනතුරකින් 34ක් මරුට
තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ.
උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ.
එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ.
ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය අද සිට තහනම්
71 කැරැල්ලට වසර 50යි
එකදාස් නවසිය හැට පහේ මැයි 14, පොහොය දින ගාල්ල අක්මීමනදී හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණ පිහිටවීමේ මුල්ම සාකච්ජාව පවත්වන ලදී. ඒ රෝහණ විජේවීර නම් අයෙකුගේ නායකත්වයෙනි, ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි කුඩා ගම්මානයක් වන කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් රෝහණ විජේවීර මහතාගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් වූහ."ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු," යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන්, විජේවීර මහතා ගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ. ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය."ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වරක් බී.බී.සී. සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර යනු තංගල්ල ප්‍රදේශයේ ගමක ඉතා දුප්පත් පවුලක උපත ලැබූ පුද්ගලයෙක්. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවුණ, දැඩි අධිෂ්ඨානයක් තිබූ කෙනෙක්. ලුලුම්බා විශ්වවිද්‍යාලයට ලැබුණු ශිෂ්‍යත්වයත් සමග වෛද්‍යවරයෙකු වෙන්න ඉගෙන ගත්තත්, එය හැර දමා සමාජය වෙනුවෙන් කැපවෙන්න ඔහු තීරණය කළා” යනුවෙනි.
මේ ආකාරයට දැඩි අරමුණක් හා අධිෂ්ඨානයක් වෙනුවෙන් ජවිපෙ කැපවෙමින් ඉදිරියට යන කාලයක් එළබෙමින් තිබිණ.
ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා හේතු වූ අතර එවකට වමේ ව්‍යාපාරය චීන පිල හා රුසියානු පිල ලෙස කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කරන ලදී. මෙහිදී රෝහණ විජේවීර මහතා චීන පිල නියෝජනය කරමින් අදහස් දක්වමින් එය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරයි නමුත් මෙම උත්සාහය අසාර්ථක වූ අතර 1967 කියුබානු විප්ලවවාදි චේ ගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවේශ විය. 1969 දී “ඇත්ත “ පත්‍රය ජනතා විමුක්ති පෙරමුණ හැදින්වුයේ “සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමක්" ලෙසයි. මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පුවත්පත් වේ.දින දින රටපුරා තරුණ පිරිස් අතර ලැව් ගින්නක් සේ පැතිරෙන “චේ ගුවේරා කල්ලිය හෙවත් ජවිපෙ මතවාදය එවකට සමගි පෙරමුණු ආණ්ඩුවේ තීක්ෂණ අධීක්ෂණයට හා තැතිගැම්මකට හේතු වී තිබිණි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි.මෙම ප්‍රකාශයත් සමග කිපෙන සුළු තරුණ ප්‍රජාව තව තවත් ඇවිලෙන්නට විය. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී.
ධනපති රාජ්‍ය යන්ත්‍රනයට එක් රැයකදී පහරදී රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට දැරූ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුකරගත් සමාජවාදී තරුණ කඳවුරේ හි පළමු වෙඩිමුරයට වසර පනහකි.
මිහිදුම් සළු එතෙන සුන්දර කඳු පෙළකට මැදි වූ තැනිතලා බිම් කඩක් දායාදය කර ඇතත් වැල්ලවායේ ඇත්තේ කටුක දේශගුණයකි. ඒ සොඳුරු බිම දැනට වසර 50කට පෙරදි ලෙයින්, ගින්නෙන්, යකඩින් දැවී ගියේය. දිනය 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දරය. සෝවියට් විප්ලවයේ ආරම්භක වෙඩි මුරය දැල් වූ අව්රෝරා නෞකාව මේ බිමේදි වැල්ලවාය විය. අප්‍රේල් තරුණ නැගිටීම දෝංකාරදීම ඇරඹුණේ වැල්ලවායෙනි. එම නැගිටීමෙන් 71 කැරැල්ලට හා ඉදිරි විප්ලවීය ප්‍රවණතාවකට සිදු වූ හානිය පිළිබඳව විවිධ කතිකතාවන් ගොඩනැගී තිබේ. එය වෙනම කතාවකි.
