Monday, 17 March 2025

සන්නස ක්‍රීඩා

සන්නස ක්‍රීඩා

ලක්කෙළිබිම

ආජන්ටිනාවේ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී බාසිලෝනා වෙත ලිපියක් යවමින් තමාට කණ්ඩායමෙන් ඉවත් වීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බව ඔහුට  සමීප ආරංචි මාර්ගයක් CNN  වෙත තහවුරු කර තිබේ.

ඔහු 2020 Champions League තරඟාවලියේදී Bayern Munich කණ්ඩායමට එරෙහිව තරඟ වැදී 8 - 2 ක් වශයෙන් දරුණු පරාජයක් ලැබීමෙන් පසු මෙවැනි තීරණයකට එළඹී ඇතිබව theguardian වාර්තා කරනු ලැබුවා.

 තවමත් ලෝකයේ හොදම ක්‍රීඩකයාගේ ලයිස්තුවේ පෙරමුණේ සිටින ඔහු මෙසේ බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත්වීම ඔවුන්ටද විශාල පාඩුවක් විය හැකිය.

2017 ජූලි මාසයේදී බාසිලෝනා කණ්ඩායම සහ මෙසී අතර කොන්ත්‍රාත් ගිවිසුම 2021 ජුනි 30 දක්වා දීර්ඝ කරන බව නිවේදනය කළ අතර සතියකට ඩොලර් ඩොලර් 645,000 ක් ඔහු වෙනුවෙන් ගෙවන බව  වාර්තා වේ. 33 හැවිරිදි මෙසී 2004 දී බාසිලෝනා වෙනුවෙන් ලීග් තරගාවලියට පිවිසියේය.

 

Barcelona කණ්ඩායම වෙනුවෙන් ගෝල 669* (634+35) වාර්තා කර, Barcelona කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛයාවක් වාර්තා කල මෙසී ගැන මීට පෙරද මෙවැනි ආරන්චි පැතිරී ගියද එය එසෙ නොවීය. Manchester City වර්තමාන පුහුනුකරු (හිටපු Barcelona පුහුනුකරු) Pep Guardiola Lionel Messi සමග දුරකතන සංවාදයකද යේ දී තිබෙන බව මාධ්ය වාර්තා කර සිටියි. Lionel Messi Manchester City කණ්ඩායම සමඟ එක් වීමට වැඩි සම්භාවිතාවක් තිබුනද, Inter Milan, Manchester United, PSG වැනි ක්රීඩා සමාජයන්ද ‍‍Lionel Messi තම කණ්ඩායමට එක් කරගැනීමට කැමැත්තක් දක්වන බවද වාර්තා වෙනවා....

2004 සිට Lionel Messi විසින් Barcelona කණ්ඩායම සමග බොහෝ ජයග්රහනයන් ලබාගෙන තිබෙනවා....
?4X CHAMPIONS LEAGUE WINNER
?10X SPANISH CHAMPION
?6X SPANISH CUP WINNER
?8X SPANISH SUPER CUP WINNER
?3X FIFA CLUB WORLD CUP WINNER
?3X UEFA SUPERCUP WINNER

?6X THE BEST FIFA MEN'S PLAYER
?6X WINNER BALLON D'OR
?2X UEFA BEST PLAYER IN EUROPE
19X TOP SCORER (UCL,LALIGA,Copa dR,..)
10X PLAYER OF THE YEAR

Posted On Wednesday, 26 August 2020 07:34
ක්‍රීඩා දියු­ණු­වට ඇමැ­තිට උප­දෙස් දෙනජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මහේ­ලට
14කගෙන් යුත් කමි­ටුවේ සංග­ක්කාර හා යුද හමු­දා­පති සාමා­ජිකයන් ලෙස පත් වෙයි 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණු කිරීම සංව­ර්ධ­නය හා එහි ප්‍රති­පත්ති, ක්‍රීඩා ප්‍රමි­තිය ඒ ආශ්‍රිත යටි­තල පහ­සු­කම් නගා සිටු­විය හැකි ආකා­රය පිළි­බඳ ඇමැ­ති­ව­ර­යාට උප­දෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභා­පති තන­තු­රට හිටපු ක්‍රිකට් නායක මහේල ජය­ව­ර්ධන මහතා පත් කරයි. එහි කමිටු සාමා­ජි­ක­යකු ලෙස හිටපු ක්‍රිකට් නායක කුමාර සංග­ක්කාර මහතා නම්කොට ඇති අතර යුද හමු­දා­පති මේජර් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාද කමිටු සාමා­ජි­ක­යන් අතර වේ. ජාතික ක්‍රීඩා සභා­වට ඒ ඒ ක්‍රීඩාවලට අදාළ ප්‍රවී­ණ­යින් 14ක් නම්කොට ඇති අතර නිල වශ­යෙන්ම ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජෙන­රාල් නීතිඥ අමල් එදි­රි­සිංහ මහතා පත්ව සිටී.

