Tuesday, 26 November 2024
Editor

Editor

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

පාසල් විවෘත කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් ආශ්‍රිතව සිදුකළා.. මෙම මස අවසානයෙත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරනවා.. වෛද්‍ය අරුණ ජයසේකර - අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්දන ඒකකය


නව රාජ්‍ය අමාත්‍යවරු

චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය

දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගුළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රානන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය

නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර – උක්, කජු, බඩඉරිගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.වී. චානක – ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී බී හේරත් – පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජීවන් තොන්ඩමන් – වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

සීතා අරඹේපොළ – නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය


නව ආණ්ඩුවේ කැබිනට් ඇමති මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදු වේ.

එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.

කැබිනට් ඇමතිවරුන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා –  කම්කරු අමාත්‍ය 

ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා දේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

ගාමිණී ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය

ආර් එම් සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

එස්. එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි – අධිකරණ අමාත්‍ය

001_sannasa.jpg


 

 

ප්‍රදීප් උදුගොඩ - කොළඹ දිස්ත්‍රික්කය
සහන් ප්‍රදීප් විතාන - ගම්පහ දිස්ත්‍රික්කය
සංජීව එදිරිමාන්න - කළුතර දිස්ත්‍රික්කය
වසන්ත යාපා බණ්ඩාර - මහනුවර දිස්ත්‍රික්කය
එස්.  නාලක බණ්ඩාර කොට්ටේගොඩ -  මාතලේ දිස්ත්‍රික්කය
එස් බී දිසානායක  - නුවරඑළිය දිස්ත්‍රික්කය
සම්පත් අතුකෝරළ - ගාල්ල දිස්ත්‍රික්කය
නිපුන රණවක - මාතර දිස්ත්‍රික්කය
උපුල් ගලප්පත්ති - හම්බන්තොට දිස්ත්‍රික්කය
අංගජන් රාමනාදන් -  යාපනය දිස්ත්‍රික්කය
ඩග්ලස් දේවානන්ද - කිලිනොච්චි දිස්ත්‍රික්කය
කේ දිලීපන් -  වවුනියාව දිස්ත්‍රික්කය
කේ කාදර් මස්තාන් - මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක  
ඩී වීරසිංහ - අම්පාර දිස්ත්‍රික්කය
කපිල අතුකෝරල - ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
ගුණපාල රත්නසේකර - කුරුණෑගල දිස්ත්‍රික්කය
අශෝක ප්‍රියන්ත - පුත්තලම දිස්ත්‍රික්කය
එච් නන්දසේන - අනුරාධපුර දිස්ත්‍රික්කය
අමරකීර්ති අතුකෝරල - පොළොන්නරුව දිස්ත්‍රික්කය
සුදර්ශන දෙනිපිටිය - බදුල්ල දිස්ත්‍රික්කය
කුමාරසිරි රත්නායක - මොණරාගල දිස්ත්‍රික්කය
අකිල එල්ලාවල - රත්නපුර දිස්ත්‍රික්කය
රාජිකා වික්‍රමසිංහ - කෑගල්ල දිස්ත්‍රික්කය

අපරාධ සම්බන්ධව තොරතුරු දැන්වීමට පොලීසිය හඳුන්වාදුන් විශේෂ දුරකතනයට ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක්- 1263ක් මේ වන විටත් විමර්ශනය කරයි

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇති අතර ආර්ථීකය රින අගයක් ගැනීමට ඉඩ තිබේ. රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. 2020 සහ 2021 වසර වල විදේශ ණය වර්ධනයවීමක් අපේක්ෂා කළ හැකිය. සංචාරක, සහ විගමනික ආදායම සීමා වනු ඇති අතර සහ ආයෝජන වශයෙන් ලැඛෙන විනිමය දැනටමත් පහත වැටී තිබේ. වසංගත තත්ත්වය හමුවේ කරන සහන පිරිවැය ද එකතු වූ පසු මුල්‍ය අංශයේ අර්බුදයක් ඇති කරනු ඇත. යහපත් කාලගුණය කෘෂි අංශයට වැඩදායක විය හැකි නමුත් පවතින රාමුව ආර්ථීක වර්ධනය අඩාල කර දිග කාලයක් එම තත්ත්වයට කොටු කරනු ඇති බව එහි වැඩිදුරටත් දක්වයි.


