Monday, 13 May 2024

සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් සිදුකිරීමට පියවර

Posted On Wednesday, 16 June 2021 16:06

සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් සිදුකිරීමට පියවර


කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකරන්නැයි ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) අනාවරණය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බවය.