සිය දේශපාලන නායකයින්ගේ තීන්දු තීරණ වලට වඩා වැල්ලවායේ තරුණ කණ්ඩායම ඉදිරි පිම්මක් පැන තිබේ. මේ නිසා ළඟ එන අනතුර කලින්ම දැනගත් රජය අවිගත් නැගිටීම ඔඩු දිවීමට පෙර රටපුරා ඇඳිරි නීතිය පනවා. අවි බලමුළු තර කර ගනිමින් සූදානම් විය. වැල්ලවායේ පළමු පහරදීම නිසා සන්නද්ධ වූ රජයට කැරැල්ල විශාල ප්‍රමාණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබිණ. නමුත් විනාශය විනාශයම විය.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවන පෙළ නායකයෙකු වූ කතරගම ගාමිණි බාස් 1969 වසරේ අවසාන භාගයේදී පමණ වැල්ලවායට සේන්දු විය. පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මොනරාගල දිස්ත්‍රික් කමිටුව හරහා පැවරූ රාජකාරිය ඉටුකිරීම ඒ ගමනේ අරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට මෙතෙක් වැල්ලවායේ ඉඩකඩක් නොතිබිණ. ඒ අඩුව සපුරා වැල්ලවායේද පයගැසිය හැකි බිමක් කිරීම කළ යුතුම විය. ඔවුන්ගේ භාෂාවෙන් කියැවෙන පරිදි කොක්ක ගැසීමටය.
වැල්ලවාය ඇතුළත් කතරගම දක්වා මොනරාගල දිස්ත්‍රික් නායකත්වය දැරුවේ අයි. ඩී. ප්‍රේමසිරි ගමගේය. ඔහු මොනරාගල දිස්ත්‍රික් ලේකම්ද විය. යාබද දිස්ත්‍රික්කවන හම්බන්තොට ප්‍රැන්සිස් අබේවික්‍රම නොහොත් පැන්ටිස් අයියාද, අම්පාර නිශ්ශංක විජේවර්ධන ද විසින් මෙහෙයවන ලදී. ගාමිණි බාස්ගේ වැල්ලවාය ආගමනයට එම දිස්ත්‍රික් කමිටු ඉහළම සහයෝගයක් දැක්වීය. ජ.වි.පෙ මතවාදයට අනුගත වූ ශක්තිමත් කණ්ඩායමක් වැල්ලවායේ සිටීම පක්ෂයට ආශිර්වාදයකි. එයට හේතුව වැල්ලවාය ප්‍රධාන මාර්ග සංධිස්ථානයක් වීමයි. කාර්යයේ අවශ්‍යතාවය නිසා වැල්ලවාය පිළිබඳව තමන් සතු දත්තයන් දිස්ත්‍රික් කමිටු විසින් ගාමිණී බාස්ට ලබා දෙනු ලැබීය.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකුවන දඹේගොඩ ජිනදාස මහතා වැල්ලවාය පොලීසියට කළ පහරදීම පිළිබඳව ගවේෂණය කළ අයෙකි. ඔහු පවසන්නේ වැල්ලවාය ප්‍රදේශය තුළ සංවිධානය වුණේත් ක්‍රියාකාරිව සිටියේත් පහරදීම් කළේත් ප්‍රදේශවාසී දැන උගත් තරුණයින් බවයි. රැකියාවක් නොමැති හිඟ අඩුපාඩුකම් මැද පවා උසස් අධ්‍යාපනයක් ලද තරුණයින් බවයි.
“ඔවුන් ප්‍රදේශයේ පිළිගත් සමාජශීලි තරුණයින්, පහරදීමට එක් වූ සමහරු අදත් හොඳ තත්ත්වයේ සමාජ වටිනාකමක් සහිතව ජීවත් වෙනවා. දැනට නම් ඔවුන්ගේ දේශපාලන දැක්ම විවිධයි. හැබැයි වාමාංශිකයො. තරුණ කාලේ කවුරුත් විප්ලවීයයි. ගාමිණි බාස් තම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් වැල්ලවායෙන් තෝරා ගත්තේ මෙවන් තරුණ පෙළක් දඹේගොඩ ජිනදාස මහතා පවසයි.
“ගාමිණි පළමුවෙන්ම හිතවත් කමක් ඇති කරගත්තේ, නැති නම් කොක්ක ගැසුවේ වැල්ලවාය නගර සීමාවෙ උළුකඬේ වත්තේ ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්නටයි. ඔහු කතා කළේ ප්‍රදේශයට ආවේණික, ඇස් පනාපිට පෙනෙන්න තිබෙන ප්‍රශ්න. එවැනි ප්‍රශ්න ප්‍රදේශයකට සීමාකර, මායිම්කර නැහැ. ඒ ප්‍රශ්න වලට විසඳුම් පවා ඉදිරිපත් කළා. පිළිතුරු සොයා යායුතු මාර්ගය පිළිබඳව හැඳින්වීමක් කළා. මෙවැනි කතාවලට අනුගත වෙනවා හැරෙන්න වෙන කළයුතු දෙයක් නැහැ. ඇයි සත්‍යයනෙ.”
