පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය කරයි
පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා. වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ.
සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද?
මගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා මට ලැබිලා තියෙනව. හැබැයි ඒ සතුටුදායක අවස්ථාවලින් මම වැඩියෙන්ම සතුටු වුණ මොහොත තමයි මේ සම්මානය මගේ දෝතට ලැබුණ දවස.
මේ වසරේ නිර්මාණ වැඩි සංඛ්‍යාවකට දායක වෙමින් ජනප්‍රියම නිළිය වෙන්න හීන මැවුවාද?
ඕනම කෙනෙක් නිළියක් වුණාට පස්සෙ සම්මාන හා ඇගයීම් බලාපොරොත්තු වෙනව. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානයට මගේ නමත් නිර්දේශ වෙයි කියලා මම හිතුවෙ නැහැ. හැබැයි මගේ නම නිර්දේශ වෙලා අන්තිම දහයටත් ආවට පස්සෙ තමයි මට බලාපොරොත්තුවක් ආවේ මට මොකක් හරි අවස්ථාවක් ලැබෙයි කියලා.
සම්මානය හිමිකර ගැනීමෙන් පසු ඔබට දැනෙන්නේ අභියෝගයකට මුහුණ දීමෙන් පසු දැනෙන හැඟුමද?
සම්මානය ලැබෙයිද කියලා අභියෝගයක් තිබුණා. නමුත් මේ අවුරුද්දෙ මම රඟපාන ටෙලි නාට්‍ය හයක්ම විකාශනය වෙනව. මම මේ කාලය තුළ චරිත හයකින් ප්‍රේක්ෂකයන් අතර ඉන්නව. මා සමග නිර්දේශ වූ අනිත් රංගන ශිල්පිනියනුත් මට කලින් රංගනයට ආපු අය. මේ හැම දෙයක්ම ගැන බලද්දි ඒක එහෙම නොවෙයි කියලා කියන්නත් බැහැ.
ජනප්‍රියත්වයේ සම්මානයෙන් ක්ෂේත්‍රයේ ඔබව වෙනස් මානයකට යොමු කළාද?
රංගන ශිල්පිනියක් විදිහට සම්මානයක් ලැබීම ලොකු ශක්තියක්. නමුත් මම ඒ මතම ඉන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට මම කරගෙන ආපු වැඩටික කරගෙන යනවා.
මේ සම්මානය බොහොම කෙටි කලකින් පහසුවෙන් හිමිවූ දෙයක්ද?
නැහැ. නැහැ. ඇත්තම කිව්වොත් මං සම්මානය ගත්ත මොහොතෙත් මේ ගැන මතක් කළා. මම 2013 අවුරුද්දෙ කොළඹට ආපු දා ඉඳන් කළ කැපවීම මහන්සිය මේ තරම් කාලයක් මම ක්ෂේත්‍රයේ කටයුතු කළ ආකාරය මගේ නිහතමානීකම මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහටයි මට මේ සම්මානය ලැබුණෙ.
ඔබ පැමිණි ගමනේ මතක සටහන් සිහිපත් කර තබන්න මේ අනගි මොහොතක් කියා හැඟෙනවා
මම අනුරාධපුරයෙ නෙල්ලිකුලම ගමේ ඉඳන් කොළඹට එන්නෙ ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංගකලා උපාධිය හදාරන්න. උපාධිය හදාරල අවසන් වුණාට පස්සෙ මට අකලංක සපුමල්ගෙ හිනාවෙලා හේතුවක් වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එම රංගනය වෙනුවෙන් 2015 මම යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානය මට ලැබුණා. එතැනින් තමයි මම මගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ. ඊට පස්සෙ 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මගේ නම නිර්දේශ වුණා. ඊට පස්සෙ තමයි මම ටෙළිනාට්‍ය වලට යොමුවුණේ.
නයෝමි පටන් ගන්නෙ ප්‍රධාන නිළියගේ චරිතයෙන්ද?
මට මුලින් ප්‍රධාන චරිත ලැබුණෙ නැහැ. මම ඕන තරම් පොඩි පොඩි චරිත කරල තියෙනව. උදාහරණයක් විදිහට මුළු නාට්‍යයේම එක දර්ශනයක පමණක් රඟපාන චරිත කරලා තියෙනව. පොඩි තැනකින් ආවහම තමයි මේ වගේ දිනුමකදී ලොකු වටිනාකමක් දැනෙන්නෙ.
