Thursday, 02 May 2024
Editor

Editor

ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව පසුගිය සතියේ නිකුත් කළ වාර්ථාවක දැක්වුනේ  කොවිඩ් හමුවේ ඊට සාර්ථකව  මුහුණ දුන්  රටවල් අතර 84 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී එහි පෙරමුන ජර්මනියටත් 53 වෙනි ස්ථානය අසල්වැසි ඉන්දියාවටත් හිමිව තිබුනා.. මේ පිලිබඳ  අසහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වැඩි වශයෙන් එම වාර්තාව හාස්‍යට ලක් කරමින් අදහස් දක්වා තිබු අතර ඉන් නොනැවතී බොහෝ ලාංකිකයින් අදාල  වාර්තාව පලකළ john koetsier නැමති මාධ්‍යවේදීයාගේ ෆෙස්බුක් සහ ට්විටර් ගිනුම් වෙත අප්‍රසාදය පලකරමින් අදහස් දක්වා තිබුනා. මෙවැනි තත්වයක් තුල 
චීනයේ YICAI Research Institute ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක දර්ශකයේ දෙවැනි ස්ථානය සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබේ.

දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමිකර ගෙන ඇති අතර දර්ශකයේ පළමු ස්ථාන 10 එනම් Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 10 හා ලබාගත් සමස්ත ලකුණු මෙසේය.

1. චීනය - 68.1
2. ශ්‍රී ලංකාව - 59.2
3. ඝානාව - 58.8
4. දකුණු කොරියාව - 57.6
5. මියන්මාරය - 56.3
6. ඕස්ට්‍රේලියාව - 55.6
7. තායිලන්තය - 55.4
8. නවසීලන්තය - 55.1
9. වියට්නාමය - 54.0
10. කාම්බෝජය - 53.7

2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගිය දා ඉහත කමිටුව පත් කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හදිසියේ ඇති වූ ගින්න නිවා දමමින් සතියක් පුරා පැවතී ඒකාබද්ධ මෙහෙයුමකින් බේරා ගැනීමට ශ්‍රී ලංකා ව ප්‍රමුක කලාපීය නාවික ආපදා කළමනාකරණ ආයතන කීපයක් සමත් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා කනිජතෙල් නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශව මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය අතිමහත් ය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් ඊට අදාළ වියදම් ඇස්තමේන්තුවක් නීතිපති හරහා එම නැව අයිති සමාගම වෙත යොමු කළ අතර එය ලංකා මුදලින් රුපියල් මිලියන 340කි. ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 340 ගෙවීඒමට නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාරීත්වය එකඟ වූ බව සන්නසට දැනගන්නට ලැබිණ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය ( Official SMS News Alerts ) ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වසනිය හා වේගවත් පුවත් සේවයක් බවට පත් කිරීමේ අරමුණින් කෙටි පුවත් සේවයේ දෙවැනි සමාරම්භය සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි


September 23, 2020

ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එය 2020.10.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15. දක්වාත්, සෙනසුරාදා දින දවල් 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.

සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙස ද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගතයුතු බවද එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා ගත් තීරණයකට අනුව බදාදා දිනය වෙනුවට සඳුදා දිනය මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.

එමගින් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක - 16/2020 ලෙස අදාළ චක්‍රලේඛය නිකුත්කර ඇත.

මේ පිළිබඳව තම කොට්ඨාසවල මහජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස ද ග්‍රාම නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

 

Covid-19  වසංගතය හමුවේ පැවති මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ට බොහෝ රාජ්‍ය නායකයන් සිය දායකත්වය ලබාදුන්නේ සජීවීව තම රටේ සිටම සම්බන්ධ වෙමින් ය. දේශන පැවැත්වූ ලෝක නායකයින් ගෝලීය අර්බුධ දෙකක් ගැන වැඩිවශයෙන් අදහස් දක්වා ඇත. එනම් කොරෝනා  හෙවත් කෝවිඩ් -19 වෛරසය හා පෘතුවියේ නොවැලැක්විය හැකි උණුසුම යන කරුණු දෙක පිළිබඳවයි. sannasa_23-09-2020_01.jpg

බ්‍රසීල ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් 

 

