Thursday, 02 May 2024
Editor

Editor

මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය අයාතනය 20 වනදා සිට ජනතාවට විවෘත කෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත් අංශය සහ රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවිසැල ඔක්:23 දක්වා වසා තැබේ.

අගහරුවාදා සිට ගෙවීම අරඹනවා - දිස්ත්‍රික් ලේකම්

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ, ජනාධිපති

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

 
 
ලංකාවේ ප්රධාන භූ විද්යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් සී ප්රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්රව්ය අඩංගු වන බවට ජාත්යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්රන් ඉහළ ප්රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්ය වශයෙන් රත්රන් පවතිනුයේ කොටස් බිලියනයකට රත්රන් කොටස් 4ක් (4 PP6) වශයෙනි. නමුත් සේරුවිල නිධියෙන් ලබාගත් ඇතැම් සාම්පලවල කොටස් බිලියනයකට රත්රන් 1000 PP6 ඉක්මවා පවතින බවට දැනට තහවුරුව තිබේ. ඒ අනුව මෙම නිධිය බහු මූලද්රව්ය නිස්සාරණය කිරීමේ නිධියක් ලෙස හඳුනාගත හැකි බැවින් නිසි ප්රතිපත්තීන්ට යටත්ව විධිමත් ක්රමවේදයක් යටතේ නිධියේ කැණීම් සිදුකිරීම භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අභිප්රායයි. ඒ සඳහා දේශීය, විදේශීය භේදයකින් තොරව ඉදිරිපත් වීමට ආයෝජකයන් හට මේ වනවිට අවස්ථාව ලබා දී ඇති අතර, එවැනි ධනාත්මක ආයෝජකයන්ට කාර්යාංශය විසින් විවෘත ආරාධනයක් කර සිටියි.

