Friday, 03 May 2024
Editor

Editor

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.

මේ අතර රට තුළ පවතින කොවිඩ් - 19 වෛරසය හමුවේ විදෙස් නියෝජිතයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (26) උදෑසන මෙරට ප්‍රධාන නාලිකාවක්   සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. එකම දේ ලංකාවට එන හැම විදේශිකයෙක්ම තමුන්ගේ ඔර්ජින් එකේ දී පටන් ගන්න තැනදී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. ඒ වගේම ලංකාවට ආවට පස්සේ, ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බලපාන්නේ, ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ අන්තර්ජාතික නීතියේ තියෙන ප්‍රතිපාදන. එහෙම නැතිනම් වියානා සම්මුතීන්. ලෝකයේ ඉන්න සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා නිරෝධායනය වෙන්නේ නෑ. අපේ රට නියෝජනය කරලා පිටරටකට යන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ත් ඒ ආකාරයට තමයි. ඒක ලෝකයේ තියෙන සම්මත ක්‍රමවේදයක්. ඒ සම්මත ක්‍රමය අනුගමනය කරනවා.“

 

?පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට අයත් ආසාදිතයින් 535 දෙනා සිටි ප්‍රදේශ..

වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හලාවත 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ලුණුගම්වෙහෙර 01, වටගොඩ 01, රාගම 01, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01, මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01.

?ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනා වාර්තා වූ ප්‍රදේශ :

රත්ගම 02, බුස්ස 01, මාගොල්ල 01, මකුළුවාව 01.

?බේරුවල ධිවර වරාය : ආසාදිතයින් 20 දෙනා වාර්තා වූ ප්‍රදේශ

කළුතර 01, බේරුවල 08, බෙන්තොට 02, රත්ගම 01, මුන්හෙන 01, අලුත්ගම 02, වැලිපැන්න 01, පානදුර 01.

?කොළඹ 140 :

බ්ලුමැන්ඩල් 60, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.

?ගම්පහ 87 :

ගම්පහ 21, පෑලියගොඩ 07, උස්වැටකෙයියාව 02, ගණේමුල්ල 03, රාගම 07, දෙමටගොඩ 02, වෑබඩ 01, කඩවත 02, කැලණිය 01, මිනුවන්ගොඩ 19, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.

?ගාල්ල 03.

හික්කඩුව 02, නෙළුව 01.

?වෙනත්
කුරුණෑගල 01, රත්නපුර 01, නුවරඑළිය 02, බදුල්ල 03, මාතර 01, කුලියාපිටිය 14, අනුරාධපුර 02ක් 

ලංකාව ඛේදනීයයි තත්වයක් අබියස?  දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගනන 609ක් ලෙස සටහන් වෙයි 

පෑලියගොඩ මාලු වෙළෙඳ පොල 496
නිරෝධායන මධ්‍යස්ථාන 48
ගාල්ල ධීවර වරාය 5
බේරුවල ධීවර වරාය 20
ආශ්‍රිතයන් 40

ලෙස සටහන් කරමින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය දැවැන්ත හැරවුම් ලක්ෂයක් අබියස බව ලෝක කොවිඩ් ව්‍යාප්තිය පිලිබද අධ්‍යයන ආයතන පෙන්වා දෙයි 

ගාල්ල මත්ස්‍ය වෙළදපලේ  කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමග වෙළදපල වසාදමා ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදු කරන අතර කොස්ගම රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම්ද් රෝහලෙන් පැනගොස් ඇත. ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන පසුබිමක පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලේ ආශ්‍රිතයින් අතරින් බොහො පිරිසක් බෙරුවල හා ත්ංගල්ල මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගී. 110ක් වාර්තාවන අතර බොහෝ පිරිසක් මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද පුද්ගලයි වේ.

අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශක ඒකක 249 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 95.46 කින් පහළ යන ලදී.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.21% ක හා 4% ක පහළ යාමකි.

රු. බිලියන 3.24 ක කොටස් ගනුදෙනු අද දින කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


 
 
 

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට ඊයේ දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 120 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝගීන් 2341 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 52 කු හඳුනාගෙන තිබේ.

දැනට හුදකලා කර ඇති මතුගම ප්‍රදේශයේ ගම්මාන තුනෙහි සිටින පුද්ගලයින් හැර කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

බේරුවල මග්ගොන ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගැණුනු කොවිඩ් නයින්ටීන් රෝගීයාගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජි.සිංහබාහූ මහතා සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර ජනතාවට එම පොලිස් ස්ථානයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂ  නායක තුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් මෙම විරෝධයට එක් වී සිටි අතර රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණීමත් පාර්ලිමේන්තුවේ දී රතු පාට පටියක් ප්‍රදර්ශනය කරමි ඊට විරෝධය දැක්වීමත් දක්නට ලැබිණ.

01_Sannasa_21-10-2020.jpg

 

03_Sannasa_21-10-2020.jpg

 

04_Sannasa_21-10-2020.jpg