කොළඹ, හම්බන්තොට, යාපනය හා ත්‍රිකුණාමලය බහුවිධ වානිජ නගර වශයෙන් දියුණු කරනු සදහා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන ලද යෝජනාව සංවර්ධනය පිටපලාත් වලට ව්‍යාප්ත කරනු ඇති අතර කෘෂි නිෂ්පාදනය නැංවීමට හා පසු අස්වනු හානි අවම කිරීමට ගන්නා ප්‍රයත්නය මෙම දුෂ්කර අවස්ථාවේ දී ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු ඇත. කෙසේ වෙතත් ගෝලීය ආර්ථීකයේ අඩු වර්ධනයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවට සෑහෙන අවදානමක් තිබේ. අලූතින් බලයට පත් වූ රජය මූලික වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදකයෙන් යෝජනා කරයි.


1. රජයේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන විට අවශ්‍ය කරන සම්පත් සොයා ගැනීම බලවත් වගකීමකි. පවතින තත්ත්වය කළමනාකරණය සදහා රජය සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම තීරණාත්මකය. කොවිඩ්-19 ආර්ථීක බලපෑම ඉදිරියේ මෙතෙක් ශ්‍රී ලංකාව නිකුත් කර ඇති සහන දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 නොඉක්මවයි. මැලේසියාව හා තායිලන්තය නිකුත් කර ඇති සහන එම රටවල දළ දේශී්‍ය නිෂ්පාදිතයෙන් සියයට 12-15 අතරය. දියුණු රටවල එය සියයට 15-20 මට්ටමක පවතී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂුද්‍ර මුල්‍ය අංශයට දශක ගණනක බලපෑමක් අපේක්ෂා කෙරේ. ස්ථාවරත්වය අරමුණු කරගෙන සැලසුම් කළ සහයෝගයෙකින් යුතු මධ්‍යකාලීන මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් අවශ්‍යය. මෙය දෙස් විදෙස් ආයෝජකයන්, ණය ගැතියන් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන වල විශ්වාසය තහවුරු කරනු ඇත. 


2. ශ්‍රී ලංකාව ජාතයන්තරය සමග අඛණ්ඩ සබදතා තර කරගත යුතුය. සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනීමේ දී ඉන්දියන් සාගරයේ උපායශීලී වැදගත්කමක් සහිත තැනක පිහිටිමෙන් ප්‍රයෝජන ගෙන වඩා විවෘත විය යුතුය. චීනය, කොරියාව හා වියට්නාමය අනුගමනය කර ඇති විවෘත උපාය මාර්ග අනුගමනය කළ හැකිය. රාජ්‍ය කටයුතු ඩිජිටල්කරණයෙන් හා පැරණි නීති වෙනස් කර දෙස් විදෙස් ආයෝජන වලට අවස්ථාව සම්පාදනය කිරීම අවශ්‍යය. අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩල සහයෝගයෙන් ජාත්‍යන්තර ආර්ථීක සම්බන්ධතා ඇති කරන්නට තානාපති කාර්යාල පියවර ගත යුතු අතර චීනය, ඉන්දියාව හා තායිලන්තය වැනි ආසියානු රටවල් සමග නිදහස් වෙළ`ද ගිවිසුම් ඇති කරගත යුතුව තිබේ.


3. පුනර්ජීවනය අරමුණු කරගෙන අන්තර් ක්‍රියාකාරී විද්වත් කණ්ඩායමක් පත් කිරීමේ අවශ්‍යතාව. අන්තර්ජාතික අත්දැකීම් ඇති, සුදුසුකම් සහිත හා පිලිගත් කණ්ඩායමක් රජය සිය ආර්ථීක උපදේශකයන් පත් කරගත යුතු අතර පුනර්ජීවනය උදෙසාස්වාධීනව උපදෙස් දෙන, නිරීක්ෂණය කරන හා අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපත්ති නිවැරදි කිරීමට යෝජනා ගෙන එන්නට හැකි කණ්ඩායමක් විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන් හා මෙම කණ්ඩායම අතර ඔවුන්ට පමණක් සීමා වූ සංවාද පැවැත්විය යුතු අතර ආර්ථීකය ස්ථාවර කරන හා ප්‍රතිපත්ති තීරණ ගැනීම සදහා ලැඛෙන කාලසීමාව සීමිත බව ද පාත්ෂයින්ඩර් පදනම දක්වයි. තිරසාර සංවර්ධනය අරමුණු කරගෙන ප්‍රතිපත්ති හා වැඩසටහන් වලින් යුතු සර්ව සම්පූර්ණ කි්‍රයාකාරී සැලැස්මක් රජයට අවශ්‍යය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳ හසල සමීක්ෂකයෙකු වන පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැහැදිලි කරන අතර ඔවුන්ගේ නිරීක්ෂණයන්  හා යෝජනා මෙසේ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඔවුන් 2020 අප්‍රියෙල් මාසයේ දී විද්වත් පිරිසකගෙන් යුත් අධ්‍යයන කණ්ඩායමක් පත් කර,කොවිඩ් අර්බුදය අභිමුවෙහි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගැන නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කළ අතර  එහි වාර්තාව පසුගිය මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීය.