මේ විදිහට පියවරෙන් පියවර ක්‍රමානුකූලව තමයි සෙනෙවිරත්නව ජ.වි.පෙ දේශපාලනයට යොමු කරගෙන ඇත්තෙ. සෙනෙවි ඉඩ කඩම් තිබූ යම් ආර්ථික හැකියාවක් සතුව ඇති තරුණයෙක්.
සෙනෙවිට පමණක් ප්‍රදේශයේ ප්‍රශ්නවලට තනිවම පිළිතුරු සොයන්න බැහැ. අපි මේ තත්ත්වය පුළුල් කරමු. ගාමිණි කීවේය. සෙනෙවි එකඟ විය. ඒ අනුව ඔහු තම හිතවතුන් දස දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළේය. එය කාලීන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා මණ්ඩපයක් විය. සාකච්ඡා පැවැත්වුණේ සෙනෙවිරත්නලා සතු පදිංචිය අත් හරිනලද නිවසකය. මෙහෙයවීම ගාමිණි බාස්ගෙනි.
සාකච්ඡාවේ ප්‍රදේශයට ආවේණික, කාලීන ප්‍රශ්න කතාබහට ලක්විය. එම ප්‍රශ්න නිවැරදිව දුටුවාසේම, පිළිතුරු තීරණය කළේ එකඟතාවයෙනි. ගොවියාගේ ශ්‍රමයට වටිනාකමක් නොලැබීම, නිෂ්පාදනයට මිලක් නොවීම, නිවැරදි ජල කළමනාකරණය, ඉඩම් ප්‍රශ්න, හේන ගොවිතැනේ ප්‍රශ්න, දේශපාලනඥයො කැලෑ පාළු කිරීම්, රැකියා ප්‍රශ්නය, එවැනි පීඩනයන්ට ගොදුරුව සිටි තරුණයින් ගාමිණි බාස්ට එකඟවීම පුදුමයක් නොවන බව දඹේගොඩ ජිනදාස මහතාගේ අදහසයි.
සෙනෙවිරත්න, ආරියසේන, මහින්දබාහු, පියසේන, විල්බට්, විල්මට්, ගුණසේකර, රන්බණ්ඩා, සද්ධාරත්න, දිසනායක සාකච්ඡාවට සහභාගි වූ පළමු දසදෙනාගේ කණ්ඩායමට ඇතුළත් වූහ.
ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තිය තෝරාගත් ඩී. එම්. ආරියසේන මහතා විශ්‍රාම ගියේ ප්‍රධන පෙළේ විදුහල්පති වරයෙකු වශයෙනි. ලේඛන කලාවේ යෙදෙමින් නිදහසේ සැහැල්ලුවෙන් කල් ගෙවන ඔහු අතීතයට යමින් පැවසුවේ “ගාමිණි නියම තැනට නිවැරදිව වදින ලෙස කොක්ක ගැසූ බවයි. ඒ කාර්යට ඔහු දක්ෂයි. කාලීන ප්‍රශ්න පිළිබඳව, ගත යුතු මග සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායම එකඟ වුණා. දේශපාලන දර්ශනයක් මේ පසුබිමේ
තිබෙන බවත් කියැවුණේ නැහැ. නායකයෙක් ගැන කියැවුණෙත් නැහැ. අපි අදහස් කළේ බුද්ධිමත් තරුණයින්ගේ පුළුල් සමාජමය සංවිධානයක් ලෙසයි. දෙවැනි සාකච්ඡාවට විෂය සම්බන්ධ ප්‍රවීණයෙකු සහභාගි කරවන බවට ගාමිණී පොරොන්දු වුණා” ආරියසේන මහතා පවසයි.
නුගේයාය හේනකයි දෙවෙනි සාකච්ඡාව තිබ්බේ. ගාමිණි සමග පැමිණි අයෙක් තමයි සාකච්ඡාව මෙහෙය වූයේ. පසුව දැනගත් පරිදි ඒ මාතර දිස්ත්‍රික් නායක සුසිල් වික්‍රමයි. ඔහු පැමිණියේ ගාමිණි (බාස්) කතා කළ ප්‍රශ්න වලට පිළිතුරු රැගෙන බවයි අපි අදහස් කළේ. පසුව සුසිල් වික්‍රම හා මොණරාගල දිස්ත්‍රික් නායක ප්‍රේමසිරි ගමගේ විසින් සුප්‍රසිද්ධ දේශපාලන පංති පහ පවත්වා දේශපාලන මතවාදමය වශයෙන් සන්නද්ධ කිරීම ඇරඹීය. පංති පහට ඔවුන්ගේ අනුගතවීම ඉහළ මට්ටමක් ගත්තේය.
