Thursday, 25 April 2024

පැතිරීම පාලනය නොකළහොත් කොරෝනා මරණ මිලියන දෙක පසුකිරීමට වැඩි කලක් යන්නේ නෑ - ලෝක සෞඛ්‍ය සංවිධානය

Posted On Tuesday, 29 September 2020 03:35

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනුනද,රටවල් විසින් කොරෝන වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නගත හොත් ලොව පුරා කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව ඉදිරියේ දී විසිලක්ෂය ඉකමවා යාම වැළක්විය නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සිකුරාදා අනතුරු ඇඟවීය.

ගත වූ මාස නමයක කාලය තුල දී ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ දහය පසුකල අතර ඉදිරියේ දී කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා යාමට එතරම් කාලයක ගත නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.එය සිදුවිය හැක්කක් බව ලෝක සුඛය සංවිධානයේ හදිසි ආපදා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් විසින් ස්විස්ටර්ලන්තයෙ ජිනීවා  නගරයේ පවතී මාධ්‍ය හමුවකදී පරකාශ කර ඇත. මේ අනුව ඉදිරියේ දී කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් නිපදවීමෙ අබියෝගයට මුහුණ පා සිටින බව පෙන්වා දී ඇති වෛද්‍ය රයන් පවසන්නේ දැනට අප ඉදිරියේ පවතින ගැටලුව වන්නේ ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව විසි ලක්ෂය කරා ලඟා වීම වැලැක්වීම සඳහා රටවල් විසින් සාමුහිකව අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටිනවාද යන්න පිළිබඳව ගැටළු සහගත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලෝක නායකයින් විසින් කොරෝනා ආසාදිතයින් ගේ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාමාර්ග සාර්ථක අයුරින් ක්‍රියාත්මක නොකර, එකිනෙකා විසින් කොරෝනා වැළක්වීමේ හා මැඩලීම සඳහා දක්වන සහයෝගය වර්ධනය නොකර ක්‍රියාකරන්නේ නම්  කොරෝනා වෛරස් මර්ධන එන්නතක් ලොව පුරා භාවිත කිරීමට පෙරම ගෝලීය කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව විසිලක්ෂය ඉක්මවා යා හැකි බව හෙතෙම අවධාරණය කර තිබේ

02.jpg

 

 ඒමන්ති මාරඹේ විසින් දිවයින පුවත්පතට යොමු කළ ලිපියක් ඇසුරෙනි.