ශ්‍රී ලාංකික ආහාර වේලක් පිළියෙළ කරන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අර්බුදයකට මුහුණදී සිටී. පසුගිය සති අන්තයේදී අගමැතිවරයා කැන්බරාහි සිය නිවසේදී ශ්‍රී ලාංකික ක්‍රමයට පිසූ ගෝදම්බ රොටි සහ ව්‍යංජනයක් සමාජජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.
අගමැතිවරයාගේ බිරිඳ වන ජෙනිෆර් සහ දියණිය වන ඇබී හා ලිලී රැඳී සිටින්නේ මෙල්බර්න් නුවරයි. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මෙල්බර්න් අඟුළුදමා ඇති අතර ඔවුන් වෙනුවන් අගමැතිවරයා සෑම සති අන්තයකම විවිධ ක්‍රමවලට පිළියෙළ කළ ආහාර වර්ග සමාජජාල ඔස්සේ හුවමාරු කර ගනී. අගමැතිවරයා මෙවර සිය ශ්‍රී ලාංකික ආහාර වේල ප්‍රසිද්ධ කිරීමත් සමග බොහෝ පිරිස් එරට රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකික සිව්දෙනකුගෙන් යුත් පවුලට ඕස්ට්‍රේලියානු රජය දක්වන විරෝධය පිළිබඳ කරුණු ඉස්මතු කර ඇත. බොහෝ දෙනා අගමැතිවරයාට චෝදනා කර ඇත්තේ ඔහු ශ්‍රී ලාංකික ආහාර රස විඳින නමුත්, අදාළ සංක්‍රමණික ශ්‍රී ලාංකික පවුලට එම ආහාර රසවිඳීමේ අයිතිය ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කර ඇති බවයි.
ප්‍රියන හා නදීස් මුරුගප්පන් යුවල සහ ඔහුගේ දියණියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ බිලෝලා නගරයේ වාසය කළ අතර සංක්‍රමණික නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සංක්‍රමණික නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතේ රඳවා තබා ඇත. එරට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිනියක් හා Change org ආයතනයේ අධ්‍යක්ෂ සාලි රග්ස් ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයාගේ රජය මුරුගප්පන් පවුල අත්අඩංගුවට ගත් දිනයේ උදෑසන ඔවුන් සිව්දෙනා ආහාරයට ගනිමින් සිටියේ පරාටා සහ අදාළ මස් ව්‍යංජනය බවයි. එම ප්‍රකාශයට අනුව යමින් ඕස්ට්‍රේලියානු ජාතිකයන් විශාල සංඛ්‍යාවක්ද අදාළ ශ්‍රී ලාංකික පවුල නිදහස් නොකිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අගමැතිවරයාට දෝෂාරෝපණය කර ඇත.
කී‍්‍රම්ද... සබන්ද... ෂැම්පුද... නාන්න ගිය නිරූපිකාව මියගියේ කොහොමද....!
ගයාන් සමරසිංහ 23.08.2020
බොරලැස්ගමුව, වේරහැර පදිංචි වැලිකලගේ පවුලට 2000 වර්ෂයේ මැයි මස 02 වැනිදා ජීවිතයේ ඉතා වැදගත් දිනයක් විය. ඒ එදින එම පවුලට වාසනාව ගෙනා දියණිය මෙලොව එළිය දුටු නිසාය. එලෙස එළිය දුටු දියණියට වැලිකලගේ චමිදුකා කේෂරී යන නම ඔවුන් විසින් තබන ලදී.
මෙලොව එළිය දුටු දින සිටම කේෂරි පුංචි සුරංගනාවියක් බඳුවිය. සුරතල් කතාබහ, නිරතුරුව මුහුණේ රැඳී තිබූ සිනහව, කුඩාකල සිට වවා තිබූ දිගුවන් වරලස ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. බොහෝ අය පැවසුවේ එම ප‍්‍රදේශයේ එවැනි සුන්දර වාසනාවන්ත දැරියක නොසිටි බවයි. පුංචි කේෂරි කාලයත් සමග ලොකු මහත්වන්නට පටන් ගත්තාය.