දස දෙනෙකුගෙන් ඇරඹුණු කණ්ඩායම දිනෙන් දින උස්මහත් විය. රහසිගත දේශපාලන සංවිධානයක් පිළිබඳ තොරතුරු ජන මාධ්‍ය මගින් හා කටකතා මගින් වැල්ලවායට ගලා එමින් තිබිණි. නොදැනුවත්වම වුවද තමන්ද එම සංවිධානයේ සාමාජිකයින් බව පංති පහට සහභාගි වූ කණ්ඩායම මේ වන විට තේරුම් ගෙන සිටියහ. නමුත් ආපසු හැරීමට කිසිවෙකුට අවශ්‍ය වූයේ නැත. තමන් සාකච්ඡා කළේ සත්‍ය හා සාධාරණ සමාජයක් පිළිබඳව බව ඔවුන්ට වැටහී තිබුණි.
වික්ටර් අයිවන්
සංවිධානයට රාජ්‍ය මර්දනයේ හස්තය දිගුවී ඇති බවද සැලවුණි. වෙනදාට වඩා තම ප්‍රදේශයේ පවා ආරක්ෂක වළලු හා ජංගම මුරසේවා තරවෙන අයුරු ඔවුහු බලා සිටියහ. එය තරුණ සිත් වලට වේගකාරි ජවයක්ද ගෙන ආවේය. එමගින් කියැවෙන පණිවිඩය වටහාගත් තරුණයෝ සුපුරුදු ජීවන රටාව ගෙන යමින් සංවිධානයට වඩ වඩාත් ආකර්ෂණය වූහ.
මේ වන විට පොලිස් බල ප්‍රදේශය ආවරණයවන සේ ප්‍රධාන පොලිස් කමිටුව හා කුඩා කණ්ඩායම් පවා සකස් කර අවසන්ය. තවත් ඉදිරි පිම්මක් පනිමින් මොනරාගල දිස්ත්‍රික් කමිටු නියෝජනයද වැල්ලවාය හිමිකර ගත්තේය. ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න, ඩි. එම්. ආරියසේන, පියසේන හා ධනපාල සහෝදරවරු දිස්ත්‍රික් කමිටුව නියෝජනය කළහ.
“මව්බිම නැතිනම් මරණය, දෙපයින් නැගී සිටීමට නොහැකි නම් වඩාත්ම සුදුසු මරණයයි”
පාරේ ගහක් ගලක් ගානේ පෝස්ටර් ඇලවිණ. ප්‍රදේශවාසීහු මවිතයට පත් වූහ. පෝස්ටර් ව්‍යාපාරය කාගෙද, අලවන්නෙ කවුරුන්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ. දැක ගත්තේ උදේ පිබිදෙන විට පෝස්ටර් ඇලවී ඇති බව පමණි. තම දරුවන් මෙවැනි ක්‍රියාවල යෙදෙන බව අහිංසක දිවි පෙවතකට හුරුව සිටි ඒ ගොවි මව්පියවරු සිහිනෙන් හෝ නොසිතූහ. නමුත් සිදු වී ඇත්තේ නොසිතූ දෙයමයි.
උදෑසන අවදි වෙන්නේ අලුත් යමක් දැක ගැනීමේ රිසියෙනි. පෝස්ටර් වලින් කියැවෙන ප්‍රශ්න ඔවුන්ට අළුත් දෙයක් නොවීය. ඔවුහු එය තම ජීවිතයේම ප්‍රශ්න ලෙස වටහා ගත්හ. ඒ කෙසේ වෙතත් වටහා ගත නොහැකි ගුප්ත බවක් හා හීන් භීතියක් ඔවුන් අතර දෝලනය වෙමින් තිබිණ. බිම් කළුවරත් සමග බොහෝ නිවෙස්වල දොර කවුළු වැසුණේ ඒ නිසා බව මාධ්‍යවේදී දඹේගොඩ ජිනදාස මහතා පවසයි. ඩී. එම්. ආරියසේන මෙසේ කියයි - වැල්ලවායෙත් කඳවුරක් කළ යුතුයැයි අදහසක් අපිට ඇති වුණා. තණමල්විල කඳවුරට අපේ ක්‍රියාකාරිකයෙකු සහභාගි වීමෙන් පසුවයි එවැනි අදහසක් ඇති වුණේ. දිසා කමිටුව දැනුවත්කර ඉහළ නායකයින්ගේ අනුමැතියෙන් කඳවුර ආරම්භකළේ සෙනෙවිරත්නලගෙ කැලෑ ඉඩමක ඉදිකළ තාවකාලික ආවරණයකයි.