ලෝකයේ ප‍්‍රබල රාජ්‍ය නායකයෝ 2020 මහ මැතිවරණයෙන් බලයට පත් ශ‍්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුවට සුබ පැතුම් එක්කරමින් සිටිති. මුළු මහත් ජගත් ප‍්‍රජාව කොවිඞ් -19 වයිරසය අභිමුවෙහි බලවත් පීඩනයකය. එසේ තිබිය දී ඉන්දියන් සාගරයේ කුඩා රටක් වන ශ‍්‍රී ලංකාව මහා පියවරක් ඉදිරියට තබා තිබේ. එකක් සෞඛ්‍ය අංශවලට ඔරොත්තු දෙන තරමට වසංගතය පාලනය කරගත හැකිවීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන පියවර ගනිමින් මහ මැතිවරණයක් පැවැත්වීම අනෙක් කාරණාවය. ඡන්දයකට අවස්ථාව නැති බව විවාරක මතය වී තිබුණි. මෙම අවස්ථාවේ සුදුසු නැති බව සදහන් කළ දේශපාලන පක්ෂ අධිකරණය හමුවේ නඩු පැවැරීය. මැතිවරණ කොමිසම ඡුන්දය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අතර සෞඛ්‍ය බලධාරීහු ඡුන්දය පැවැත්වීම සදහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කරමින් අනුබල දුන් බව සදහන් කළ යුතුය. ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද ගණන් කිරීම දවසක් කල් දමන ලද අතර වාර්තා පිහිටුවන ලද අති විශිෂ්ඨ ප‍්‍රතිඵලය ඉතිහාසය අලූතින් ලියා තිබේ.

Sannasa_Pro_01.jpg
මහ මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරනවිට පැහැදිලි වන එක පොදු සාධකයක් තිබේ. මුළු රටක් එක අරමුණකින් එකට රොද බැද ගැනීමය. විවිධ බෙදීම්, මතිමතාන්තර හා පරස්පරතා ඇති ජන සමාජයක් තමන් ගේ ආණ්ඩුව තෝරා ගැනීමේ දී ඒකමතිකවීම විශේෂ සිද්ධියකි. මුළු මහත් ශ‍්‍රී ලංකාව එක හ`ඩින් තෝරා ගෙන ඇති ආණ්ඩුව තම ජනතා ජයග‍්‍රහණය ආරක්ෂා කරගත යුතුය.
දේශපාලන පක්ෂ වලට අලූතින් හිතන්නට සිදුවීම
මහ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන හිමිකම තිබුණ ලාංකේය පුරවැසියෝ ගණන 16,263, 885 කි. මැතිවරණ කොමිසම නිකුත් කළ අවසන් ප‍්‍රතිඵල වාර්තාව එය දක්වයි. පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 353 ක් මහ මැතිවරණයට තරග කළහ. ඡන්දය භාවිතා කරන ලද පිරිස 12,343,309 ක් වන අතර එයින් ඡන්ද 11,598,936 ක් වලංගු ඡන්ද වශයෙන් පිලිගෙන තිබේ. ඡන්ද පෙට්ටියට බහා ලන ලද ඡන්ද අතරින් 744,373 ප‍්‍රතික්ෂේප වී ඇත. එය භාවිතා කළ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 4.58 කි. ඡුන්ද පොලට නොපැමිණි ගණන 3,920,576 ක් බව දැක්වෙයි. භාවිතා නොකළ හා ප‍්‍රතික්ෂේප වූ ඡුන්ද ප‍්‍රමාණය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලියන විට විශේෂයෙන් හුවා දක්වනු ඇත.
ඡන්ද පොලට පැමිණ සිය අයිතිවාසිකම භාවිතා කළ එහෙත් ප‍්‍රතික්ෂේප වන තරමට ක‍්‍රියා කරන ලද පුරවැසියන් අතරින් අතරින් වැඩිම කොටසක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවෙයි. එය හැත්තෑ පන් දහසකට අධිකය. වසර අනූවකට ආසන්න මෙරට සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරන විට ජනතාව ඉතා කැමැත්තෙන් ඡුන්දය පළ කරන ලද පමණක් නොව ඉතා වෛරයෙන් ක‍්‍රියා කරන ලද බව ද සැලකිල්ලට ගත හැකිය. උරණ වූ ජන කොටස ඡුන්දය දෙන්නට පක්ෂයක් නැති බව කල්පනා කරන ලද බව උපකල්පනය කළ හැකිය. මුල් බැසගත් පාරම්පරික දේශපාලන පක්ෂ මෙවර මහ මැතිවරණයේ දී වලංගු සාධකයක් වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය මෙරට පැරණිම හා විශාල ජන පදනමක් තිබුණ පක්ෂයකි. කිසිම මැතිවරණ දිස්ත‍්‍රික්කයක් ජය ගන්නට හැකි වූයේ නැත. ජනතා ඡන්දයෙන් එකම ආසනයක් හෝ හිමි නොවූ අතර  ලැබුණේ එක ජාතික ලැයිස්තු ධුරයකි. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන අතර මුලින් විප්ලවවාදී පක්ෂයක් ලෙස ගමන අරඹන ලද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නමින් ඡන්දයට ඉදිරිපත් වූ නමුත් ලබා ගත හැකි වූයේ මන්ත‍්‍රී ධුර දෙකකි. එක ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ද පත්ව තිබේ.

