
Editor
විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයන්ට සීමා කෙරේ
විල්පත්තු ජාතික උද්‍යානය තුළට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය යටතේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමෙන් වනසතුන්ගේ පැවැත්වම තර්ජනයට ලක්වීම වළක්වාගැනීමේ අරමුණින් පෙරවරු 6.00 සිට පෙරවරු 11.30දක්වා පමණක් විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙවන පාසල් වාරය ලබන 4 දා අවසන්
මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදයින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් වේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දිස්ත්‍රික් දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ
ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.
ඛණිජ තෙල් සේවකයින්ට රජයෙන් ඉල්ලීමක්
මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි.
ජාතික පිච්ච මල් පූජාව 29දා
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවය 29දා පස්වරු 3.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ. මෙම අවස්ථාවට සමඟාමීව 29චදා සිට 02දා දක්වා වැසි පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කොම්පෝස්ට් සඳහා නව ප්‍රමිති කෙටුම්පත් උද්යෝගිමත් පාර්ශවයන්ගේ අදහස් ලබා ලබාගැනේ
නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සකසන කොම්පෝස්ට් සහ කෘෂිකාර්මික අවශේෂ භාවිතා කරම්න් සකසන කොම්පෝස්ට් සඳහා වන නව ප්‍රමිති පිරිවිතර කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් දැනට උද්යෝගිමත් පාර්ශවවල අදහස් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇත.
දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.