කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනුනද,රටවල් විසින් කොරෝන වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නගත හොත් ලොව පුරා කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව ඉදිරියේ දී විසිලක්ෂය ඉකමවා යාම වැළක්විය නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සිකුරාදා අනතුරු ඇඟවීය.
ගත වූ මාස නමයක කාලය තුල දී ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ දහය පසුකල අතර ඉදිරියේ දී කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා යාමට එතරම් කාලයක ගත නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.එය සිදුවිය හැක්කක් බව ලෝක සුඛය සංවිධානයේ හදිසි ආපදා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් විසින් ස්විස්ටර්ලන්තයෙ ජිනීවා නගරයේ පවතී මාධ්‍ය හමුවකදී පරකාශ කර ඇත. මේ අනුව ඉදිරියේ දී කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් නිපදවීමෙ අබියෝගයට මුහුණ පා සිටින බව පෙන්වා දී ඇති වෛද්‍ය රයන් පවසන්නේ දැනට අප ඉදිරියේ පවතින ගැටලුව වන්නේ ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව විසි ලක්ෂය කරා ලඟා වීම වැලැක්වීම සඳහා රටවල් විසින් සාමුහිකව අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටිනවාද යන්න පිළිබඳව ගැටළු සහගත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ලෝක නායකයින් විසින් කොරෝනා ආසාදිතයින් ගේ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාමාර්ග සාර්ථක අයුරින් ක්‍රියාත්මක නොකර, එකිනෙකා විසින් කොරෝනා වැළක්වීමේ හා මැඩලීම සඳහා දක්වන සහයෝගය වර්ධනය නොකර ක්‍රියාකරන්නේ නම් කොරෝනා වෛරස් මර්ධන එන්නතක් ලොව පුරා භාවිත කිරීමට පෙරම ගෝලීය කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව විසිලක්ෂය ඉක්මවා යා හැකි බව හෙතෙම අවධාරණය කර තිබේ
ඒමන්ති මාරඹේ විසින් දිවයින පුවත්පතට යොමු කළ ලිපියක් ඇසුරෙනි.
ධාවනයට ගත නොහැකි පරිදි අබලන් ව තිබූ ශ්‍රී ලංගම බස් රථ 10ක්, රජයට අයත් ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.
ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට හසුවන ගස් කපා ඉවත් නොකර ඒවා සුරක්ෂිතව යළි රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉකුත් දා පරිසර අමාත්‍යාංශයේ දී භූවිද්‍යා හා පතල් කර්මාන්ත කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව පසුගිය සතියේ නිකුත් කළ වාර්ථාවක දැක්වුනේ කොවිඩ් හමුවේ ඊට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර 84 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී එහි පෙරමුන ජර්මනියටත් 53 වෙනි ස්ථානය අසල්වැසි ඉන්දියාවටත් හිමිව තිබුනා.. මේ පිලිබඳ අසහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වැඩි වශයෙන් එම වාර්තාව හාස්‍යට ලක් කරමින් අදහස් දක්වා තිබු අතර ඉන් නොනැවතී බොහෝ ලාංකිකයින් අදාල වාර්තාව පලකළ john koetsier නැමති මාධ්‍යවේදීයාගේ ෆෙස්බුක් සහ ට්විටර් ගිනුම් වෙත අප්‍රසාදය පලකරමින් අදහස් දක්වා තිබුනා. මෙවැනි තත්වයක් තුල
චීනයේ YICAI Research Institute ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක දර්ශකයේ දෙවැනි ස්ථානය සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබේ.
දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමිකර ගෙන ඇති අතර දර්ශකයේ පළමු ස්ථාන 10 එනම් Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 10 හා ලබාගත් සමස්ත ලකුණු මෙසේය.
1. චීනය - 68.1
2. ශ්‍රී ලංකාව - 59.2
3. ඝානාව - 58.8
4. දකුණු කොරියාව - 57.6
5. මියන්මාරය - 56.3
6. ඕස්ට්‍රේලියාව - 55.6
7. තායිලන්තය - 55.4
8. නවසීලන්තය - 55.1
9. වියට්නාමය - 54.0
10. කාම්බෝජය - 53.7
2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගිය දා ඉහත කමිටුව පත් කෙරිණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය ( Official SMS News Alerts ) ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වසනිය හා වේගවත් පුවත් සේවයක් බවට පත් කිරීමේ අරමුණින් කෙටි පුවත් සේවයේ දෙවැනි සමාරම්භය සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.
September 23, 2020
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එය 2020.10.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15. දක්වාත්, සෙනසුරාදා දින දවල් 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.
සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙස ද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගතයුතු බවද එම නිවේදනයේ දැක්වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා ගත් තීරණයකට අනුව බදාදා දිනය වෙනුවට සඳුදා දිනය මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.
එමගින් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක - 16/2020 ලෙස අදාළ චක්‍රලේඛය නිකුත්කර ඇත.
මේ පිළිබඳව තම කොට්ඨාසවල මහජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස ද ග්‍රාම නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.