Tuesday, 30 April 2024

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා

Posted On Monday, 05 October 2020 16:11

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා

 

මෙවර සියලු විභාග අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක්

දිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණි සිසුන් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සියලු කටයුතු යොදා ඇත.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. මේ අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතර, මේ වනවිටත් එම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇත.

මෙම විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇත. එමෙන් ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.