ඇමසන් වනාන්තරය  බ්‍රසීලයේ භූමි ප්‍රමාණයෙන් 49% ක් පමණ අයත්වන අතර  පෘතුවියේ  උණුසුමේ උච්චාවචනයට ඇමසන් සෘජුවම දායකවන බව පැහැදිලි කරුණකි. පසුගිය කාලයේ ඇමසන් වනය විශාලවශයෙන් ගිනිබත් වීම හමුවේ ගෝලීය උණුසුමේ ඉහළයාම වේගවත් වී ඇති බව පැහැදිලි කරුණක් වන අතර වනාන්තරයේ ගිනිගැනීම් පාලනයට ජනපතිවරයා අසමත්වීම ගැන කරුණු ඉදිරිපත්විය. මෙවැනි පසුබිමක බ්‍රසීල ජනපති යායිල් බෝල්සොනාරෝ පටිගතකල වීඩියෝවක් මගින් සමුළුව අමතමින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේපකරන බව පැවසීය. ගෝලීය උණුසුම පාලනය සඳහා බ්‍රසීල ජනපතිවරයා ගේ දෑතේ විශාල වගකීමක් ඇති බවත් එය ඔහු නිසියාකාරව ඉටුකර නොමැති බවත් පැහැදිලි කරුණකි. 2018 වසරේ දී බලයට පත් වූ වත්මන් ජනපති යායිල් බෝල්සොනාරෝ කෝවිඩ් වෛරසය පිලිබඳ තැකීමක් නොකිරීමෙන් ඇතිවූ තත්වය මෙන්ම ඇමසන් වනයේ ගිනිගැනීම් හා ගිනිතැබීම් ඇතුළු වනාන්තර විනාශය ගැන  තැකීමක් නොකරන බවට අදහස් පලවිය. බ්‍රසීල ජනපති අඟහරුවාදා (22-09-2020) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතමින් ඇමර්සන් වනාන්තරය  මෙන්ම බ්‍රසීලයේ පැන්ටනල් තෙත්බිම විනාශ කරන බවට විදේශීය “නළු නිළියන්” විසින් ගොතන ලද  ම්ලේච්ච සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයක් ගැන චෝදනා එල්ල කළේය. ඇමර්සන් වනාන්තරයේ ඇති වූ  ගින්න පිලිබඳ  වාර්තා අතිශයෝක්තියට නංවා ඇති අතර බටහිර යුරෝපයට වඩා විශාල ඇමසන් භූමිය නීති විරෝධී කැලෑ ගිනිතැබීම් සහ වනාන්තරය විනාශකරමින් ඇති ක්‍රියාවන් පාලනය ඉතා දුෂ්කර හා ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද පැවසී ය.

 


sannasa_23-09-2020_11.jpg

කෙසේ වෙතත් වත්මන් බ්‍රසීල ජනපතිවරයාගේ ධුරකාලයේ පළමු වසර වන 2019 වසරේදී ඇමසන් වනයේ ගිනිගැනීම් 126,086ක් පිලිබඳව  බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) වාර්තා කළේය. එය ඔහු බලයට පත්වීමට පෙර වසරට වඩා 40% කින් පමණ ඉහළ යාමකි.

ඇලිගේටර්,ජගුවර් වැනි දුර්ලභ සතුන් මෙන්ම තවත් බොහෝ සතුන්ගේ නිවහන වන ඇමසන් වනයට අයත් පන්ටනල් රක්ෂිතයේ ගිනිගැනීම් 16,119ක් වාර්තා වී ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් තහවුරු කර තිබේ.මෙය 1998 වසරෙන් පසු වාර්තා වූ ඉහලම අගයයි.

 


sannasa_23-09-2020_10.jpg

බ්‍රසීල ජන පති බොල්සොනාරෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට කියා සිටියේ බ්‍රසීලය තරම් වන භූමි ප්‍රදේශයන් ආරක්ෂා කරන  වෙනත් කිසිදු රටක් ලොව නැති බවයි. කෙසේ වෙතත් වර්තමානයේ ඇති බලපෑම් හමුවේ බ්‍රසීල ජනපතිවරයා සාධනීය පියවරයන් කීපක ද අනුගමනය කර ඇති බව දක්නට ඇත. එනම් වනාන්තර භූමියට අයත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා වැසි වනාන්තරයන්ට සම්බන්ද විෂයන් ඇතුලත් කරමින් ඇමසන් ලේකම් කාර්යාලය නමින් වෙනම කාර්යාල පද්ධතියක් ස්ථාපනය කරන බව එරට පරිසර අමාත්‍යංශය සදුදා නිවේදනය කලේ ය. වන විනාශය මැඩපැවැත්වීම සඳහා බොල්සොනාරෝ විධායක නියෝග දෙකකට අත්සන් තැබීය එනම් වනාන්තර ගිනි තැබීම තහනම් කිරීම හා ගොවීන්ගේ නීතිවිරෝධී වන එළිකිරීම් හා යන්ත්‍රසුත්‍ර භාවිතයෙන් කරන මහා පරිමාන වන විනාශය වැලක්වීමට දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ හමුදා කණ්ඩායමකට  මුරා සංචාර සඳහා බලය පැවරීම දෙවැන්නයි.

