Thursday, 25 April 2024

පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක්

Posted On Tuesday, 06 July 2021 15:46

පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක්


මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවත් ඒ අනුව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති බවත් එම නිවේදනයේ සදහන් වන බවයි.