Thursday, 07 November 2024
Editor

Editor

නිරෝධායන ඇදිරි නීති බලපත්‍ර හුදකලා ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවේ- පොලීසිය

මෙරට ජනග්‍රහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහාවන එන්නතක් ලබාදීදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකගතාව ලබාදෙයි.මෙම එන්නත ලබාදීම් සදහාවන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කරයි. කොවිඩ් 19 වැලැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල ඊට අදාල එන්නත භාවිතා කිරීම සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (9) මෙරට සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියොජිත  වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පවත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවෙ ජනග්‍රහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකග වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත් වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය මෙහිදී අවධාරණය කරන ලදි.

ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය  කිරීම, ඊට අදාල භෞතික සම්පත් සම්පාදනය කිරීම,තොරතුරු තබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරනා සම්බන්දයෙන් සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගන්නා ලදි.

මීට සුලු මොහොතකට පෙර සෞඛ්‍ය අමාතයංශය  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

 
ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්!
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත!

කොවිඩ් හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇත!
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබිණි.

ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇත.

මේ අතර මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වෙයි.
මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත. 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබේ.
...............,
කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති හා සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 45%ක්ම ණය ආපසු ගෙවීම, උකස් කරන ලද රන්භාණ්ඩ බේරා ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම් වෙනුවෙන් මූල්‍යාධාර අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇත.

මේ අතර මහ බැංකුව විසින් නැවත වතාවක් දීර්ඝ කරන ලද ණය අත්හිටුවීමේ පහසුකම වානිජ බැංකු විසින් නිසි ආකාරයෙන් ගනුදෙනුකරුවන් වෙත ලබානොදුණහොත් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් බැංකු සහ ගැනුදෙනුකරුවන් යන පාර්ශ්ව දෙකම ඉදිරි මාස 03ක කාලය ඇතුළත දැඩි අර්බුදයකට පත්වනු ඇතැයිද මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට සඳහන් කළේය.

නයන තරංග ගමගේ(අරුණ)

 

ලොව සාමකාමී රටවල් අතර මුල්තැනක් හිමිකර ගන්නා ඩෙන්මාර්කය ඉදිරියෙන්ම සිටින්නේය. උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන මෙහි වත්මන් රාජ්‍ය පාලකයා වන්නේ මනමත් කරවන සිනාවක හිමිකාරිනියකි. ඒ සිනහාව කෙතරම්ද කිවහොත් එක්තරා දවසක ඇය නිසා එරට පාර්ලිමේන්තුවද සිනහ සාගරයක ගිලී ගියේය. මේ අපූරු සිනහව හිමි ඩෙන්මාර්කයේ තරුණ අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් වෙනුවෙන් මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේය.

ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු දෙසින් නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වන අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු ක්‍රමයට සිදුවේ. ඩෙන්මාර්කයෙහි ක්‍රමයට රාජ්‍ය ආණ්ඩුවක් හා නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපා සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙකි.

මෙවැනි රාජ්‍ය පාලන තන්ත්‍රයක් හිමි ඩෙන්මාර්කයේ වත්මන් අග්‍රාමත්‍ය ධූරය හොබවන මෙට් ෆ්‍රෙඞ්රික්සන් තවමත් හතළිස් දෙහැවිරිදි වියේ පසුවන තරුණ කාන්තාවකි. 1977 වසරේ නොවැම්බර් 19 වැනිදා උපන් ඇය එරට අගමැති ධූරයට පත්වන්නේ ඉකුත් ජූනි මාසයේ සිටය. එම ධූරයට පත් වීමත් සමඟ ඇය ඉතිහාසගත වන්නේ එදා මෙදා තුර එරට ඉතිහාසයේ බිහිවූ ළාබාලතම අගමැතිවරයා ලෙසිනි. වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක ලෙස දේශපාලනය ආරම්භ කළ ඇය එරට අගමැති ධූරයට පත්වීම කටුකොහොල් පිරි ගමනක උච්චතම අවස්ථාවකි. ඒ ගමනේ අගමැති සිහිනය සැබෑ වීමේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ඇය 2015 වසරේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමඟිනි.

ඩෙන්මාර්කයේ මුද්‍රණ ශීල්පියෙකුට හා ගුරුවරියකට දාව උපන් අගමැතිනී මෙට් ෆ්‍රෙඞ්රික්සන් පළමුවරට එරට ක්‍රියාකාරී දේශපාලනයට එළැඹෙන්නේ 2001 වසරේදීය. ඒ එම වසරේ පැවති මහමැතිවරණයේදී කෝපන්හේගන් ප්‍රාන්තය නියෝජනය කරමිනි. ඇය එරට දේශපාලන වේදිකාවට ගොඩවැදෙන්නේ සංස්කෘතිය, මාධ්‍ය සහ ස්ත්‍රී ‐ පුරුෂ සමානාත්මතාව ගැන වැඩිපුර කතා කරමිනි.

එතැන් පටන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දක්ෂ තරුණ නායකාවක ලෙස ඇය කැපී පෙනෙන්නට පටන් ගන්නේ ඇයගේ පක්ෂය 2011 වසරේ එරට පැවති මහමැතිවරණයෙන් පාලන බලය හිමි කර ගැනීමත් සමඟිනි. එම රජයේ අගමැති ධූරය ඇයගේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වන හෙලේ තොර්නින්ග් ෂ්මිට් හිමිවූ අතර එම රජයේ රැකියා නියුක්තිය බාර අමාත්‍ය ධූරයත්, අධිකරණ අමාත්‍ය ධූරයත් හිමිවන්නේ මෙට් ෆ්‍රෙඞ්රික්සන් හටය. ඇයගේ මෙම බහුවිධ කුසලතාවන් නිසාම ඇයගේ පක්ෂ නායකත්වය ඇයට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයද පිරිනමන ලදී.