sannasa_pro_02.jpg
පැරණිම දේශපාලන පක්ෂයට හා තුන්වැනි බලවේගය මුහුණ දුන් ඉරණම ඉතා සැලකිල්ලෙන් අධ්‍යනය කළ යුතුය. ජනතාව ඉල්ලන ප‍්‍රතිපත්ති සහ නායකත්වය පෙන්නුම් කරන්නට නොහැකි වී තිබේ. ඉකුත් ජනාධිපතිවරණය හා අවසන් වූ මහ මැතිවරණය ගැන පමණක් නොවේ. දිගින් දිගටම පුරවැසියන්ගේ විශ්වාසය තහවුරු කරගන්නට නොහැකිවීමට හේතුව සොයා බැලීම සුදුසුය.
කෙටි කාලයකින් ලොකු විශ්වාසයක් දිනා ගත්තේ කෙසේද?

sannasa_pro_04.jpg
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට දිග ඉතිහාසයක් නැත. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විය. පොදු අපේක්ෂකයෙකු සේ ජනාධිපතිවරණයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ද ලබා ගත්තේය. එයට නෛතික පසුබිමක් විය. අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ගේ ප‍්‍රතිවාදියා වූ නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හැරියේ නැත. බලයට පත් ජනාධිපති මෛත‍්‍රී බලවත් විපක්ෂය සිටිය දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් එකතු කරගත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ දුන්නේය. පාර්ලිමේන්තුවේ දෙවැනි බහුතරය සිටිය දී අඩුම තරමින් විපක්ෂ නායකත්වයට පවා අවහිර පැනවීය. අලූත් පක්ෂයක් ගොඩනැගීම හැර අනෙක් විකල්පයක් නොතිබුණි. මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්වන අවස්ථාව අවුරන ලද අතර රාජපක්ෂ කිසිවෙකුට ඉඩ නොදෙනතැනට ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ද්විත්ව පුරවැසි නීතියක් ඉදිරියට තබමින්ය. ඉතාම සුක්ෂම අන්දමට, ව්‍යාජත්වය මතු කිරීම ජනතාව ඉවසුම් නොදෙන තත්ත්වයක් විය. මිත්‍යා තොරතුරු සහ අභූත චෝදනා වල යටි අරමුණ ජනතාව වටහා ගත්තේය. විශේෂ අධිකරණ, කොමිෂන් පත් කර මට්ටු කිරීමට තැත් කරන ලද බව ස`දහන් කළ යුතුය.
තැලෙන වාරයක් පාසා අලූත් මුවහතක් ලැබිණ. ජනතාව ඒකරාශී විය. යහපාලනය අන්තර්ගතය ගැන සැක කළහ. අලූතින් පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළමු සංවත්සරයේ සිට ජයග‍්‍රාහී ගමනක් අරඹා තිබුණි. බැසිල් රාජපක්ෂ එහි පිටුපස සිටි ශක්තියයි. ඔහු සියල්ල සැලසුම් කළේය. පක්ෂය පණලබන්නේ අනෙක් පක්ෂ වල වෛරයෙන්ය. දූෂිත ගනුදෙනු, රටේ ණයගැතිභාවය, කොමිස් හා බලය අයුතු ලෙස භාවිතා කරන ලද බව පුන පුනා කියන අතරවාරයේ සමුපකාර ඡුන්දයේ් සිට ජනතාව අලූත් පක්ෂය වටා එකතු වූ බව මතක් කර දිය යුතුව ඇත.
ඉකුත් ජනාධිපතිවරණය එහි උණුසුම් අවස්ථාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුණ පොදු ජන පෙරමුණ බලවේගයට හතර පැත්තෙන් වට කර චෝදනා කරන අතරවාරයේ පවා ප‍්‍රතිවාදීන් ගේ න්‍යාය පත‍්‍රයට ගොදුරු නොවීමට වත්මන් ජනාධිපතිවරයාට එදා ඒකාග‍්‍රතාවයක් තිබුණි. සෙස් අපේක්ෂකයන් ගේ තරාතිරම නොසලකා ඉදිරියට ගිය හෙතෙම තමන්ගැන විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි අතර වැඩ කරන රටක් හදන්නට බලය ඉල්ලා සිටියේය. සෞභාග්‍යයේ දැක්ම වැඩ පිලිවෙල ජනතාව හමුවේ තැබීය.
වැඩ කරන රටක් වෙනුවෙන් එකට එකතු වූ බලයක්
ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පොහොසත්ය. ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරනු ස`දහා සෑහෙන ආයතන ප‍්‍රමාණයක් තිබේ. අවසානයේ දී රටක් දියුණු කරන තීරණ ගන්නට අසමත්ය. එක කණ්ඩායමක් එක පැත්තකට හරවද්දී අනෙක් කණ්ඩායම එය නොපිට හරවයි. සුක්කානම අතට ගැනීමට ඇති අරමුණ හැර ඉලක්කයක් කරා ගෙන යන්නට අදහසක් නැත. ඉතිහාසය එය නැවත නැවතත් පෙන්වා දී තිබේ.
