Editor

Editor

 
 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ නවතම රට බවට නෙදර්ලන්තය පත්ව තිබෙනවා.

ඒ, සිට රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවට නෙදර්ලන්තය ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. එන්නත භාවිතයෙන් සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වී එම තීරණයට එළඹි බවයි නෙදර්ලන්තය පවසන්නේ.

අවම වශයෙන් මාර්තු 29 වන දා තෙක් පූර්වාරක්ෂාව වෙනුවෙන් එම තීරණය ක්‍රියාත්මක කරන බව ද නෙදර්ලන්තය ප්‍රකාශ කළා.

එන්නත පිළිබඳ කිසිදු සැකයකට ඉඩ දිය නොහැකි බවත්, සියලු දේ නිවැරදිව සිදුකළ යුතු බවත්, නෙදර්ලන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

එබැවින් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේදී සුදුසුම තීරණය බවයි නෙදර්ලන්තය පෙන්වා දෙන්නේ. කෙසේවෙතත්, මෙම තීරණය හේතුවෙන් නෙදර්ලන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා එල්ල වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළා.

මේ අතර ඉකුත් දා අයර්ලන්තය ද සිය රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ, එන්නත ලබාගත් වැඩිහිටියන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ නෝර්වේ රාජ්‍යයෙන් වාර්තාවීමත් සමගයි. මේවනවිට රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම රටවල් අතරට ඩෙන්මාර්කය, නෝර්වේ රාජ්‍යය, බල්ගේරියාව, අයිස්ලන්තය හා තායිලන්තය ද අයත්. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට තරම් තත්ත්වයක් මේවනතෙක් උද්ගතවී නොමැති බවයි

කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම්

පාසල් අද ආරම්භ වෙයි

අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

හිස් ආවරණයක පැළඳීමේ ඇති වැදගත්කම පිළිබදව යතුරුපැදිකරුවන් දැනුවත් කිරිමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක්

කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරයි

පැයකට වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක්

දිවයිනේ පවතින සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක්ම අනාගතයට ගැළපෙන පරිදි නවීකරණයට සැළසුම්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වන හෙට (10) දින පාසල් ආශ්‍රිතව සහ අවට සිසුන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්,

බස්නාහිර පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබේ: පාසල් ආරම්භය මාර්තු 15 දා