නිසි වයස පැමිණීමත් සමග දෙමාපියෝ කේෂරීව කොළඹ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලකට ඇතුළත් කළහ. කුඩා කල සිටම ඉගෙනීමට මෙන්ම භාහිර කි‍්‍රයාකාරකම් වලටද ඇය දක්ෂ වූවාය. ඒ අතරින් ගායනයට සහ නර්තනයට ද ඇය සුවිශේෂි දක්ෂතාවක් පෙන්නුවාය. මෙම සුවිශේෂී දස්කම් සහ හැකියාවන් නිසා ඇය පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. එම නිසා කේෂරිට පාසලේදී ලැබුණු ජනප‍්‍රියත්ත්වය කොතරම්ද කිවහොත් බොහෝ අය ඇයව හැඳින්වූයේ කේශූ යන අන්වර්ථ නාමයෙනි.
සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය. කේශු ද ඒ සමානව උස් මහත් විය. එමනිසා පාසල් ජීවිතයෙන් සමුගැනීමටද කාලය එලැඹුණි. සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වුවත් උසස් පෙළ ඇය සමත්වී තිබුණි.
පාසලෙන් පිටවුණ ඇය දැන් තාරුණ්‍යයේ පසුවන යෞවනියකි. ලස්සන රූපයක් මෙන්ම සුන්දර සිරුරක් ද ඇයට හිමිය. එම නිසා ඇය දුටුවන් වශීකරවන සුළු පෙනුමකින් යුක්තය.
‘‘පාසල් අධ්‍යාපනයෙන් පසුව ජීවිතයේ ඉදිරියට කරන්නේ කුමක්ද?’’ පාසලෙන් පිටවී දින කිහිපයකට පසු දෙමාපියෝ ඇයගෙන් විමසූහ.
‘‘මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරත වනවා.’’ එලෙස තම අනාගත බලාපොරොත්තු ගැන ඇය නොබියව තම දෙමාපියන්ට පැවසුවාය. දෙමාපියන් ඇයගේ බසට එක්වරම අවනත වුණි. ඒ කිසි දිනක ඇය වැරදි තීරණයක් නොගන්නා බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.
කේශුගේ සුන්දරත්වය නිසා බොහෝ අය පැවසුවේ කවදා හෝ ඇය මෙරට ප‍්‍රසිද්ධ නිළියක් වන බවයි. එමනිසා උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරතවන්න දෙමාපියන් ඇයට අවසර දෙන්නට ඇත්තේ ඒ ගැනද බලාපොරොත්තුවක් තබාගෙන වන්නට පුළුවන.
ඒ සමග ඇය පිළියන්දල ප‍්‍රදේශයේ පෞද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පිනිියක ලෙසද වැඩ කටයුතු කළාය.
අන් තරුණියන් මෙන් නොව උප්පත්තියෙන්ම ලද සුන්දරත්වයක් ඇයට තිබුණි. එයින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ඇයට හැකි වූවාය. එමනිසා නවකයකු වුවත් නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරියට යෑමට සහ ජනප‍්‍රිය වීමට ඇයට ගතවූයේ ඉතා සුළු කාලයකි.
කෙටිකලක් තුළ ජනප‍්‍රිය වුවත් ඇය ඉතා නිහතමානී තරුණියක වූවාය. එම නිහතමානී කම නිසාමදෝ කොහෙද මෙම ක්‍ෂේත‍්‍රයේ සිටින සැවොම පාහේ ඇයට විශේෂ ලෙන්ගතුකමක් දැක්වූහ.
කේෂාරි නොහොත් කේශු 2018 වර්ෂයේදී තරුණ රූප සුන්දරිය තේරීමේ තරගාවලියකට සහාභාගි වූවාය. එහිදී රූප සුන්දරිය ලෙස අභිශේක ලැබුවේ ඇයයි. එම ජයග‍්‍රහණයත් සමග ඇය එම ක්‍ෂේත‍්‍රයේ තවත් ජනප‍්‍රිය තාරකාවක් වූවාය. එම ජනප‍්‍රියතාව කොතරම්ද කිවහොත් ඒ දිනවල සමහර පුවත්පත්වල මුල් පිටුව පවා සැරසුණේ ඇයගේ රුවින්ය.