ඇයගේ මෙම දේශපාලන ජනප්‍රියත්වය නිසාම ඩෙනමාර්කයේ ඉදිරියෙන්ම සිටිනා දේශපාලනඥයින් දසදෙනා අතර හත්වැනි ස්ථානයේ සිටින්නීය.

2011වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍ය ධූරයේ කටයුතු කරද්දී නම්‍යශීලි රැකියා සහ රැකියා පද්ධති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වූවාය. 2014 පක්ෂ නායක ධූරයට ඇය තේරීපත්වනුයේ පෙර දැක්මක් සහිතවය. ගෝලීයකරණය, නව ලිබරල්වාදය හා සංක්‍රමණික නව නීති හඳුන්වා දෙන බවට පසුගිය සිව් වසර පුරා විවිධ දේශපාලන මතවාද ඩෙන්මාර්ක් සමාජය වෙත කිදා බස්සවමින් ඇය ඉකුත් ජුනී මාසයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ඇයගේ ප්‍රතිවාදියා වූ ලාර්ස් ලූකේ රස්මුන් වැඩි ඡන්දයෙන් පරදවමිනි.

ඩෙන්මාර්ක තරුණ අගමැතිනිය ගණිකා වෘත්තීයට සම්පූර්ණයෙන් විරුද්ධ මතවාද දරන්නියක වේ. අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය ආදී සිය කලාපයේ රටවල ලිංගික වෙළෙදාම නැවැත්වීම සම්බන්ධයෙන් ඇය පෙරමුණ ගනිමින් කටයුතු කළාය. එසේම එරට පවතින නීතිවිරෝධී සංක්‍රමණිකයන් හා ඔවුන් අදහන ආගම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ දේශපාලනඥවරියකි. ඩෙන්මාර්කය තුළ ජීවත් වන මුස්ලිම්වරුන් එරට නීති පද්ධතියට ගරු නොකාරීම සම්බන්ධයෙන් ඇය දැඩි ස්ථාවරයක හිඳිමින් එරට තුළ බුර්කාව පැලඳීම තහනම් කළාය. ඩෙන්මාර්ක අගමැතිනියගේ පාර්ලිමේන්තු දේශනයක් අතරතුර පාර්ලිමේන්තුව සිනහ සාගරයක ගිලී යාමේ පුවතක් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබුණි.

මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ ඩෙන්මාර්ක අගමැතිනී මේටි ෆ්‍රෙඞ්රික්සන් මෑතකදී රජය වෙත පවරාගත් සර්කස් අලි පැටවුන් සිව්දෙනෙක් සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් සිටි අතුරතුරදීයි.

 

එහිදී එම සත්වයන් වෙත සුවදායී විශ්‍රාම දිවියක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. ඇඟේ මුහුණට මේ අපූරු සිනහව එක්වුණේ ඒ අතරතුරයි.සභාවක් ඉදිරිපිට සිදුවූ වචන පැටලැවිල්ල හේතුවෙන් හටගත් සිනහව නවත්වාගැනීමට අගමැතිනියට පහසුවූයේ නැහැ. එහිදී දැඩි අපහසුතාවට පත් අගමැතිනිය දැකීමෙන් අනෙක් මන්ත්‍රිවරුන්ද නොනවත්වා සිනාසීමට පටන්ගත්තේ මුළු පාර්ලිමේන්තුවම සිනහ සාගරයක ගිල්වමිනි.

රම්බොලීන්, ලාරා, ජුන්ගා හා ජෙනී නම් සර්කස් අලීන් සිවුදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩෙන්මාර්ක රජයට පවරාගැනුණේ එරට සිටි අවසන් සර්කස් අලීන් ලෙසයි.මේ වනවිට ඔවුන් සදහා අවැසි ආහාර රජය යටතේ ලබාදෙයි. මේ අතර වන සත්වයින් සර්කස් සදහා යොදාගැනීම වැලැක්වීමේ නව පනතක් හදුන්වාදීමටත් ඩෙන්මාර්ක අගමැතිනිය සූදානමින් පසුවන්නේ සත්ව අයිතීන්ද එරට තුළ තහවුරු කරමිනි.

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලය

 නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් සේවයට කැඳවිය යුතුයි

 නිරෝධායන ඇදිරි නීතිය හෙට ඉවතට- තවදුරටත් හුදකලා ප්‍රදේශ මෙන්න

කැල­ණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංග­ලාව

* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටි­යලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙ­නවා

දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුග­යක් යැයි කීම වර­දක් නැත. හේතුව නම් ඔහු එදා නොසි­ටි­න්නට අද අප අපේ ආදි­වා­සීන් පිළි­බඳ විම­සි­ලි­මත් නොවනු ඇත. වෛද්‍ය­ව­ර­යකු වූ ස්පිට්ල් වෙද­ක­මට අම­ත­රව ප්‍රිය කළේ කැලෑ­වල ඇවි­දී­ම­ටය. වැද්දන් ඇසුරු කිරී­මට ය. ඔහු පිළි­බඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ විම­සන විට අපට හැම විටම සිහි­යට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදි­රි­පිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැ­රැණි නිව­සයි‍. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍ය­න්තර පාසල පව­ත්වා­ගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ කිසිම සෙවි­ල්ලක් බැලි­ල්ලක් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නොතිබූ මොහො­තක මා මිතු­රෙක් අපූරු ‍ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහ­ත්ත­යාගේ බංග­ලා­වක් තියෙ­න­වලු කිරි­බ­ත්ගොඩ මාකොළ දකුණේ.”

