Saturday, 20 April 2024

අද (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශක ඒකක 249 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 95.46 කින් පහළ යන ලදී.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. එය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.21% ක හා 4% ක පහළ යාමකි.

රු. බිලියන 3.24 ක කොටස් ගනුදෙනු අද දින කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.

Published in ADVERTORIALS