
Editor
දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැති දිවයිනට
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
තරමක් තද සුළං
දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල,උතුරු, උතුරු-මැද,ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල)විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සීමිත තරග විභාගයක් ලබන 23 දා
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 23 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
අන්තර්ජාලය අවභාවිතාය ගැන මාස 6ට පැමිණිලි 1600ක්
අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුල පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.
දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහන ඇරඹේ
“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“ යන තේමාව යටතේ රජය විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) සිට ආරම්භ කෙරිණි.
අද පෙ.ව. 9.00 සිට ඩෙංගු දුරලීමේ සජීවි විකාශනයක්
"අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු" ජාතික වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (12) පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනය වේ.
පළාත් හා දිස්ත්‍රික්ක කීපයක වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌවසහඋතුරු-මැදපළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විභාගයක් 15 දා
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන සහකාර තනතුරුට බඳවා ගැනීමේ තරග විභාගය ලබන 15 වන දින පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ඉල්ලුම් කළ සියලුම අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.