ඔබ පවසන්නෙ දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙස අද ඔබ ජනප්‍රියත්වයේ සම්මානය හිමිකරගත් බවද?
අනේ ඔව්. අපි අවුරුදු දෙකක් ඉගෙනගන්න කාලෙ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළා. අපි කොළඹ ජීවත්වුණේ. ගෙදරින් දෙන මුදල් ටිකෙන් සල්ලි ඉවර වුණහම මෙහෙ සල්ලි ඉල්ලගන්න කෙනෙක් නැහැ. බස් එකේ යන්න සල්ලි නැතිව පයින් ගිහින් තියෙනව. රෑට බෝඩිම්වල බත් කන්න ව්‍යංජන නැතිවුණාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනව. එහෙම කට්ටක් කාල තමයි මෙතැනට ආවෙ. දැන් මට හැමදේම ලැබිලා තිබුණත් ඉස්සර ගතකරපු සරළ ජීවිතයට තමයි මම කැමති. අදටත් මට එදා උන්න ඒ සරළකමේ ඉන්න පුළුවන්.
පාසල් සමය නයෝමිට නිළියක් විමේ මංපෙත හෙළි පෙහෙළි කර දුන්නද?
පුංචි කාලෙනම් මම කියල තියෙනව මම හින්දි නිළියක් වෙන්න කැමතියි කියලා. ඒත් මම ඉගෙනගත්ත අපේ ගමේ නෙල්ලිකුලම පාසලේ නාට්‍ය හා රංගකලාව කියල විෂයක් තිබුණෙ නැහැ. ඒ නිසා පාසලේ සාමන්‍ය පෙළ දක්වා මට කලාව ටිකක් මග හැරුණ. සාමන්‍ය පෙළට නම් නැටුම් ඉගෙන ගත්තා උස්සපෙළ කරන්න. අනුරාධපුර ස්වර්ණපාලි බාලකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සෙ මට නාට්‍ය හා රංගකලාව හදාරන්න ලැබුණා.
එකම වකවානුවක ටෙළි නාට්‍ය හයක රඟපෑම පහසු කාර්යයක්ද ?
මේ දවස්වල මම රඟපාන නාට්‍ය හයක් විකාශනය වෙනව. ඒ සඳහා කාලය වෙන්කරගන්න එක පවා හරිම සූක්ෂම විදිහට කරන්න වෙනව. උදාහරණයක් විදිහට විශේෂයෙන් අද මම යන්නෙ නීල පබළු ටෙළි නාට්‍යයේ රඟපාන්න නම් මම උදේ ඉඳන් ඒ චරිතය ගැන විතරමයි හිතන්නෙ. නැත්නම් මම ඒ තැනට ගිහින් ඔළුව හදාගන්න කැමතියි.
නිළියක් විදිහට චරිතයක් වෙනුවෙන් ඕනෑම ආකරයක කැපවීමක් කරන්න ඔබ සූදානම්ද?
ඒක මම තීරණය කරන්නෙ නිර්මාණයේ පිටපතත් එක්ක.
නයෝමිගේ මීළඟ ඉලක්කය කුමක්ද ?
මගේ හීනය වුණේ කවද හරි හොඳම නිළිය වෙන්න ඕන කියන එකයි. හැබැයි ඊට කලින් මට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා. මට හොඳම නිළියගේ සම්මානය ලැබෙන දවසත් එයි කියලා හිතනව.
ගමේ ඉඳන් කොළඹ ආපු නයෝමි මේ හැම දෙයටකටම මුහුණ දෙන්නෙ තනියමද?
මම තනියම තීරණ ගන්න අවස්ථා තියෙනව. නමුත් මගේ දෙමවුපියන්ගෙ අනුදැනුම ඇතිව තමයි මම වැඩ කරන්නෙ. මම නතර වෙලා තියෙන්නෙ කොළඹ මගේ පුංචි අම්මගෙ ගෙදර. මගේ අම්මත් නිතරම කොළඹ ඇවිත් මාත් එකක් ඉන්නව.
මේ අවස්ථාවේ ඔබ හැරුණම ඔබත් සමග සතුටුවෙන අය අතර ඉන්නෙ?
