Friday, 19 April 2024

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

Posted On Monday, 05 July 2021 07:19

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

 

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අළුයම නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියි.