Tuesday, 23 April 2024

කොම්පෝස්ට් සඳහා නව ප්‍රමිති කෙටුම්පත් උද්යෝගිමත් පාර්ශවයන්ගේ අදහස් ලබා ලබාගැනේ

Posted On Friday, 21 July 2017 08:02

නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සකසන කොම්පෝස්ට් සහ කෘෂිකාර්මික අවශේෂ භාවිතා කරම්න් සකසන කොම්පෝස්ට් සඳහ‍ා වන නව ප්‍රමිති පිරිවිතර කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් දැනට උද්යෝගිමත් පාර්ශවවල අදහස් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇත.


අදාල පාර්ශවයන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් මඟින් මෙම කෙටුම්පත් සකස් කර ඇත.

නාගරික ප්‍රදේශවලින් එකතු කරන හානිදායක නොවන ගෘහාශ්‍රිත සහ වානිජමය ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සහ කෘෂිකාර්ම්ක අවශේෂ භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වල තිබිය යුතු භෞතික,රසායිනික හා ජෛවීය අවශ්‍යතා මෙම ප්‍රමිති කෙටුම්පත් මඟින් ආවරණය කෙරේ. ඊට අමතරව, එම කොම්පෝස්ට් ඇසුරුම් කිරීම හා ඇසුරුම්වල සඳහන් කළ යුතු තොරතුරු නියැදීමේ ක්‍රමවේදයන් හා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද ප්‍රමිති කෙටුම්පත්හි සඳහන් වේ.

මෙම ප්‍රමිතීන් මඟින් උසස් තත්වයෙන් යුත් කොම්පෝස්ට් සෑදීමට නිෂ්පාදකයාට අවශ්‍යය මඟපෙන්වීම සැපයෙන අතරම, ප්‍රමිතීන්ට අනුකූලව කොම්පෝස්ට් ලබා ගැනීමට පාරිභෝගිකයාට ඉදිරියේදී අවස්ථාව උදාවනු ඇත.

මෙම නව ප්‍රමිති කෙටුම්පත් කොළඹ 8, ඇල්විටිගල මාවත,වික්ටෝරියා පෙදෙස, අංක 17හි පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් හෝ www.slsi.lk යන වෙබ් අඩවියෙන් නොමිලේ බලා ගැනීමට හැකිවන අතර අදහස් ලබාදීම 2017-08-15 දින දක්වා සිදු කළ හැක. ලැබෙන සියලුම අදහස් සුදුසු සංශෝධන සිදු කිරීම පිණිස තාක්ෂණික කමිටුවට යොමු කරනු ලබන අතර මෙම ප්‍රමිති කෙටුම්පත් ජාතික ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අවශ්‍ය සංශෝධන සිදු කරනු ඇත.