වැඩියෙන්ම සතුටු වුණේ අම්මයි තාත්තයි.
ඇයි ඔබගේ පෙම්වතා
නැහැ. එහෙම නැහැ. මගේ අම්මයි තාත්තයි තමයි මේ මොහොතේ මාත් එක්ක සතුටු වෙන්නෙ. මම බැඳී සිටින්නෙ මගේ දෙමව්පියන් සමගයි.
උපුටා ගැනීම - අරුණ පුවත්පත
ප්‍රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්‍යාඥ දෙපල ගැන ඩෙලි මේල් වෙබ් අඩවිය අද පුවතක් රැගෙන එනවා. කෝවිඩ් 19 සඳහා Pfizer සහ BioNTech සමාගම් විසින් අත්හදා බලමින් තිබෙන මේ එන්නත ගැන මුල්ම උණුසුම් පුවත රැගෙන ආවේද ඩේලි මේල් ඔන්ලයින් පුවත් පතයි ( ඒ ගැන මම මගේ පිටුවේ මීට කලින් සටහනක් තබා තිබෙනවා). ඇමෙරිකානු ජනාධිපති වරණය අවසන් වූ අල්ල පනල්ලේම මේ එන්නත පිළිබද පුවත එළියට පැමිණීම ගැන කුමන්ත්‍රණ න්‍යාය කරුවන් ද සැක පළකරනවා.
කෙසේ වුවත් Pfizer සහ BioNTech සමාගම් විසින් හඳුන්වා දී ඇති මෙම තීරණාත්මක සහ දෛවෝපගත එන්නතේ සමාරම්භකයින් ලෙස සැලකෙන්නේ උගුර් ෂහින් (Ugur Sahin) සහ ඔයිස්ලම් ටියුරේසි (Oezlem Tuereci) නම් දෙපළක්. උගූර් තුර්කි ජාතිකයෙක් වන අතර පසුව ඔහු ජර්මනියට සංක්‍රමණ වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වන ටියුරේසි ද එසේම තුර්කි පසුබිමක් සහිත වෛද්‍යවරයෙක් ගේ දියණියක් වන අතර ඇය ද පසුව ජර්මනියට සංක්‍රමණය වී තිබෙනවා. ටියුරේසි BioNTech සමාගමේ අධ්‍යක්ෂිකාවක් වන අතර තම වෛද්‍ය වෘත්තීය තුළ මිනිස් ප්‍රතිශක්තිය (human immunity) පිලිබඳ විශේෂඥ බවක් අත් කරගෙන තිබෙනවා. කෝවිඩ් වෛරසය පැමිණීමට පෙර ඔවුන් විශාල වශයෙන් වෙහෙස වී ඇත්තේ පිලිකා රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීම සඳහා වෙහෙස වීමටයි.
මෙම ගෝලීය වසංගතය වෙනුවෙන් එන්නත නිපදවීමේ සහ එය සාර්ථකව අත්හදා බැලීමේ තරඟයෙන් මේ අනුව Pfizer සහ BioNTech සමාගම් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට එන්නත් කර ඇති විශාල පිරිසකට අතුරු අබාධ රහිතව මෙම එන්නත සාර්ථක ප්‍රථිපල අත්පත් කර දී ඇති අතර එම ශුභ ආරංචිය සමග යුරෝපයේ කොටස් වෙළඳ පළ මිළ ගණන් මේ අනුව ඉහල නගිමින් පවතිනවා.
උගූර් සහ ඔහුගේ බිරිඳ සතු මෙම වෛද්‍ය රසායනාගාර සමාගම් හේතුවෙන් ඔවුන් ජර්මනියේ පොහොසත්ම සිය දෙනා අතරට එකතු වෙනවා. කොතරම් මුදල් තිබුණද උගූර් අදටත් තම රැකියාව සඳහා පැමිණෙන්නේ තම මවුන්ටන් බයිසිකලයෙන් බව සඳහන් කරන්නත් ඩේලි මේල් වෙබ් අඩවිය අමතක කරන්නේ නැහැ.
කෙසේ වුවත් ගෝලීය වශයෙන් තවත් එන්නත් ගණනාවක් සඳහා මේ මොහොත වන විටත් මිනිස් බුද්ධිය වැය වෙමින් පවතිනවා. එහෙත් කුමන එන්නත පැමිණියත් තව යම් කාලයක් සඳහා දැන් අනුගමනය කරන නව සාමාන්‍ය පුරුදු දිගටම අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
මුල් පුවත සඳහා https://www.dailymail.co.uk/news/article-8930359/The-husband-wife-covid-vaccine-change-worl.html
මෙරට ජනග්‍රහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහාවන එන්නතක් ලබාදීදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකගතාව ලබාදෙයි.මෙම එන්නත ලබාදීම් සදහාවන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කරයි. කොවිඩ් 19 වැලැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල ඊට අදාල එන්නත භාවිතා කිරීම සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (9) මෙරට සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියොජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පවත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවෙ ජනග්‍රහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකග වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත් වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය මෙහිදී අවධාරණය කරන ලදි.
ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාල භෞතික සම්පත් සම්පාදනය කිරීම,තොරතුරු තබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරනා සම්බන්දයෙන් සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගන්නා ලදි.
මීට සුලු මොහොතකට පෙර සෞඛ්‍ය අමාතයංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.
ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්!
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත!
කොවිඩ් හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇත!
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබිණි.
ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇත.
මේ අතර මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වෙයි.
මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත. 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබේ.
...............,
කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති හා සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි.
එම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 45%ක්ම ණය ආපසු ගෙවීම, උකස් කරන ලද රන්භාණ්ඩ බේරා ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම් වෙනුවෙන් මූල්‍යාධාර අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇත.
මේ අතර මහ බැංකුව විසින් නැවත වතාවක් දීර්ඝ කරන ලද ණය අත්හිටුවීමේ පහසුකම වානිජ බැංකු විසින් නිසි ආකාරයෙන් ගනුදෙනුකරුවන් වෙත ලබානොදුණහොත් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් බැංකු සහ ගැනුදෙනුකරුවන් යන පාර්ශ්ව දෙකම ඉදිරි මාස 03ක කාලය ඇතුළත දැඩි අර්බුදයකට පත්වනු ඇතැයිද මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට සඳහන් කළේය.
නයන තරංග ගමගේ(අරුණ)
ලොව සාමකාමී රටවල් අතර මුල්තැනක් හිමිකර ගන්නා ඩෙන්මාර්කය ඉදිරියෙන්ම සිටින්නේය. උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන මෙහි වත්මන් රාජ්‍ය පාලකයා වන්නේ මනමත් කරවන සිනාවක හිමිකාරිනියකි. ඒ සිනහාව කෙතරම්ද කිවහොත් එක්තරා දවසක ඇය නිසා එරට පාර්ලිමේන්තුවද සිනහ සාගරයක ගිලී ගියේය. මේ අපූරු සිනහව හිමි ඩෙන්මාර්කයේ තරුණ අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් වෙනුවෙන් මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේය.
ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු දෙසින් නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වන අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු ක්‍රමයට සිදුවේ. ඩෙන්මාර්කයෙහි ක්‍රමයට රාජ්‍ය ආණ්ඩුවක් හා නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපා සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙකි.
මෙවැනි රාජ්‍ය පාලන තන්ත්‍රයක් හිමි ඩෙන්මාර්කයේ වත්මන් අග්‍රාමත්‍ය ධූරය හොබවන මෙට් ෆ්‍රෙඞ්රික්සන් තවමත් හතළිස් දෙහැවිරිදි වියේ පසුවන තරුණ කාන්තාවකි. 1977 වසරේ නොවැම්බර් 19 වැනිදා උපන් ඇය එරට අගමැති ධූරයට පත්වන්නේ ඉකුත් ජූනි මාසයේ සිටය. එම ධූරයට පත් වීමත් සමඟ ඇය ඉතිහාසගත වන්නේ එදා මෙදා තුර එරට ඉතිහාසයේ බිහිවූ ළාබාලතම අගමැතිවරයා ලෙසිනි. වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක ලෙස දේශපාලනය ආරම්භ කළ ඇය එරට අගමැති ධූරයට පත්වීම කටුකොහොල් පිරි ගමනක උච්චතම අවස්ථාවකි. ඒ ගමනේ අගමැති සිහිනය සැබෑ වීමේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ඇය 2015 වසරේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමඟිනි.