මිත්‍ර­යාගේ ඔත්තු­වට අනුව ස්පිටල් මහ­තාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉති­හා­සය පිළි­බඳ දන්නා වැඩි­හිටි කිහිප දෙනෙ­කු­ගෙන් ම මෙම බංග­ලාව පිළි­බ­ඳව විමසා බැලීමි. ඇසූ කිසි­වෙක් ඒ ගැන යමක් කිය­න්නට නොදැන සිටි­යහ. අව­සා­නයේ අපි කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ආචාර්ය දිය­මුල්ල මහතා ඇමැ­තු­වෙමු.

“මේක බොරු ගම­නක්ද? ඉකුත් ඉරිදා එම ස්ථාන­යට යන­තුරු ම සිතට වද­දුන් එකම ප්‍රශ්නය එය විය.

“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලය­නල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැ­ම්බර් මස නව වැනි­දාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙර­ටට පැමිණි ඕලන්ද රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­යෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්ත­ලම පාස­ල්වල ඉගෙ­නුම ලබා වය­සින් වැඩෙත්ම වැඩි­දුර ඉගෙ­නුම ලැබීම සඳහා කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඇතු­ළත් කෙරේ. රාජ­කීය විද්‍යා­ල­යෙන් ඉගෙ­නුම ලබා පසුව වෛද්‍ය පීඨ­යට ඇතු­ළ­ත්වන ස්පිට්ල් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා එංග­ල­න්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභා­ගය සමත් වන්නේ 1905 දී ය. එංග­ල­න්ත­යට ගොස් එෆ්.ආර්.සී.එස්. උපා­ධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකා­වට පැමි­ණෙන්නේ ය. බර්ගර් ජාති­ක­යකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංග­මයේ සභා­පති ධූරය ද උසු­ලනු ලබයි.

වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙකි.

ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්ක­මක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තා­වල සඳ­හන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළු­වන. වෛද්‍ය විද්‍යාව එත­රම් දියුණු නැති කාලය දැනට වසර එක­සිය හය­කට පමණ පෙර සර­නේ­ලිස් නම් 17 හැවි­රිදි තරු­ණ­යකු 1912 ඔක්තෝ­ම්බර් මාසයේ දිනෙක දකු­ණතේ ආබා­ධ­යක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රති­කාර කළ ද නිට්ටා­වට සුව­යක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නිය­මය වන්නේ අස්ථි­යක් බද්ධ කළ යුතු බව ය. මාස ගණ­න­කට පසු සර­නේ­ලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවු­රුදු 30 ක් ව‍ු මිනි­සකු රෝහ­ලට පැමි­ණෙන්නේ ඩයි­න­ම­යිට් පිපි­රී­මක් නිසා යළි යථා තත්ත්ව­යට ගත නොහැකි තර­මට හානි වූ අතක ආබා­ධ­යක් සහි­ත­වය. මේ වෙනු­වෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරී­මය.

මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීර­ණ­ය­කට ‍එන්නේ ය. එනම් ඩයි­න­ම­යිට් පිපි­රු­මෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබා­ගන්නා අස්ථි කොටස් සර­නේ­ලිස්ගේ අතට බද්ධ කිරී­ම­ටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණු­සුම් සේල­යින් වතුරේ බහා තබා සර­නේ­ලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයු­රින් සැත්කම සිදු කරන්නේ ය. සැත්ක­මෙන් මාස පහ­කට පමණ පසු සර­නේ­ලිස් ගමට යන්නේ ක්‍රියා­කාරී අතක් ද සහි­ත­වය. ඔහු තම සේවය උප­රිම කැප­වී­මෙන් කළ අයෙකි. නමුදු බාල­වියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවි­දී­මට ගැව­සී­මට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වා­ස­වන්ත වැඩි­හි­ටි­යෙකු සමඟ කැලේ බැලීම සඳහා පිට­ත්කර හැරු­මය.

වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැ­රියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේ­බැද්ද ආදී ප්‍රදේ­ශ­ව­ලට නිතර ගියේ ය. ඒ ගිය ගම­න්ව­ලදී වැද්දෝ ඔහු හා බොහෝ හිත­වත් වූයේ ය.

මීට වස­ර­කට දෙක­කට පෙර පොල්ලේ­බැ­ද්දට ගිය විටෙක එහි ආදි­වාසී නායක් හෝඹා ඇත්තන් අපට හමු­විය. ඔහු වයෝ­වෘ­ද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමු­වන විට හෝඹා කොලු ගැට­යෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහි­ක­රන විට ඔහුගේ දෑස කඳු­ළෙන් පිරුණි.

“සුදු හූරා අපට බොහෝම හිත­වත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කර­නවා. ඒ කාලේ හැම­තැ­නම මැලේ­රි­යාව. සුදු හූරා කත­මයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙද­ර­ටත් මං ගිහින් තියෙ­නවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞර­ව­යෙනි.