16-10-2020_06.jpg
ප්රථම ගවේෂණය
 
1971 වර්ෂයේදී එවකට පැවති භූ විද්යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්රංශ භූ විද්යා ආයතනය මගින් අදාළ ප්රදේශයේ හර විදුම් කුහර76ක් පමණ පොළොව තුළට විද සාම්පල රැගෙන ඇති අතර, එම විදුම් කුහරයන්හී උපරිම දිග මීටර 8000ක් පමණ වෙයි. එසේ ලබාගන්නා ලද සාම්පල අනතුරුව ප්රංශයේ භූ විද්යා හා කැණීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශය වෙත යවා සවිස්තර පර්යේෂණ දත්ත ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාවට අනුව මෙම නිධියෙන් ලබාගන්නා ලද ඛනිජ සාම්පලයන්හී 40෴ක් පමණ යකඩ හා 1.2෴ක් පමණ තඹ මිශ්රිත බවට තහවුරුව තිබේ.
තත්ත්වය එසේ වුවද 1970 - 1980 කාල වකවානුවේ රට තුළ පැවති සිවිල් යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්රතිඵල වඩාත් විද්යාත්මක ලෙස පරීක්ෂා කිරීමේදී ප්රායෝගික අපහසුතා පැන නැගී ඇත. එහිදී තඹ සහ යකඩ සඳහා ඉල්ලුම් මිල අවම වීම, නිධියේ පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් වඩා ලාබදායී ලෙස කැණීම් කිරීමේ හැකියාවක් නොමැතිකම ආදී කරුණු හේතුවෙන් මෙම ව්යාපෘතිය අතරමග නවතා දැමීමට සිදුව තිබේ.
නවීන විශ්ලේෂණ උපකරණ භාවිතය
අනතුරුව ගතවූ දශකයක පමණ කාලය තුළ යුදමය වාතාවරණය අවසන් වීමත් සමග භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නැවතත් සේරුවිල ඛනිජ නිධියෙහි ගවේෂණ කටයුතු ආරම්භ කර තිබිණි. ඒ අනුව ඒවා භූ රසායනික ක්රම මගින් තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්යර්ථව තිබුණේ අවශ්ය නවීන විශ්ලේෂණ උපකරණ ශ්රී ලංකාව සතු නොවීම හේතුවෙනි. කෙසේවුවද පසුගිය වසර වන විට මෙම ඛනිජ ගවේෂණ කටයුතු සඳහා අදාළ විශ්ලේෂණ උපකරණ හා දැනුම කාර්යාංශය සතු වීමෙන් නැවතත් මෙම ඛනිජ නිධිය භූ භෞතික විද්යාත්මක ක්රම අනුසාරයෙන් ගවේෂණය කර තිබේ. එහිදී මීට දශක 4කට පෙර කැණීම් කර කාර්යාංශ හර විදුම් ගබඩාවෙහි ආරක්ෂිතව ගබඩා කර තිබූ සාම්පල 25ක් පමණ කාර්යාංශයේ විශ්ලේෂණ විද්යාගාරයෙන් පරීක්ෂා තර තිබූ අතර, එහිදී තහවුරුව තිබුණේ ඉන් ඇතැම් සාම්පලයන්හි රත්රන් අඩංගුව ඇති බවයි. මේ බව විදේශ විද්යාගාරවලදී කරන ලද නිරීක්ෂණ තුළින්ද වඩාත් තහවුරුව ඇත.
අසේල ඉද්දවෙල මහතා - සභාපති - භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය -
16-10-2020_07.jpg
කාර්යාංශයේ ගබඩාවෙන් දශක 4ක පමණ කාලයක් සංරක්ෂිතව ගබඩා කර තිබූ මෙම සාම්පල මාධ්යයට ප්රදර්ශනය කිරීමට හේතුව වන්නේ නැවතත් මෙම නිධියෙහි කැණීම් සඳහා සුදුසුම කාලය එළඹ තිබීමයි. ඒ පිළිබඳව ආයෝජකයන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම අපේ අපේක්ෂාවයි. කොහොම වුණත් මේ සඳහා වූ කැණීම් බලපත්ර කාර්යාංශයට ස්වාධීනව නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. ඒවා පුරාවිද්යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්යාංශය, පරිසර අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය සහ අදාළ ප්රාදේශීය ලේකම් හා දිස්ත්රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, ටෙන්ඩර් පටිපාටියක් මගින් විනිවිදභාවයකින් යුක්තව නිකුත් කළයුතු වනවා.
ජ්යෙෂ්ඨ භූ විද්යාඥ, ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා අධ්යක්ෂ ජෙනරාල් - භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
ලංකාවේ රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී එම භූමියෙන්ද රත්රන් හමු වී තිබෙනවා. නුවරඑළිය, රත්නපුර ප්රදේශවල ගංඟා ආශ්රිතවත්, 1850 ගණන්වල බ්රිතාන්ය යුගයේදී රඹුක්කන මාඔය ආශ්රිතවත්, 2000 වර්ෂයේදී ඇඹිලිපිටිය, කිරිඉබ්බන්ආර ප්රදේශයේදීත් වගේම 2012 වර්ෂයේදී කැලණි ගංඟාවෙන්ද රත්රන් හමුව තිබෙනවා. මේ වන විටත් කැලණි ගඟෙහි රත්රන් සඳහා බලපත්ර විශාල ප්රමාණයක් භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ආචාර්ය බර්නාර්ඩ් ප්රේම් මහතා හිටපු අධ්යක්ෂ ජනරාල්/වත්මන් උපදේශක- භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
මෙතෙක් හමුව ඇති සියලු රත්රන් ගංඟා ආශ්රිතව ගවේෂණය කර සොයාගත් ඒවායි. ඒ අනුව ඒවා මව් පාෂාණයෙන් ගැලවී ගොස් දීර්ඝ කාලයක් තිස්සේ ජීර්ණය වී තිබෙනවා. නමුත් සේරුවිල නිධියෙන් සොයාගත් රත්රන් මවු පාෂාණය තුළින්ම විසිරී ගොස් ඇති බැවින් ඒවා පවතින තත්ත්වයෙන්ම උකහා ගැනීම වඩාත් පහසුයි. ලංකාවේ භූමියෙන් එවන් රත්රන් හමුවූ ප්රථම අවස්ථාව මෙම සේරුවිල නිධිය වීම විශේෂත්වයක්.16-10-2020_08.jpg
- lankadeepa - නිදර්ශනී වික්රමසිංහ
 
16-10-2020_02_2.jpgජෝන් කීල්ස් සමූහ ව්යාපාරය විසින් කොළඹ 12, ජස්ටිස් අක්බාර් වීදියේ ඉදි කරන ලද (Waterfront Integrated Resort) නිවාස සංකීර්ණයේ පැවති පිරිත් දේශනාව සඳහා ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2020.10.15 දින එක්විය.

 ජාතික මදුරු මර්ධන සතිය ඇරඹේ

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්:15 සිට 29 දක්වා තාවකාලිකව අත්හිටුවයි- ප්‍රධාන ලේකම් (සබරගමුව )


කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි සදහන් සබැදිය (LINK) https://bit.ly/3lIBFgq

වෙත පිවිස ලියා පදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතු අතර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.MOJ.GOV.Lk වෙත පිවිසීමෙන් ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ.

සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.