ඩෙන්මාර්කයේ මුද්‍රණ ශීල්පියෙකුට හා ගුරුවරියකට දාව උපන් අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් පළමුවරට එරට ක්‍රියාකාරී දේශපාලනයට එළැඹෙන්නේ 2001 වසරේදීය. ඒ එම වසරේ පැවති මහමැතිවරණයේදී කෝපන්හේගන් ප්‍රාන්තය නියෝජනය කරමිනි. ඇය එරට දේශපාලන වේදිකාවට ගොඩවැදෙන්නේ සංස්කෘතිය, මාධ්‍ය සහ ස්ත්‍රී ‐ පුරුෂ සමානාත්මතාව ගැන වැඩිපුර කතා කරමිනි.
එතැන් පටන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දක්ෂ තරුණ නායකාවක ලෙස ඇය කැපී පෙනෙන්නට පටන් ගන්නේ ඇයගේ පක්ෂය 2011 වසරේ එරට පැවති මහමැතිවරණයෙන් පාලන බලය හිමි කර ගැනීමත් සමඟිනි. එම රජයේ අගමැති ධූරය ඇයගේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වන හෙලේ තොර්නින්ග් ෂ්මිට් හිමිවූ අතර එම රජයේ රැකියා නියුක්තිය බාර අමාත්‍ය ධූරයත්, අධිකරණ අමාත්‍ය ධූරයත් හිමිවන්නේ මෙට් ෆ්‍රෙඞ්රික්සන් හටය. ඇයගේ මෙම බහුවිධ කුසලතාවන් නිසාම ඇයගේ පක්ෂ නායකත්වය ඇයට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයද පිරිනමන ලදී.
ඇයගේ මෙම දේශපාලන ජනප්‍රියත්වය නිසාම ඩෙනමාර්කයේ ඉදිරියෙන්ම සිටිනා දේශපාලනඥයින් දසදෙනා අතර හත්වැනි ස්ථානයේ සිටින්නීය.
2011වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍ය ධූරයේ කටයුතු කරද්දී නම්‍යශීලි රැකියා සහ රැකියා පද්ධති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වූවාය. 2014 පක්ෂ නායක ධූරයට ඇය තේරීපත්වනුයේ පෙර දැක්මක් සහිතවය. ගෝලීයකරණය, නව ලිබරල්වාදය හා සංක්‍රමණික නව නීති හඳුන්වා දෙන බවට පසුගිය සිව් වසර පුරා විවිධ දේශපාලන මතවාද ඩෙන්මාර්ක් සමාජය වෙත කිදා බස්සවමින් ඇය ඉකුත් ජුනී මාසයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ඇයගේ ප්‍රතිවාදියා වූ ලාර්ස් ලූකේ රස්මුන් වැඩි ඡන්දයෙන් පරදවමිනි.
ඩෙන්මාර්ක තරුණ අගමැතිනිය ගණිකා වෘත්තීයට සම්පූර්ණයෙන් විරුද්ධ මතවාද දරන්නියක වේ. අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය ආදී සිය කලාපයේ රටවල ලිංගික වෙළෙදාම නැවැත්වීම සම්බන්ධයෙන් ඇය පෙරමුණ ගනිමින් කටයුතු කළාය. එසේම එරට පවතින නීතිවිරෝධී සංක්‍රමණිකයන් හා ඔවුන් අදහන ආගම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ දේශපාලනඥවරියකි. ඩෙන්මාර්කය තුළ ජීවත් වන මුස්ලිම්වරුන් එරට නීති පද්ධතියට ගරු නොකාරීම සම්බන්ධයෙන් ඇය දැඩි ස්ථාවරයක හිඳිමින් එරට තුළ බුර්කාව පැලඳීම තහනම් කළාය. ඩෙන්මාර්ක අගමැතිනියගේ පාර්ලිමේන්තු දේශනයක් අතරතුර පාර්ලිමේන්තුව සිනහ සාගරයක ගිලී යාමේ පුවතක් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබුණි.
මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ ඩෙන්මාර්ක අගමැතිනී මේටි ෆ්‍රෙඞ්රික්සන් මෑතකදී රජය වෙත පවරාගත් සර්කස් අලි පැටවුන් සිව්දෙනෙක් සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් සිටි අතුරතුරදීයි.
