Editor

Editor

Thursday, 21 September 2017 05:21

අඩු වියදමක්

2017.09.20 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි. ජීවන මටට්ම හොඳ තැනෙකට පත්වන තෙක් රට තුළ වියදම පාලනය කරගැනීම හා තමන්ට ලැබෙන මුදල කළමණාකරණය ගැන උනන්දුවක් දැක්වීම වැදගත්ය.

බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ යතුරුපැදී ඒකකයේ යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකිරීමට බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශය පියවර ගෙන ඇති බව බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න මහතා පැවසීය.

ප්‍රතිලාභ රැසක් හිමි වන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තෝරාගත් පාසල් 42ක් තුළ ක්‍රියාවට නැංවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, කිසිඳු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවත්, විදුලිබල හා පුනර්ජනනය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන්ට අරමුණු 4ක් මුල් කර ගනිමින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින්  විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජාතික තරුණ සේවා සභාව, මහනුවර දිස්ත්‍රික් වෘත්තිය මාර්ගෝපදේශ අංශය හා මධ්‍යම පළාත් සභාව එක්ව පවත්වනු ලබන රැකියා පොළක්  ලබන 21 දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පොල්ගොල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානායේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.