 
බෙලේ ගුනෙස්, උපන්නේ දුප්පත් පවුලකය. ඇගේ ළමා කාලය දුප්පත්කමින් හා අමිහිිරි අත්දැකීිම් වලින් පිරී තිබිණ. ඇය දරුවන් අට දෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සිය වූවාය. ඇගේ පියා ගල්වඩුවෙකු වූ අතර මව රැකියාවක් නොකළාය. ඉතින් මේ විශාල දරු පවුලට, දුප්පත්කමින් දැඩි ලෙස පීඩා විදින්නට සිදු විය.
මේ දුෂ්කර ජීවිතය වෙනස් කරගන්නට බෙලේගේ අක්කාට ලොකු උවමනාවක් තිබිණ. ඒ නිසා ඇය තම උපන් රට වූ නෝර්වේ අත්හැර, රැකියාවක් සොයාගෙන ඇමරිකාවට ගියාය. යන්තමින් වයස සම්පූර්ණ වූ ගමන්ම බෙලේද අක්කා ගිය මගම ගියාය.
ඇමරිකාවේ චිකාගෝ හි දී හදුනාගත් අයෙකු සමග 1884 වසරේදී ඇය විවාහ වූවාය. ඒ විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු ලැබිණ. ඒ දරු දෙදෙනාම අඩු වයසින් මිය ගියහ. මරණ පරික්ෂණ වලදී වාර්තා වූයේ ඔවුන් මියගොස් ඇත්තේ මහ බඩවැල ඉදිමීමේ රෝගයෙන් බවය.
බෙලේ ඒ දරු දෙදෙනාගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගත්තාය.
ඉන්පසු ඇය තවත් දරුවන් කිහිප දෙනෙකු දරුකමට හදා ගන්නට ගත්තාය.15-10-2020_01.jpg
1900 අවුරුද්දේදී ඇගේ සැමියාද මිය ගියේය. ඔහුගේ මරණය සිදුව ඇත්තේ වස දීමකින් විය හැකි යැයි එක් වෛද්යවරයෙකු සැක පහළ කළ නමුත්, ඔහු මිය ගියේ හෘදයාබාධයකින් යැයි ඔවුන්ගේ පවුලේ වෛද්යවරයා සහතික කළේය.
සැමියා වෙනුවෙන් යොදා තිබුණු ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දි මුදල ලබා ගත් බෙලේ, ඒ මුදලින් ඉන්ඩියානා ප්රාන්තයේ ලා පොර්ටෙ ප්රදේශයෙන් ගොවිපොලක් මිලදී ගත්තාය.
1902 වසරේදී ඇය නැවත විවාහ වූවාය. එහෙත් වැඩි කල් යන්නට කලින් ඔහුද මිය ගියේය. ඔහුගේ මරණය සිදුවූයේ ගොවිපොලේ යන්ත්රයක කොටසක් ඔහුගේ හිස මතට කඩාගෙන වැටීමෙන් සිදුවූ හදසි අනතුරක ප්රතිඵලයක් ලෙසටය. බෙලේ ඔහුගේ ජීවිත රක්ෂණ මුදලද ලබා ගත්තාය.
දෙවන සැමියාගේ මරණයෙන් පසුව, බෙලේගේ ජීවිතය ඒකාකාර චරියාවකට යොමු විය. තමාට සුදුසු සැමියෙකු සොයා ගැනීම සදහා ඇය පුවත්පත් වලට දැන්වීම් දැම්මාය. ඒ මංගල යෝජනා වල ප්රතිඵලයක් ලෙසින් ඇගේ ගොවිපොල වෙතට බොහෝ පිරිමි ඇදී එන්නට වූහ. ඒ හැම කෙනෙකුටම ඇය කී එක් දෙයක් විය. තමන් සමග විවාහයක් සිදු වෙන්නට නම්, දෙදෙනා අතර හොද විශ්වාසයක් ගොඩ නැගිය යුතුය. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ ඇගේ ණය තුරුස් ගෙවා දමන්නට ඔහු විසින් මුදල් වියදම් කරන්නේ නම් පමණකි. ඉතින් බෙලේගේ විශ්වාසය දිනා ගන්නට උවමනා වූ අය බෙලේගේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කළහ.15-10-2020_01_06.jpg
 