පසුගිය වසරේ පැවති ‘‘මිස් ශ‍්‍රී ලංකා තරගාවලියේදී අවසන් පස් දෙනා අතරට ඒමට මෙම නවක නිරූපණ ශිල්පිනියට හැකි වූවාය. එයට අමතරව ඉදිරිපත්වූ තවත් රූප රාජිණි තරග රැසකින් ඇය ජයග‍්‍රහණය ලබා තිබුණි. අඩු වයසින් මෙතරම් දුරක් පැමිණි ඇයට තව නොබෝ කලකින්ම මෙම ක්‍ෂේත‍්‍රය ඔස්සේ ජාත්‍යන්තරය පවා ජය ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ අය අනාවැකි පළ කළහ.
ඒ කාලය අතරතුර නිරූපණ ශිල්පයට අමතරව ඇය අධ්‍යාපන කටයුතුද ඉතා සාර්ථක ලෙස කරගෙන ගියාය.
පෞද්ගලික ජීවිතයේදී ඇය නිවසට අමතරව තම වැඩිමහල් සහෝදරියගේ නිවසේ රැඳී සිටීමටද කැමැත්තක් දැක්වූවාය. ලද සෑම මොහොතකම ඇය කාලය ගත කළේ එම සහෝදරියගේ නිවසේය. එම නිවස පිහිටා තිබුණේ බොරලැස්ගමුව, සල්ගහවත්ත, සිසිල පටුමග ප‍්‍රදේශයේය.
දිනය පසුගිය 15 වැනිදාය. එදින කේශු තම දෙමාපියන්ගෙන් සමුගෙන සහෝදරියගේ නිවසට පැමිණියාය. ඒ දින කිහිපයක් එහි නැවතී සිටීමටයි. සහෝදරියගේ නිවසට පැමිණි කේශු පැය ගණනක් ඇය සමග ආගිය තොරතුරු කථා බස් කළාය.
වේලාව මධ්‍යහ්නය පසුවී තිබුණි. කේශුට ස්නානය කිරීමට අවශ්‍ය වූවාය. ඇය ඒ බව තම සහෝදරියට මෙලෙස පැවසුවාය.
‘‘අක්කේ මාර රස්නෙයි හලෝ. මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නද?’’
‘‘මොකක් කිවුවේ. ඔයා ඉක්මනට වොෂ් දාගෙන එන්න. කවද ඉඳන්ද එහෙම කරන්න ගත්තේ.’’
‘‘නැහැ නැහැ මම ඉක්මනට එන්නම්.’’
‘‘අනේ යන්න නංගී. ඔයා අඩුගානේ පැයක්වත් ඉන්නවා බාත් රූම් එකේ. අපි නොදන්නවයැයි ඒක.’’
‘‘වොෂ් එකක් දානකොට හරියට දාන්න ඕනා. මොකද අපි ස්කීන් එක පරිස්සම් කර ගන්න ඕනා. ’’
‘‘මම විහිළුවක් කළේ. ඔයා ඕන තරම් බාත් රූම් එකේ ඉඳලා එන්න.’’
ඒ අනුව කේශු ස්නානය කිරීම සඳහා නාන කාමරයට ගියාය. ඇයට පෙර සහෝදරියගේ එකොළොස් හැවිරිදි දරුවාද ස්නානය කර තිබුණි.
ඇඳුම් උණා නා ගත් ඇය යම්කිසි ආලේපණ වර්ගයක්ද ශරීරයේ තවරා ගත්තාය. ඉන් පසු සිසිල් වතුරෙන් සහ උණු වතුරෙන් සිත්සේ ඇය ශරීරය සෝදා ගත්තාය.
නාන කාමරයෙන් එළියට පැමිණි පසු වෙනදා මෙන් නොව උගුර කසනවාත් සමග හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇයට දැණුනි. ඇය මඳ වෙලාවක් එය ඉවසාගෙන සිටියාය. ඒ දැන් එය අඩුවෙතැයි සිතාය. එහෙත් අඩුවන පාටක් නොපෙණුනි.
ඒ අතර කාලය තුළ කේශුට පෙර ස්නානය කළ ඇයගේ සහෝදරියගේ පුතාටද යම්කිසි අපහසුතාවක් දැණුනි. ඔහු වහාම එය තම මවට පැවසුවේය. ඇය කලබල වී කේශුට කථා කළාය. ඒ තම පුතාගේ අසනීපය ගැන පැවසීමටයි. එවිට කේශු සිටියේ මහත් බියකින් සහ අමාරුවකිනි. තම සහෝදරියගේ කටහඬට ඇය ඉතා අමාරුවෙන් ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්ය.