sannasa_23-09-2020_06.jpg

නමුත් “ ඔපරේෂන් ග්‍රීන් බ්‍රසීල් “ මෙහෙයුම මගින් ක්‍රියාත්මක වූ මෙවැනිම මෙහෙයුමකින් වනාන්තර ගිනි තැබීමේ තහනම ඵල රහිත බව ඔප්පු වී ඇත. පසුගිය කාලයේ මෙවැනි වනාන්තර විනාශ කළ පුද්ගලයින් ට ඇමරිකානු ඩොලර් මිලියන 96.3 ක දඩ නියමකර ඇති පසුබිමක වන ගිනි තැබීම් පාලනය වී ඇති බවක පෙනෙන්නට නැත. ඒ වෙනුවට වනාන්තර ගිනි තැබීම ඉහල ගොස් ඇත.පසුගිය අගෝස්තු මස දී පමණක් වනාන්තර ගිනි තැබීම් 29307 ක් වාර්තා වූ බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් ගෙන් පැහැදිලි වෙයි. එය සැප්තැම්බර් මස 27660 ක් ලෙස සටහන් වන්නේ මාසය ඉවර වීමට දින අටකුත් ඉතිරිව ඇති පසුබිමක ය. වර්තමානයේ පවතින වියලි කාලගුණික තත්වය මීට බොහෝ සෙයින් බලපා ඇති නමුත් එය පෙර වසරට වඩා 69.7% ක වැඩිවීමකි.sannasa_23-09-2020_5.jpg

sannasa_23-09-2020_13.jpg

sannasa_23-09-2020_07.jpgඅභ්‍යන්තර පරිසර වේදීන්ගේ මතය

බොහෝ පරිසරවේදීන් බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ප්‍රකාශයන් සැකයෙන් යුතුව සලකන අතර ඔහුගේ ජනපති ව්‍යාපාරයේ පොරොන්දු  අතර  “ඇමසන් ආර්ථික හැකියාවන් ගවේෂණය කිරීම”  යනුවෙන් ඇමසන් වනාන්තරය ව්‍යාපාරයක් කරන්නේ කෙසේදැයි ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කර ඇති බවයි.2011 වසරේ සිට 2018 වසර දක්වා නීති විරෝධී ලෙස වනාන්තර එලි කරමින් වන විනාශයන් කරමින් ඉඩම් අත්පත් කරගත් ඊනියා ඉඩම් කොල්ලකරුවන්ට නීතිමය අයිතිය ලබා දීමට ජනපති බොල්සොනාරෝ ද බල කර තිබේ.sannasa_23-09-2020_08.jpeg

sannasa_23-09-2020_09.jpg

කෙසේ වෙතත් ගෝලීය උණුසුම ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම වඩාත් තීව්ර කිරීමට හේතුවන බව පැහැදිලි කරුණකි දරුණු වියලි කාලගුණය වාර්තාගත උෂ්ණත්වය, වාතයේ වාර්තාගත වියලි බව දැවෙන ඉන්දන එකතුවක්  වැනි බව බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්  පර්යේෂකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. මෙම තත්වය දේශගුණික විපර්යාශයන් වේගවත් කිරීමට හේතු  වෙයි. ඇමසන් වනාන්තරය වසරකදී ලොව කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන ගණනක්  අවශෝෂණය කරමින් ද  ඔක්සිජන් මුදාහරිමින් ද එහි විශාල ගස් වියනක්  වෙමින් පෘතුවිය සඳහා වායුසමීකරණ යන්තරයක් සේ ක්‍රියාකරමින් සේවය සලසන බව පරිසර විද්‍යාඥයෝ පවසති.

කෙසේ වෙතත් බ්‍රසීලය නමැති රට ලොවට විශාල වැදගත්කමක් ඇති රටක් වනවා සේම එහි පාලකයා ලෝක පාලකයෙක් ලෙස නිතරගයෙන් පත් වීම් ලබයි. ඔහු ඒ බව සිත් තබාගෙන වගකීමෙන් කටයුතු කිරීම ලෝකයේ යහපත් පැවැත්මට හේතුවෙයි.

RJ 

අලි වැට සදහා නව නිර්මාණයක් නව නිපැයුම් කරුවෙක් වන සමරනායක මහතා විසින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක අමාත්‍යතුමන් වෙත හදුන්වා දෙන ලදී.

 

රාජ්‍ය ආයතන 30 ක විගණන විමසුම් ඉදිරි කාල සීමාවේදී කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව, කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

නව තනතුරේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

කෝප් කමිටුවේ සියළු සාමාජිකයින් සමග එක්ව එහි ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි නෙත් නිවුස් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.