සාමාජිකයෝ කඳවුරට ආවෙ ගියේ රහසිගත ක්‍රමයකට කිසිවෙකුට නොදැනෙන්නයි. හදිසි තත්ත්වයක් මතු වුණොත් දැන ගන්න ඔත්තුකරුවන් පවා යොදවලයි හිටියෙ. මාතර සුසිල් වික්‍රම, ප්‍රේමසිරි ගමගේ සමග ගොවි හමුදාවේ සිටි ගුණසේකර නැමති සහෝදරයෙකුද සහභාගි වුණා. ඔහු පැමිණියේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දෙන්නයි. මෙය ප්‍රායෝගික කඳවුරක්.
ගුණසේකර පොලීසියට කොටු වූයේ මේ අතර තුරදීය. කඳවුරේ සිට ආපසු යන ගමන් ඔහු අත්අඩංගුවට පත් වුණේ ග්‍රාමාරක්ෂකයෙකුගෙන් ලද තොරතුරක් අනුවය. එම තොරතුරෙන් කියැවුණේ ප්‍රදේශයට ආගන්තුක පුද්ගලයෙකු පැමිණ ඇති බවයි. අත් අඩංගුවට ගත් ගුණසේකරගෙන් ආරම්භයේදි නිවැරදි තොරතුරු හෙළිකර ගැනීමට පොලිස් නිලධාරින්ට නොහැකි විය. එහෙත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රමවේදයන්ගේ පිහිටෙන් ඇත්ත වමාරන්නට ගුණසේකරට සිදු විය.
ඒ අනුව ගුණසේකරද පෙරටු කරගෙන පොලිස් නිලධාරිහු කඳවුර වැටලීමට පැමිණියහ. මඟ රඳවා සිටි ඔත්තු කරුවන්ගේ සාංඥාව අනුව පොලීිසිය නුදුරේ සිටියදීම කඳවුරට සහභාගි වූ පිරිස විසිරී ගියහ. කැලෑ වැදුණහ. පොලීසිය ඉවත් බවක් නැතිව ලුහු බඳිත්දි ගුණසේකරටද අත් අඩංගුවෙන් මිදී පලායාමට හැකිවිය. වැල්ලවාය සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව ආරක්ෂක අංශ වලට හා ප්‍රදේශයට හෙළිදරව් වූයේ ඒ අයුරිනි.
පලාගිය කණ්ඩායම එදිනම ආපසු ගමට පැමිණියේ නැත. මේ නිසා කණ්ඩායම්ගත වූ පුද්ගලයින් කවරෙක්දැයි සැක සංකා සහිත හැඳින ගැනීමක් ප්‍රදේශවාසින් අතර විය. ඩී. එම්. ආරියසේනද මේ පිරිස අතර සිටියේය. ඔවුහු රහසිගත හමුවීම් හා ආරංචි මාර්ග වලින් ප්‍රදේශයේ මෙන්ම සංවිධානයේ තොරතුරු සොයා දැන ගත්හ. මූලික සහෝදරවරු තෝරාගත් ස්ථාන වලදී මුණගැසී සම්බන්ධකම් තහවුරු කර ගත්හ. පුවත් පණිවිඩ හුවමාරු කර ගත්හ. එම සිදුවීමෙන් පසු ඔවුන් ගමට හා නිවෙස් වලට නොපැමිණි බවත් මෙමගින් කියැවෙන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දිවයින පුරා පැතිරී ගිය රාජ්‍ය මර්දනය වැල්වායටද පොදු විය.
මේ 1970 මැතිවරණ සමයයි. යූ.එන්.පී ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවෙන් එල්ලවෙන මර්දනය පිටු දැකීමට, ප්‍රතිඋත්තර දීම හා ආරක්ෂා වීම සඳහා එකම විකල්පය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී.ලං.නි.ප ප්‍රමුඛ සමඟි පෙරමුණට සහය දැක්වීම බව ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව තීරණය කළහ. තම සාමාජිකයින් බහුතරයකගේ දේශපාලන පවුල් පසුබිම එ.ජා.ප විරෝධි වීමත්, ශ්‍රී.ලං.නි.ප නැඹුරු වීමත් නිසා එම තීරණය සාධාරණීකරණයට ලක්විය. අනෙක මැතිවරණයෙන් සමගි පෙරමුණේ ජයග්‍රහණය පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. ඒ අනුව ගමෙන් පලාගිය සාමාජිකයෝ ආපසු ගම්බිම් බලා පැමිණ සමඟි පෙරමුණේ ජයග්‍රාහි මැතිවරණ සටනට අනුගතවී ක්‍රියාකාරි සහය දැක්වූහ.
