Thursday, 28 March 2024

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුකම්පනයක් Featured

Posted On Friday, 21 August 2020 04:57

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබෙනවා. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ ද මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවුවා.

Read 699 times