
Editor
රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ ජාතික රෝහල ඇතුලු සමස්ත රෝහල් පද්ධතිය තුළම දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසීයාමේ අවධානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සැප්තැම්බර් මස 14 දක්වා වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (11) දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11)නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන
රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා ඉදිරි පැය 24 කාලය සඳහා නායයෑම් අනතුරු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇත.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017 අද
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017 සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද (8) පැවැත්වේ.
වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී.30-40 අතර අගයක් ගන්නා බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද
සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද (06) කොළඹ දී පැවැත්වීමට නියමිතය. කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය.
කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රේගු දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 10 දා
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2017 විභාගය ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි.
තෙවැනි පාසල් වාරය ඇරඹේ
2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද (06) න් ආරම්භ විය. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැර අනෙකුත් පාසල් මෙලෙස ආරම්භ කරයි.