‘‘අක්කේ මටත් අමාරුයි....’’
කේශුගේ සහෝදරියට කුමක් හෝ සිදුවී ඇතැයි ඉවෙන් මෙන් දැණුනි. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවකුද සිටියේ නැත. වහාම ඇය ත‍්‍රිරෝද රථයක් නවතා තම සහෝදරිය සහ පුතාව වේරහැර තිබූ රෝහලකට රැගෙන ගියාය.
රෝගීන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දුන්නහ. එම ප‍්‍රතිකාර වලින් කේශුගේ සහෝදරියගේ පුතා සුව අතට හැරුණු අතර කේශුගේ තත්ත්වය බරපතළ අතට හැරුණි.
දැඩි සත්කාර ඒකකයේ සිටි කේශුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වනවිටත් ඇය සියලූ දේම අතහැර දමා මරු තුරුළට ගොස් තිබුණි.
පසුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීහු කේෂරී සහ එම දරුවා භාවිත කළ ආලේපණ වර්ග සහ ජලය සාම්පල් පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක නිලධාරියා වෙත යවා තිබුණි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් එහි වාර්තාව ලැබී නොතිබුණි.
එම නිසා නිරූපණ ශිල්පිණියක් ලෙසින් ජාත්‍යන්තරය පවා ජය ගැනීමට බලා සිටි වැලිකලගේ චමිදුකා කේෂරී අබිරහස් ලෙස මිය ගියේ ඇය භාවිත කළ ජලය, ආලේපන සහ සබන් යන කුමක් විෂ වීමෙන්ද යන්න තවමත් ගැටලූවකි.
දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නොදෙන බවත්, මුවන් ගෝනුන් දඩයම් කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩය ලබාදෙන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී රත්නායක මහතා ප්‍රකාශ කළේය.
උපාධිධාරීන් පනස් දහසට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එළඹෙන 02දා සිදුකිරීමට තම අමාත්‍යංශය සියලු විධිවිධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
සරන් වචා උපත ලබුවේ ද හැදී වැඩුනේද හොංකොං දේශයේය. ඉන්දියානු, ඉරාන, මැලේ සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 34 හැවිරිදි ඔහු පවසන්නේ චීන නගරය තමාට කිසි දිනෙක තමාගේම කෙනෙකු ලෙස සැලකුවේ නැති බවයි.
ඔහු පවසන්නේ ඔහුට කෙළ ගසා, හිරිහැර කළ අවස්ථාද ඇති බවයි. තමන් පොදු ස්ථානයක වාඩිවීමට පවා දෙවරක් සිතන බවත්, දිනක් තමන් උමන් මාර්ගයක ඇති පොදු බංකුවක වාඩි වීමට සුදානම් වූ විට එහි සිටි අය ඉන් නැගිට ගියේ තම මව් භාෂාවෙන්ම තමන් පිටස්තරයෙකු කරමින් බවයි.
දිනක් ඔහු පාර මැද සිහිසුන්ව සිටි බීමත් කාන්තාවක් දුටුවේය. ඔහු ඇයව ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය අතර, ඇයට අවශ්‍ය ජලය මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට දිව ගියේය. ඔහු නැවත වෙළඳ සැලෙන් පිටතට පැමිණි විට,ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවා යැයි සිතූ පොලිසිය, ඇය වෙනුවෙන් පෙනී සිටීමට පෙර, තමන් බිත්තියක් මතට තල්ලු කර මාංචු දැමු බවයි.
ගැටලුව ඔහුගේ සමේ වර්ණය බව ඔහු පවසයි.
"මම හැම විටම හොංකොං මගේ නිවස ලෙස සැලකුවා, නමුත් මට සෑම විටම පිටස්තරයෙකු ලෙස දැනුණා," “ඔබ කුමන තරාතිරමක අයෙකු වුවත් සමේ පැහැය අඳුරු නම් ඔබ ට ලැබෙන පිළිගැනීම වෙනස්ය” සරන් වචා පවසයි.