වෛද්‍ය විද්‍යා­වට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහි­ත්‍ය­යට යැයි විටෙක අපට සිතේ. ඒ සිතු­විල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තව­මත් අපේ මත­කයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කිය­වූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තව­මත් සුන්දර මත­ක­යකි. වන­යේදී හමු­වන සුදු­ගෝනා දෙවන රාජ­සිංහ රජුගේ යුග­යට සම්බන්ධ අපූරු කතා­වකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරු­ණයා කැලයේ අත­රමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තව­මත් සැරි­ස­රන අදත් රස­වි­ඳින කතා­වකි. සුදු ගෝනා පම­ණක් නොව, මැකී ගිය දඩමං, වන­ස­රණ ආදී වශ­යෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහ­ල­යට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මත­ක­යන් අලු­ත්ව­න්නට වූයේ කිරි­බ­ත්ගොඩ මාකොළ ස්පිට්ල් බංග­ලා­වට යන ගම­නේදී ය. ස්පිට්ල් පිළි­බඳ තොර­තුරු සොයන විට ඔහු පිළි­බඳ කියවූ ලිපි­ය­ක­වත් මෙම නිවෙස ගැන සඳ­හ­නක් හමු­වූයේ නැත. තොර­තුරු තිබුණේ කොළඹ ගුවන් විදු­ලිය ඉදි­රි­පිට ඇති ‘විචර්ලි’ බංග­ලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගම­නින් පලක් වේද? සිත ඇත්තේ දෙගි­ඩි­යා­වකි.‍

“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැර­ණිම ළිඳ. මොන හේතු­ව­කට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේ­සි­ය­කින්. මම පරණ පත්තිරු සෙව්වා. එත­කොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයි­තිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එත­කොට අර පේන අධි­වේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්‍. අපේ ගෙව­ල්ව­ලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇව­නිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංග­ලාව තියෙන්නේ‍. ඉස්සර මේක ගන කැලෑ­වක් ලු.”

ආචාර්ය දිය­මුල්ල අපට තොර­තුරු කිය­න්නට විය.

ඉස්සර මෙය ගන කැලෑ­වක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංග­ලා­වට දැයි මට එක්ව­රම සිහි­විය. අක්කර පන­හක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්ත­රයේ නිවා­සය. ඒ අතර පැරණි මෝස්ත­රයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳු­ළකි‍.

මේ එක්තරා යුග­යක් නියෝ­ජ­නය කරන පුරා වස්තු­වක් නොවේද? මේ නිවෙස වසර සිය­ය­කට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය‍. නිවෙස ආස­න්න­යට යාමට අසීරු ය. ‍ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තව­මත් ආද­රය කරන අස­ල්වැ­සි­යකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.

“මම පොඩි කාලේ ඉඳ­ලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතු­ටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංග­ලාව සංර­ක්ෂ­ණය කර­නවා නම් තමයි හොඳ? මේ බංග­ලාව දකින කොට මට හිතෙ­නවා ස්පිට්ල් මහ­ත්තයා මේ ගෙදර ඉඳ­ගෙන තමයි සුදු­ගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැ­සුවේ ගරා වැටුණ නිවෙස පෙන්ව­මිනි.

වසර ගණ­නා­වක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංග­ලා­වට මේ වන­විට අයි­ති­ක­රු­වන් කිහිප දෙනෙ­කුම ඇතැයි යන්න වට­පි­ටින් ලැබුණ තොර­තුරු ය. අප එහි ගියේ ඒ පිළි­බඳ සොයා බල­න්නට නොවේ. එනිසා වසර ගණ­නා­වක් තිස්සේ මෙම බංග­ලාව බලා­ගන්නා අය හමු­වීමු.”

ඔහු සිය නම ගම කිය­න්නට මෙන් ම ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි­න්නට ද අදි­මදි කළේ ය.

“මම ස්පිට්ල් මහ­ත්ත­යාගේ පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් හරි ලස්ස­නයි. ඉස්සෙ­ල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එත­කොට එතැ­නින් වැටු­පක් ගත්තා. ඊට පස්සේ මං වැටු­පක් ගත්තේ නෑ කාගෙ­න්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැ­නට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකු­ණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කිය­නවා. ඉස්සර ස්පිට්ල් මහ­ත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කර­ගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩ­මක. ගෙයි කාමර හත­රක් තියෙ­නවා‍. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උය­නවා.‍ අහල පහල මිනිස්සු නම් කිය­නවා මේ ගෙදර භූත බල­වේග තියෙ­නවා කියලා. මටත් වෙලා­ව­කට එහෙම කියලා හිතෙ­නවා. ඒත් මං ‍ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුර­කරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැ­හෙ­මින් පව­සන්නේ ය.

නිවෙස ඇතු­ළට යාමට කොතෙක් ඇහු­වද ඔහු­ගෙන් ඊට අව­සර නොලැ­බිණි. ඒ ඇතුළේ සිටිනා බල්ල­න්ගෙන් අපට අන­තු­රක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහ­ලක් මෙන් යැයි සිතිය හැකි අයු­රින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංග­ලාවේ මුළු­තැ­න්ගෙය ඇත්තේ වෙන­මය. බරා­දය සහිත ඉස්තෝ­ප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.

දැන් මෙහි අයි­ති­කරු යැයි කියන සුබ­සිංහ මහ­තාට අපි දුර­ක­ථ­න­යෙන් ඇම­තු­වෙමු.

“මගේ තාත්තා බොහෝම හොඳ ගනු­දෙනු කරු­වෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහ­ත්ත­යාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකු­ණලා තිබුණේ.” ඒ සුබ­සිංහ පුත්‍රයා අපට පැවසූ තොර­තුරු ය.