මැතිවරණයෙන් හත් හවුල පරාජය වී සමඟි පෙරමුණ ජය ලැබීමෙන් ආණ්ඩුව වෙනස් විය. ආණ්ඩු පෙරළියෙන් ජ.වි.පෙ ලැබූ නිදහස් වාතාවරණය තාවකාලික වූවකි. ජ.වි.පෙ පිළිබඳව රජයේ ආකල්පය එලෙසමය.
රටේ තැනින් තැන ප්‍රාථමික මට්ටමින් ටින් බෝම්බ නිශ්පාදනය කිරීමට සංවිධානය ක්‍රියා කළේය. නිසි පුහුණුවක් හා ප්‍රමිතියක් නොවීමෙන් නිශ්පාදනයේදී සාමාජික ජීවිත පවා බිලි ගනිමින් බෝම්බ පුපුරා ගියේය. ගිනි අවි පැහැර ගැනීම් පිළිබඳ වාර්තාද දිවයිනේ සතර කොනින් ආරක්ෂක අංශවෙත ගලා ආවේය. ඒ සමගම නැවතත් කලඑළි බැස්සේ රාජ්‍ය මර්දනයයි.
මොනරාගල දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය මර්දනය තදින් ක්‍රියාත්මක විය. වැල්ලවායටද ගැලවීමක් නොවිය. නමුත් සාමාජිකයෝ ක්‍රියාශීලීි වූහ. සංවිධානගත වගකීම් සමඟ වැඩ අධික කාලයක් ඔවුන්ට උදාවිය. මේ අතර ප්‍රදේශයේ ගිනි අවි එකතු කිරීමට සැලසුම් කළහ.
ගොඩ - මඩ ගොවි බිම්, හේන් බිම් හා නීති විරෝධී ගංජා වගාවන් පැවති මෙම ප්‍රදේශයේ ගිනි අවි බහුලව තිබුණි. බලපත් සහිත තුවක්කු මෙන්ම ගල්කටස්ද විය වන සතුන්ගෙන් ආරක්ෂා වීමට හා කැලෑ හේන් පාළු කරන සතුන් පලවා හැරීමට ගොවීන් සතුව තිබූ ගිනි අවි හා ගල්කටස් එකතු නොකිරීමට ඔවුහු පොදු තීරණයක් ගත්හ. එවැනි තීරණයකට හේතුව වූයේ තම වර්ගයාගේ ජීවනෝපාය සුරැකීමට ඔවුන් සතුව උදැල්ල, කැත්ත මෙන්ම ගිනි අවියද තිබිය යුතු හෙයිනි. මොවුහු සියල්ලෝම ගොවි දරුවෝය.
අත් දෙක වනමින්, හිස නවමින් රාජ්‍ය මර්දනයට මුහුණ දිය නොහැක. සමාජවාදි සමාජයක් ගොඩ නැගීම කතිරයෙන් කළ නොහැක. ධනේශ්වර පාලකයින් කිසිදු විටක එය තෑගි ඔප්පුවකින් ලියා නොදේ. තමන් සතුවද ගිනි අවි බලය තිබීම වැදගත්ය.
පාලකයින් හා ඔවුන්ගේ ආරක්ෂකයින් එවිට දෙවරක් සිතන්නට පෙළඹේ.
සොරාගත් හා තර්ජනයකර කොල්ලකාගත් ගිනි අවි ග්‍රීස් තවරා මිටි බැඳ කැලයේ ආරක්ෂක කපොළු වල සැඟවූහ. තමන් විසින් නිශ්පාදනය කළ ටින් බෝම්බ හා දිස්ත්‍රික් සංවිධානයෙන් ලද ටින් බෝම්බ සුරක්ෂිතව බිම්ගත කළහ.