ලාභ අරමුණුකර නොගත් සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම්, විශේෂයෙන් අඳුරු සමක් සහිත දකුණු හා ගිනිකොනදිග ආසියානුවන් වෙනුවෙන් , අධ්‍යාපනය, රැකියාව සහ නිවාස ලබා දීමේදී වෙනස් කොට සැලකීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ රජයට පැමිණිලි කර ඇත.
එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත 2008 දී හොංකොං ජාති විරෝධී නීතියක් පැනවීය. එහෙත් ක්‍රියාකාරීන් පවසන්නේ එය දෝෂ සහිත, අර්ථ රහිත නීති සම්පාදනයක් බවයි.
හොංකොං විශ්ව විද්‍යාලයේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂණ කරන නීති මහාචාර්ය පූජා කපායි පැවසුවේ “වාර්ගික වෙනස්කම් කිරීම් හොංකොං තුල පවතින බව අප පැහැදිලිවම දකිනවා "අපි ආසියාවේ ලෝක නගරය විය යුතුයි. නමුත් අපට තියන බාධාව මෙයයි.”
හොංකොං ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස ගෝලීය කීර්තියක් ඇත - නමුත් යථාර්ථය නම් එය විශේෂයෙන් වාර්ගිකව සමජාතීය නගරයක් නොවන අතර ජනවාර්ගික චීන ජාතිකයින් ජනගහනයෙන් 96% ක් පමණ වේ.
හොංකොං හි සංක්‍රමණ නීති සමහර කණ්ඩායම්වලට අමානුෂික ලෙස සලකයි. නිදසුනක් වශයෙන්, විදේශීය ගෘහ සේවිකාවන්ට පදිංචිය ලබා ගැනීමට අවසර නැත; 2013 දී ඉතා ප්‍රසිද්ධියට පත් වූ එක් සිද්ධියකදී පිලිපීන ගෘහ සේවිකාවක් පැවසුවේ තමන් වසර 27 ක් නගරයේ සේවය කර තිබුනත් ස්ථිර පදිංචිය අහිමි බවයි.
මේ තත්වය එම ජනකොටස්වල උග්‍ර දරිද්‍රතා තත්වයකට පත්කිරීමට හේතු වී ඇත. රජයෙන් ක්‍රියාත්මක ප්‍රජා වැඩසටහන් ඔවුන්ට හිමිකම් නැති තත්වයක තව තවත් අසීරුවට පත්වෙයි. විශාල වශයෙන් ධනවත් කණ්ඩායම වන්නේ සුදු ජාතිකයින් වන අතර, අනෙකුත් ආසියානුවන් සහ “වෙනත් අය” අසීරු තත්වයකින් හෝ යම් තත්වයක් ඇතිකරගත් අයද සිටී.
හොංකොං හි පදිංචිය ලබාගෙන තම දරුවන් ඇති දැඩි කරන සුළු ජාතීන්ට - හෝ එහි උපත ලැබූ වචා වැනි අයට - සිතෙන්නේ මුල සිටම තමන්ට පිටස්තරයෙකු ලෙස සලකන බවයි මුළු පද්ධතියම ක්‍රියාත්මක වන්නේ එලෙසිනි.
කැන්ටොනිස් භාෂාවට වඩා ටගාලොග් හෝ උර්දු වැනි චීන නොවන භාෂාවන් කතා කරන සුළුතර දරුවන්ට අධ්‍යාපනයේ ව්‍යුහාත්මක අභියෝග උග්‍ර කරන භාෂා බාධකයකට මුහුණ දිය යුතු වන අතර රැකියා වෙළඳපොළට ඇතුළු වූ වහාම ඔවුන් ට පසුබැසීමට සිදුවෙයි.
2006 සිට 2013 දක්වා රජය විසින් චීන නොවන වෙනත් භාෂා කථාකරන සිසුන් ඇතුළත් කළ දේශීය පාසල් ගණනාවකට අරමුදල් සපයන ලදී . චීන භාෂා ඉගෙනුම් වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම සුළුතර සිසුන්ට නැවුම් අත්දැකීම් අධ්‍යාපන හරහා ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ වූ නමුත්
මෙම වැඩසටහන අන්තර්ජාතික හා දේශීය විවේචනයට ලක් වූ අතර එක්සත් ජාතීන්ගේ කමිටුවක් එය “තථ්‍ය වෙනස්කම් කිරීම” ලෙස හැඳින්වූ අතර එය සුළුතර හා චීන සිසුන් විශාල වශයෙන් වෙනම පාසල්වලට යොමු වන්නට විය. 2014 දී රජය විසින් මෙම වැඩසටහන අත්හිටුවා ඇති අතර,නමුත් “ නිල නොවන ලෙස වෙන් කිරීම” අඛණ්ඩව සිදුවන බව පෙනී යන අතර, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ චීන සිසුන් විශාල වශයෙන් සිටින පාසල්වලට සුළුතර සිසුන්ට ඇතුළත් වීමේ සම්මුඛ සාකච්ඡා ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි.