වෛද්‍ය ස්පිට්ල් යනු මෙර­ට‍ ­එ­ක්තරා යුග­යකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් විය­දම් කර­ගෙන කැලෑවේ ‍ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරි­ස­ර­යට ආද­රය කළ පරි­ස­ර­වේ­දි­යෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභා­වික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශ­නා­වක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශ­න­යයි. මේ දේශ­නය අසා සිටි අග­මැති ඩී.ඇස්. සේනා­නා­යක මහතා තුරු­ලතා හා වන සත්ව ආර­ක්ෂක ප්‍රඥ­ප්තිය සකස් කිරී­මට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොර­තු­රු­වල සඳ­හන් වේ.

වන සත්ව දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටී­මට ද, විල්පත්තු අභ­ය­භූ­මිය ඇති­වී­මට ද වෛද්‍ය ස්පිට්ල් මහ­තාගේ මැදි­හ­ත්වීම තිබූ බව එම යුගයේ ලියැ­වුණ ලිපි­වල සඳ­හන්වේ. ‘ලෝරින්’ නමින් පරි­සර සඟ­රා­වක් ද ස්පිට්ල් මහතා එළි­දක්වා ඇත.

ස්පිට්ල් බංග­ලාව දෑස් ඉදි­රි­පිට ම ගරා වැටෙ­මින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණ­නක් පැරණි මේ නිවෙ­සට හිමි­කම් කියන ස්පිට්ල් පර­පුරේ කිසි­වෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙන­වාද? නැති­නම් සුර­කි­න­වාද?

(විශේෂ ස්තූතිය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාරිණි චන්දිමා නිශ්ශංක මහ­ත්මි­යට.)

ඉනෝකා සම­ර­වි­ක්‍රම සිළුමිණ පුවත්පතේ 
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායා­රූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙන්)

 

 

 

ලෝකයේ වයස්ගතම නායකයන් දෙපොලක් තර`ග කරන ලද ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත්වන විට මෑත භාගය තුළ එරට වයස්ගතම පාලකයා බලයට පත් වනු ඇත. ඇමරිකානුවෝ අවස්ථා සොයා ගොස් අලූත් රටක් හදාගත් පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථීක ක්‍රමය හ`දුන්වා දුන්හ. අලූතින් හැදෙන තාක්ෂණික යුගයේ ඇමරිකාවේ ස්වභාවය කෙබ`දු විය හැකිද යන්න අධ්‍යයනය කළ යුතුය. ජෝ බයිඩන් ගේ නායකත්වය ගෝලීයකරණයේ අද පවතින ව්‍යුහයට ගෙන එන උත්තරය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තිබේ. බලපෑම හා බලහත්කාරය ගැන විරසකයක් ද ඇත. එහෙත් මෙරට අපනයන ආර්ථීකයේ සෑහෙන පංගුකාරීත්වයක් උසුලයි. සීතල යුද්ධයට පසු වකවානුවේ ලෝකයේ බලවතා බවට පත්වන්නේ ඇමරිකාවයි. එහෙත් අද ස්වභාවය වෙනස්ය. සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර තිබුණ බලකාමීත්වය අද වෙනස් තැනකට පැමිණ ඇති අතර ඇමරිකා චීන දැවැන්තයන් අතර බල අරගලයක් තෙක් විහි දී තිබේ. මතුපිටින් අරගලයක ලකුණු පෙන්නුම් කරන නමුත් මෙම රටවල් දෙකටම එකිනෙකා ගේ සහාය අවශ්‍යය. බලවතුන් අතර එක`ගතා ඇතිවිය හැකි අලූත් අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම නිර්මාණය කරගත යුතු එකකි.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ලැඛෙන අනාවරණ

ලෝකය තළ මෙතෙක් තිබුණ යුදකාමී සහ වෙළ`ද පොල අත්පත් කරගැනීමේ තර`ගය අභිබවා කොවිඩ් වසංගතයෙන් ගැලවෙන උවමනාව ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකාව දෛනිකව ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට බවට පත්ව ඇත. වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වු බවට නිල වශයෙන් කියැවෙන පළමු රෝගියා ගේ සිට චීනය තද නිරෝධායන පාලනයක් ගෙන ගියේය. සමහර සිද්ධි පිටතට වාර්තා නොවන බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන නමුත් චීනය සාර්ථකව යම් පාලයකට ගමන් කර තිබේ. වසංගත තත්ත්වය මැද ඇමරිකානු ජනාධිපතිවරණය අවසන් විය. ලෝකය කළඹන ලද ට්‍රම්ප් පරාජය වූ නමුත් ඔහු අවසන් මොහොත දක්වා පරාජය භාර ගැනීමට සූදානමක් නැති බව පෙනේ. වැඩිම ඡන්ද සංඛ්‍යාව වශයෙන් පමණක් නොව වැඩිම ඉලෙක්ටෝරියල් කොලේජ් ප්‍රමාණයක් ද දිනා ගනිමින් බැරැක් ඔබාමා පාලනයේ දී උප ජනාධිපතිධුරය හෙබැවූ ජෝ බයිඩන්, ඩිමෝක්‍රටික් පක්ෂ යේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත.

