ජිවන රටා සහ සංස්කෘතිකාංග, සොබාදහම, වනජීවි සහ භූමි දර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා, මංගල අවස්ථා, යන තරඟ ඉසව් යටතේ තෝරාගත් නිර්මාණ සඳහා මෙම උළලේ දි සම්මාන ප්‍රදානය කිරිමට නියමිතය. දිවයිනනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟකරුවන් 634 දෙනෙකුගේ ඡායාරූප නිර්මාණ 4211 ක් මෙවර රාජ්‍ය ඡායාරූප සම්මාන තරගාවලියට ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය ඡායාරූප සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමිව මෙම තරගාවලිය සඳහා ඉදිරිපත්ව තිබු නිර්මාණ අතරින් තෝරාගත් නිර්මාණ 150කින් සමන්විත ඡායාරූප ප්‍රදර්ශනයක් ලබන 20, 21 යන දෙදින තුළ පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන අතර 2017 යාවජීව සම්මානලාභියා ලෙස ප්‍රවිණ ඡායාරූප ශීල්පි වෛද්‍ය ටී.එස්.යු.ද.සිල්වා මහතා ද සම්මාන ලැබීමට නිර්දේශිතය.