බුලත්සිංහලදී පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී කාන්තා පාපැදි නිමාවේදී අණතුරට ලක්වී තුවාල ලැබූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් (අද) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමා තිබේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය උපුල් තරංගට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා සිහින බොඳ කළ ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගනී
ඉන්දීය යොවුන් කණ්ඩයම අඛණ්ඩයව තෙවෙනි වරටත්, ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7 (Video)
සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.
සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5
සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.