Thursday, 28 March 2024

හෙද වර්ජනයෙන් නිසා රෝගීන් අසරණ වෙයි

Posted On Thursday, 01 July 2021 16:53

හෙද වර්ජනයෙන් නිසා රෝගීන් අසරණ වෙයි


ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද (01) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩපණ වීම හා ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව වර්ජනය නිසා පත්වූයේ දැඩි අපහසුතාවයකටය පත්වූ බව වාර්තා වේ.

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන, මතෘ හා ළමා රෝහල් මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල හැර දිවයිනේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල අද වර්ජනයට එක්ව සිටි බවද වාර්තා වේ.
හෙද වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද දිනය පුරා මෙන්ම හෙටත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.