ජාතික ක්‍රීඩා සභාවේ අභි­නව සාමා­ජි­කයෝ ඊයේ සවස පත්වීම් ලබා එහි සමා­ර­ම්භක රැස්වී­මද පැවැ­ත්වූහ.

නව ක්‍රීඩා සභාව බහු­විධ අංශ­වල පළ­පු­රුදු වෘත්ති­ක­ය­න්ගෙන් සම­න්විත වන අතර, ඔවුහු සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍ය­න්ත­රව ශක්ති­මත් ක්‍රීඩා සංස්කෘ­තිය නැවත ගොඩ­නැං­වීම හා පුන­ර්ජී­ව­නය කිරීම සඳහා අඛ­ණ්ඩව දායක වන්නෝ වෙති.

මෙතෙක් උප­දෙස් පම­ණක් සැපයූ ක්‍රීඩා සභා­වක් වෙනු­වට වඩාත් ශක්ති­මත් කාර්ය ශූර ශ්‍රී ලංකා­වට වඩාත් ඵල­දායී ප්‍රති­පල හා ජය­ග්‍ර­හ­ණ­යක් රැසක් අත්ක­ර­දීම උදෙසා ක්‍රියා­කාරී බල­තල සහිත ජාතික ක්‍රීඩා සභා­වක් ලෙස අභි­නවයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභා­වට කට­යුතු කළ හැකි බව ක්‍රීඩා ඇමති නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

මහේල ජය­ව­ර්ධන මහතා - (සභා­පති), කුමාර් සංග­ක්කාර මහතා - (සාමා­ජික), මේජර් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා - (සාමා­ජික), රොවේනා සම­ර­සිංහ මිය - (සාමා­ජික), සංජීව වික්‍ර­ම­නා­යක මහතා - (සාමා­ජික), ජූලි­යන් බෝලිං මහතා - (සාමා­ජික), යශ්වන්ත් මුරු­ත්තෙ­ටු­ව­ගම මහතා - (සාමා­ජික), සුපුන් වීර­සිංහ මහතා - (සාමා­ජික), කස්තුරි විල්සන් මිය - (සාමා­ජික), රුවන් කෑර­ගල මහතා - (සාමා­ජික), රාජිත අම්පෙ­මො­හොට්ටි මහතා - (සාමා­ජික), රොහාන් ප්‍රනාන්දු මහතා - (සාමා­ජික), ඩිලන්ත මාල­ග­මුව මහතා - (සාමා­ජික), නීතිඥ අමල් එදි­රි­සිංහ මහතා - (සාමා­ජික)

Posted On Friday, 21 August 2020 09:20

ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී 'චැම්පියන් ශූරතාවත්' (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

Posted On Tuesday, 18 August 2020 09:22

මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකි  ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ආකාරයට සමාන බැවින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් විසින් මොහුව සනත් ජයසූරියගේ නැවත ඉපදීම ලෙස විග්‍රහ කරනු ලබයි. කුසල්, කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය මෙන්ම අවුරුදු 13න් පහල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසි අතර පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වන ලදී. 2008 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කුසල්, ඉන්පසු කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සදහා යොමුවන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2013 ඕස්ට්‍රේලියානු සංචාරයේදී පළමුවරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගී වීමට මොහුට ලැබුණි. එදා සිට මේ දක්වා ඉහල ප්‍රේක්ෂක ආදරයක් ඇති දක්ෂ පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.

