Wednesday, 08 May 2024
Editor

Editor

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල් දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි

ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට ඊයේ (27) සිට පියවර ගැනිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනය-

මාර්තු (24) උදේ 6.00ට ඉවත් කළ කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිළිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇදිරි නීතිය ප.ව. 2.00ට යළි ක්‍රියාත්මක විය.

ඇඳිරිනීතිය තිබුණත් නැතත් වෛරසය පැතිරීම වැළක්වීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙලට මහජනතාවගේ පූර්ණ සහාය අතවශ්‍යයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොවිඩ්– 19 වෛරසය අසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යාව අද (24) වන විට 101 ක් බවට පත් වී ඇත. ඒ නව කොරෝනා අසාදිත පුද්ගලයින් 04 දෙනකු පිළිබඳව තහවුරු කර ගැනීමත් සමඟයි. එම රෝගීන් හතර දෙනාගෙන් ඉතාලියේ සිට පැමිණි තිදෙනකු වන අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණි එක් අයෙකු ද ඊට ඇතුළත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව, විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් මෙලෙස වෛරස අසාදිත රෝගීන් ලෙස තහවුරු වන බවත් කී අධ්‍යක්ෂවරයා, රජය විසින් නිවේදිත කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක අවදානම් කලාප නම් කිරීමට හේතුවන්නේ මෙම COVID – 19 වෛරසය වැළඳුනු රෝගීන් 101 න් සැළකිය යුතු පිරිසක් මෙම අවදානම් කලාප ලෙස නම් කළ දිස්ත්‍රික්ක තුළ සංකිර්ණය බව හඳුනාගැනීම බව මෙහි දී ප්‍රකාශ කර සිටී.

එනිසා යම්කිසි ආකාරයකට වෙනත් පුද්ගලයින්ට රෝගය එකී දිස්ත්‍රික්ක තුන මඟින් පැතිරීමේ ආරම්භයක් විය හැකි බැවින් මෙම දිස්ත්‍රික්ක තුන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්විය යුතු බවත්, එහි දී මේ දක්වා හඳුනාගෙන ඇති රෝගීන් 101 න් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 21 සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 13 ක් වශයෙන් හඳුනාගෙන ඇති බවත් කියා අනිල් ජාසිංහ මහතා මෙහි දී අවධාරණය කරන ලද්දේ, දැනට මෙම රෝගය පාලනය කරගෙන පවතින තත්ත්වය තවදුරටත් දියුණු කරගෙන මෙරටින් වෛරසය තුරන් කිරීම සඳහා රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙලට ජනතාවගේ පූර්ණ සහයෝගය ඇඳිරි නිතිය තිබුණත් නැතත් අත්‍යවශ්‍යයෙන්ම ලබා දිය යුතු බවත් ය.

ඒ අනුව, පුද්ගල දුරස්ථභාවය, සමාජ දුරස්ථභාවය ඇති කිරීමේ අරමුණින් යුතුව ඇඳිරිනීතිය පනවා ඇති බවත්, එය ඉවත් කළ ද එසේ දුරස්ථභාවයකින් යුතුව කටයුතු කිරීමට මිනිසුන් කටයුතු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කර සිටී අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම වැනි කාරණා කටයුතු වල දී රජය මඟින් දී ඇති නියෝගයන් පිළිපදිමින් ඇතැම් පුද්ගලයින් මීටරයක දුර පවත්වාගනිමින් තම කටයුතු කිරීම ධනාත්මක ප්‍රවර්ධනයක් බවත්, එහෙත් කුඩා වෙළදසැල් අසල ඇතැම් පුද්ගලයින් එක් රැස් වී කටයුතු කරන බවක් ද දක්නට ලැබුණු බවත් කියා සිටී අධ්‍යක්ෂකවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ එවැනි එක් රැස් වීම් වළක්වා ගැනීමට මිනිසුන් විසින් කටයුතු කළ යුතු බවයි.

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

හෝමාගම රෝහල COVID – 19 වෛරසය අසාදනය වී ඇති බවට සැක කටයුතු රෝගීන් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

කොරෝනා ආසාදිත රෝගීන් 91ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මාධ්‍ය හැදුනුම්පත 2019 වලංගු කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