ව්‍යවස්ථාදායක සභාවේ පර්යේෂණ කාර්යාලය විසින් මේ වසරේ නිකුත් කරන ලද ලියවිල්ලක පිළිගෙන ඇති පරිදි, “මෙම භාෂා බාධකය (චීන භාෂාව කතා නොකරන ) සිසුන්ට දේශීය අධ්‍යාපන ක්‍රමයට අනුවර්තනය වීමට හා වැඩිදුර අධ්‍යයන හෝ රැකියා සඳහා ඉදිරියට යාමේ අභියෝගයක් විය හැකි බව පිළිගෙන, රජයේ කැපවීම නැවත අවධාරණය කළේය. "රාජ්‍ය අංශයේ පාසල්වල සුදුසුකම් ලත් සියලුම දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා සහතික කිරීම."ඔවුන්ගේ තවත් ඉල්ලීමකි.
චීන භාෂාව ඉගැන්වීමේ මූලික භාෂාව වන දේශීය පාසල් සඳහා ඇතුළත් වීමේ සම්මුඛ පරීක්ෂණ වලදී සුළුජාතික ළමයින්ට භාෂාව මාර්ග බාධකයක් වැනිය . කෙසේ වෙතත්, මෙම බාධාව නිසා ඔවුන්ට බාහිර ඉගැන්වීම් ලබා ගත නොහැකි නම් ඔවුන්ට කැන්ටොනිස් හෝ මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීම වඩාත් අපහසු වේ. එමඟින් චීන ප්‍රවීණතාවය අවශ්‍ය වන රැකියා ඉල්ලුමට ඇති බාධා ඉවත්වෙයි.
"දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන්ට චීන භාෂාවෙන් මූලික අධ්‍යාපනයක් ලබා ගැනීමයි. නමුත් වාර්ගිකත්වය නිසා සමහර බාලාංශ වලින් චීන භාෂාව ලබාගැනීමට බාධා පවතින බවට වාර්තාවේ.
ළමයින් චීන භාෂාව කතා නොකරන ධනවත් සංක්‍රමණික පවුල් සඳහා, භාෂා බාධකය පහසු නමුත් මිල අධික විසඳුමක් ය. පුද්ගලික ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ඉංග්‍රීසි කතා කරන හා උගන්වන නමුත් මෙම පාසල් සඳහා වසරකට හොංකොං ඩොලර් 266,000 ක් (ඩොලර් 34,330 ක් පමණ) වැය විය හැකි අතර එය බොහෝ පවුල් සඳහා දැරිය නොහැකි තත්වයකි.
කෙසේ වෙතත් හොංකොං වල පවතින මෙම වර්ගවාදී තත්වය ට එරෙහිව සරන් වචා වැනි තරුණ ප්‍රජාව පෙරමුණගෙන ක්‍රියා කලත් එය කවදා කෙසේ විසඳාගත හැකි දැයි කිව නොහැක.
CNN ඇසුරෙනි
කිසිවක් සිදු වන්නේ නැති අදුරු කාල පරිච්ඡේදයක් තිබු යුගයක තිබු බවත් එයට දොස් නඟමින් සිටිමෙන් ඉදිරියට යා නොහැකි බවත්,එය පැත්තකට දමා රට හදන්නට පටන් ගත යුතු බව නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.
August 21, 2020
කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.