ජෝෂප් රොබිනේට් බයිඩන් 1972 වසරේ සිට ඇමරිකානු සෙනෙට් සභිකයෙකි. එකල හෙතෙම එරට ඉතිහාසයේ ලාබාලතම සෙනෙට් සභික ලැයිස්තුවේ හයවැනියාගේ තැන සිටියේය. වයස්ගතම පළමු පුරවැසියාගේ තනතුරට පත්වන අවස්ථාව වන විට ලෝකයේ පවතින සියළු හැල හැප්පීම් ගැන මනා පරිචයක බව නිසැකය. ඔහු ගේ ප්‍රතිපත්ති මිශ්‍ර ස්වභාවයක් ගනී. ගල්ෆ් යුද්ධයට විරුද්ධ විය. පසුව ඉරාකයට එරෙහිව සම්බාධක පනවන විට සහාය දුන්නේය. මත් ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය වෙනුවෙන් අණ පණත් පනවන අවස්ථාවේ පෙනී සිටියේය. හෙතෙම සිවිල් නිදහස ගරු කරන නායකයෙකු වශයෙන් ප්‍රකටය. ඔබාමා පාලන කාලයේ දී එරට අය වැය පාලනය සම්බන්ධයෙන් විනයක් ඇති කරන්නට උත්සාහ කළේය. පුරවැසියන්ගෙන් අය කරන ආදායම් බදු අඩු කරන නව අණ පනත් සම්මත කරන්නට සම්බන්ධ වී ඇත. ඔබාමා ජනාධිපතිවරයා විසින් සිට සගයාට නිදහස වෙනුවෙන් පුරවැසි සම්මානය 2017 වසරේ දී පිරිනැමීය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැමිණි අතර බයිඩන් ගේ ජය වෙනුවෙන් පෙනී සිටියේය.

බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවේ දී

ජනාධිපතිවරණ වේදිකාවේ දී ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාටම චීනය බලවත් සාධකයක් විය. ට්‍රම්ප් කියා සිටියේ ලෝකයේ තැනින් තැන රදවා ඇති සේනාංක අඩු කරන නමුත් යුද වියදම් කපා හරින්නේ නැති බවය. චීනයේ අපනයන වලට පනවන ලද බදු කිසිසේත් අඩු නොකරන බව ප්‍රකාශ කළේය. එහෙත් ජෝ බයිඩන් ජාත්‍යන්තරය සමග හදාගත් ගැටුම් සියල්ල නැවත හදා ගන්නා බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකානු තර`ගකාරී රටවල් සමග සම්බන්ධතා තරකරගන්නා අතර චීන වෙළ`දාමට අහිතකර සේ පනවා ඇති බදු වෙනස් කරන බව දැක්වීය. චීනය නොසැලකිය යුතු රටක් නොවන අතර සියලූම අන්තර් ජාතික සම්බන්ධතා සම්බන්ධයෙන් වගවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ස`දහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පාලන කාලය තුළ සම්මතය අභිබවා තනි පැවැත්මකට ගියේය. හිතුවක්කාර තීරණ තමන්ගේ ට්ටිටර් ගිණුමෙන් හෙළිදරව් කරන ලද අතර සමීප පුද්ගලයන් පවා දැන සිටියේ නැත. ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය සමග ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියට එ`ක`ග වීම සිදුවිය හැකිය. ට්‍රම්ප් ගේ තීරණයක් පරිදි කාලගුණ විපත් වලකන සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වූ අතර නිල වශයෙන් එය සිදුවෙන්නේ නොවැම්බර් 04 වන දා සිටය. පැරිස් සම්මුතියට ලෝකයේ සෑම රටක්ම අත්සන් තබා ඇති අතර ඇමරිකාව නැවත ඇතුළුවුවහොත් එය බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්ය අතර එකක් විය හැකිය. අනෙක ලබන වසරේ ජුලි 21 වැනි දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ට්‍රම්ප් කරන ලද දැනුම් දීමය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ්ක්‍රියා කලාපය කමකට නැති බව කියා සිටි ට්‍රම්ප් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ගෙවන ආධාර නතර කරන බව දැනුම් දුන්නේය. ජාත්‍යන්තරය සමග තිබුණ ගැටුම් පිලිසකර කරන බයිඩන්ගේ ලැයිස්තුවට එය ද ඇතුලත්විය හැකිය.

ඉරානය ට පනවා ඇති න්‍යශ්ඨික බලය භාවිතා කිරීමේ වාරණය හා සම්බාධක ගැන සාකච්ඡා කරන්නට සුදානම් බව බයිඩන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අනාවරණය කළ තවත් කරුණකි. එය තවත් ව්‍යුහාත්මක වෙනස්කමකි. මේවා සමග මතුවන ලෝක චිත්‍රය අතිශය සංකීර්ණ මුහුණුවරක් ගනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සහ ඩයස්පෝරාවේ හැසිරීම

ට්‍රම්ප් තද ජාතිකවාදී ස්වරෑපයක ක්‍රියා කළේය. ඔහු ජය අත්පත් කරගත්තේ රට තුළ දුප්පත් ජනතාවට කරන ලද ආමන්ත්‍රණය සමගය. එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ වූ ආකාරය අනුව ඔහු සිය ඡන්ද දායකයෝ වෙත නිසි සැලකිලක් දක්වා නැත. පදනම දියැවී ගියේය. ජෝ බයිඩන් උරුමක්කාර පුරවැසියන් පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඇති අන්‍ය සම්භවයක් සහිත පිරිසට ද අත දිගු කර තිබේ. ඔහු ගේ උප ජනාධිපතිවරිය එයට එක සාධකයකි. උප ජනාධිපතිනිය වශයෙන් පත්වන කමලා හැරිස් ගේ හස්තය බලවත්ය. ඇය ගේ පියා ජැමෙයිකානු නමුත් මව ඉන්දියානු සම්භවයක් සහිතය. චෙන්නයි ප්‍රාන්තයට ඥාතිත්වයක් ඇති ඇයගේ මව වෙනුවෙන් ඉන්දියානුවෝ ඇතැමෙකු ගේ සහාය තිබුණ අතර සමහර කෝවිල්වල පොල් ගසන ලද බැතිමත්හු කමලා හැරිස්ට ජය අත්පත්කරගෙන දෙන සේ ප්‍රාර්ථනා කරන ලද බව ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත වාර්තා කර තිබුණි. කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් නියෝජිතවරියක වශයෙන් 2017 වසරේ සිට ක්‍රියා කරන්නීය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ලිබරල් අදහස් සහිත පාලනයකට අන්තවාදී මතධාරීහු ඇමරිකාව තල්ලූ කර තිබේ. ශ්‍රී ලාකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව ද එහි එක කොටසක් බව අමතක කළ යුතු නැත. බයිඩන් හා කමලා හැරිස් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එයින් අනතුරුව හැරෙන දිසාව ගැන කල්පනා කළ යුතුය.

