මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පී.ඒ.එම්.මහින්ද සෙනෙවිරත්න මහතා(විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්), ආරියරත්න ආරිය්පපපෙරුම මහතා(විශ්‍රාමික අතිරේක අධ්‍යක්ෂ ජනරාල්), නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය (කමිටුවේ කැඳවුම්කරු හා ලේකම්) යන අය කටයුතු කරති.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍ර අංක 02හි, කාමර අංක 123 හි දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව වෙත ලැබුණු පැමිණිලි පරීක්ෂා කර බැලීම ආරම්භ කෙරිණ.
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවට, මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 කි. ඉන් අභියාචනා 2365ක් කමිටුව වෙත සෘජුවම ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් දුරකථන අංක 0112691550, 0112691551 හා ෆැක්ස් අංක 0112691552 යන අංක යටතේ වැඩි දුර තොරතුරු විමසීම් කළ හැකිය.