ජ.වි.පෙ තුළ මේ වන විට ගොඩනැගී තිබූ කල්ලි වාදය මොනරාගල දිස්ත්‍රික්කයටද පොදුවිය. යාබද දිස්ත්‍රික්ක තුළ දක්නට ලැබුණ නායකත්වයේ ප්‍රශ්න වලට සහය ලබා ගැනීමට එම දිස්ත්‍රික්කවල මූලික සහෝදරවරු වැල්ලවාය ආක්‍රමණය කළහ. දිස්ත්‍රික් නායකයින් ලෙස ක්‍රියාකළ සමහරු පිටස්තර ප්‍රදේශවලින් පැමිණි අයවූහ. ඔවුන්ට සීමා මායිම් මෙන්ම ප්‍රදේශයේ ප්‍රශ්නද ආධුනිකය. තම ආධිපත්‍යය පමණක් සමාජිකයන් අතර පැතිර වූහ. මේ නිසා ප්‍රදේශයේ සාමාජිකයින් අතර මත භේද පවා ඇතිවිය. දිස්ත්‍රික් නායකයින්ම වඩා ක්‍රියාශීලි පුද්ගලයින් ප්‍රදේශය තුළින්ම ගොඩනැගී තිබිණ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනන්ද දේශප්‍රිය තනතුරෙන් ඉවත් කිරීමට සමහරු පිඹුරුපත් සකස් කළහ. බදුල්ල දිස්ත්‍රික් උප ලේකම් සුනිල් හෙවත් ජයතිලක සිල්වා සහෝදරයා සුනන්ද දේශප්‍රියගේ මතවාදයන්ට පටහැණි විය. ජයතිලක සිල්වාගේ බලපෑම වැල්ලවායට හා මොනරාගලට තීරණාත්මක ලෙස සැලකිණ. බිබිලේ ඩී. ජී. කරුණාරත්න සමඟ බදුල්ල දිස්ත්‍රික් කමිටුව නියෝජනය කළ සරත් සහ අජිත් සහෝදරවරුන් වැල්ලවායට පැමිණියේ මෙවන් පසුබිමක් තුළය.
“විජේවීර විප්ලවය ගැන කතා කරන්නෙ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නයි. නැත්නම් සහෝදරයින් අත් අඩංගුවට ගනිත්දිත්, මර්දනය කරත්දිත් ඇයි නිහඬව ඉන්නෙ. තීරණාත්මක අවස්ථා වලදි විජේවීර පොලිස් අත්අඩංගුවෙ, මමයි විජේවීර කියනවා. එවිටයි. පොලීසිය දන්නෙ මේ විජේවීර කියල. අපේ සාමාජිකයින්ට ආරක්ෂාවක් නැහැ. මේවට මුහුණ දෙන්න වැඩ පිළිවෙළක් පක්ෂයටවත් නැහැ. සුනන්දටත් නැහැ. මේ අය එක්ක මේ ගමන යන්න බැහැ. මර්දනයට මුහුණ දෙන්න හරි විප්ලවය කරන්න හරි ඉක්මන් තීන්දුවක් ගන්න ඕනෙ. ඉක්මන් පහර දීමක් අවශ්‍යයි. සරත් හා අජිත් වැල්ලවාය දැනුම්වත් කළේ එලෙසිනි.ආවේගාත්මකව ඔවුන් පැවසූ අදහස් සත්‍යයට සමීප බව වැල්ලවායේ කණ්ඩායමද වටහා ගත්හ.
එවැනි අතීතයක් පසුකර වසර 50ක් ගතවන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ තම ලෙයින් කදුලින් ජීවිතයෙන් කැපවීම් කළ එදා තරුණ තරුණියන්ගේ කැපවීමට සාධාරණයක් ගෙන ඒවි ද ? එසේත් නොමැති නම්, කාලයෙන් කාලයට ජනග්‍රහණය අඩු කිරීමට මෙසේ මිනිසා තුලින්ම වයිරස් බිහිවන්නා සේ මෙයද එක් වයිරසයක් ලෙස සිතා අමතක කර දමා වසරින් වසර සමරා පහන් දල්වා විසිර යන්නෙමු ද ?
විකිපීඩියා, බී.බී.සී. සිංහල සේවය හා ගණේමුල්ල බුද්ධි බොල්ලත මහතා ලියු ලිපියක් සහ තවත් අන්තර්ජාල ලිපි ඇසුරෙනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ නාගරික කලාපයම ආවරණය වන පරිදි කණු මත ඉදිවන දුම්රිය මාර්ග හතරක්
ලෝකයටම සුවඳ විහිදුවන ඉන්දියාවේ විලවුන් නගරය
පැය 24 ට 11 දෙනෙකු මරපු, මිනීමරු රියදුරන්
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහරගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු, රියදුරෙකුට පහර දීමේ සිදුවීමේ ෆේස්බුක් රචනා කියවා, අසා පැය කීපයක් යනවිට එවැනිම නොහික්මුණු රියදුරන් හේතුවෙන් 11 දෙනෙකුට දිවි අහිමි වන තත්වයක් පහුවනදා අලුයම වනවිට අසන්නට ලැබිණි. උඩ පැන පැන පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ගෙදර යැවීමට සියල්ල සුදානම් වෙද්දී එවැනිම රියදුරන් අතින් 11 දෙනෙකු මියයාම ගැන රචනා, අදෝනා, කවි, නිසදැස් කිසිවක් දකින්නට නැත.