ස්විට්සරලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව ශ්‍රී ලංකාව එහි සම කොටස්කරුවන් බවට පත්විය. අවසානයේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවෙන් ඉවත් වන බව දන්වා තිබේ. ඇමරිකාව එම යෝජනාවේ දී පාර්ශවකරුවෙකි. එම යෝජනාව මෙරටට බලපාන වැදගත් සන්ධිස්ථානයකි. කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව දැඩි තීන්දු තීරණ ගත හැකි එකක් නොවන නමුත් එය රටට සන්ධිස්ථානයකි. යෝජනාව සමග ජාත්‍යන්තර බලවතුන්ට ප්‍රවේශවීමේ දොරටුවක් විවර විය. නමුත් ට්‍රම්ප් පාලනය එය ගැන දක්වන ලද උනන්දුව සීමා සහිතය. වසර දහයකට පසු පවා, ශ්‍රි ලංකාවේ ජනවර්ග අතර ප්‍රශ්නයක් ඇතැයි ලෝක බලවතුන් අතර මතයක් තිබේ. දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු එයට මූලික වූ ජන කොට්ඨාශයට සාධාරණ විස`දුමක් හිමි විය යුතු බව ඔවුන්ගේ අදහසයි. සත්‍ය කොමිසම, වන්දි ගෙවන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබුණ න්‍යාය පත්‍රය තද කරන්නට අලූත් ඇමරිකාව උත්සාහ කරන්නේ ද යන්න අවධානයට ගැනීම සුදුසුය. එය කෙලින්ම කරන පීඩනයක් නොවිය හැකි අතර ඇමරිකාවට සම්බන්ධ රටවල් ලවා කරන බලකිරීමක් විය හැකිය. එයට කලින් රටට ගත හැකි තීරණ තිබේ.

ඇමරිකානු ආධාර වැඩ පිලිවෙල ගැන තීරණයක්

ජනාධිපතිවරණයට කලින් මෙරට පැමිණි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ස`දහනක් ද අමතක කළ යුතු නැත. දෙරට අතර ආයෝජන හා ආධාර වැඩ පිලිවෙල සම්බන්ධව විවෘත දොරටුවක් ඇති බව හෙතෙම ඉ`ගි කළේය. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අදහසක් අනුව දියුණුවෙමින් පවතින රටවලට පමණක් හිමිවන මිලෙනියම් වැලෙන්ජ් අරමුදලේ සහාය මෙරටට හිමිවිය. ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයකි. එය පිටුපස ඇති යෝජනා බව හුවා දක්වමින් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී මෙරට දේශපාලන පක්ෂ මිලෙනියම් චැලෙන්ජ් ආධාර වැඩ සටහනට එරෙහි විය. පසුව ස්වාධීන කමිටුවක් පත් කළ අතර එම කමිටුව පවා ආධාර නොගන්නා ස්ථාවරයකට රට තල්ලූ කර තිබේ. ඇමරිකානු රාජ්‍ය නායකයෝ වෙනස් වූ පමණින් ප්‍රතිපත්ති වලට එපමණ බලපෑමක් නොවේ. නැවත වතාවකින් හො`ද හිත ඉදිරියට ගෙන යන්නට කෙලින්ම අදහසක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. චීනයේ ආධාර වැඩ පිලිවෙල සහ ඇමරිකාවෙන් භාර නොගැනීම ගැන පවතින ගැටළුව සංකීර්ණ තත්ත්ව මතු කරන්නට ඉඩ තිබේ.

ඇමරිකන් ආධාර ප්‍රතික්ෂේප කරන එරට අදහස් හෙලා දකින ශ්‍රී ලංකාව ඇ`ගළුම් අපනයනය ඇතුළු අංශ වල දී ඇමරිකාවේ සහාය අපේක්ෂා කරයි. දැනටමත් වැඩිම ඇ`ගළුම් ප්‍රමාණයක් එනම් මෙරට ඇ`ගළුම් අපනයන වලින් සියයට තිස් පහක් ඇමරිකාවට අපනයනය කෙරේ. වියට්නාමය, බංගලා දේශය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ඇ`ගළුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තර`ගකරුවන්ය. මෙම රටවලට ඉදිරියෙන් ඇමරිකාවේ අලූත් පාලනය සමග සබ`දතා පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය යුතු බව පෙනේ. වඩා සමීප කරගතහොත් නරක පමණක් නොව වඩා විමර්ෂණශීලීව සබ`දතා තරකරගතහොත් අවස්ථාවක් ද උදා කරගත හැකිවනු ඇත. මෙරට දේශපාලනයේ අන්තවාදී ආකල්පවල පරස්පරතා දෙරට අතර පවතින බැ`දීම අවසානයේ දී තීරණය කරනු ඇති බව නිසැකය.

