Monday, 13 May 2024

සංචරණ සීමා ලබන 21 දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 11 June 2021 16:44

සංචරණ සීමා ලබන 21 දක්වා දීර්ඝ කෙරේ


දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 4 තෙක් තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අදාල කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.