මේ වනවිට පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න කිසිවෙකු නැත. රියදුරා අතින් බරපතල තුවාල ලැබුවෙ උසස් පොලිස් නිලධාරියෙකු නිසා කනිෂ්ඨ නිලධාරියා මෙසේ පහර දෙන්නට ඇතැයි සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වමින් බොහෝ අය මත පළකර තිබිණි. සමහර විට එය එසේ වන්නටද ඇත. නොවන්නට ද ඇත. අව්ව වැස්ස වාහන දුම දුවිලි දරාගෙන අසීරු ක්‍රියාන්විතයක නිරත වුවත් නිතර ම නරකක් මිස හොදක් නොඅසන්නේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් ය. දිනපතා රිය අනතුරු හේතුවෙන් ජීවිත අහිමිවන සැටි දකින්නේ ඔවුන්ය. අතපය,ශරීර කොටස් පාරපුරා විසිරෙන හැටි දිනපතා දකින්නේ ඔවුන්ය. මෙසේ තමන්ගේම අම්මා තාත්තා දුවා දරුවන් වැන්නවුන් මහමග තලා පෙලා දමන රියදුරන් උපරිම මාස තුනකින් ඇපමත නිදහස් වේ. පසුව නඩුවෙන්ද නිදහස් වීම සාමාන්‍ය කරුණකි. මෙම සිදුවීම් මුල සිට අගටම දකින රථවාහන පොලිස් නිලධාරියා මෙසේ මරුවිකාරෙන් සිටීම අරුමයක් නොවෙයි. මේ සිටින්නේ ද මිනිසෙකි ඉවසීමේ සීමාවක් තිබිය හැකිය. නමුත් නිල ඇදුමේ ගෞරවය ඊටත් වැඩිය. එසේ සිතා ඉවසන අවස්ථා ඕනෑතරම්ය. අවසානයේ කොතනින් හෝ මේ පිපිරීම විය හැකිය. පොලිස් නිලධාරියා කළ ක්‍රියාවෙන් රියදුරාද මියයන්නට තිබිණ. ඔහු තවදුරටත් ඉවසිය යුතුව තිබිණි. නමුත් එසේ නොවුණු හේතුව එම අවස්ථාවට අනුව තීරණය විය හැකිය. බදුල්ල පස්සර බස්රථ අනතුරින් රියදුරු ජීවත් වුවද 14 දෙනෙකුට දිවි අහිමි විය.තවත් බොහෝ පිරිසක් පුර්ණකාලීන අන්ගවිකල තත්වයට පත් විය. කුඩා දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් නැතිවිය.ළමයින් බොහෝ පිරිසකට තම ගුරුවරියන් නැතිවිය. දෙමාපියන් ට දරුවන් නැතිවිය.මේ සියල්ලගේ ජීවිත තීරණය කළ රියදුරා මාස කීපයකින් නැවතත් රියදුරු අසුනේය. මවැනි දෑ නිතර නිතර දකින රථවාහන පොලිස් නිලධාරියා ගේ මානසික මට්ටම ඔබට අපට සිතා ගැනීමටවත් නොහැකිය. මග මරුවාගෙන් ජීවිත රැක ගැනීමට නම් මෙවැනි නිලධාරීන් රථවාහන රාජකාරියේ සිටිය යුතුම නොවන්නේ දැයි වැටහෙන්නේ තමන්ගේම අයෙකුට මෙම ඉරණම අත්වූ දිනක දී පමණි. එතෙක් මෙම රචනා නිසදැස් කවි සංකල්පනා සියල්ල රියදුරාගේ අහිංසක කම වෙනුවෙන් පමණි.
සූවස් ඇලේ නැව හිරවීම, ශ්‍රි ලංකාවේ ඉන්ධන සැපයීමට කිසිදු බලපෑමක් නෑ- ඉන්ධන මිල ඉහළ යෑමක් නෑ- අමාත්‍ය උදය ගම්මන්පිල
සූවස් ඇලේ නැව හිරවීම, ශ්‍රි ලංකාවේ ඉන්ධන සැපයීමට කිසිදු බලපෑමක් නෑ- ඉන්ධන මිල ඉහළ යෑමක් නෑ- අමාත්‍ය උදය ගම්මන්පිල