Tuesday, 30 April 2024

ධාවනයට ගත නොහැකි බස් රථ 10ක් අලුත් වැඩියා කර යළි ධාවනයට

Posted On Monday, 28 September 2020 05:05

ධාවනයට ගත නොහැකි පරිදි අබලන් ව තිබූ ශ්‍රී ලංගම බස් රථ 10ක්, රජයට අයත් ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.

 

එම බස් රථ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාරදීමේ උත්සවයක් අද 28 දින ලක්දිව ඉංජිනේරු ආයතනයේදී, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.