
Editor
නියඟයෙන් හානියට පත් ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාක
නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.
ප්රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට
බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.
අද පූර්ණ සූර්ය ග්‍රහණයක්
අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි. එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.
2017 ඡන්ද හිමි නාමලේඛනයේ නම් නැත්නම් වහාම දැනුම් දෙන්න
2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
ඉදිරි දින කීපයේ දී (විශේෂයෙන් 18 සහ 19 දිනවලදී) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කළු ගං රක්ෂිතයේ සියලු ඉදිකිරීම් ඉවත් කෙරේ
කළු ගං රක්ෂිතයේ ඉදිකර ඇති සියලු ම ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට කළුතර දිස්ත්‍රික් පාරිසරික කමිටුව තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
රාජ්‍ය ඡායාරූප උළෙල ලබන 19 දා
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2017, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
බස් ප්රමුඛතා මංතීරු ක්‍රමය අද සිට
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අදියර 3ක් යටතේ
අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර 3ක් යටතේ සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.