පොදු ජන එක්සත් පෙරමුණෙන් පත් වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව එකට වැඩ කරන්නට අසමත් විය. එම ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් හමුවට කලින් තවත් කැබිනට් හමුවක් පැවැත්වූ අතර එහි දී තීරණ ගැනීමෙන් පසු නිල රැුස්වීමේ දී අනවශ්‍ය ගැටුම් ඇති කරගත්තේය. මෛත‍්‍රී රනිල් යුගය දෙවැනි අවස්ථාවයි. ආණ්ඩුවේ ඉතා බැ?රුම් තීරණ තමන් පත්තරෙන් දැන ගත් බව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා නොයෙක් අවස්ථාවල ප‍්‍රකාශ කරන ලද බව මතක් කළ යුතුය. ජාතික වැඩ පිලවෙලකින් ආරම්භ වූ නමුත් අවසානයේ දී එම සම්මුතිය ද කැ`දවූයේ අභාග්‍යයි. විධායක ජනාධිපති එක පක්ෂයකින් හා අගමැති අනෙක් තැනෙකින් පත් කර නැවත වතාවක් අතුල් පහරක් කන්නට මෙරට පොදු ජනතාව සූදානම් වූයේ නැත. පක්ෂය තුළ පමණක් නොව රට තුළ පවා අවිධිමත්ව කටයුතු කරමින් සිටිය දී රටට යහපතක් කරන පියවරකට යා නොහැකි බව ජනතාව ඉ`දුරා තීරණය කළේය. අන්තිමේ දී වැඉ කරන රටක් වෙනුවෙන් එකට එකතු වූ බලයක් නිර්මාණය වී තිබේ.
සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යන්නට ජනතාවගේ වරම ඉල්ලා සිටියේය. රටට අභාග්‍යයක් වී ඇති ක‍්‍රමය වෙනස් කරන්නට තුනෙන් දෙකක බලයක් දෙන්නැයි ජනතාවට දෙන ලද තවත් පණිවුඩයකි. වලංගු ඡුන්ද වලින් සියයට 59.09 ක් ගන්නට පොදු ජන පෙරමුණ සමත්විය. පක්ෂය අලූත් මුහුණු ජනතාව හමුවේ තැබීය. වියත් සහ අත්දැකීම් බහුල අය අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කළේය. පොදු ජන පෙරමුණේ ජයග‍්‍රාහී මන්තී‍්‍ර ලැයිස්තුව පරිනත පුද්ගලයන්ගෙන් සමන්විතය. ජනතාව පක්ෂය පමණක් නොව සුදුසු මහජන නියෝජිතයන් ද තෝරා ගෙන තිබේ. සෑම දිස්ති‍්‍රක්කයකම වැඩිම මනාප ගන්නට අලූත් චරිත වලට හැකියාව ලැබී ඇත. ජනතා තීරණය විශාල වගකීමක් බව අමතක කළ යුතු නැත. කිළිටි විය යුතු නැති අතර මහජන විශ්වාසය ආරක්ෂා කරගත යුතුය.
කලින් මැන ගන්නට නොහැකි වන තරමට ජන බලය ගැඹුරුය
ගැඹුරු දිය නිසසලය. කොතැනකින් හෝ කාන්දු නොවන තෙක් නිශ්චලය. කාන්දුවකට ඉඩ තිබුණහොත් ඉවුරු තලා බැස යයි. මෙරට ඉතිහාසය තුළ පක්ෂ හා සන්ධාන වලට එම ඉරණම අත්ව තිබේ. ජනතා ප‍්‍රසාදය දිනා ගැනීම හා තරමටම ආරක්ෂා කරගැනීම ඉවසිලිවන්ත එකකි. කිසිම දේශපාලන විචාරකයෙකුට 2020 මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය කලින් අනුමාන කරන්නට නොහැකිවිය. එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක් හෝ නොදී තුනෙන් දෙකක් ගැනීමට හැකිවනු ඇතැයි පුර්ව නිගමනයකට එන වට පිටාවක් නොතිබුණි. එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී අලූතින් හැදුන සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ජන බලවේගය සියයට 23.90 ක ඡුන්ද පදනමක් ලබා ගත් නමුත් එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය නොදුන් පිරිස එතැන නැත. විශේෂයෙන් තරුණ පරපුර දිනා ගත නොහැකි වී තිබේ. පාරම්පරික එ.ජා.ප. පාක්ෂකයෝ ද එතැනට එකතු වී නැත. ජාතික ජන බලවේගය ලබා ගත් සියයට 3.84 ද පදනම දෙදරා ගිය තත්ත්වයකි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඡුන්ද එකතු කිරීමෙන් පසු පවා පසුගිය ජනාධිපතිවරණයට ලැබුණ ඡුන්ද ප‍්‍රමාණය නැත. අනුරු කුමාර දිසානායක මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සටනට ගිට ජාතික ජන බලවේගයට ද එම සාධකය තිබේ. දේශපාලන විචාරකයන්ට කලින් දකින්නට නොහැකි වූ සහ ජෝ‍යතිෂ්‍ය්‍ය අනාවැකි කරුවන්ට නොපෙණුන ජන බලය ඉතා ගැඹුරු බව පෙනේ.