එහිදී එම සත්වයන් වෙත සුවදායී විශ්‍රාම දිවියක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. ඇඟේ මුහුණට මේ අපූරු සිනහව එක්වුණේ ඒ අතරතුරයි.සභාවක් ඉදිරිපිට සිදුවූ වචන පැටලැවිල්ල හේතුවෙන් හටගත් සිනහව නවත්වාගැනීමට අගමැතිනියට පහසුවූයේ නැහැ. එහිදී දැඩි අපහසුතාවට පත් අගමැතිනිය දැකීමෙන් අනෙක් මන්ත්‍රිවරුන්ද නොනවත්වා සිනාසීමට පටන්ගත්තේ මුළු පාර්ලිමේන්තුවම සිනහ සාගරයක ගිල්වමිනි.
රම්බොලීන්, ලාරා, ජුන්ගා හා ජෙනී නම් සර්කස් අලීන් සිවුදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩෙන්මාර්ක රජයට පවරාගැනුණේ එරට සිටි අවසන් සර්කස් අලීන් ලෙසයි.මේ වනවිට ඔවුන් සදහා අවැසි ආහාර රජය යටතේ ලබාදෙයි. මේ අතර වන සත්වයින් සර්කස් සදහා යොදාගැනීම වැලැක්වීමේ නව පනතක් හදුන්වාදීමටත් ඩෙන්මාර්ක අගමැතිනිය සූදානමින් පසුවන්නේ සත්ව අයිතීන්ද එරට තුළ තහවුරු කරමිනි.
තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලය
නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් සේවයට කැඳවිය යුතුයි
කැලණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංගලාව
* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටියලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙනවා
දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයක් යැයි කීම වරදක් නැත. හේතුව නම් ඔහු එදා නොසිටින්නට අද අප අපේ ආදිවාසීන් පිළිබඳ විමසිලිමත් නොවනු ඇත. වෛද්‍යවරයකු වූ ස්පිට්ල් වෙදකමට අමතරව ප්‍රිය කළේ කැලෑවල ඇවිදීමටය. වැද්දන් ඇසුරු කිරීමට ය. ඔහු පිළිබඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ විමසන විට අපට හැම විටම සිහියට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදිරිපිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැරැණි නිවසයි. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ මොහොතක මා මිතුරෙක් අපූරු ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහත්තයාගේ බංගලාවක් තියෙනවලු කිරිබත්ගොඩ මාකොළ දකුණේ.”
මිත්‍රයාගේ ඔත්තුවට අනුව ස්පිටල් මහතාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉතිහාසය පිළිබඳ දන්නා වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් ම මෙම බංගලාව පිළිබඳව විමසා බැලීමි. ඇසූ කිසිවෙක් ඒ ගැන යමක් කියන්නට නොදැන සිටියහ. අවසානයේ අපි කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය දියමුල්ල මහතා ඇමැතුවෙමු.
“මේක බොරු ගමනක්ද? ඉකුත් ඉරිදා එම ස්ථානයට යනතුරු ම සිතට වදදුන් එකම ප්‍රශ්නය එය විය.
“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලයනල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැම්බර් මස නව වැනිදාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙරටට පැමිණි ඕලන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්තලම පාසල්වල ඉගෙනුම ලබා වයසින් වැඩෙත්ම වැඩිදුර ඉගෙනුම ලැබීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කෙරේ. රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව වෛද්‍ය පීඨයට ඇතුළත්වන ස්පිට්ල් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභාගය සමත් වන්නේ 1905 දී ය. එංගලන්තයට ගොස් එෆ්.ආර්.සී.එස්. උපාධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකාවට පැමිණෙන්නේ ය. බර්ගර් ජාතිකයකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංගමයේ සභාපති ධූරය ද උසුලනු ලබයි.
වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි.
ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තාවල සඳහන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළුවන. වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නැති කාලය දැනට වසර එකසිය හයකට පමණ පෙර සරනේලිස් නම් 17 හැවිරිදි තරුණයකු 1912 ඔක්තෝම්බර් මාසයේ දිනෙක දකුණතේ ආබාධයක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රතිකාර කළ ද නිට්ටාවට සුවයක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නියමය වන්නේ අස්ථියක් බද්ධ කළ යුතු බව ය. මාස ගණනකට පසු සරනේලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවුරුදු 30 ක් වු මිනිසකු රෝහලට පැමිණෙන්නේ ඩයිනමයිට් පිපිරීමක් නිසා යළි යථා තත්ත්වයට ගත නොහැකි තරමට හානි වූ අතක ආබාධයක් සහිතවය. මේ වෙනුවෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරීමය.
මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීරණයකට එන්නේ ය. එනම් ඩයිනමයිට් පිපිරුමෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබාගන්නා අස්ථි කොටස් සරනේලිස්ගේ අතට බද්ධ කිරීමටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණුසුම් සේලයින් වතුරේ බහා තබා සරනේලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයුරින් සැත්කම සිදු කරන්නේ ය. සැත්කමෙන් මාස පහකට පමණ පසු සරනේලිස් ගමට යන්නේ ක්‍රියාකාරී අතක් ද සහිතවය. ඔහු තම සේවය උපරිම කැපවීමෙන් කළ අයෙකි. නමුදු බාලවියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවිදීමට ගැවසීමට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කැලේ බැලීම සඳහා පිටත්කර හැරුමය.
වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැරියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේබැද්ද ආදී ප්‍රදේශවලට නිතර ගියේ ය. ඒ ගිය ගමන්වලදී වැද්දෝ ඔහු හා බොහෝ හිතවත් වූයේ ය.
මීට වසරකට දෙකකට පෙර පොල්ලේබැද්දට ගිය විටෙක එහි ආදිවාසී නායක් හෝඹා ඇත්තන් අපට හමුවිය. ඔහු වයෝවෘද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමුවන විට හෝඹා කොලු ගැටයෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහිකරන විට ඔහුගේ දෑස කඳුළෙන් පිරුණි.
“සුදු හූරා අපට බොහෝම හිතවත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කරනවා. ඒ කාලේ හැමතැනම මැලේරියාව. සුදු හූරා කතමයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙදරටත් මං ගිහින් තියෙනවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞරවයෙනි.
වෛද්‍ය විද්‍යාවට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහිත්‍යයට යැයි විටෙක අපට සිතේ. ඒ සිතුවිල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තවමත් අපේ මතකයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කියවූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තවමත් සුන්දර මතකයකි. වනයේදී හමුවන සුදුගෝනා දෙවන රාජසිංහ රජුගේ යුගයට සම්බන්ධ අපූරු කතාවකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරුණයා කැලයේ අතරමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තවමත් සැරිසරන අදත් රසවිඳින කතාවකි. සුදු ගෝනා පමණක් නොව, මැකී ගිය දඩමං, වනසරණ ආදී වශයෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහලයට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මතකයන් අලුත්වන්නට වූයේ කිරිබත්ගොඩ මාකොළ ස්පිට්ල් බංගලාවට යන ගමනේදී ය. ස්පිට්ල් පිළිබඳ තොරතුරු සොයන විට ඔහු පිළිබඳ කියවූ ලිපියකවත් මෙම නිවෙස ගැන සඳහනක් හමුවූයේ නැත. තොරතුරු තිබුණේ කොළඹ ගුවන් විදුලිය ඉදිරිපිට ඇති ‘විචර්ලි’ බංගලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගමනින් පලක් වේද? සිත ඇත්තේ දෙගිඩියාවකි.
“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැරණිම ළිඳ. මොන හේතුවකට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේසියකින්. මම පරණ පත්තිරු සෙව්වා. එතකොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයිතිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එතකොට අර පේන අධිවේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්. අපේ ගෙවල්වලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇවනිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංගලාව තියෙන්නේ. ඉස්සර මේක ගන කැලෑවක් ලු.”
ආචාර්ය දියමුල්ල අපට තොරතුරු කියන්නට විය.
ඉස්සර මෙය ගන කැලෑවක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංගලාවට දැයි මට එක්වරම සිහිවිය. අක්කර පනහක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්තරයේ නිවාසය. ඒ අතර පැරණි මෝස්තරයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳුළකි.
මේ එක්තරා යුගයක් නියෝජනය කරන පුරා වස්තුවක් නොවේද? මේ නිවෙස වසර සියයකට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය. නිවෙස ආසන්නයට යාමට අසීරු ය. ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තවමත් ආදරය කරන අසල්වැසියකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.
