Sunday, 12 May 2024

හෙට සිට විශ්‍රාම වැටුප් ගෙවීම පියවර

Posted On Wednesday, 09 June 2021 17:32

හෙට සිට විශ්‍රාම වැටුප් ගෙවීම පියවර


විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට (10) සහ අනිද්දා (11) විවෘතව තැබෙන බවත්, තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇති බවත් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සදහන් කරයි.

ඒ අනුව එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බවත්, විශ්‍රාම වැටුප් ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් හට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිමටද කටයුතු කර ඇති බවත් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.