“අද දෙරණ BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මෙ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තක් කිරීමේ දී, ඒ නඩත්තු කටයුත්ත සැහෙන දුරට නිම කරලා. අවසාන කොටස නිම කිරීමේ දී එය බාරව හිටපු විදුලි අධිකාරි මහත්මයාගේ අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා. ඒ අත්වැරැද්ද හේතුවන්. අපි ඒකට කියනවා “අර්ත්“ වෙනවා කියලා. “අර්ත්“ වීම නිසා ෆෝට් එකක් ඇතිවෙලා. ඒ දෝෂය නිසා හටගත්තු ප්‍රතිඵයක් ලෙස අවසානයේ දී නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඒ වෙන විට ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධිවෙලා තියෙනවා. තුනම එකපාර නෙමෙයි යම් කාලයත් තුළ පද්ධතියෙන් විසන්දි වෙලා තියෙනවා.“ යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
“මේ සිද්ධිය වුණේ දවල් 12.30ට විතර, සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් 12.30 වන විට පද්ධතියේ විදුලි ඉල්ලුම තියෙනවා මෙගා වොට් 2100-2200 වගේ. සමහර දිනවල ඊට වැඩිවෙන්ත් පුළුවන්. ඒ ඉල්ලුම සමග බලනවිට නොරොච්චෝලයෙන් 810යි, ඒ වෙනකොට මුලින් දෝෂය ඇති වුණ කෙරවලපිටිය උප පොළෙන් මෙගා වොට් 135ක් පමණ පද්ධතියට සම්බන්ධවෙලා තිබුණා. ඒත් සමග විශාල ප්‍රමාණයකට විදුලි ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණාම පද්ධතියේ ලොකු අසමතුලිත තත්ත්වයක් ඇති වුණා.“ යැයි ඒ මහතා සඳහන් කළේය.
“නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත වුණාම නැවත පණගන්වන්නට ඕනේ. එලෙස පණගැන්වීම සාමාන්‍යයෙන් එම බොයිලේරුවේ උෂ්ණත්වය පන්සිය ගණනකට වැඩි වෙනවා. එකක් නැවැත් වූ විට උෂ්නත්වය පහළ බහින්නේ නැහැ. එහි උෂ්නත්වය ස්වාභාවිකව අඩුවන තුරු සිටිය යුතුයි. බොයිලේරුවට වතුර පුරවලා ඒ ක්‍රියාවලිය පටන්ගන්න, එය සිහිල් වෙන කාලය තමයි දවස් තුන හතරක් ගතවෙන්නේ. යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.
ශ්රී ලංකාවේ ක්‍රීඩා දියුණු කිරීම සංවර්ධනය හා එහි ප්‍රතිපත්ති, ක්‍රීඩා ප්‍රමිතිය ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගා සිටුවිය හැකි ආකාරය පිළිබඳ ඇමැතිවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කරයි. එහි කමිටු සාමාජිකයකු ලෙස හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා නම්කොට ඇති අතර යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද කමිටු සාමාජිකයන් අතර වේ. ජාතික ක්‍රීඩා සභාවට ඒ ඒ ක්‍රීඩාවලට අදාළ ප්‍රවීණයින් 14ක් නම්කොට ඇති අතර නිල වශයෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසිංහ මහතා පත්ව සිටී.
ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයෝ ඊයේ සවස පත්වීම් ලබා එහි සමාරම්භක රැස්වීමද පැවැත්වූහ.
නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුහු සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වන්නෝ වෙති.
මෙතෙක් උපදෙස් පමණක් සැපයූ ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්ය ශූර ශ්රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයක් රැසක් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනවයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
මහේල ජයවර්ධන මහතා - (සභාපති), කුමාර් සංගක්කාර මහතා - (සාමාජික), මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා - (සාමාජික), රොවේනා සමරසිංහ මිය - (සාමාජික), සංජීව වික්‍රමනායක මහතා - (සාමාජික), ජූලියන් බෝලිං මහතා - (සාමාජික), යශ්වන්ත් මුරුත්තෙටුවගම මහතා - (සාමාජික), සුපුන් වීරසිංහ මහතා - (සාමාජික), කස්තුරි විල්සන් මිය - (සාමාජික), රුවන් කෑරගල මහතා - (සාමාජික), රාජිත අම්පෙමොහොට්ටි මහතා - (සාමාජික), රොහාන් ප්‍රනාන්දු මහතා - (සාමාජික), ඩිලන්ත මාලගමුව මහතා - (සාමාජික), නීතිඥ අමල් එදිරිසිංහ මහතා - (සාමාජික)
ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබෙනවා. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.
මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ ද මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවුවා.