
Editor
සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සියලුම රාජ්‍ය ආයතන සූර්ය බලාගාරයක් වෙයි
සියලුම රාජ්‍ය ආයතන වහල සූර්ය බලාගාරයක් බවට පත් කිරීම සඳහා ගියවර අයවැය ලේඛනයෙන් හා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලාංකික සිසුන් ට චීන රජයෙන් ශිෂ්‍යත්ව
චීන රජය මගින් මෙරට සිසු සිසුවියන්ට පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන අකණ්ඩව ඉදිරියට ගෙනයමින් මෙම වසරේ ශ්‍රී ලාංකික සිසුන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා .
මෙරට චීන තානාපති කාර්යාලයට ලැබුණු අයදුම්පත් විශාල සංඛ්‍යාවකින් තෝරාගත් සිසු සිසුවියන් 18 දෙනෙකුට මෙසේ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පසුගිය 02නිදා චීන තානාපති කාර්යාලයේදී
තානාපති යී ක්ෂීයෑන්ග්ලියෑන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.
ඒ අනුව එම ශිෂ්‍යත්ව හිමි සිසු සිසුවියන්ට චීනයේ නේවාසිකව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවෙනවා
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේඛම් මාධව දේවසුරේන්ද්‍ර මහතාද එක්වී සිටියා.
චීනයේ ඉගනීමට අවස්ථාවක් ලබා ගැනීමට මෙරට සිසු සිසුවියන් බොහෝ උනන්දු බවත් ඉදිරියේදී මීට වඩා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනැමීමට බලාපොරොත්තුවන අතර
ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා චීනය විශාල සහයෝගයක් ලබා දී ඇති බවත්
වසර දෙදහසකට වඩා පැරණි චීන ශ්‍රී ලංකා මුතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් චීන තානාපති කාර්යාලය කියා සිටියා.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා වැසෙන පාසල්
අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සැප්තැම්බර් 07 වැනි දින සිට 20 වැනි දින දක්වා පවැත්වෙන අතර එම කාලය තුළ සම්පූර්ණයෙන් පාසල් 5ක් වසා තැබෙන අතර පාසල් 22ක කොටසක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
අද සිට තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්
කඩින් කඩ ඇති වන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදූරු ඝණත්වය යළි වැඩිවිය හැකි බැවින් අද (03) සහ 04,05 යන තෙදින දීප ව්‍යාප්ත මදූරු මර්දන වැඩසටහනක දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මදූරු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
බස්නාහිර කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද සිට
බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ගම්පහ දිස්ත්‍රික් කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (03) හෙට( 04) සහ 05 යම සෑම දිනයකදීම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා නිට්ටඹුව ගොවිජන සේවා පරිශ්‍රෙය්දී පැවැත්වේ.
පළමු රන්දෝලි පෙරහැර අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අදින් ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 7දා දක්වා පැවැත්වෙන අතර 08දා පැවැත්වෙන දහවල් පෙරහරින් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
විදුලි කප්පාදුවක් වන්නේ නැහැ - විදුලිබල ඇමැති
වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක් සිදු වන්නේ නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඉරිදා හා පෝය දින ටියුෂන් තහනම් පනතක්
පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.