Thursday, 02 May 2024
Editor

Editor

ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ ඔක්:13 දින සිට නිවෙස්වෙත ලබාදීමේ වැඩසටහනක් සකස් කරමින් සිටියි: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වැබ)

රෝහල්වල නේවාසික රෝගීන් බැලීමට යාමේදී අත්සේදීම,මීටරයක සමාජ දුරස්ථභාවය,මුහුණු ආවරණ පැළදීම යන උපදෙස් තරයේ පිළිපදින්න- සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා තත්වය හේතුවෙන් අද සහ හෙට 10 සහ 11 දෙදින තුළ කතරගමදී පැවැත්වීමට නියමිතව තිබූ 46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

චීන දුත කන්ඩායමක් දිවයිනට පමිනෙන පුවත හෙතුවෙන් ඊයෙ පාර්ලිමෙන්තුවද උනුසුම් විය. කෙසේ වෙතත් එමදුත කන්ඩායම අද ජනාධිපති සහ අගමැති තුමා හමු වී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙ.චීනයෙ ඉහල පෙළේ දේශපාලනඥයකු වන යැං ජිචී මහතා හිටපු චීන විදෙශ ඇමතිවරයෙකි.චීන කොමියුනිස්ට් පක්ශයේ මහ ලේඛම් හා ජීන ජනපති ෂි ජින් පින්ග් යටතේ ජිචී මහතා පක්ශයේ මධ්‍යම විදෙශ කටයුතු කොමිසමෙ දෙශපාලන මන්ඩල සාමාජිකයෙකු හා අධ්‍යක්ෂ වරයෙකු ලෙස සෙවය කර ඇත .ජනපති ගෝථාභය රාජපක්ෂමහතා සමග පැවති සාකච්ඡාවදී ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය කිරීම වඩාත් ශක්තිමත් කිරීම චීන ජනපති ෂි ජින් පින්ග් මහතාගේ අපේක්ශාව බව පවසා ඇත.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු සියලු ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වලදී  චීනය ශ්‍රී ලංකාව සහ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බව සිකුරාදා (09) ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.චීනය හැමවිටම සංවර්ධන ක්‍රියාවලියේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබා දෙන බවට සහතික විය.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා හා නිෂ්පාදන පවත්වාගෙන යාමට අවසර දීම

සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

විභාග සඳහා සහභාගී වන දරුවන්ට විශේෂිත දුම්රිය මැදිරි එක් කිරීමේ වැඩපිළිවෙලක්- දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්