Monday, 17 February 2025
Editor

Editor

 

ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කර සිටිනවා. 

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නෞකාවට වී ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු අද එම නෞකාවට ගොඩවූ බවයි.

අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30ක් දුරින් ඊයේ දිනයේදී පැවති නෞකාව ඒකාබද්ධ ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් අද වන විට නාවික සැතපුම් 40ක් දක්වා දුරකට රැගෙන යාමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර නෞකාවේ සිට කිලෝමීටරයක් දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානා මගින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් ඉසිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

MT New Diamond නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැදි පරීක්‍ෂා කිරීමට අද උදෑසන පරීක්‍ෂණ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර එම කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විතවනවා.

ඔවුන් එම මුහුදු ප්‍රදේශය වෙත ගොස් අදාල නියැදීන් ලබාගැනීමෙන් පසු රසායනාගාර පරීක්‍ෂණ කටයුතු සඳහා එම නියැදීන් ගොඩබිමට රැගෙන ඒමට නියමිත අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද දින එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටද නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ

 

ඉන්දියාව සහ චීනය වෙන්වන හිමාලය කදුවැටියට අයත්  පැන්ගොන් දේශසීමාව අසල දෙරටේ බටපිරිස් අතර ගැටුමක් ඇති වී පසුව එය වෙඩි හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම දශක හතරකට පසු චීනය හා ඉන්දියාව අතර වෙඩි හුවමාරුවක් සිදු වූ පළමු අවස්ථාව ලෙස සටහන් වෙයි. මීට පෙර මෙවැනි ගැටුමක් ඇති වූ අතර එය ගුටිබැට හුවමාරුවකින් අවසන් වූ නමුත් මෙවර එය එරටේ දේශපාලනය උණුසුම් කිරීමටද හේතු වී ඇත.

 


sannasa.pngමෙම සිදුවීම ගැන දෙරටම එකිනෙකාට චෝදනාකරගනිමින් සිටින පසුබිමක සදුදා දින ( 07-08-2020) චීන හමුදාවේ විශේෂ ප්‍රකාශකයෙක්  පවසන්නේ ඉන්දියානු හමුදාව චීන දේශසීමාව තරණය කර තම රට තුලට අනවසරයෙන් ඇතුල් වූ බවයි. කිලෝමීටර් 3,379 දිග හිමාලය කදුවැටියේ බටහිර කොටසේ තම හමුදා නිරන්තර සෝදිසියෙන්  පසුවන බවත් එහි ඇති උපායමාර්ගික වැවක් අසල මෙම ගැටුම ඇතිවූ බවත් පළමුව තමන්ට වෙඩි තැබුවේ ඉන්දීය හමුදා බවත් චීන හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

sannasa_02_09-09-2020.jpg
අදාළ සිද්ධියේදී   ඉන්දීය හමුදා සමග සාකජ්චාවට පැමිණි තම නිලධාරීන්ට   ප්‍රකෝපකාරී ඉන්දීය සෙබළුන් වෙඩි තැබූ බවත් චීන හමුදා ප්‍රකාශක කර්නල් ෂැං ෂුයිලි පැවසීය.

අගහරුවාදා ඉන්දීය හමුදාව විසින් චීනය එල්ල කළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර චීනය දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම සඳහා මෙය විකුර්ති කර ඇති බව පවසයි. අදාළ අවස්තාවේදී තම හමුදා ඉතා ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව හැසිරී ඇති බවත් නිර්දය ලෙස ඉන්දු චීන ගිවිසුම උල්ලංඝනය කලේ චීනය බවත් ඉන්දීය හමුදා ප්‍රකාශකයා පැවසීය.

RJ

 

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

Cable-Car-Namal-Uyana.jpg

වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහල නැංවීමට හේතුවන බවයි. ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කලයුතු බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බවයි. පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවයි.එය අක්කර 760කින් සමන්විතය.මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත. මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකල ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයටද යොදවා ගෙන ඇතැයි පැවසේ. පරිගණක අමතර කොටස් හා වාහන වින්ඩිස්ක්‍රීන් සඳහාද මෙම රෝස තිරිවානා යොදා ගන්නා බව පර්යේෂකයෝ පවසති.

ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිලිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජකල දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපි වල සඳහන් වන බවද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දුන්හ.

 

උපුටා ගැනීම  අද derana BIZ 

 

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ, ජර්මනියේ ඊයේ (08) පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයකදීයි.

එම තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්.

2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වන දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී තත්පර 10.22 ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණා. 

 

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල් තරග 2ක ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායම පරාජය වීම හේතුවෙන් 2 ට 1 ක් ලෙස මෙම තරගාවලිය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඊයේ පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 145ක් රැුස් කිරීමට සමත් වුණා. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3ක් අවසානයේ කඩුල 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. මෙම තරගය පැවැත්වුණේ සදම්ප්ටන් හිදියි.

 

ප‍්‍රදේශ රැසකට ඊයේ (08) රාතී‍්‍රයේ සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යටවී තිබෙනවා.

අද (09) අලූයම 04.30 න් අවසන් වූ ගතවූ පැය 20 තුළදී කොළඹ දිස්ති‍්‍රක්කයට මිලිමීටර් 121 ක තද  වර්ෂාපතනයක් ඇදහැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ කහදූව ප‍්‍රදේශයට මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයේ ඇත්කඳුර ප‍්‍රදේශයට මිලිලීටර් 105 ක වර්ෂාපතනයකුත්, උඩුගම ප‍්‍රදේශයට මිලිමීටර් 101 ක වර්ෂාපතනයකුත් ඇදහැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.  

කොළඹ දිස්ති‍්‍රක්කයේ මට්ටක්කුලිය ප‍්‍රදේශයට මිලිමීටර් 104 ක තද වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක 12 ක් නම් කර තිබෙනවා. කොළඹ, කලූතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර එලෙස තද වැසි පිළිබඳ අවදානම් නිකුත් කර ඇති දිස්ති‍්‍රක්කයි. ඒ අනුව එම දිස්ති‍්‍රකකවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම එම දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨය ඉදිරිපස මාර්ගය අද අලූයම එලෙස ජලයෙන් යටවී තිබුණා. එමෙන්ම ආමර්වීදිය, මරදාන ඞීන්ස් පාර ඇතුළු මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබූ බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. තද සුළං හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවලින් ආපදා තත්ත්වයන් ද වාර්තා වී තිබෙනවා. 

උපුටා ගැනීම නෙත් නෙව්ස්

 

ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට අදාළ පහසුකම් ඇති කරන ලෙසට ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු නීතිඥවරුන් 300 ට අධික පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය බවට විධිවිධාන සලකා ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ අරුණ ලක්සිරි පවසා සිටියි.

ඒ අනුව ජනතාවගෙ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග රූපවාහිනිය ඔස්සේ  සජීවීව විකාශනය කිරීමට අදාළ පහසුකම් සපයා දෙන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට හෙට (08) සිට යළිත් සුපරුදු පරිදි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටළු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සමබන්ධ කරගෙන විසඳුම් ලබාදෙන තිරසර වැඩ පිළිවෙලක් සකසනවා.” යැයි අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක්
තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

‍එමෙන්ම පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්යගස්ථානයට අදාළව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

එහි වෛරසයට ලක්වූ 626 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.