Saturday, 20 April 2024
නව පුවත්

වොල්බැකියා බැක්ටීරියාව මෙරට තුළ සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය ලබාගන්නා ඉතා විශාල ජයග්‍රහණයක් බවත්, එමගින් ඩෙංගු මර්දනය සඳහා විශාල පිටිවහලක් ලැබෙනු ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

Posted On Tuesday, 03 March 2020 05:46

ලෝකය පුරා ව්‍යාප්තවී තිබෙන කොරෝනා වෛරසය (COVID – 19) රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත් පියවරක් ලෙස දකුණු කොරියාව,ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලු ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

Posted On Tuesday, 03 March 2020 05:44

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා යොදාගන්නා වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයට නිදහස් කිරීමේ සමාරම්භක උළෙල (02) දා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්විනි.

Posted On Tuesday, 03 March 2020 05:38

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන රථවාහන පෙලපාලිවල දී, ඒ සඳහා සහභාගී වන එක් එක් පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වාගැනීම සම්බන්ධ ව එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ හමුවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Posted On Monday, 02 March 2020 06:13

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

Posted On Monday, 02 March 2020 06:10