කෝවිද - 19 වයිරසය සමග ලැබුණු දීර්ඝ නිවාඩුවේදී තම හිත මිතුරන් සමග වගාකටයුතු සමග සම්බන්ද වූ අතර  වගා කිරීමට  තරුණ ප්‍රජාවගේ කැමැත්ත මනාවට පෙන්වූ අවස්තාවක් විය.

sannasa_01.jpg

 

sannasa_02.jpgsannasa_03.jpg

 ජායරුප මුහුණු පොතෙන් 

Posted On Monday, 10 August 2020 04:20

එංගලන්ත දේශීය ක්‍රිකට් පිටියේදී එරට පළමු පෙළ ක්‍රිකට් වරම් දිනා ගන්නට ශ්‍රී ලංකාවේ උපත ලද ක්‍රීඩකයෙකු වූ තිලාන් වලල්ලාවිට පෙරේදා (01 වැනිදා) සමත් වූයේ ඒ සරේ ප්‍රාන්ත කණ්ඩායමත් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමත් අතර පැවති බොබ් වීල්ස් කුසලානයේ පළමු තරගයේදී මිඩ්ල්සෙක්ස් පිළ නියෝජනය කරමිනි.

පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන 22 හැවිරිදි තිලාන්, ශ්‍රී ලංකාවේ පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවකු වූ අජිත් වලල්ලාවිටගේ වැඩිමහල් පුත්‍රයාය.

කොව්ඩ්-19 අවදානමෙන් අනතුරුව එංගලන්ත දේශීය ක්‍රිකට් වාරය බොබ් විල්ස් කුසලානයෙන් ඇරඹිණි. එංගලන්තයේ සහ වේල්සයේ පැවති ක්‍රිකට් තරග ඉතිහාසයේ 121 වන පලමු පෙළ තරගවාරය මෙය වේ.

දිමිත්‍රි මස්කරන්හාස්ගෙන් පසුව එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන, මීළඟ ශ්‍රී ලාංකිකයා තිලාන් වනු ඇතැයි එරට මාධ්‍යවේදීහු අනාවැකි පළ කරති.

Posted On Tuesday, 04 August 2020 05:58
 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු කියුබානු ජාතික පුහුණුකරුගේ සහ වොලිබෝල් බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූ ජනිත් සුරත් තායිලන්තයේ දී වටිනා ජයග්‍රහණයක් නකොන් රචසිමා කණ්ඩායමට ක්‍රීඩා කරමින් අත්කර දීමට සමත්ව තිබෙනවා.

ඒ මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී තමන් කපා දැමූ නිලධාරීන් සහ පුහුණුකරුට අභියෝගයක් එල්ල කරමින්. මෙවර තායිලන්ත වොලිබෝල් ලිග් ශූරතා තරගාවලියේදී ශූරතාව නකොන් රචසිමා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණේ ජනිත් සුරත්ගේ දක්ෂතා හමුවේයි.

ඒ අනුව මෙවර තායිලන්ත වොලිබෝල් ලීගයේ දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ජනිත් සුරත් සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සන්නාමය ද ජාත්‍යන්තර රැගෙන යමින්. 

මීගමුව තිඹිරිගස්කටුව ගමේ උපන් ජනිත සුරත් මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව දුටුගැමුණු මහා විද්‍යාලයේන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා ශාන්ත මරියා මහා විද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු 18දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ජනිත සුරත් ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන්නේ 2007 වර්ෂයේදීයි. 2014 වසරේදී ඔහු ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් වුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා ද වනවා. කෙසේ වෙතත් කියුබානු පුහුණුකරු ජනිත් සුරත් මෙවර සාග් තරගාවලියෙන් කපා දමන්නේ ඔහුට වඩා දක්ෂකයින් කණ්ඩායම තුළ සිටින බව පවසමින්.

කෙසේ වෙතත් මෙවර සාග් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමද දැඩි පසුබෑමට ලක් වුණා. වොලිබෝල් ක්ෂේත්‍රයේ පවතින දූෂණ වංචා පිළිබද ඍජුව කතා කළ ජනිත් සුරත් මෙරටින් බිහි වූ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

නෙත් නිව්ස්

Posted On Friday, 31 July 2020 05:41

සිව් දිනක්  තිස්සේ බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවත් වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය  මෙවරත් 42 වැනි වතාවටත් බස්නාහිර පළාත හිමි කර ගත්තේය.

Posted On Monday, 28 October 2019 14:23

මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන හා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළ මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු අතර එහි සාමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පස්වරුවේ පැවැත්විණි.

Posted On Monday, 09 September 2019 10:00

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවතවනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් විය.

Posted On Wednesday, 19 December 2018 07:58

මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි.

Posted On Thursday, 06 September 2018 09:09

ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

Posted On Friday, 23 February 2018 04:45

ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.

Posted On Friday, 05 January 2018 05:13

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14)  මහනුවරට ලගාවීමට නියමිතව ඇත.
 

Posted On Wednesday, 13 September 2017 05:00
Page 2 of 4