එහෙත්විශ්වාසය දිනාගනු වෙනුවට සිදුවූයේ ඔවුන් අතුරුදහන් වීමය.
“මේ පිරිමි කවුරුවත් විශ්වාස කරන්න බෑ.. බදිනවාම කියලා පොරොන්දු වෙලා ඉදලා හිටි ගමන් අතුරුදහන් වෙනවා...” ඔවුන් ගැන අසන හිත මිතුරන්ට හා අසල්වැසියන්ට බෙලේ කීවේ එහෙමය. ඒ මිනිසුන්ගේ ඥාතීන් බෙලේගෙන් ඒ අය ගැන විමසූ විට බෙලේ කීවේ වෙනත් කතාවකි. බෙලේ ඔවුන්ට කීවේ ඒ අදාල කෙනා, නෝර්වේ, ඔරිගොන් හෝ සෙන්ට් ලුවිස් වෙත ගිය බවය.
එසේම ඇය හදා ගන්නට ගත් එක් දියණියකත් පෙනෙන්නට නොසිටියාය. ඇය කැලිෆෝනියාවේ තිබෙන නේවාසික පාසැලකට ඇතුලත් කළ බව බෙලේ අසල්වැසියන්ටත් ඥාතීන්ටත් කීවාය.
1908 අවුරුද්දේ අප්රේල් විසි අට වැනිදා හිටි හැටියේම, බෙලේගේ ගොවිපොල නිවාසය ගිනිගත්තේය. එහි උන් ගොවිපොල සේවකයින්ට නම් පණ බේරාගෙන පැනගන්නට පුළුවන් වී තිබිණ. එහෙත් බෙලේත් ඇගේ දරුවනුත් ගින්නට හසුවී තිබිණ. ගින්න නිවී ගිය පසුව, නිවසේ බිම් ගබඩාවේ තිබී මළ සිරුරු හතරක් හමු විය. ඉන් තුනක් කුඩා දරුවන්ගේය. එකක් වැඩිහිටි ගැහැණියකගේය. විස්මයට කාරණය වූයේ, ගැහැණු මල සිරුරේ හිස අතුරුදහන් වී තිබීමය. ඒ නිසා එය කාගේදැයි අදුනා ගන්නට නොහැකි විය.
ගොවිපොලේ සේවය කළ හැම කෙනෙකුගෙන්ම පොලිසිය ප්රශ්න කළේය. එයින් එක් සේවකයෙකු කීවේ අමුතු කතාවකි.
“බෙලේ නෝනා මට පවරලා තිබ්බේ වීල් බැරෝවෙන් කුණුරොඩු ගේන එකයි, ඒ කුණුරොඩු ගොවිපොලේ පිටිපස්ස කෙළවරේ තැන් තැන් වල විසිරුවන එකයි. බෙලේ නෝනා කියන තැන් වල තමයි මට කුණුරොඩු විසිරුවන්න සිද්ධ වුණේ..”15-10-2020_04.jpg
 
මේ අමුතු සාක්ෂියෙන් කෝරලය භාර මුලාදෑනියාගේ සැකයඇවිස්සිණ. වහාම ඒ ප්රදේශ පරික්ෂා කරන්නැයි ඔහු විසින් නියෝග නිකුත් කරන ලදී. ගොවිපොලේ පසුපස කොටස හාරා බලන්නට පටන් ගත් විට එක් ඇටසැකිල්ලක්හමු විය. ඉන්පසු තවත් ඇටසැකිල්ලක්.. එයිනුත් පසුව තවත් ඇටසැකිල්ලක්.. මේ අයුරින් බෙලාගේ ගොවිපොලෙන් හමුවුණු මිනිස් ඇටසැකිළි සංඛ්යාව හතලිහකට වැඩි විය. මිනිස් ජීවිත හතලිහකට වැඩි සංඛ්යාවක් බෙලා අතින් කෙළවර වී තිබිණ. ඒ හතලිස් දෙනා අතර, ඇයව විවාහ කර ගැනීමට පැමිණි පිරිමින්ගේ පමණක් නොව, කැලිෆෝනියාවේ නේවාසික පාසැලකට ගියා යැයි කියූ ඇගේ දියණියගේ ඇටසැකිල්ලත් තිබිණ.
ඉතින් බෙලාට සිදු වූයේ කුමක්ද.?
අර හමුවූ ගැහැණු මලසිරුර කාගේද.? එය බෙලාගේ නොවේ යැයි කියැවිණ. ඒ සිරුර බෙලාගේ සිරුරට වඩා උසින් හා මහතින් අඩු යැයි ඇයව දන්නා අය මෙන්ම වෛද්යවරුද පැවසූහ. එසේම අවසන් දින කිහිපයේදී බෙලා තමන්ට වඩා උසින් හා මහතින් මදක් අඩු ආගන්තුක ගැහැණියක් හා පයුරු පාසානම් පැවැත්වූ බවද වාර්තා විය.
ගින්න ඇති වෙන්නට දින කිහිපයකට පෙර, බෙලා තමන්ගේ බැංකු ගිණුම් වල තිබුණු හැම සතයක්ම ආපසු ලබාගෙන ඇති බව, ඇගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී දැනගන්නට ලැබිණ.
ගොවිපොලේ ගින්නෙන් ඇය මියගියේ නැති බව නම් සහතික විය. එසේ නම් බෙලාට සිදුවූයේ කුමක්ද.?
ඒ ගැන කිසිවක් ඉන්පසු අහන්නට ලැබුණේ නැත.
එහෙත් ඉන්ඩියානා ප්රාන්තයේ බිහිසුණුම මිනීමරු ගැහැණිය ලෙසින් බෙලාගේ නම නම් ඉතිහාසයට එකතු විය.
නිම්මි මුදිතා හේරත්
සති අග අරුණ