sannasa_pro_03.jpg
වහාම අලූත් ව්‍යවස්ථාවක් ද නැත්නම් ඉක්මනින් ජනතාවට සහන ද යන අවකාශය අවධානයට ගත යුතුය. ආර්ථිකය හදන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් පලක් නැත. ශ‍්‍රී ලංකාව අවස්ථාවාදී ව්‍යවස්ථා හදා ඇති රටකි. බලයට එන ආණ්ඩු කරන්නේ මුලින් තමන් පරාජය කරග්නට බැරි වන තරමට ව්‍යවස්ථා සංශෝධන කර ගැනීමය. අලූත් ආණ්ඩුවට එය පාඩමකි. ජනතාව ඉල්ලන යුගය ඇති කළ යුතුය. තරුණ පෙල වෙනුවෙන් අලූත් අවස්ථා ඇති සමාජයක් නිර්මාණය කරන්නට අවශ්‍යය. පිබිදෙන ජාතියක්, යළි ඉදිරියට යන රටක් අලූත් අවකාශයක් ඇති කරන බව සැකයක් නැත. රට දියුණු කළහොත් නැවත අවස්ථාවක බලයට පත්වෙන්නට පවතින ව්‍යවස්ථාව හො`දටම ප‍්‍රමාණවත්ය. මූලික කරුණු හ`දුනාගෙන පියවරෙන් පියවර ඉදිරියට යෑම හැර අනෙක් මාවතක් නැත. ජනතාව ඉල්ලා සිටි වෙනස ගැන අවධානය යොමු කිරීම බලය තහවුුරැු කර ගැනීමට වඩා මනෝඥ බව පෙන්වා දිය යුතුය.


ශාමින්ද වත්තේගෙදර

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.