Thursday, 25 April 2024

ඉදිරියේදී මතුවිය හැකි කොවිඩ් සතුරෙක් ගැන අනතුරු ඇඟවීමක්

Posted On Tuesday, 29 June 2021 15:52

ඉදිරියේදී මතුවිය හැකි කොවිඩ් සතුරෙක් ගැන අනතුරු ඇඟවීමක්


ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් ඉදිරි කාලයේදී ලංකාවේ තුළ පැතිර යා හැකි ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවයි.

මේ පිළිබඳව විශේෂඥයින් පවසා ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරයි.

“වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවධානම පහවෙලා නෑ. අලුත් සතුරෙකුත් කැරකෙනවා.“