Tuesday, 14 May 2024

සංචරණ සීමා ගැන ඉදිරි තීරණය කෙසේද ?

Posted On Monday, 14 June 2021 15:48

සංචරණ සීමා ගැන ඉදිරි තීරණය කෙසේද ?


මෙම සතියේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළ බව වාර්තා වේ.

කොවිඩ් තෙවන වැනි රැල්ල හිස එසවීමෙන් පසු පැනවූ සංචරණ සීමා ජූනි 07 වැනිදා ඉවත්කිරීමට නියමිතව තිබුණද තත්ත්වය පාලනය සඳහා රජය එම සංචරණ සීමා අද එනම් 14 දිනය දක්වාත් පසුව ජුනි 21 දක්වාත් දීර්ඝ කිරීමට තීරණය කළේය.

මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

මේ වන විට කොවිෂීල්ඩ් , සයිනොෆාම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් ගණන 2,285,572කි.

එය මෙරට මුළු ජනගහනයෙන් 11% කට ආසන්න බවද වාර්තා වේ.