 

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.

කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය (නොවැම්බර් 06) අවසන් විය.

 

මහේල වත්මන් ක්‍රිකට් ලොව සැණකෙළියේ මහ මොළකරුවෙකි . අම්බානිගේ සල්ලි වැස්සේ තෙමෙන්නට පදම හොදින් දත් ඔහු ඔහුටම ආවේණික රිද්මයකින් මුම්බායි ඉන්දියන්ස් ජය මාවතක රැගෙන යන්නේය.

මහේල මුම්බායි ඉන්දියන්ස් භාර ගත් පසු කණ්ඩායම් විනයට අංක එක දුන්නේය. තම ක්‍රීඩකයින් ක්‍රමවත් කරන්නට එදා ඔහු අපූර්ව අදහසක් ගෙන ආවේය.කිසියම් ක්‍රීඩකයෙකු තරගයකදී හෝ ඉන් පිටතදී වරදක් කළහොත් විශේෂිත ඇදුමක් ඔහු වෙනුවෙන් වෙන් කළේය. යළි වෙනත් අයෙකු වරදක් කරන තෙක් කලින් ක්‍රීඩකයා කණ්ඩායම සමගින් වන සෑම විටම එම දඩුවම් ඇදුමින් සැරසිය යුතුය.

මහේලගේ මෙම දඩුවමට මුලින්ම ලක්වන්නේ කොල්කටා කණ්ඩායමෙන් මුම්බායි වෙත කැදවාගත් සූර්යකුමාර් යදාව් ය. වෙලාවට වැඩකරන හොද පුරුද්ද අමතක කල සූර්යකුමාර් වෙත මහේලගේ මෙම දඩුවම තදින්ම බලපෑවේය. මෙවර IPL තරග බිම හොල්ලන පිතිකරුවකු වන්නට ඔහුට හැකි වූයේ පුහුණුකරු මහේල ටොකු ඇන ඇන කියා දීපු පාඩම් නිසා බවයි ඔහු පවසන්නේ.

මුම්බායි පිළට වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේත් අනාගත බලාපොරොත්තුවක් වන ඉෂාන් කිෂාන් සම්බන්ධයෙන්ද අපූරු කතාවක් එළියට එන්නේය. පුහුණු සැසියකදී කිෂාන් වෙත පන්දුවක් මගහැරෙන අතර ඔහුගේ අලස ක්‍රීඩා විලාසය දුටු මහේල සැනෙකින් කෝප වන්නේය .

" ක්‍රිෂ් තමුසේ නිදිද .......? " මහ හඩින් එහෙම අහපු මහේල ඔහුව ළගට කැදවා කළ දේශනාව සමාජ මාධ්‍ය අතර හරි ජනප්‍රියය.

රාත්‍රී කාලයේ වැඩිපුර අවදිව හිටපු මේ තරුණ ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සුදානම් කළ මහේල ක්‍රමයෙන් ඔහුව වේලාසන නින්දට යවනවා පමණක් නොව ඔහුගේ උපරිමය කණ්ඩායම වෙත රදවන්නේය.

සමහර විට මහේලගේ ක්‍රිකට් ආගමනයේ ඔහු ලත් අත්දැකීම් මේ සියල්ලට හේතු වූවාට සැක නැත.

1997 දී මහේල SSC කණ්ඩායමට එනවිට දැවැන්තයින් රැසකගෙන් කණ්ඩායම සමන්විතය . අර්ජුන , ගුරුසිංහ , හේමන්ත වික්‍රමරත්න ආදීන් සමග මහේලට වෙන්වූයේ ආරම්භක පිතිකරු තනතුරයි. එය ඔහුගේ මංගල පළමු පෙළ තරගයද විය. බ්ලූම්ෆීල්ඩ් පිළට එරෙහි ඒ තරගයේ අර්ධ ශතකයද ඉක්මවා මහේල මතක හිටින ඉනිමක් දියත් කලේය. නමුත් දිනය නිමවන්නට ඕවර කීපයකට පෙර රුවන් කල්පගේ හමුවේ වැරදි පහරක් ගැසූ මහේල දැවී යන්නේය.

යොවුන් විය එළි පැත්තේ සිටි මහේල ප්‍රථම තරගයේ තම තරම ගැන සතුටින් SSC පඩිපෙළ නැග ක්‍රීඩාගාරයට ඇතුළු වනවාත් සමග කණ්ඩායම් නායක අර්ජුන යක්ෂාරූඩ විය. අමු සිංහලෙන් මහේල ඇමතූ ඔහු විකට්ටුව විසිකිරීම වෙනුවෙන් අපූරු දඩුවමක් දුන්නේය. ක්‍රීඩාගාරය ඇතුලට මහේල කැදවා නොගත් අර්ජුන පඩිපෙළ මත ඔහු ඉන්දවීය.

එදා එලෙස දඩුවම් විදි මහේල ලොව දකුණත් පිතිකරුවෙකු ලද ඉහළම ටෙස්ට් ඉනිම එම SSC පිටියේදීම ලබන්නේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකකදීම ශතක ලද ප්‍රථම ක්‍රීඩකයා බවටද ඔහු ඉතිහාසගත වන්නේ.

එදා අර්ජුන මහේලට නොකියා කියා දුන් පාඩම මෙදා මහේල අසල්වැසියාට බෙදන අයුරු හරි අපූරුය.

© මංජුල ලන්දෙකුඹුර