Friday, 19 April 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජන සේවාවන් ආරම්භ කෙරේ

Posted On Wednesday, 30 June 2021 16:10

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජන සේවාවන් ආරම්භ කෙරේ


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් අද (30) සිට යළි ආරම්භ කර පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කාර්යාලවල කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේවෙතත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් නාරාහෙන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා සැපයීම සිදුවන්නේ බස්නාහිර පළාතේ පුද්ගලයින් සඳහා පමණක් බවත් අදාල සේවා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට 011 2 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගතයුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.