“මම පොඩි කාලේ ඉඳලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කියවලා තියෙනවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතුටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංගලාව සංරක්ෂණය කරනවා නම් තමයි හොඳ? මේ බංගලාව දකින කොට මට හිතෙනවා ස්පිට්ල් මහත්තයා මේ ගෙදර ඉඳගෙන තමයි සුදුගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැසුවේ ගරා වැටුණ නිවෙස පෙන්වමිනි.
වසර ගණනාවක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංගලාවට මේ වනවිට අයිතිකරුවන් කිහිප දෙනෙකුම ඇතැයි යන්න වටපිටින් ලැබුණ තොරතුරු ය. අප එහි ගියේ ඒ පිළිබඳ සොයා බලන්නට නොවේ. එනිසා වසර ගණනාවක් තිස්සේ මෙම බංගලාව බලාගන්නා අය හමුවීමු.”
ඔහු සිය නම ගම කියන්නට මෙන් ම ඡායාරූපයකට පෙනී සිටින්නට ද අදිමදි කළේ ය.
“මම ස්පිට්ල් මහත්තයාගේ පොත් කියවලා තියෙනවා. ඒ පොත් හරි ලස්සනයි. ඉස්සෙල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එතකොට එතැනින් වැටුපක් ගත්තා. ඊට පස්සේ මං වැටුපක් ගත්තේ නෑ කාගෙන්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැනට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකුණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කියනවා. ඉස්සර ස්පිට්ල් මහත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කරගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩමක. ගෙයි කාමර හතරක් තියෙනවා. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උයනවා. අහල පහල මිනිස්සු නම් කියනවා මේ ගෙදර භූත බලවේග තියෙනවා කියලා. මටත් වෙලාවකට එහෙම කියලා හිතෙනවා. ඒත් මං ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුරකරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැහෙමින් පවසන්නේ ය.
නිවෙස ඇතුළට යාමට කොතෙක් ඇහුවද ඔහුගෙන් ඊට අවසර නොලැබිණි. ඒ ඇතුළේ සිටිනා බල්ලන්ගෙන් අපට අනතුරක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහලක් මෙන් යැයි සිතිය හැකි අයුරින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංගලාවේ මුළුතැන්ගෙය ඇත්තේ වෙනමය. බරාදය සහිත ඉස්තෝප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.
දැන් මෙහි අයිතිකරු යැයි කියන සුබසිංහ මහතාට අපි දුරකථනයෙන් ඇමතුවෙමු.
“මගේ තාත්තා බොහෝම හොඳ ගනුදෙනු කරුවෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහත්තයාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකුණලා තිබුණේ.” ඒ සුබසිංහ පුත්‍රයා අපට පැවසූ තොරතුරු ය.
වෛද්‍ය ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් වියදම් කරගෙන කැලෑවේ ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරිසරයට ආදරය කළ පරිසරවේදියෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශනාවක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශනයයි. මේ දේශනය අසා සිටි අගමැති ඩී.ඇස්. සේනානායක මහතා තුරුලතා හා වන සත්ව ආරක්ෂක ප්රඥප්තිය සකස් කිරීමට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොරතුරුවල සඳහන් වේ.
වන සත්ව දෙපාර්තමේන්තුව පිහිටීමට ද, විල්පත්තු අභයභූමිය ඇතිවීමට ද වෛද්‍ය ස්පිට්ල් මහතාගේ මැදිහත්වීම තිබූ බව එම යුගයේ ලියැවුණ ලිපිවල සඳහන්වේ. ‘ලෝරින්’ නමින් පරිසර සඟරාවක් ද ස්පිට්ල් මහතා එළිදක්වා ඇත.
ස්පිට්ල් බංගලාව දෑස් ඉදිරිපිට ම ගරා වැටෙමින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණනක් පැරණි මේ නිවෙසට හිමිකම් කියන ස්පිට්ල් පරපුරේ කිසිවෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙනවාද? නැතිනම් සුරකිනවාද?
(විශේෂ ස්තූතිය කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි චන්දිමා නිශ්ශංක මහත්මියට.)
ඉනෝකා සමරවික්‍රම සිළුමිණ පුවත්පතේ
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායාරූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායාරූප අන්තර්ජාලයෙන්)